2019/11/09

අපි වගේ රෝගින් බොහෝ දෙනෙකුට තියෙන රෑට නින්ද නොයෑමේ ප්‍රශ්නය




අපි වගේ රෝගින් බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නය තමයි රෑට නින්ද නොයෑම .එකට බලපාන හේතුව නම් කියන්න දන්නෙ නැහැ නමුත් දිගින් දිගටම රෑට නින්ද නොයනවා නම් රුධිර පීඩනය තරමක් වැඩි වෙනවා.එක කියන්නෙ අත් දැකිමෙන්.
හැබැයි රුධිරයේ HB එහේම නැත්නම් හිමෝග්ලොබින් මට්ටම අඩුවුනාම නම් වැටෙන වැටෙන තැන නින්ද යනවා.එහේම උනාම හතියත් වැඩියි.ටික දුරක්වත් ඇවිදින්න බැහැ හතිය හැදෙනවා.මහාන්සි ගතිය වැඩිපුර දැනෙනවා.හරීම කම්මැලියි.
අදත් නින්ද නොයන
රැයක් එ නිසා මගෙ කතාවේ තවත් පරිච්ඡේදයක් ලියන්න හිතුනා
ජයවර්ධනපුර රෝහලේ 07 වාට්ටුවෙ නතරවෙලා අවසනට කරපු ස්කෑන් හා බයොප්සි වර්ථා ඔක්කෝම අරගෙන ජයවර්ධනපුර රෝහලෙ වකුගඩු සායයනයට ගියා.එහිදි මාගෙ වෛද්‍ය වර්ථා බැලු වෛද්‍ය වරයා නළල රැළිගන්වා කල්පනා කර සර් එනකන් පොඩ්ඩක් ඉන්න කිවුවා.
ප්‍රධාන වෛද්‍ය චූලා හෙරත් මහතා පැමිණි පසු මාව එතුමා වෙත යොමුකළා.එතුමා මගෙ දිහා බලා මගෙන් ඇසුවා
ඔයාට කවුරුහරි කවදාහරි කියලා තියෙනවා ඔයාගෙ එක වකුගඩුවක් බඩෙ තියෙනවා කියලා.
නැහැ සර් මටන් කවුරුත් කියලා නැහැ
බලන්න ස්කෑන් කිහිපයක්ම කරලත් මේක හරියට අහුවෙලා නැහැ .අනෙ මන්දා ඔ
ඔයාගෙ වෙලාවද ස්කෑන් කරපු අයගෙ දුර්වල තාවයද කියලා අපෙ ස්කෑන් එක අනුව ඔයාගෙ වම් පැත්තෙ වකුඩඩුව තියෙන්නේ ඔයාගෙ බඩේ.එක නිසා තමයි සුනාමියෙන් ගිය විෂබිජය ඔයාට දරුණුවට බලපාලා තියෙන්නේ.අපි බයොප්සි එක කලේ ඔයාගෙ දකුණු පැත්තෙ වකුගඩුවෙ බයොප්සියට අනුව ලොකු දෙයක් පේන්නෙ නැහැ .නමුත් ඔයාගෙ බඩෙ තියෙන වකුගඩුව ගැන නම් බලාපොරොත්තු තියන්න බැහැ
කෝකටත් මේකටත් අපිට තව පරික්ෂණයකුයි අත්හදා බැලීමකුයි කරලා බලන්න පුළුවන් පරික්ෂණය තමයි DTPA ස්කෑන් එක මෙක තියෙන්නේ කොළඹ විතරයි ඔයා කැමති නම් මම ලියලා දෙන්නම් දිනයක් අරගෙන කොළඹින් කරන්න .
මේ පරික්ෂණයෙන් මොකක්ද සර් වෙන්නෙ
මෙකෙන් බලන්නෙ ඔයාගෙ වකුගඩු වැඩකරන ප්‍රතිශතය.
