2019/11/09

බෙල්ලේ බටයක් එක්ක කොහොමද නිදාගන්නේ


ඊයේ දවසෙ රෝහලේ ඩයලසිස් කරන ගමන් මගෙ කතාව ලියන්න හිටියත් ඇග වෙවිලලා උණ ගත් නිසා ලියන්න බැරි උනා.එ බැවින් ඉඩ ලද සැනින් ආයි ලියන්න හිතුනා.

අපි වගෙ රෝගින් ට තියෙන ප්‍රදාන ගැටලුවක් වන්නෙ කොයි මොහොතේ මොන විදිහට අසනීප වන්නෙ දැයි කියන්නට නොහැකි වීමයි.විශේෂයෙන්ම වර්ෂා කාලගුණයත් සමග හුස්ම ගැනිමෙ අපහාසුතා,සෙම්රෝග තත්ත්වයන්,හතිය ,හෙම්බිරිස්සාව වගෙ රෝගයන් උත්සන්න වනවා.මෙවාට නැවැරැදි ප්‍රතිකාර නොකලහොත් නියුමෝනියා තත්ත්වයට පත්ව මරනය පවා සිදුවන්නට පුළුවන් .මෙවැනි අවස්ථා ඔනෑ තරම් මෙ වසර 10ක කාලය තුල මා දැක තිබෙ.

මෙ නිසා මාත් සමග සිටින රෝගි අයගෙන් මා ඉල්ලා සිට්න්නෙ මෙ දිනවලදී උපරිමයෙන් ආරක්ෂා වී සිටින ලෙසයි .

පෙර ලිපියෙන් මුල්ම රුධිර කාන්දුකරණය හෙවත් ඩයලසිස් අත්දැකීම කතාකලා ඩයලසිස් එකෙන් අනතුරුව රෝහාලේ වාට්ටුවට ගෙනාවා අද එතැන් සිට.

රොහල් වාට්ටුවට ආවට පසු මට තිබුන ගැටළුව උනේ කොහොමද නිදාගන්නෙ කියලයි උඩ අතට හැරිලා විතරයි නිදියන්න පුළුවන් පැත්තට හැරෙන්න බැහැ අනික බෙල්ලෙ පොඩි වේදනාවකුත් තිබුනා.හැබැයි දෙවෙනි දවස වන විට එ වෙදනාව නැතිව ගියා නමුත් මෙ බටෙ බෙල්ලෙ තියාගෙන ඉන්න එක මල වදයක් නෙ මට පාසල මතක් උනා මෙ බටෙත් එක්ක කොහොමද පාසල් යන්නෙ ළමයි මොනවා හිතයිද.හදිසියේ මේක ගැලවුනොත් මොනවා වෙයිද.මේහේම දාහසක් සිතුවිලි අතර ඉන්න විටම බිරිද පැමිණියා.

මොකද අයියේ මේ කරගත්තෙ බලන්න බෙල්ල ඔක්කෝම ඉදිමිලා මෙ මොනවත් නොකර මට ඔයාවා බේරගන්නයි උවමනා උනෙ.කියමින් ඉකිගසා හඩමින් මාව තදින් වැළඳ ගත්තා පපුව පුරා රස්නයට ගලා ගිය ඇගෙ කඳුළු නිසාම නිරායාසයෙන්ම මගෙ දෑස් තෙත්වුණා.කවදාවාත් මට එ ඇස්වල කදුළු දකින්න බැහැ .

සැපසම්පත් නොවඩුව විඳපු ,ජිවිතෙ අනෙක විද බලාපොරොත්තු තබාගෙන මාව විශ්වාස කරලා ආව ගැහැනු කෙනාවා රැකගන්න බැරි උනා නේද කියන පසු තැවීම මට මුලවරට ඇති උනා. 

