2019/11/09

විශේෂඥ වෛද්‍ය චූලා හේරත් මහාතා හමුවීම






මා ලියු කියු පරිදි විශේෂඥ වෛද්‍ය චූලා හෙර්ත් මහාතා හමු වී පැමිණියාට පසුව ජිවිතෙ මුල්වරට ලොකු බයක් දැනෙන්න ගත්තා.දැන්නම් කල්පනා කරනකොට හිතෙනවා එහේම බයක් නොතිබුණා නම් තමයි පුදුම කියලා.අක්කා මගෙ හිත තේරුම් ගත්තාක් මෙන් කතා කිරීම මට ලොකු සහානයක් උනා.මල්ලි උඹ බයවෙන්න එපා අපි තාම දන්නෙ නැහැ නෙ ලෙඩෙ මොකක්ද කියලා.මොනදේ උනත් අපි කරන්න පුළුවන් දෙ කරමු එ වචන හිතට ලොකු සැනසිල්ලක් උනා.
පසුවදා පෙම්වතිය හමුව් සියලු තොරතුරු කතා කිරීමෙන් පසුව රෝහලේ නතරවෙන්න තීරණය කළා.කියු පරදි කියපු දිනෙටම වෛද්‍යවරයා ලබාදුන් ලිපිය ඉදිරිපත් කර ශ්‍රී ජයවර්ධනපුර පුර රෝහලේ 7 වාට්ටුව ට ඇතුලත් වුණා.වාට්ටුව කිසිම කරදරයකින් තොරව සොයා ගැනිමට පුළුවන් උණා.මොකද එ වාට්ටුව තිබෙන්නේ රෝහලට ඇතුලත් වන බිම් මහාලෙ විදුලි සෝපානය අසල .

රොහලට ඇතුලත් විමෙන් පසුව ඇඳක් ලබා දී වටිනා කියන සියලුම දේ ගෙදර යවන ලෙස දැනුම් දුන්නා.එ එක්කම පිඟානක් වතුර මනින කෝප්පයක් ගේන්න කිවුවා.පිඟන් කෝප්ප ගෙනවාට වතුර මනින කෝප්ප කවුද ගේන්නෙ.කෝහෝම හරී රෝහලේ ආපනශාලාවෙන්ම එකත් ගෙනවා ගෙදර සියලුම දෙනා ගියාට පසුව ලොකු තනිකමක් පාලුවක් දැනෙන්න ගත්තා.මගෙ ඇඳට එහා පැත්තෙ හිටිය ලෙඩාට හරියට ඔලුවට ඇන්ටෙනාවක් දාලා වගෙ බටයක් දාලා.තිබුනා .එක දැකපු ගමන්ම ලොකු කුතුහලයක් දැනුනත් මොකුත් කතාකරන්න ගියේ නැහැ ට්ක වෙලාවක් ඉන්න විට
ඩබ්ලිව් අයි එම් ප්‍රනාන්දු කවුද කියලා රෝහල් හෙද සාහායක(සුළු සේවක) සහෝදරයෙක් කතාකරන හඬට මම ඔහු ලහට ගියා
ආ ඔයාද අන්නන දොස්තර මහාත්මයා ඔයාව බලන්න කතාකලා එතනට යන්න කිවුවා.බයෙන් වගෙ වෛද්‍යවරයා ලගට ගියා
ඔයා අපෙ සර්ව චැනල් කරලා නේද අවෙ කියා ඉතා සුහද පිළිගනිමින් මගෙ සියලු තොරතුරු විමසන්නට උනා. නම ,ගම ,වයස,රැකියාව.ඇගට තියෙන අපහාසුතා ආදියා විමසා රුධිර පීඩය බලා
තවමත් ප්‍රෙෂර් එක තියෙනවා ප්‍රෙෂර් එකට මොනවාහරි බෙහෙත් ගන්නවද .
නැහැ ඩොක්ටර්
මෙහේමයි අපි සැකකරනවා ඔයා දැන් ඉන්නෙ වකුගඩු රෝගයේ මුල් අවස්ථාවේ කියලා.නමුත් අපිට මේ රීපෝට් බලලා හරියටම කියන්න බැහැ .එක නිසා අපිට තව පරික්ෂණ ටිකක් කරන්න කියලා ලොකු මහාත්මයා කියලා තියෙනවා එ ට්ක කලාම අපිට හරියටම හේතුව මොකක්ද කියලා කියන්න පුළුවන් .
මගෙ පපුව වේගයෙන් ගැහෙන්න ගත්තා මම හිනෙකින්වත් හිතපු දෙයක්ද මේ මුල් වරට මරන බය දැනුනා.මොකද මම එ කාලේ හිතාගෙන හිටියේ වකුගඩු අමාරුව හැදුනා කියන්නෙ ඉවරයි ම තමයි කියලයි.
මේ පරික්ෂණ වලට ටිකක් වියදම් යනවා ඔයාට දරන්න පුළුවන් ද කියලා ඇහුවා මම.පුළුවන් කිවුවා එ ඊට පස්සෙ කරන පරික්ෂණ ගැන වෛද්‍යවරයා පොඩි පැහැදිලි කිරීමක් කලා.

