2019/11/09

පෙනහලු වල හොඳටම වතුර


වේහේසකර දින කිහිපයක් නිදි වර්ජිත රාත්‍රී තුනකට පසුව ලද අස්වැසිල්ලෙන් යමක් ලිවීමට සිත් විය..
ශානික කිරින්දෙනිය නම්ගුරුතුමා මොනරාගල දිස්ත්‍රික්කයේ බිබිලේ පාසල් දෙකක දරුවන් වෙනුවෙන් සිදුකල පොත්පත් නිල ඇඳුම් බෙදාදීමෙ වැඩසටහානට පිටත් උනෙ බ්‍රහස්පතින්දා රාත්‍රි 10 ට.එළිවෙනතුරු නිදි නොලබා ගොස් පාසල් දෙකෙ වැඩසටහන ඉවර වි නිවසට ආවේ සිකුරාදා පාන්දර තුනට
සෙනසුරාදා උදේම ඩයලසිස් කරන්න රෝහලට පිටත් වුනා. .ඩයලසිස් ඉවරවෙලා ගෙදර යද්දි හවස 3.30 දවල් කෑමකාලා කෝට්ටේ රජමහා විහරයට ගියා.අපෙ ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවෙ දරුවන් සමග පෙරහැර රාජකාරි සඳහා .දරුවෝ ටික භාරදීලා අපෙ පාසලේ ඉගෙනගත් දරුවෝ දෙන්නෙකුගෙ විවහා මංගල උත්සවයකට සහාභාගි වෙලා රාත්‍රී දහායට විතර කෝට්ටේ රජමහා විහාරයට ආවා.
ඇවිල්ලා ටික වෙලාවයි ගියෙ අලි කුලප්පුව සිදුවුණ අපෙ අම්මලා වැඩිහිටියන් එකතුව ඉක්මනින්ම අපෙ දරුවෝ ටික කිසිදු කරදරයකින් තොරව ආනන්ද ශාස්ත්‍රාලයීය ප්‍රාථමික අංශයේ අපෙ කඳවුරට,ගෙනවා ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවෙ සියලුම දෙනා කඩියන් මෙන් තුවාල සහිත රෝගින් හැකි ඉක්මනින්ම රෝහල් කරා යොමු කළා.
වෙනදා මෙන්ම එදත් මගෙ රෝගය ගැන ලොකු කේන්තියක් ආවා.එ මෙ වගෙ වෙලාවක දුවලා පැනලා වැඩ කටයුතු කරන්න බැරි නිසා කෝහෝම හරි සුළු තුවාල සහිත රෝගිනට බෙහෙත් දැමීම වගෙ සුළු ප්‍රතිකාර හරි කිරීමට හැකිවීම එක් අතකින් මානසික සහානයක් විය.මෙ සියල්ල ඉවරවෙල ගෙදර එනවිට පාන්දර 4.30.උදේ 8.30 අයියා කෙනෙකුට එන්න පොරොන්දු වෙලා ඉතිං නිදි නොලබාම ඉඳලා එ ගමන ගියා .අද තමයි විවෙකය ලැබුනේ මෙ ගැන මොකුක් නොකිය කතාවට එමු නේද
ගිය වර ලිපියෙන් මම කතාකලේ සිංහල බෙහෙත් වලින් රෝගය උත්සන්න වීම දැනීමත් සමග පාසල් ගුරුවරුන් ගෙ බලපෑමට රෝහල් ගතවීමට තීරණය කළ බවයි
විශේෂයෙන්ම රෝහලට යන්න බලපෑම් කල අය අතර හෂිණි ම්ස්.වත්සලා,අප්සරා මිස්,ඉන්දිකා අක්කා සාමා ම්ස්,ජානකි මිස් රසිකා මිස්,සංජීව සර් චමරු සර් ඉදිරියෙන්ම හිටියා .
පාසල නිමවී නිවසට ඇවිත් බිරිද සමග මගෙ අක්කාලාගෙ නිවසට යන්න තීරණය කළා.මේ කාලය වහ විට පිළියන්දල මකුළුදූවෙ කුලි නිවස භාරදි කැළණියේ කැළණිමුල්ලෙ නිවසක උඩුමහලක් කුලියට ගෙන එහි වාසය කළා
බිරිද සමග සොයුරිය ගෙ නිවසට ගියා විතරයි මතක මොනම විදිහකටවත් හුස්ම ගන්න බැහැ .මට මතකයි සාලය මැද නිදිගන්නවා.වාහානෙ ට උස්සලා දාන්නවා ඊට පස්සෙ ට්‍රොලියක ගෙනියනවා වගෙ මතකයි
කවුද කතාකරන හඩකට ඇස් ඇර බලද්දී ඔක්සිජන් මාක්ස් එකක් දාලා තිබුනා.