මම දන්නවා මෙතනින් එහාට මෙ ජිවිතය හරීම කටුකයි එන්න එන්නම ප්‍රශ්න වැඩිවෙයි.ගෙදරින් පාසලටත් පාසලෙන් ගෙදරටත් ඉන්පසු සරසවියට විතරක් පා තියපු ඇය කොළඹ නගරයවත් හරි හැටි දන්නෙ නැති ඇය කොහොමද මෙ දේවල් වලට මුහුණ දෙන්නෙ දරුණු ලෙඩෙක් එක්ක කොහොමද ඇය මේ ගමන යන්නෙ.දහාසක් සිතුවිලි අතර තෙරපෙමින් ඉඳ අමාරුවෙන් මා හඩ අවදි කළා.

නැහැ සුදු නෝනා ඉස්සර තරම් මට දැන් අමාරු නැහැ හතියත් අඩුයි මේක කරපු නිසා දැන් ඇගට හරිම සැහැල්ලුයි.මම කිවුවා ඔයා නැතිව මේකට කැමැති වෙන්න බැහැ කියලා නමුත් එයලා බලකලා මගෙ ජිවිතෙ අවදානමෙ තිබෙන නිසා මේක කරන්නම ඔනේ කියලා එකයි එහේම කලේ.

මං දන්නවා මගෙ අයියේ දැන් ඔයාගෙ මුහුණෙ ලෙඩපාට අඩුයි එත් ඔයා ලොකු වේදනවක ඉන්නෙ එක ඔයා
අපෙන් හංගනවා.

අනෙ නැහැ නෝනා බටෙ ටිකක් රිදෙනවා තමයි එත් එච්චර ලොකු අමාරුවක් නැහැ .

මට බොරු කියන්න එපා අයියේ මට ඉන්නෙ ඔයා විතරයි.මගෙ සැනසීම තියෙන්නේ ඔයා ලග විතරයි අනිත් ගැහැනු වගෙ මම බොලද විදිහට හිතන්නේ නැහැ ඔයාව බේරගන්න පුළුවන් හැමදේම කරනවා.ඔයා දන්නවානෙ මම පාරවල් දන්නෙ නැහැ තැනකට එක සැරෙ ගිහිං වැඩක් කරගන්න බැහැ .හැබැයි එ හැමදේම ඉස්සර .ඔයා දන්නෙ ම නැතිව ඔයා මට හැමදේම හුරු කළා

දැන් මට ඔයා වෙනුවෙන් ඔනෑම තැනක යන්න පුළුවන් ඔන දේකට මුහුණ දෙන්න පුළුවන් ඔනෑම දෙයක් කරන්න පුළුවන් .
ඔයා කොහොමද හැමදේම හුරු උනේ ඔයාට තාම මෙහේට එන පාරවත් හරියට හොයාගන්න බැහැ නේද.

ඔයා මොනවද අයියේ දන්නෙ. ඔයාට මතකද මම දිය ඇල්ලක් ලගට ගිහිං නැහැ කිවුවාම උදෙ හයට ගෙදරින් එන්න කියලා මාවා බෝ පත් ඇල්ල බලන්න එක්ක ගියා .මතකද එදා මම කවි කියක් නම් ලිවුවා ද කියලා.
මට හැමදේම මතකයි කොහොම අමතක කරන්නද එවා .ඔයාට මතක ගමන උනාට මට එ දිනෙත් මතකයි 2003/04/01 අපි ආදරේ කරන්න පටන් ගත්ත දවස එදාට අපෙ ආදරෙට වසර දෙකයි.

ඔයාට මතකද කොළඹ නගරයේ හැමතැනම ඔයා මාව එකන් ගියෙ පාසලෙන් වත් කොහෙවත් ගිය නැති මාව ඔයා කටුගෙ බලන්න එක්ක ගියා.ජිවිතෙ පලවෙනි වරට ඔයත් එක්ක නිදහාස් චතුරශ්‍රයට ගියා.වරායට ගියා,සත්තු වත්තට අනෙක වාරයක් ගියා ,අනුරාධපුර පොලොන්නරුවේ ගියා.

ඔව් ඔව් මට එ හැමදේම මතකයි.එත් ඇයි මෙ වෙලාවෙ ඔයා .මේවා මතක් කරන්නෙ.