එතකොට තව එකක් කිවුවෙ එ මොකක්ද
එක මෙහෙමයි ඔයාගෙ මුත්‍රා මාර්ගය හරහා වකුගඩුවට බටයක් දාලා අපිට බලන්න පුළුවන් ඔයාගෙ අනිත් වකුගඩුවෙන් හොඳට මුත්‍රා එනවද ,එක දැම්මාම ක්‍රියැටිනීන් මට්ටම අඩුවෙයිද කියලා මෙකට කියන්නෙ ජෙ ජේ ස්ටෙන්ත් ඔයාට වියදම් කරන්න අමාරුයි නම් එකත් කළුබෝවිල ඉන්න නන්දලාල් ගුණරත්න සර්ට මම ලියන්නම් එහෙන් කරගන්න හැබැයි මෙ ඔක්කෝම ඉක්මනට කරගන්න පුළුවන් නම් ඊලග ක්ලිනික් දිනේටම මේ ටික කරගෙන එන්න .
බෝහෝම ස්තුතියි මම ඉකමනටම මේ ට්ක කරගන්නම් සර් මට ලියලා දෙන්න.
ඊට පස්සෙ මුලින්ම කොළඹ ගිහිං DTPA ස්කෑන් කරන තැන හොයාගෙන එතනින් දිනයක් ගත්තා මගෙ වාසනකටද මන්දා දින තුනක් ඇතුලත් කරන්න දිනයක් දුන්නා.
එ එක්කම ඊට පහුවෙනිදා ආසිරි රෝහලේ දි නන්දලාල් ගුණරත්න වෛද්‍ය තුමාව චැනල් කර ව‍ර්ථා පෙන්වීමෙන් පසු කළුබෝවිල රෝහලෙ 25 වට්ටුවෙ නතරවෙන්න සතියකට පස්සෙ දිනයක් දුන්නා.
Dtpa පරික්ෂණ ට අදාල දිනයේ උදේම ගියා කෑම මොකුත් නොකා නිරාහාරව තමයි ගියේ මගෙ වාරයේ කතා කරලා වීදුරුවක් දාපු ඇඳක මාව නිදිකරනවා ඉතා සුරක්ෂිත ව පෙට්ටියක දාගෙන පැමිණි එන්නතක් .අතෙ නාහරයකට දාපු කටුවක් හරහා මට විද්දා
වීදුරු ඇඳ මත පැය 1/2 ක් පමණ තියා රවුම් බෝලයක් වගෙ එකක් මැදින් මගෙ ඇඳ ඉස්සරහට පස්සට ගත්තා එ ගන්නකොට මට පේනවා මගෙ ඇගේ බඩ පෙදෙසෙ තරු තරු වගෙ යමක් ගමන් කරනවා .මේහේම කරන ගමන්ම පරික්ෂණ ය කරන වෛද්‍යවරයා හො වීකීර්න ශිල්පියා අනෙක් හැමෝටම.අඩගහාලා.මගෙ අසාමන්‍ය පිහිටිමක් පෙන්නුවා .
ඊට පස්සෙ මට කතාකරලා කිවුවා.
ඔයාගෙ එක වකුගඩුවක අසාමන්‍ය පිහිටිමක් තියේනවා .එළියට ගිහින් වතුර ටිකක් බීලා මුත්‍රා කරලා එන්නකො.කිවුවා.
මම එළියට ඇවිත් වතුර බීපු ගමන්ම දැඩි මුත්‍රා බරක් ආවා මුත්‍රා කරලා.ගියාම.අයි පෙර පරිදිම බලලා සතියකින් එන්න කිවුවා රිපෝට් ගන්න එ වගෙම අවවදා කළා.
අද දවසෙ හොඳටම වතුර බොන්න .බඩදරු අම්මලා,කිරිදෙන අම්මලා ලඟට යන්න එපා,විශේෂයෙන් කුඩා දරුවන් ලගට යන්න එපා ඔයාගෙ ඇගැට අපි දීපු එන්නතෙ කිරණ දැන් ඔයාගෙ ඇගෙන් පිටවෙනවා එ අයට එක හොඳ නැහැ කිවුවා.ස්තුතියි කියලා ගෙදර අවා.
පහුවෙදා කළුබෝවිල රෝහලෙ 25 වාටුවෙ නතර උණා වෛද්‍යවරුන් පරික්ෂා කිරිමෙන් අනතුරුව ඇඳක් ලැබුනා.හෙද සොයුරියක් පැමිණ රුධිර සාම්පල් ගත්තා.ඉන්පසු ඇය පැවසුවේ .
