2019/11/09

මිස්ලා නිදියන්නේ නැද්ද දැන් ගොඩක් රෑ වෙලා



මගේ කතාව දාහතර වෙනි කොටස අද ආරම්භ කරන්න යන්නේ

ගියවර ලිපියෙන් මං අවසානයේදී කතා කරා වකුගඩු ඉවත් කිරීමට කැමැත්ත ප්‍රකාශ කරලා ලිපිය ලියන තැනට අද එතැන් සිට .

ලිපිනය අවසානයට තිබුණු මෙම ශල්‍යකර්මය කරනු ලබන්නේ ඒ සඳහාම පුහුණුව නො ලත් වලත් වෛද්‍යවරයෙක් යන එක දැකල තිබුනේ මගේ බිරිඳ එයා තමයි මට කිව්වේ අයියා දැන් ඔපරේෂන් එකට ගියාට මෙන්න මෙහෙම එකක් තියෙනවා ඔයාට බය නැද්ද කියලා ඇහුවා .

ඊට පස්සේ මම කිව්වේ කොහොමත් මේ ඔපරේෂන් එක කරන්න ඕනේ කොළඹ අයත් අත ඇරපු එකේ අපි දැන් මේක කොහොමත් කරමු .ඔයා කිසි දේකට බය වෙන්න එපා මට මොකුත් වෙන්නේ නෑ ඔයා දන්නවනේ මං හරි ශක්තිමත් කියලා ඔයාගේ වාසනාවට හරි මගේ වාසනාවට හරි මේක හරි යන්න පුළුවන්. වැරදුණොත් අපි දෙන්නාගේම අවාසනාව .

ඔයා දැන් ගෙදර යන්න කිසි දේකට බය වෙන්න එපා හෙට උදේම ඔපරේෂන් එකට ගනියි ඔයා උදේම එන්න මට ඔයාගේ මුහුණ බලලා ඔපරේෂන් එකට යන්න ඔනේ.

හරි අයියේ බුදු සරණයි පරිස්සමෙන් ඉන්න හවසට අක්කා එයි කෑම මොනා හරි අරන් එ රෑට මුකුත් කන්න එපා කියලනේ කිව්වෙ පරිස්සමින් ඉන්න බුදුසරණයි .

ඔයා පරිස්සමෙන් ගෙදර ගිහිල්ලා මට කෝල් එකක් ගන්න පරිස්සමෙන් යන්න නෝනා බුදු සරණයි

බිරිඳ ගියාට පස්සේ බයක් තිබුණෙ නැහැ කිව්වොත් ඒක බොරුවක් ටිකක් හිතේ බයක්තිබුණා ඒත් සූදානම් වුණා කොයි දේ වුණත් මුහුණ දෙන්න ඕනේ නෙ.

හවස අක්කා ඇවිත් ගිය ඉන්පසු රෑ මට කතා කරලා ඇඟ හෝදගෙන එන්න කියලා මුළු ඇඟේම රෝම රේසරයකින් ඉවත් කළා හරියට ඒ වෙලාවෙ නං දැනුනේ ඇඟ හම ගහපු තම්බපු ඉස්සෙක් වගේ

පහුවදා උදේම මාව අවදි කරලා කරලා සුදු ඇදුම් අන්දවා ශල්‍යාගාරයට ගෙන යාමට ලෑස්ති කළා .ශල්‍යාගාරය තිබුණේ පහත මාලයේ තියටර්,C එකට තමයි මාව එක්කන් ගියේ උදේම බිරිඳ ,අක්කා, අයියා ඇවිල්ලා හිටියා .

මේ අතර මේ අතරතුර පාසලේ මගේ මිතුරා chamaru pathirana කතා කරල ඇහුවා නතරවෙන්න කොල්ලෙක් ලග තියෙන්න ඕනෙ නේද කියලා .මං ඔපරේෂන් කරලා දැඩි සත්කාර ඒකකයට දාන නිසා කවුරුත් ඕනෙ නෑ නමුත් එතනින් වාට්ටුවට දැම්මම ඕනේ වෙයි කියලා එයා කිව්වා.ඒව ලෑස්ති කරල තියෙන්නෙ කිසිදේකට බය වෙන්න එපා ඔපරේෂන් එකට මුහුණ දෙන්න කියලා චමරු සර් මට කිවුවා .