අයියා දින කලා වකුවානු මතක තියාගෙන මාව එක්කගෙන් ගියා තමයි .මම එ හැමදේකින්ම මම යමක් ඉගෙන ගත්තා.ජිව්ත්වෙන හැටි ඉගෙන ගත්තා ,යමක් කරන හැටි ඉගෙන ගත්තා .ආයි එ තැන්වලට බය නැතිව මට තනියම යන්න පුළුවන්. ඔයා වෙනුවෙන් ඔනෑම දෙයක් කරන්න මම සුදානම්. වෙන්න ඔනේ.ඔයා මෙච්චරකල් කල් මලක් වගෙ මාව බලා ගත්තා, ආරක්ෂා කළා ගැහැනියෙක් පිරිමියෙකුගෙන් බලාපොරොත්තු වන ආරක්ෂාව ,ආදරය ,රැකවරණය අඩු නැතිව ඔයා මට දුන්නා.ඔයා මම කැමති හැමදේම දුන්නා කැමති ඔනෑම දෙයක් කරන්න මට නිදහාස දුන්නා.ඔයා මාව බැන්දට පස්සෙ අඩුම තරමේ පාටියකටවත් ගියේ නැහැ මම නැත්නම්. එහේම කරපු ඔයාව මම කෝහෝම හරි බලාගන්න ඔනේ.
නෝනා එ දෙවල් පිරිමියෙකුගෙ යුතුකම්.ඔයා හැමෝම දාලා මාව විශ්වාස කරලනෙ මං ලගට ආවෙ ඉතිං එ ආපු කෙනාව රකින එක මගෙ යුතුකම වගෙම වගකීම . මම මැරෙන්නෙ නැතිව හිටියොත් ඉදිරියටත් එ හැමදේම කරනවා .
මට හරි බයයි අයියේ 

ඔයා ගැන මෙ ලෝකේ මට කියලා ඉන්නෙ ඔයා විතරයි.අපෙ ගෙදර අය ගැන ඔයා දන්නවනෙ.
ආ මට කියන්න බැරි උනා තාත්තා නුවර ගියා වැඩෙ හරි ගිහිං නැහැ එ ඩොක්ටර් රට ගිහිලු මාසෙකින් ලු එන්නෙ.

අපි කතකරමින් සිටින තැනට පැමිණි හෙද සොයුරික් .
මෙ මිස්ටර් ප්‍රනාන්දු ගෙ වයිෆ් නේද ඔයාට ඩොක්ටර් පොඩ්ඩක් කතාකලා.

බිරිද වෛද්‍යවරයා මුණ ගැසිමට යන මොහොතෙ මගෙ හදවතෙ ගැස්ම වැඩි උනා.මොනවා කියයිද .මට මේ ලෙඩේට අමතරව තව මොනවා හරි ලෙඩක් තියෙනවා ද නැත්නම් .මාව ජිවත් කරවන්න බැරිද, නොයෙක බයන්කාර සිතුවිලි මගෙ මනස තුල රැව්දෙන්න ගත්තා.මෙලෙස විනාඩ් විස්සක් විතර ගත් වුනාට පසුව බිරිද ඇස්දෙක රතුකරගෙන අඬාගෙන මං ලගට ඇවිත් මාව වැළඳගෙන.

මාව දාලා යන්න එපා අයියේ හැමදාම මගෙ ලග ඉන්න මට ඔයා නැතිව ජිවත්වෙන්න බැහැ .ඔයාට කිසි දෙයක් වෙන්නෙ නැහැ මාව දලා යන්න එපා ,කවදාවත් යන්න එපා කියමින් අවසිහියෙන් වගෙ කියවන්න ගත්තා .
ඇයි නෝනා මේ මොකද උනෙ මං හොදින් මට වැඩිය කතාකරන්න බැහැ බෙල්ල රිදෙනවා.ඩොක්ටර් මොනවද කිවුවේ ඇයි ඔයා ඔච්චර බයවෙලා වෙවුලන්නෙ.