මිස්ටර් ප්‍රනාන්දු දැන් ඔයාට කොහොමද
අමාරුවෙන් වචන ගලපා
හොඳයී...... ඩොක්ටර් ....කිවුවා.
හොඳයී නොවෙයි හොඳටම නරකයි.ඔයා මාස හයකින් අපේ සායනවලට ඇවිත් නැහැ තාව ටිකදවසක් ගෙදර හිටියානම්, නියුමෝනියව හැදිලා මැරෙන්නෙ දැනටත් ඔයාගෙ පෙනහලු වල හොඳටම වතුර.ඔයාට හොදින් මුත්‍රා පිටවෙනවා නේද.
ඔව් .....ඩොක්ටර්..... හැබැයි ......පහුගිය ටිකේ ටිකක්..... අඩුවෙන් ගියේ.
ඔයා වැඩිය කතාකරන්න එපා අපි ඔයාට බෙහෙතක් දෙනවා එකට ටිකක් මුත්‍රා පිට වෙයි බයවෙන්න එපා.
මිස් මෙයාට අයි වී ලැසික්ස් ( lasix) දෙන්න.
අපි ඔයාගෙ අතින් පරික්ෂණයකට ලේ ගන්නවා එක බලලා අපිට ඔයාගෙ ප්‍රතිකාර ඉක්මන් කරන්න පුළුවන්
එහේම පැවසු වෛද්‍යවරයා දකුණු අතෙ ඇතුල් පැත්තෙ මැණික් කටුවට කෙලින් දියවැඩියා රෝගින්ට ඉන්සියුලින් විදිමට භාවිතා කර එන්නත් කටුවකින් (1cc syringer) අ‍තෙ ගැඹුරු ට විද්දා අම්මෝ එක නම් හොඳටම රිදුනා එහේම විදලා ලේ අරගෙන අයිස් සිහිත බන්දේසියක් තබා හෙද සහායෙකයෙක් අතෙ යැවුවා ඔහු එය රැගෙන දිව යනවා මට පෙනුනා.
ඉන්පසු හෙද සොයුරියක් පැමිණ අතට කටුවක් දමන ගමන් එන්නත් කටුවලට ලේ ගත්තා සෙලයින් බෝතලයකට යමක් විද එය අතෙ ඇති කටුවට සම්බන්ධ කළා.
මෙ කටයුතු අතරතුර මගෙ රුධිරය සහිත එන්නත් කටුව රැගෙන ගිය හෙද සහායකයා ඉක්මන් ගමනින් ආවා.ඔහු වෛද්‍යවරයා අතට කුඩා කොල කැබැල්ලක් ලබා දුන්නා .එම කොල කැබැල්ල දුටු වෛද්‍යවරයා නළල රැලි ගන්වා මා දෙස බලා මගෙ ලගට ආවා.
ඔයාගෙ මෙ බලපු රිපොට් එක එක ටිකක් හොඳ නැහැ අපි තව පරික්ෂණ ටිකක් කරනවා එකත් බලලා මොකක්ද කරන්න පුළුවන් බලමු.
මම දැන් ලොකු මහාත්මයා ට කතාකරනවා සර් කිවුවොත් ඔයාගෙ බෙල්ලෙන් බටයක් දාලා ලේ පිරිසිදු කරන්න වෙනවා.ඔයා එකට කැමැති වෙන්න ඔනෙ නැත්නම් අපිට ඒක කරන්න බැහැ
හිතට ලොකු බයක් දැනුනත් ශබ්ද නැතිව හිටියා .
බෙහෙත් වල සැරටද, බයටද,,තෙහෙට්ටුවටද මන්දා ටික වෙලාවකින් හොඳටම නින්ද ගියා
කගේදෝ ශීතල අතක පහාසකින් ඇස් ඇර බලද්දී මගෙ බිරිද ඇස් දෙකෙ කදුළු පුරවාගෙන මාදෙස බලා සිටින ආකරයට මගෙ හදවත නැවතුනා ඇය ගෙ ඉදිමිලා තිබුන ඇස් පැවසුවෙ පෙරදිනයේ ඇය කිසිදු නින්දක් නොලබා ඇති බවයි, කවදාවත් එ ඇස්වල කදුළු දකින්න මම කැමැති නැහැ .ඇය කොතෙක් උත්සහා කලත් යලි යලිත් එ ඇසවල කදුළු ආවා මට නොදැනීම මගෙ කම්මුල් දිගෙ කදුළු ගලනවා මට දැනුනා.