හෙට ඔයාට ඔපරේෂන් එකක් තියෙනවා එක නිසා ගෙදරින්
සුදු සරමක්
සුදු ෂර්ට් එකක්
මේස් ජෝඩුවක්
රේසර් එකක් ගෙන්න ගන්න
රෙසර් එකක් මොකටද මිස්
එක කරන වෙලාවට බලාගන්නකෝ කියලා.නෝන්ඩියට වගෙ ඇය හිනාවෙලා ගියා
දවල් ගෙදර අයට කියලා උවමනා කරන සියලුම දේ ගෙන්න ගත්තා හවස තුනට විතර තවත් වෛද්‍යවරයෙක් මාව බලන්න අවා.මගෙ රුධිර පීඩනය වගෙ දේවල් බලලා
බොරු දත් දාලා තියෙනවද ?කෑම බීම වලට කසලා පළු දානවද ? බෙහෙත් ජාති එහේම. ඇලජී වෙලා තියෙනවද ?
ආදි නොයෙකුත් ප්‍රශ්න ඇසුවා.පසුව තමයි දැනගත්තේ එ නිර්වින්දන වෛද්‍යවරයෙක් බව
හවස පෙම්වතිය එහේම ඇවිත් ලග ඉඳගෙන හිත හදන්න ගොඩාක් දෙවල් කිවුවා එයාලාගෙ හිතේ මම බයවෙලා කියලා කිසිම බයක් තිබ්බෙ නැහැ
රෑ අටට විතර හෙදියක් ලගට ඇවිත්
හෙට ඔපරේෂන් එකට උවමනා ඇඳුම් ලෑස්තිද
රේසරේ ගෙනවාද එහෙනම් අතනට යන්න කියලා තැනක් පෙන්නුවා එතන හෙද සහායකයෙක් හිටියා රෙදිවලින් වටකර තිබු ඇඳකට නගින්න් කියලා ඉතිං රේසර් එක අරගෙන උවමනා තැන්වල රෝම ඉවත් කළා එතකොට තමයි තේරුනෙ රේසර් එක ගේන්න කිවුවෙ ඇයි කියලා.
පහුවෙනිදා උදේම නැගිටලා ඇගපත හොදලා සුදු ඇඳුම් ඇඳලා ලෑස්ති උනා.කොච්චර බය නැහැ කිවුවා ඔන්න එ වෙලාවෙ නම් ටිකක් බය වුනා.එ මදිවට බඩගින්න.රෝහල් සහායකයෙක් මාව තියටර් C .C ශල්‍යගාර ට අරගෙන ගියා ශල්‍යගාර ය ඇතුලට ගන්නකොට ම දෙවියන් බුදුන් සිහි වුනා වෛද්‍ය කර්යය මංඩලය ඉතා සුහදව කතා කරපු නිසා බය ටිකක් අඩු වුනා.
මාත් එක්ක කතා කරන ගමන් මුහුණ ට මාක්ස් එකක් ලංකලා ඊට පස්සෙ කවුදෝ කියනවා ඇහුනා
ඔයාට අපි එන්නතක් දෙනවා අත ටිකක් ශීතල.වෙයි බයවෙන්න එපා හොඳට හුස්ම ගන්න කියලා අත් ටිකක් ශීතල වෙනවා දැනුනා මම.බයටත් එක්ක හයියෙන් හුස්ම ගන්නකොට පාවෙනවා වගෙ දැනුනා
නින්ද ගියා වගෙ මතකයි නැගිට්නකොට (සිහිය එනකොට ) යටි බඩෙ පොඩි වේදනවක් දැනුනා අමාරුවෙන් ඇස් අරින විට සේලයින් බෝතලයක් දෙනවා පෙනුනා
වේදනාවෙන් කෙඳිරි ගාද්දි මිස් කෙනෙක් එන්නතක් දුන්නා .මං හිතන්නේ මෝර්ෆීන් වෙන්න ඇති
එ නින්ද ගිය පාර පහුවෙනිදා උදෙ තමයි නැගිට්ටෙ නවයට විතර වෛද්‍ය තුමා පැමිණියා
ඔයාගෙ මුත්‍රා මාර්ගයේ හිර වීමක් වගෙ තිබුනා අපි බටේ දැම්මා මේක ටික දවසක් තියලා බලමු 100% හරියයිද කියන්න බැහැ අපි බලමු ඔයාට අද ගෙදර යන්න පුළුවන්
ගෙදර ඇවිත් සියලු වෛද්‍ය වර්තා අරගෙන නැවතත් ජයවර්ධනපුර රෝහලෙ සායනයට ගියා
එවා පරික්ෂා කිරීමෙන් අනතුරුව පැවසු දෙයින් හිතට ලොකු සහානයක් දැනුනා.