ඇයි අයියේ මට කිවුවෙ නැත්තෙ ඩොක්ටර් කිවුවා ලේ සුද්ද කරද්දි ඔයාගෙ හදවත නතර වුනාලු එයලා හර්ඩ් මසාජ් දීලලු ඔයාව බෙරගත්තෙ.සමහර විට ඔයාගෙ හදවත දුර්වල ඇතිලු අද රෑට නැත්නම් හෙට උදේම ඔයාගෙ එකො(Eco ) එකක් කරලා බලන්න ඔනේ කිවුවා එක බලලා තව ඩයලසිස් එකක් කරන්න ඔනේලු දිගින් දිගටම ඩයලසිස් මෙහෙන් කරන්න බැහැ ලු,දිගටම කරනවානම් ලිස්ට් එකට ඇතුලත් වෙන්න ඔනෙලු .නැත්නම් වාට්ටුවෙ නතරවෙලා කරන්න ඔනේලු .සතියට දෙසැරයක්වත් කරන්න වෙයිලු.

එහේම කරන්නෙ කොහොමද එතකොට වියදම් වැඩියි නෙ මෙහෙ එක සැරයක් කරන්න 4800 ගන්නවනෙ(මෙ එදිනවල ගණන් දැන් වෙන්ස් වීඇත) එතකොට වාට්ටුවෙ නතරවෙන වියදමත් එකතු උනාම.
ඔව් එ දෙවල් හිතලා මං කිවුවා ඔයාව නුවර එක්කගෙන යන්නම් කියලා.එයලා කිවුවා තව ඩයලසිස් එකක් කරලා එකො එකත් කරලා ටිකට් කපන්නම් කියලා.

වෙලාව ඉවරයි මම යන්නම් මගෙ අයියේ පරිස්සමෙන් ඉන්න බුදුසරණයි .
බුදුසරණයි ඔයත් පරිස්සමෙන් ගෙදර යන්න නොකා නොබි ඉන්න එපා මොනවා හරි කන්නැ. ඔයා ශක්තිමත් ව හිටියොත් තමයි.මටත් ශක්තිමත් ව ඉන්න පුළුවන් .

බිරිද ගියාට පසු බෙහෙතක් විදින්න පැමිණි හෙද සොයුරියක් බෙහෙත් විද අවසානයේ උපදෙස් රැසක් දුන්නා.

මිස්ටර් ප්‍රනාන්දු දැන් ඔයාගෙ මෙ බෙල්ලට දාලා තියෙන බටෙ කිසිම විදහකින් තෙමන්න එපා එහේම උනොත් මේක පැසවලා විෂබීජ යන්න පුළුවන් ඔයාට අපි හෙට හෙඩ් බර්ත් (herd barth )එකක් දෙන්නම් .
එ කිවුවෙ මොකක්ද මිස්.

දැන් ඔයාගෙ බෙල්ලට බටදාලා තියෙන නිසා ඔයාට නාන්නා බැහැ නෙ.එතකොට අපි කරන්නෙ මුලින්ම පරිස්සමෙන් ඔයාගෙ ඔලුව හොදන එක එකට තමයි හෙඩ් බර්ත් කියන්නෙ එක කරන්කොට ඔයාට තෙරුම් ගන්න පුළුවන් වෙයි .අපි කරන්න විදිහ බලගත්තාම ඔයාට ගෙදරදිත් ඔලුව පිරිසිදු කරගන්න පුළුවන් වෙයි.

මිස් මගෙ මුල්ම ඩයලසිස් එකනෙ අද කලෙ එතකොට ඇයි.එක ඉවරවෙලා ආවම මට කන්න කියලා කුකුල් මස් කැබැල්ලක් ,බිත්තරයක්,යෝගට් එකක් ඇපල් කෑල්ලක් තිබුනා.මෙවයින් ක්‍රියැටිනීන් ,පොටැසියම් ,ප්‍රොටින් වැඩිවෙනවා නෙද.මම බයට කෑවෙ නැහැ
ඩයලසිස් කරද්දි ඇගෙ නරක දෙවල් වගේම ඇගට උවමනා දෙවලුත් ඉවත්වෙනවා එක නිසා ඔයාලට හයි ප්‍රොටින් කෑම වෙලක්අවශ්‍ය යි එකයි එහේම දෙන්නෙ අනෙක් අයට වඩා ඔයාගෙ පොටෑසියම් මට්ටම අඩුයි එකයි ඔයාට ඇපල් කෑල්ලක් දීලා තියෙන්නේ .හෙට කොහොමත් ඩයටේෂියන් කෙනෙක් ඇවිල්ලා ඔයාට කෑම ගැන කියලා දෙයි.ඔයා ඔය ලයින් එක පරිසම් කරගන්න නිදාගනිද්දි ඔක ගැලවෙන්න පුළුවන් .
හොඳයි මිස් බෝහෝම ස්තුතියි .