මේහේමයි මිස්ට ප්‍රනාන්දු අපි ඔයාගෙ රුධිර මුත්‍රා සාම්පල් ගන්නවා එවානම් දැනට ඔයා කරපුවම තමයි ඊට අමතරව අපිට තව එක්ස් කිරණ පරික්ෂාවක් වගෙම. පැය 24 මුත්‍රා එකතු කරලා එකෙ පරික්ෂණයකුත් කරන්න තියෙනවා .තව uss (අල්ට්‍රා සවුන්ඩ්) ස්කෑන් එකක් කරන්න තියෙනවා
මොකක්ද සර් uss ස්කෑන් කියන්නෙ
සරළවම කිවුහොත් මෙකෙන් කෙරෙන්නෙ ඔයාගෙ බඩ ස්කෑන් කරලා බලන් එක එකෙන් ඔයාගෙ බඩෙ තියෙන ගොඩාක් අවයවවල තොරතුරු ගන්න පුළුවන් ඔයාගෙ වකුගඩු ඉදිමිලාදා, මුත්‍රාශයේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා ද.එ වගේම අක්මාවේ වගෙ මොනවා හරි ප්‍රශ්න තියෙනවා ද කියලා දැනගන්න පුළුවන් කෝකටත් ඔයා අද රෑ 10 න් පස්සෙ කන්නෙ නැතිව ඉන්න මෙ පරික්ෂණ ඔක්කෝම වගෙ හෙට වෙද්දි අපිට කරන්න පුළුවන් .ඔයාට බෙහෙත් වලට කෑමට එහේම ඇලර්ජි තියෙනවා ද තියෙනවා නම් අපිට කියන්න
නැහැ ඩොක්ටර්
හොඳයී හෙට මෙ පරික්ෂණ ටික කරලා අපි බලමු.ඔයා වතුර මනින කොප්පයක් ගෙනාවනෙ ඔයා බොන වතුර මැනලා බොන්න එ වගේම පිටවන මුත්‍රා ප්‍රමාණයත් මනින්න .එවා වෙලාව දාලා පොතක ලියන්න.
ඇයි ඩොක්ටර් මේවා කරන්නෙ.
මෙහේමයි ඔයා බොන ප්‍රමාණය අනුව මුත්‍රා පිටවෙනවද කියන එක අපිට ඉතා වැදගත් බොන ප්‍රමාණයට මුත්‍රා පිටවෙන්න්නෙ නැහැ කියන්නෙ ඔයාගෙ ඇගෙ වතුර රැඳෙවා කියන එක එහේම උනාම ඔයාගෙ කකුල් ,අත් ,මුහුණ ඉදිමෙන්න පුළුවන් මේකත් වකුගඩු රෝගයේ මූලික අවස්ථාවක් .එ වගේම මෙ වතුර ඔයාගෙ පෙනහලු වල වගෙ රැඳෙනකොට ඔයාට හුස්ම ගන්න අපහාසුවෙයි,පඩිපෙළක්ව වගෙ නගින්න අපාහාසුයි.ඉකමනින් වෙහේසට පත්වෙනවා මෙවාත් මේ රෝගයේ ලක්ෂණ තමයි හැමෝටම එහේම නැහැ .තව දෙයක් වතුර ඔනෑවට වඩා පෙනහැල්ලෙ රැඳෙනවා කියන්නෙ නියුමෝනියව එන්න තියෙන ඉඩකඩ වැඩියි නියුමෝනියව හැදුනා කියන්නෙ ඉතිං ජිවිතෙ අවදානම් .