ඔයාගෙ වකුගඩු වැඩකරන මට්ටම හොඳයි බෙහෙත් මොකුත් නැතිව ඔයාට තව කල් ඉන්න පුළුවන් නමුත්.ප්‍රෙෂර් එක නිතරම බලන්න වෙයි එකට නම් බෙහෙත් ගන්න වෙයි.අනික නොවරදවාම මාසෙකට සැරයක් ක්ලිනික් එන්න.කොයිවෙලෙ ප්‍රශ්නයක් වෙයිද අපිට කියන්න බැහැ .
අම්මෝ ලොකු සහානයක් දැනුනා හිතෙ ලොකු බරක් නිදහාස් උණා.එදාම මගෙ පංතියේ හිටපු මිතුරෙක් වන වෙනුර් දර්ශන ව මුණ ගැසුනා.මිනිහා මගෙන් ඇහුවා.
ඉන්දුක උඹ දැන් මොකද කරන්නෙ.
මොකුත් නැහැ මචං job එකක් හොයනවා.
මොකුත් නොකර ඉන්න එපා යකෝ මම වැඩකරන්නෙ.EAP එකෙ හෙටම වරෙන් උඹට එතන job එකක් අරගෙන දෙන්නම්.
කිවුවා වගේම පහුවෙනිදා මම දර්ශණ මුණගැහෙන්න වැල්ලවත්තෙ සැවෝයි ගොඩනැගිල්ලට ගියා .
දර්ශණ මාත් එක්ක ඉතිං ආගිය තොරතුරු එ අතර කතා කළා මට මේ යාළුවා මගෙ ජිවිතෙ මට ලැබුණු ඉතා සුවිශේෂී යාහාළුවෙක් 0/l කරන කාලෙ ගොඩාක් වෙලාවට හිටියේ මේ යාළුවාගෙ ගෙදර එ අම්මත් තමන්ගෙ දරුවෙකුට වගෙ තමයි මට සැළකුවෙ .කන්න බොන්න විතරක් නොවෙයි එ කාලෙ කොල්ලාගෙ ඇඳුම් පවා මට දුන්නා.
දර්ශනගෙ තවත් හොඳ දෙයක් තිබුනා මොන කෑමක් කෑවත් එකෙන් හරියටම භාගෙ මට දෙනවා.එහේම හොඳ යාළුවෝ නිසා o/l හොඳට ගොඩදාගන්න පුළුවන් වුණා.
අදත් මෙ වෙලාවෙ උදව්කරන හැට්.මම එහේම කල්පනා කරමින් ඉන්න විටදි මගෙ සම්මුඛ පරික්ෂණයට කතා කලා.අසංක එදිරිසිංහ,තුෂාන් රංගන,උදිත .මෙ අය තමයි මගෙ සුදුසුකම් පරික්ෂා කලේ.
සුදුසුකම් පරික්ෂා කිරීමෙන් අනතුරුව මාව රැකියාවට තොර ගත්තා.
මෙ කාලයේ බස්නාහිර පලාත් ගුරු ව්භාගය සඳහ ඉල්ලුම් පත් කැඳවා තිබුනා මම එකත් දැම්මා.
මට ලිබර්ට් සිනමාහලෙ රැකියාවා ලැබිමෙන් පසු ඉතා හොදින් එහි වැඩකරගෙන ගියා
මාස 7 විතර එහි සේවය කරන ගමන් විවාහය තීන්දු උණා එ අණුව 2008/12/15 දෙසැම්බර් 15 බඳින්න සියලු කටයුතු සුදානම් කරලා අපි කසාද බැන්දා. මෙ කාලය තුල අතුරු කතා ගොඩාක් තියෙනවා එවා වැඩක් නැහැ කියා සිතා වාරණයක් පවරනවා.