ඔයාගෙ වයිෆ් හරීම ලස්සනයි එයා රගපාන කෙනෙක්ද නැත්නම් මොඩ්ලර් කෙනෙක්ද .

අනෙ නැහැ ම්ස් එයා පෞද්ගලික ගුවන්විදුලි නාලිකාවක ප්‍රවෘත්ති සංස්කාරක වරියක්.

හොඳයී නෙ එයා ගොඩාක් ලස්සනයි.එයා ඔයාට ගොඩාක් ආදරෙයි .ඔය දෙන්නා ගොඩාක් ආදරේන් ඉන්න දෙන්නෙක් කියලා පේනවා ඔයා හැමදේම කරන්නෙ එයාගෙන් අහාලා එයත් එහෙමයි නේද.ඔයාලා මැරි කලෙ යාලුවෙලාද

ඔව් මිස් අවුරුදු අටක නවයක් ප්‍රේමයක් එක ටිකක් දිගයි මට කියන්න බැහැ බෙල්ල රිදෙන නිසා .එයා නිසා තමටි මිස් මං තැනකට ආවෙ මම දැකපු ගොඩාක් හීන සැබෑ කරගන්න පුළුවන් එයා නිසා.
ඔයා බයවෙන්න එපා කිඩ්නි එකක් ට්‍රාන්ස්ෆාලන්ට් කලාම හැමදේම හරියයි ඉක්මනින්ම කිඩ්නි එකක් දෙන්න කෙනෙක් හොයා ගන්න දැන් නිදාගන්න.

හරි ම්ස් බෝහෝම ස්තුතියි බුදුසරණයි .

පසුදා උදාසැනම එකො පරික්ෂණය සඳහා මාව රැගෙන ගියා.මව ඇදක දිගා කර වම් ඇලයට හරවා පපුවට ජෙල් වර්ගයක් දමා.වයරයක සම්බන්ධ කල යමක් පපුවට තබා කොම්පියුටර් මොනිටර් එකක් බලාගෙන මොනාවදෝ ලියාලා කළුපාටට හුරු ජයාරූප කීහිපයක් ගෙන මගෙ රිපොට් වලට ඇමුණුවා .

රෝහල් වාට්ටුවෙ වෛද්‍යවරුන් එවා බලා හදවතෙ කිසි ප්‍රශ්නයක් නොමැති බවත් තවත් ඩයලසිස් එකක් කල යුතු බවත් පැවසුවා.ඉකමනින් වකුගඩු බද්දයකට යන ලෙසත් දැනුම් දුන්නා.

දවල් වන විට වැල නොකැඩි මගෙ මුල්ලේරියාව රාහුලව්ද්‍යලයේ ගුරුවරුන් පැමිණියා එක මට ලොකු හයියක්.සමන්‍යයෙන් ජයවර්ධනපුර වාටුවට ඇතුලත් වෙන්න දෙන්නෙ පාස් තියෙන දෙදෙනෙකුට පමණයි .නමුත් ගුරුවරයෙක් වීමෙ වාසනාව ද මනුෂ්‍යයෙක් වෙනුවෙන් මෙපමණ පිරිසක් සිටිමෙ වාසනාවටද මන්දා පැමිණි සියලු ගුරුවරුන් ට රොහලෙ වාට්ටුවට
එන්න අවස්ථාව ලබා දි තිබුනා .

මෙ අතර එවකට සිටි විදුහල්පති ,C.B කොඩිකාර විදුහල්පති තුමා.ඉන්දික රාජපක්ෂ නියෝජ්‍ය විදුහල්පති තුමා සමග පැමිණ මාව දිරිමත් කරමින්.