මෙ හේතුව නිසාම අපි වකුගඩු රෝගින්ට ශීතල පලාත් වලට යන්න එපා කියනවා.ඔයාට කෑම දෙනකොට ලුණු අඩුවෙන් දෙන්න කියලා තමයි අපි කියලා තියෙන්නේ හෙට හම්බ වෙමු
කියුපරිදි සියලුම පරික්ෂණ පහුවෙනිදා කළා හිතට හරි සහානයක් දැනුනා.මං හිතුවා හැමදේම හරි කියලා පහුවෙනිදා සියලු වෛද්‍ය වර්තා බලා ප්‍රදාන වෛද්‍ය වරයා පැවසුවෙ .
රීපෝට් වල ලොකු ප්‍රශ්නයක් නැහැ අපි කෝකටත් බයොප්සි (Biopsy ) එකක් කරලා බලමු
බයොප්සි කියන්නෙ මොකක්ද ඩොක්ටර්
බයොප්සි කියලා අපි කරන්නෙ ඔයාගෙ ඔයාගෙ වකුගඩුවට පුංච් කූරක් ඇතුල් කරලා වකුගඩුවෙන් චූට් කෑල්ලක් අරගෙන් එක පරික්ෂා කරලා බලනවා.එකෙන් හරියටම අපිට ඔයාගෙ තත්ත්වය කියන්න අද හවසම ලෑස්ති කරලා කරන්නම්.
දැන්නම් හොඳ ගණම් මොන වදයක්ද මෙ අර පරික්ෂණ මෙ පරික්ෂණ කිය කියා කරනවා එ මදිවට මෙවාට යන වියදම් කොහොමද ගෙවන්නේ තාම හරියට ස්තීර රක්ෂාවකුත් නැහැ .යකෝ ඇගෙ ඇතුලෙන් කෑල්ලක් කඩලා ගන්නකොට ඉන්න බැරිවෙයි නෙ.මෙයාලට කියම්න කරන්න ලේසියි අපි එපැයි මුහුණ දෙන්න.
හවස් සුදු ඇඳුම් අන්දලා වෙනම කාමරයකට ගෙනහින් බයොප්සි එක කරන්න ගත්තා මවා මුනින් අතට හැරෙව්වා ඇගට කොන්ද හරිය සීතල වතුරකින් පිහිදානවා දැනුන එ සර්චිකල් ස්ප්‍රීට් වෙන්න .ඔනේ ඊලඟට බෙටඩින් වලින් පිහිදාන බව දැනගත්තෙ ඇලෙන ගතිය නිසායි.පිරිසිදු කලාට පසුව ඇගට රෙදි කැබැල්ලක් දානවා දැනුනා .තව හිරි වැටෙන්න එන්නතක් දෙනවා දැනුනා.මට ඉහිලට හොඳ හුස්මක් ගන්න කියන ගමන්ම හම විදගෙන වේදනාවක් එක්ක ඇග මොකක් හරි ව්දගෙන යනවා දනුනා ඉබේටම මට කෙඳිරි ගෑවුනා.

දැන් හරි තව ටිකයි ඉවසන්න ඉවසන්න කියන ගමන්ම යමක් ගැටෙන් ශබ්දය ඇසුනා.යන්තං හිතට පොඩි සහානයක් දැනුනා මෙන්න එ ගමන් අයි අර කූර බස්සන්න ගත්තා කලින් එකෙ හරියට ඇවිත් නැහැ කියලා එ වෙලාවෙ නම් තරු පෙනුනා අඅම්මෝ ..
බයොප්සි එක එවර වෙලා එතැනට ප්ලාස්ටර් දාලා වෛද්‍ය උපදෙස් මෙ විදිහට ලබා දුන්නා
දැන් ඔයාගෙ බයොප්සි එක අපි කලා මෙකෙ රීපොට් එන්න සතියක් විතර යනවා ගෙදර ගිහිං අපෙ සයනයට (Clinik ) එකට එන්න අපි දිනයක් දෙන්නම්.දැන් අපි ඔයාව වාටුවට දානවා ඔයා ඇඳෙ හෙලවෙන්නවත් නැතිව ඉන්න ඔනේ.නැගිට්න්න ඇවිදින්න යන්න එපා එහේම උනොත් ඔයාගෙ වකුගඩුවෙ අපි හිල් කෑල්ල ගත්ත තැනින් එළියට ලේ ඇවිත් අභ්‍යන්තර රුධිර වාහානයක් උනොත් ඔයාගෙ ජිවිතෙ ට අනතුරක් වෙන්න පුළුවන් .

හරිම අමාරුවෙන් කෝහෝම හරි රාත්‍රී ය ගත කළා පසුවදා ට්කට් කපලා ගෙදර අවා දවස් දෙල තුනක් යනවිට පෙම්වතියගෙ පොඩි වෙනසක් දැනුනා.පස්සෙ සුපුරුදු පරිදි ඇයව මුණ ගැසුන විට ඇය මෙ සමබන්ධය නවත්වන්න තීරණය ගෙන තිබුනා.එ වන විට අවුරුදු හතක ප්‍රෙමයක් ඇය වටා තමයි මම ලෝකය ගොඩ නගා තිබුනෙ .එ වගේම මට ඉලක්ක වලට යන්න මග පෙන්නුවෙ ඇයයි.කිසිම අරමුණ ක නැතිව ගිය මගෙ ජිවිතෙ අරමුණ හදලා දීලා ,පිළිවෙල ගැන මට කියාදුන්නෙ ඇය .එක නිසා මොන දෙ වුනත් ඇයගෙන් තොර ලෝකයක් ගැන හිතන්න මට බැරි වුණා මේ වෙන්වීම මට දරාගන්න බැරි වුණා
මෙතනින් එහාට මේ ලියන දේවල් වලට ඔබ මට දෝෂාරෝපණය කරාවි නමුත් මෙ සිදුවුණ ඇත්ත ලිවිය යුතුමයි එදා මම ගොන්කමට අවේගයට මෝඩ කමට ගත්ත තීරණය නිසාම .අද මට හැමදේටම ශක්තිමත් ව මුහුණ දීමට හැකියාව ලැබිලාතියෙනවා