ව්වාහට පෙර ගුරු ව්භාගය කළා එකේ ප්‍රතිපල කවදා එයිද කියාලා හිතාගන්න බැරුව හිට්යා විවහා වෙලා සති දෙකකට පස්සෙ එහි ප්‍රතිපල ආවා මම ඉහලින්ම සමත්.
පත්වීම් දෙන්න නම් සෑහෙන්න කාලයක් ගත උණා කොහොම හරි 2009/07/30 අරලියගහ මන්දිරයේ දි ජනාධිපති තුමා අතින්පත්වීමෙ ලිපිය අරගෙන් 2009/07/31 බප.ජය ශ්‍රී රාහුල විද්‍යලය මුල්ලේරියාව වැඩ භාර ගත්තා.
Eap එකෙන් ඉවත් විමට පෙර සියලුම දෙනා දැනුවත් කළා .මට තාම මතකයි මම එන මොහෝතේ අසංක එදිරිසිංහ මහාතා කියු දේ.
ඉන්දුක ඔයා මගෙ ලග හිටිය හොඳම සේවකයෙක් ඔයාට උවමනා ඔනෑම වෙලාවක EAp එකෙ දොරවල් ඇරලා තියෙනවා .
ඇත්තටම මං ගැන මට ලොකු ආඩම්බරයක් ඇති උනා මගෙ සේවය මම අවංකවම කරලා තියෙනවා කියලා.
පාසලට ආවා කියන්නෙ එක අමුතුම ලෝකයක්.මම වැඩ භාරගත්තෙ එම්.එ කරුණාරත්න විදුහල්පති තුමාගෙන්.නම වගේම එතුමත් හරිම කරුණාවන්තයි.
ඉන්දුක නේද නම ඔයාට මම පංතියක් බාරදෙන්නම් එකෙ ළමයි ටිකක් නොසන්සුන් ඔයා හදලා ගන්න එකට වැඩිය ගුරුවරුන් යන්න කැමැතිත් නැහැ
හරි සර් මම යන්නම් එත් මම උපාධියේ විෂයක් හැටියට සිංහල කරලා නැහැ නෙ
ඔයා කරගෙන යන්නකෝ ඔයාට පුළුවන් .
ඇත්තටම එතුමාගෙ දැක්ම ගැන අදත් මට පුදුමයි.
වැඩ භාරගෙන එනකොට මැණිකෙ මිස්ව හමුවුණා ඉතාමත් ආදරයෙන් මාව පිළිඅරගෙන .
පුතා අලුත් පත් වීමක්ද?
ඔව් මිස්
මෙහේමයි පුතා මේක රක්ෂාව ක් කියලා හිතන්න එපා මෙක සේවයක් කියලා හිතන්න.මේවගෙ සේවයක් ලැබෙන්නෙ පෙර පිනකට මෙ සේවය හොඳින් කරන්න කරන්න අපිට පිං රැස්වෙනවා.අපෙ ලෙඩ රෝග අඩුවෙනවා මනස ප්‍රසන්න වෙනවා.මෙ වචන අදටත් කණ තුල දෝංකාර දෙනවා.
එදා හිටිය ගුරුවරු හැමෝම වගෙ මාව ආදරයෙන් පිළිගත්තා.
මට දවස් තුනකට පසු මාත් එක්කම පත්වීම් ගත් චමරු පතිරණ.මිත්‍රයා වැඩ භාරගත්තා
පාසල් ජිවිතෙ අදටත් ඔහු මගෙ හොඳම කළණ මිතුරෙක් එ ගැන වෙනම ලියන්නම්.
අප්සරා මිස්ගෙ මග පෙන්වීමට යටතෙ 8C පංතියා භාරගෙන පංතියෙ ළමයිනට පංතියේ තත්ත්වය ගැන් පැහැදිලි කළා.