අඩන්න එපා මගෙ අයියේ ඔයාට ඉක්මනින්ම හොඳ වෙයි මොනදෙ මොන විදිහට උනත් මම ඔයාලඟ ඉන්නවා .
ඉතිං සුදු නෝනා ඔයත් අඩනවනෙ .ඔයා දන්නවානෙ මම ඔය ඇස්වල කදුළු දකින්න කැමැති නැහැ කියලා.
හරි හරි දැන් මේ තේ එක බොන්න .
මුළු රෑම කුසටආහාරයක් නැති නිසා තේ එක සම්පුර්ණයෙන ම බීමෙ අවශ්‍යතාවයක් තිබුනත් ඇය වෙනුවෙන් භාගයක් ඉතුරු කළා.
මට ඇති ඉතුරු ටික ඔයා බොන්න .
මෙන්න මේක ඔක්කෝම බොන්න අයියේ
මට ඇති හොඳටම ඇති බොන්න බැහැ ඔයා බොන්න ඊයේ රෑ ඉදලා කාලත් නැහැ නෙ.
මං නෙවෙයි අයියේ ඔයයි කාලා නැත්තෙ
හරි හරි ඔයා බොන්නකො.
ඇය තේ එක පානය කර මා දිහා බැලුවා.මෙතෙක් වෙලාව හිතෙ හිරකරගෙන ප්‍රශ්නය එක සැරෙ කටෙන් පැන්නා
''මම මැරෙයිද සුදු නෝනා''
නැහැ මගෙ අයියේ කවදාවත් එහේම වෙන්නෙ නැහැ බයවෙන්න එපා ඔයාට උවමනා උනොත් මගෙ වකුගඩුවක් හරි දීලා මම ඔයාව බේරගන්නවා.ඔයාට කවදාවත් එහේම වෙන්නෙ නැහැ ඔයා හොඳ කෙනෙක් ඔයා හැමෝටම හොඳ කරන කෙනෙක් කවදාවත් ඔයාට කිසිම දෙයක් වෙන්නෙ නැහැ .හැමදාම මම ඔයත් එක්ක ඉන්නවා.
සියලු දෙ පසෙක සිට බලාසිටි අක්කා මං ලගට අවා .තේ කෝප්පය හෝදන්න බිරිද ගිය ගමන් අක්කා මට කතාකරලා.
මේ කෙල්ල ඊයේ මුළු රෑම නැගිටලා හිටියේ මොකුත් කෑවෙත් නැහැ .මං කිවුවා අද වැඩට යන්න එපා කියලා.දැන් ගෙදර ගිහින් ඇඳුම් ගෙනත් අපෙ ගෙදර ඉන්න කිවුවා .උඹ කිසි දේකට බයවෙන්න එපා මං කරන්න පුළුවන් ඔන දෙයක් කරනවා.උඹ තමයි මගෙ ලොකු පුතා.
අක්කාගෙ ඇස්වලත් කදුළු .අපෙ පවුලෙ පිරමි පහයි එක කෙල්ලයි අක්කා අපෙ පවුලෙ තුන්වෙනියා.මම හයවෙනියා නොහොත් පවුලෙ බාලයා හෙවත් බඩ පිස්සා.මම උපදිනකොටම තාත්තා නැතිවයි උපදින්නෙ.මෙ නිසා අම්මා රැකියාවකට ගිය නිසා අක්කා තමයි මගෙ කිරි අම්මා වුනෙ.
අක්කා ගැන වෙනම ලියන්නම් එ ගැන පොතක් උනත් ලියන්න පුළුවන් .වෙනම දවසක එ ගැන ලියන්නම්.
හරි අක්කෙ එයාව පරිස්සමෙන් එකගෙන යන්න .එයා දුක්විඳලා පුරුදු කෙනෙක් නොවෙයි එයාට මේව දරන්න බැහැ .
මගෙ මුහුණ ඇගපත සෝදලා බිරිදයි අක්කයි පිටත් උනා .එ වෙලාවෙ ඉඳලා ඉතිං ඇනුම් බැනුම් වලින් අඩුවක් නැහැ ..