ගෙදර ඉන්න බැහැ වගෙ දැනුනා යන්න තැනක් කල්පනා කරද්දි රත්නපුර කොස්පැලවින්නෙ ඉන්න මගෙ අම්මයි තාත්තා යි වගෙ ඉන්න ඇන්ටි කෙනෙක්වයි අන්කල්වයි මතක්වෙලා එහේ ගියා මෙ දෙන්නා මගෙ ප්‍රෙමයට ගොඩාක් අශිර්වාද කරපු දෙන්මෙ එහේ ගියාට පසුවා පපුව රිදෙන්න වගෙ ගත්ත නිසා වෛද්‍යවරයෙක් හමුවෙන්න ගියා.හැම දෙයක්කම හගන්නෙ නැතිව වෛද්‍යවරයට පැවසුවා පරික්ෂණ කරලා සේලයින් එකක් දීලා ගෙදර එවුවා රත්නපුරෙ දවස් පහාක් විතර ඉඳලා ගෙදර ආවා .එ වනවිට ඇන්ටියි අනකලුයි සම්පත් ඇතුලු හැමදෙනඅ මගෙ හිත හදන්න ගොඩාක් කිවුවා අහාගෙන හිටියට එ සියල්ල හරිය මුනින් අතට හරවපු කලයකට වතුර වක්කරනවා වගෙ.

ගෙදර ආවාට පසු හිත හදාගන්න යමක් කරන්න ඔනෙ උනා.මෙ කිසි දෙයක් අපෙ ගෙදර කවුරුත් දන්නෙ නැහැ අක්කයි,පොඩි අයියයි ඇරෙන්න අනිත් කා සමගවත් මම වැඩි කතා බහක් නැහැ
පොඩි අයියා බැඳපු අක්කා ගෙ ගම රුවන්වැල්ලෙ ,ගෝනගල්දෙනියේ වහාරක.
සුන්දර ගම්මානයක් දොලක් එහේම ගලාගෙන යනවා.දුරකථන සම්බන්ධතා මොකුත් නැහැ
අක්කාගෙ සහෝදරයෝ අම්මා එහේම එහේම මාත් එක්ක ගොඩාක් හිතවත්.එ ආදරනීය නැන්දා ගිය වසරෙ මිය ගියා මගෙ ජිවිතෙ මම දැකපු හොඳ මව් ගුණ තියෙන හොඳ අම්මා කෙනෙක් මම එහේ ගියා නැන්දා ඇතුළු සහෝදරයෝ ටික ආදරයෙන් පිළිගත්තා.
එහෙ ටික දවසක් ඉන්නකොට නැන්දාට මගෙ වෙනස ටිකක් තෙරුණා එත් මොකුත් අහාන්නෙ නැතිව මගෙ උපන් වෙලාව විතරක් අහාලා වෙලාව බලලා මට හොඳටම අපලයි කියලා දවස් හතක් මං වෙනුවෙන් පන්සලට එක්ක ගිහින් හාමුදුරුවන් ලාවා බෝධි පුජා තිබ්බා ඇත්තටම මට එවයින් මානසිකව ලොකු සහානයක් ලැබුනා එහේ මාසයක් විතර ඉඳලා ගෙදර ආවා.
මම නැති ටිකෙ පෙම්වතියත් මාව හැම තැනම හොයලා. අක්කාගෙන් ඇහුවාම ඇයත් මොකුත් කියලා නැහැ .අදටත් අපෙ ගෙදර කිසීම කෙනෙක් මගෙන් අහාන්නෙ නැතිව මගෙ කිසිම තොරතුරක් කාටවත් දෙන්නෙ නැහැ. මම.කියන්න කිවුවොත් විතරයි කියන්නෙ .
ගෙදර ඇවිත් ෆෝන් එක ඔන් කරපු ගමන්ම ඇය කතාකලා එ වෙලාවෙම එයාව මුණ ගැහෙන්න වැල්ලවත්තට ගියා ආයි සිදුවුණ දේවල කතාකරලා අපි ආයි එකතු උනා.ඉස්සරහට දිටගට සම්බන්ධ ය තිබුනද මොක්ද වුනෙ කියලා වෙන දවසක කතා කරමු.


No comments:

Post a Comment