ඔයලාගෙ පංතිය නරකම පංතිය කියලා තමයි මට භාර දුන්නෙ .මං හරීම ආසාවෙන් තමයි මේ පංතිය බාරගත්තෙ.මොකද හොඳයී කියන උන්ට වඩා නරකයි කියන උන් හරි අවංකයි
මාත් ඉස්කොලේ යන කාලේ නරකම එකෙක් පංතියේ පිටිම පස්සෙ පේලියේ හිටියේ ගොඩාක් ගුරුවරු අපිට කැමැති නැහැ හැබැයි මොකක්හරි හේතුවකට දෙවියනෙ කියලා අපි ඉගෙනගත්තා.ආදරණිය දුවෙ පුතෙ.අපිට ප්‍රශ්න තියෙන්න පුළුවන් අපි එ කිසි දෙයක් ගණන් ගන්නෙ නැතිව එකම පවුලක් හැටියට ගමනක් යමුද.ඔයාලාගෙ ඔනෑම ප්‍රශ්නයකදි මම ඔයලා වෙනුවෙන් ඉන්නවා.අපෙ පංතිය නරකයි කියන නම අපි ගලවමු ඔයලා මෙ ඉස්කොලේන් යන දවසට ඉස්කොලේ හිටිය හොඳම ,ළමයි ඔයලා තමයි කියන තැනට වැඩ කරමු අපෙන් එක්කෙනෙක් හරි විශ්වවිද්‍යාලයට යනවා කියලා හිතට අරගෙන අපි වැඩ කරමු.
සිංහල විෂය උගවන්න ගත්තට මොකද මට මේක අභියෝගයක් මොකද උසස් පෙළටවත් සිංහලා කරලා නැහැ .කරන්න දෙයක් නැහැ මම ළමයිට උගන්වන ගමන්ම උපුල් ශාන්ත සන්නස්ගල සර්ගෙ ගම්පහ සිංහාල පංතියට ගියා එතන අය ක්ලාස් එකට ගන්න බැහැ කිවුවා.මම සන්නස්ගල සර්ට කතා කළා .උඹට සල්ලිගෙවන්න පුළුවන් නම් කාර්ඩ් එක අරගෙන වරෙන් හැබැයි පුතො පොඩි කෙල්ලන්ට ලයින් දාලා අහුවෙන්න එපා.කෝහෝම හරි හිමීට එ වැඩත් කරගත්තා විෂයට අදාල පොතක් දෙකක් හැම පඩියකටම ගන්න එක සිරිතක් කරගත්තා
මුල්කාලේ විෂය උගන්වන්න අප්සරා මිස් ලොකු සහායක් දුන්න එ සහාය නිසා ගොඩාක් දේ දැනගන ලැබුනා
ගුරුවරයෙක් හැටියට මම ජිවිතෙ හරිම
තෘප්තිමත් .මම බාරගත්ත පළවෙනි පාංතියේම දරුවෙන් පාසල් ඉතිහසයේ වසර පහාලොවකට පසු විශ්වවිද්‍යාලයට යන තැනට මට ගෙන්න්න පුළුවන් උණා.මම බාරගත්ත එ දරුවෝ පාසලෙ එදා මෙදාතුර හොඳම දරුවෝ කියලා අදත් ගුරුවරුන් මතක් කරනවා ඇත්තටම අදටත් එ දරුවෝ පණ ඇරලා පාසලට ආදරෙයි.
නරක ළමයි කියලා කොටක් නැහැ ඉන්නෙ නරක ගුරුවරුන් විතරයි දරුවන්ගෙ පැත්තෙ න් හිතලා ඔහුන්ට ආදරය කලොත් කරන්න බැරි දෙයක් නැහැ .
කාලය ඔය විදිහට ගෙවිලා යද්දි 2009 දෙසැම්බර් මාසයෙ මට උණ හැදිලා වමනෙ යන්න ගත්තා.ජයවර්ධනපුර රෝහලෙ නතර උණා පරික්ෂණ කරලා කිවුව දෙයින් මට උන්හිටි තැන් අමතක උණා ක්‍රියැටිනීන් මට්ටම 300 වැඩිවෙලා තිබුනා .
දැන්නම් තත්ත්වය හොඳ නැතිබව වෛද්‍යවරුන් ප්‍රකාශ කළා ජයවර්ධනපුර සතියක් විතර ඉඳලා ගෙදර අවා.
ඊට පස්සෙ කපුවන් පසු පස දිවයෑම,වෙලාවල් බැලීම ,සිංහල බෙහෙත් කරලා වෙච්ච දේවල්,හාසකම් මෙහෙයන්ට සහභාගි වීම් ඊලග ලිපියෙන් බලාපොරොත්තු වන්න.


No comments:

Post a Comment