සියලු දෙනාම ශල්‍යගාරය ලග බලාගෙන ඉද්දි මාව ශල්‍යාගාරය ඇතුලට අරගෙන ගියා. ශල්‍යාගාරය තුළට අරගෙන ගිහිල්ලා සුදු ෂර්ට් එක ගැලෙව්වා. ගලවලා කොට්ටයක් මගේ අතට දීලා ඒක බදාගන්න කියලා .වාඩිකරවලා තියලා පිටකොන්ද පෙදෙස දියරයකින් සෝදා එන්නතක් දෙනවා මට දැනුනා. ඒක ටිකක් වේදනාවක් දැනුනා ඊට පස්සෙ මාවා නිදි කරවලා මගේ මගේ බෙල්ලට තව බටයක් දැම්මා .

ශල්‍යගාරයේ උන හොඳම සිද්ධිය නම් මුළු ශල්‍යාගාරයට ම හිටියෙ පිරිමි වෛද්‍යවරු දෙන්නයි සාහායක නර්ස්ලා දෙන්නත් කාන්තාවන්, සහයට හිටිය ඩොක්ටස්ලා දෙන්නනත් කානතාවන්, හෙද සහයක දෙන්නත් කාන්තාවන්. මාව නිදි කෙරුවට පස්සේ එක සැරේම සරම ඇදල ගත්තා.එක සැරේටම අත් දෙකෙන් වහාගත්තා ඇත්තටම නම් එවෙලේ පණ යන්න ලැජ්ජාවක් ඇති වුණා කෙසේ හෝ ඒ දොස්තර මහතයා මට කතා කරලා කියනවා.

හරි හරි ලැජ්ජ වෙන්න දෙයක් නෑ ඕව මේ අයට පුරුදු දෙයක් ඔයාගේ මේ ඔපරේෂන් එක කරාම ඔක්කොම නැතුව තමයි ඉන්න වෙන්නෙ .මෙවැනි පොඩි විහිළුවක් කරලා බය නෑ නේද කියලා ඇහුවා.

නෑ කිසිම බයක් නැහැ කියලා කිවුවා.
එහේනම් අපි සූදානම් දැන් වයස කියද,නම මොකක්ද අහලා මගේ මුහුණට මුහුනට මාස්ක් එකක් අල්ලලා.

ඕන්න දැන් ඔයාගේ අත සීතල වෙයි කියලා අතේ තිබුණු කටුව හරහා එන්නතක් ලබා දුන්නා ඒක දෙනගමන් මගේ නම මොකක්ද ගම කොහේද කියලා ඇහුවා විතරයි මතක මාව පාවෙනව වගේ දැනුනා .

සිහිය ආපු වෙලාව නම් දන්නෙ නෑ මම ඉන්නේ ට්‍රොලියක කියලා මට තේරුණා මං කෑගහලා ඇහුවා කෝ මගෙ බිරිඳ, කෝ මගෙ බිරිඳ ,එයාට එන්න කියන්න මට එයා බලන්න ඕනේ මට එයා බලන්න ඕනි කියලා මගේ බිරිඳට එන්න කියලා තිබ්බා මට මතක නෑ මං දැක්කද කියලා මම බිරිඳ කියලා කෑගහලා ඇහුවා විතරයි මතක.

ඊට පස්සේ මං ආයි නැගිටලා බලනකොට මං දැක්කා මගේ ඇඟ වටේ බට දාලා ඔක්සිජන් ,සේලයින්, ලේ දෙනවා මේ ඔක්කොම බලාගෙන මං හිමිට කතා කරන්න පුළුවන් වෙච්ච ගමන් මං එහෙම මේ කොහෙද ඉන්නෙ කියලා ඇහුවා.

මේ තියෙන්නෙ දැඩි දැඩිසත්කාර එකකය ඔයා ඉන්නෙ දැඩිසත්කාර එකකයේ කියලා ඉතාමත් ප්‍රියමනාප මිස් කෙනෙක් මට කතා කරලා කිව්වා.