මිස්ටර් ඉන්දුක කිසීම දෙයකට බයවෙන්න එපා අපි ඔයාට කරන්න පුළුවන් හැමදේම කරනවා .ඔයාගෙ රැකියාව ආරක්ෂා කරලා දෙන්නම් කිසි දේකට බයවෙන්න එපා.
බෝහෝම ස්තුතියි සර්.

මගෙ පාසලේ ගුරුවරුන්ගෙ සහාය නොතිබෙන්නට අද මෙ මගෙ කතාව මිට වඩා හාත්පසින්ම වෙනස් වන්නට පුළුවන් .ඇත්තටම අදටත් මට ජිවිතෙ ලොකු හයියක් වෙලා ඉන්නෙ එවකට මගෙ පාසලේ හිටි ගුරුවරුන් .

ඊලග දවසෙ උදෙ වරුවෙ ඩයලසිස් එක කරලා හවස මගෙ ටිකක් කපන්නම් කිවුවා හැබැයි කොහෙ හරි රෝහලක නතර වෙන්න උපදෙස් ලබා දුන්නා.දවල් පාසලේ සියලු දෙනාගෙන් එකතුකල මුදලක් මගෙ අතට දුන්නා.

බිරිද අක්කා ඉස්කොලේ අය එකතුවෙලා මේ රෝගය සම්බන්ධයෙන් ඉන්න වෛද්‍යවරුන් බලලා අවසානයේ කොළඹ ජාතික රෝහලේ විශේෂඥය වෛද්‍ය A.L.M නසාර් මහාතා හමුවන්න වෙලාවක් වෙන්කරගෙන තිබුනා

හවස ටිකට් කැපුවා අක්කා ඇවිත් බිල ගෙවුවා එ දවස්වල හැටියට 83000.දිගින් දිගටම මෙවැනි බ්ල් ගෙවන්න වත්කමක් නැති නිසාමයි අපි කොළඹ යන්න තීරණය කලෙ.

රෝහලේන් ටිකට් කපලා බිල් ගෙවලා එනවිට 7.30 විතර උනා.
එහේන්ම නසාර් වෛද්‍ය තුමා හමුවෙන්න අපි නවලෝක රෝහලට ආවා.අපෙ අංකය අනුව රෑ 10 විතර තමයි වෛද්‍ය තුමන් හමුවන්න පුළුවන් උනෙ සිනා මුසුව අපිව පිළිඅරගෙන මගෙ වාර්තා බලා නළල අත ගාමින් .පැවසුවෙ.

දැන් ඔයාගෙ රෝගය හොඳටම වැඩිවෙලා
දැන් කරන්න දෙයක් නැහැ කරන්න තියෙන එකම දෙ වකුගඩුවක් බද්ද කරන එක විතරයි එත් මට ජාතික රෝහලට නම් ඔයාව බාරගන්න බැහැ ඔයා ඇවිත් තියෙන්නේත් නුවර යනවා කියලා නේද?

අනෙ සර් මගෙ මල්ලිව කෝහෝම හරි සනීප කරලා දෙන්න සර් .සර් මගෙ මල්ලිව බාරගන්න මං වැඳලා කියන්නෙ සර් එ අක්කාගෙ හඩ මගෙ පපුව හිරි වැටිලා ගියා අකාර ගෙ ඇස්වල කඳුලු දැක්කාම .

මට ඔයා කියන එක තෙරෙනවා.නමුත් මෙයා හරියට ක්ලිනික් වලට ගිහින් නැහැ ,හරියට බෙහෙත් කරලා නැහැ .අනික ජයවර්ධනපුර රෝගින්ගෙන්ම ජාතික රෝහලා පිරිලා තියෙන්නේ.

මේ සැරේ අපි හරියට පරිස්සම් කරන්නම් සර් මම මෙයාව හොදින් බලාගන්නන්ම් සර් කියන විදිහටම හැමදේම කරන්නම් මගෙ මහාත්මයා සුව කරන්න බාරගන්න එ බිරිඳ ගෙ හඩයි.