ඉන්පසු ප්‍රදාන වෛද්‍යවරයා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක් මගෙ ඇඳ ළගට අවා .මගෙ රෝග විස්තර අහලා බෙල්ලෙ දකුණු පස ඇදලා බලලා .ඉතිං බැනුම් තමයි.
ඇයි ඔයා මාස 6 ආවෙ නැත්තෙ ඔයා දිගටම සායන වලට එන්න එපැයි දැන් අපිට කරන්න දෙයක් නැහැ .ඔයලා වගෙ රෝගීන් අනිවාර්යයෙන්ම සායන වලට සහාභාගි විය යුතුමයි .එහේම ඔයා අවානම් ඔයාගෙ රෝගය වැඩිවන විදිහ අනුව අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් .දැන් ඉතිං මොනවද කරන්න ද පුළුවන් දෙයක් කරලා බලමු.කොහෝමත් තව දවසක් දෙකක් බලලා අපි ඔයාගෙ රුධිරය පිරිසිදු කරනවා.අපෙ මෙ බෙහෙත් වලට අඩුවෙයිද කියලා ඉසෙල්ලා බලමු.
මෙ විදිහට x රේ ,ස්කෑන් ,රුධිර පරික්ෂණ ,ආදිය සහිතව දින දෙකක් ගෙවි ගියා පාසලෙ අයට මගෙ තත්ත්වය ආරංචි වෙලා දුක සැප බලන්න බොහො දෙනා පැමිණියා එක හිතට ලොකු හයියක් ..
තුන්වෙනි දවසෙ උදෙ ටිකට් එකෙ තිබෙන් රිපෝට් බැලුවා.ක්‍රියැටිනීන් 10 (1000) වැඩිවෙලා තිබුනා මම දැනගත්තා අද නම් ඩයලසිස් නැත්නම් රුධිර කාන්දුකරණය හෙවත් ඩයලසිස් (Diayalsis ) කරනවාමයි.
කියලා උදෑසන බිරිඳ ට තත්ත්වය මමම පැහැදිලි කළා.
මෙ අතර බිරිදත් ගෙදර අයත් නුවර වෛද්‍යවරුන් සොයා බිරිද ගෙ පියා පිටත් කරන්න තීරණය කරලා .පවුලෙ අය මට කිවුවා කිසිම විදිහකට බෙල්ල හිල් කරලා බට දාන්න දෙන්න එපා කියලා.
උදෙ වෛද්‍යවරුන් ඇවිත් වර්තා බලලා මගෙ රුධිර ය පිරිසිදු කරන්න උවමනා නිසා එවාට කැමැති වෙන්න කිවුවා මම එක හෙලාම බැලුවා බැහැ කිවුවා .මගෙ අකමැත්තෙන් කරන්න බැරි නිසා යන්න ගියා.
දවල් ගෙදර කට්ටිය විස්තරය දැනගෙන කිසිම විදිහකට කැමැති වෙන්න එපා කිවුවා.එත් හවස දෙක විතර වනවිට හොඳටම හුස්ම ගන්න අමාරු උනා.වෛද්‍යවරුන් මගෙ ඇඳ වටෙ පිරුණා.
මිස්ටර් ප්‍රනාන්දු දැන් ඔයාට ගොඩක් අමාරුයි
මෙක රුධිර පිරිසිදු කිරීම තමයි ඔයාට හොද ඔයාගෙ පොටෑසියම් ,ක්‍රියැටිනීන් හොඳටම වැඩියි අපෙ මෙ වෙලාවෙ මේක නොකොලොත් ඔයාගෙ ජිවිතෙට අවදානම් ඔයා කැමැති උනත් නැති උනත් දැන් අපිට මේක කරන්න වෙන්වා.
අනෙ ඩොක්ටර් මගෙ wife එනකම් ඉන්න .
අපිට එච්චර වෙලා නැහැ ඔයා අත්සන් කරන්න.
මම ගෙදරට call එකක් ගන්නද ?
දැන් එවාට වෙලා නැහැ .ඔය ඉක්මනට මෙතන අතසන් කරන්න.
මගෙ කැමැත්ත ප්‍රකාශ කරලා අතසන් කළා.
බෙල්ලට බට දාපු විදිහ පළමු ඩයලසිස් අත්දැකීම් තව දවසක ලියන්නම් .


No comments:

Post a Comment