බිරිද සහා අක්කාගෙ මුහුණු බලා මා දෙසට හැරි වෛද්‍ය තුමා පැවසුවෙ .
හරි මම ඔයාව බාර ගන්නම්.හැබැයි මම කියන විදිහට ඉන්න ඔනේ.අනික මාසයක් ඇතුලත kidniy එකක් හොයා ගන්න ඔනේ.

හරි සර් මම මගෙ මල්ලිට මගෙ වකුගඩුවක් දෙන්නම් කියා අක්කා එකවරම ඉදිරිපත් උනා.මට හිතාගන්නවත් බැහැ .
පොඩිකාලෙ ඉඳලා අම්මා තාත්තාත් නැ බලාගත්ත අක්කා.
එයාට කන්න තිබුන කෑම එක මට කවලා බඩ ගින්නෙ හිටපු අක්කා.
හොඳම ඇඳුම මට අන්දලා වැරහැලි ඇඳ හැඩ බලාපු අක්කා.
කැම කද්දි සැමට හොරෙන් බත් එක අස්සට බිතරයක් දාලා දිපු අක්කා.
පාසල් ඩෙස් එක උඩ මාව තියන් අකුරු කරපු අක්කා.
මං නිසාම සා පෙළින් පසු ගෙදර හිටපු අක්කා
අම්මා වගෙ හැමදාමත් ලගින් හිටපු අක්කා.
දැන් හදන්නෙ ඇගෙන් කෑල්ලක් පුදන්න අක්කා.
ජිවිතෙ හැමදේම නැතිවෙද්දිත් එදාවගේම අදත් පොඩ් එකෙක් වගෙ මාව බලාගන්න අක්කා

අක්කාගෙ එ වදන් සමග වෛද්‍ය තුමා යමක් සීල් එක ගසා ලිපියක් බිරිද අතට දී.

හෙට සදුදා මගෙ ක්ලිනික්(Clinik ) තියෙනාවා මෙ ලියුම අරගෙන ගිහින් එහෙට පෙන්නලා රෙජිස්ටර් වෙන්න.ක්ලිනික් එකෙන් පස්සෙ වාට්ටුවෙ නතරවෙන්න තව ඩයලසිස් එකක් කරන්න ඔනේ. හැබැයි වෙලාවට හැමදේම නොකොලොත් මට ඔයාව අයින් කරන්න වෙනවා.
හා සර් මම පරිස්සමෙන් ඉන්නම් සර් කියපු විදිහට හැමදේම කරන්නම් කියා වෛද්‍යවරයාට සමුදි අක්කාගෙ නිවසට ආවා.
පහුවෙනිදා උදේම සායනයට ගියා.

අම්මෝ සෙනග කුඩා ඉඩක විශාල පිරිසක් අපි ගිය පිළිවෙලට වාඩිවෙලා හිටියා මෙච්චර වකුගඩු රෝගින් ලංකාවෙ ඉන්නවද කියලා හිතුනා.මං වගේම බෙල්ලෙන් බට දාපු තව දෙතුන් දෙනෙක් හිටියා .

හතට විතර නොම්මර දෙන්න පටන් ගත්තා මුලිම පලවෙනි සැරෙ ආපු අය කවුද කියලා කතාකලා අපි අපෙ ලිපිය පෙන්නුවා .මට රතු නොම්මර දෙක ලැබුනා.තනිරූල් පොතක් ගෙන්න කියලා මාව ලියාපදිංචි කලා මගෙ අංකය 2010/408
එ කියන්නෙ 2010 වසරෙ ජාතික රෝහලේ වකුගඩු සායනයේ ලියාපදිංචි උනා 408 වෙනි රෝගියා මම .

අටට විතර වෛද්‍යවරුන් පැමිණියා මගෙ වාරයේදි මට කතාකලා මාව විතරයි ඇතුලට ගත්තෙ .
මගෙ රිපෝට් බලපු වෛද්‍ය තුමියගෙ ඇස් උඩ ගියා...
මොකද උනෙ කියලා ඊලග ලිපියෙන් කියන්නම්.


No comments:

Post a Comment