මං ඇහුවා

වෙලාව කීයද මිස්

ඔයාට එක ප්‍රශ්නයක් නෑනේ . කියලා විහිළු කලා.

නැහැ මිස් කියන්නකො වෙලාව කීයද කියල

දැන් වෙලාව රෑ 1 යි

මිස්ලා නිදියන්නේ නැද්ද දැන් ගොඩක් රෑ වෙලා නෙ.

අපි නිදා ගත්තොත් හොඳට හිටියී අපි නිදාගත්තා ම කවුද ළමයො ඔයලාව බලන්නෙ.

ඉතින් මිස් දැන් ප්‍රශ්නයක් දැම්මට හොඳයි මිස් ගිහින් නිදාගන්න

ඔයා මාර කෙනෙක්නෙ ඔයාගෙ ලොකු කැපුමක් දාල තියෙන්නෙ ඔයාට වැඩිය කතාකරන්න හොඳ නැහැ . දැන් ඔයාට අපි බෙහෙත් දීල තියෙන්නෙ ඒකයි ඔයා නිදාගන්න
මොනවාහරි උවමනාවක් උනොත් කතාකරන්න .

හා හා මිස් කියලා විනාඩි දෙකක් යන්න හම්බුනේ නෑ මුළු උදරයම පුපුරන තරම් ලොකු වේදනාවක් ආවා මං හයියෙන් කෑ ගැහුවා.

මට ඉන්න බෑ, ඉන්න බෑ, මට හරිම අමාරුයි මාව මැරෙන්න වගේ එනවා .

බයවෙන්න එපා බයවෙන්න එපා ඔයාට ඔය වේදනාව තියෙන්නේ ඉන්න අපි තව බෙහෙතක් දෙන්නං එතකොට නින්ද යයි කෑ ගහන්න එපා .

මිස් මිස් මෙ මගේ ඇඟට මේ තෙත් ගතියක් වගේ දැනෙනවා නේ .

එහෙම කියපු ගමන් මිස් මගේ ඇඟ හරවලා බැලුවා .මිස්ගෙ මූණ අමුතු වුනා ඉක්මණට එහෙට මෙහෙට දුවල අනිත් මිස් ට කතා කලා කට්ටියම දුවලා ආවා.

ලොකු මිස් මෙයාගේ බ්ලීඩ් වෙනවා වගේ ඩොක්ට කෙනෙකුට කතා කරන්න වෙයි වගේ නේද එවලෙම එයාල ඩොක්ටර් කෙනෙකුට කතා කලා.

රෑට ඉන්න ඩොක්ටර් ඉක්මනට ඉක්මනට දුවගෙන ඇවිල්ලා මාව අනිත් පැත්ත හරවලා බැලුවා දාලා තිබුණු ප්ලාස්ටර් ඔක්කොම ගලවලා බලලා

එක මැහුමක් ගැලවිලා වගෙ එක මෙහෙම දාමු කියලා කිව්වා ඊට පස්සේ එහෙම මගේ ඔක්කෝම පාලාස්ටර් ගලවලා මැහුමක් දාලා නැවත අලුතෙන් ප්‍ලාස්ටර් දලා මගේ ඔලුව අතගාලා.

කිසි දේකට බය වෙන්න එපා මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න එනවා කියලා කිවුවා .

මං කිසි දේකට බය නෑ ඩොක්ටර් ඕන දෙයක් වෙන්නේ මිනිස්සුන්ට අපි බලමු දැන් මේක හොඳයිනේ ඔපරේෂන් එක සාර්ථකයි නේ.

ඔපරේෂන් එක නම් සාර්ථකයි නමුත් ඉතිං ඔයාට වකුගඩුවක් බද්ධ කරන්න එපෑ ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න නම්.මේකෙන් අපි කලේ ඔයාගෙ වකුගඩුව ඉවත් කරපු එක විතරනේ දැන් නිදා ගන්න මේ නිසා ඔයාට ඉන්ජෙක්ෂන් එකක් දෙයි.

එන්න බැරි වේදනාවක් ආවා. බෙල්ලට දාලා තිබුණු බට වලින් ඉන්ජෙක්ෂන් එකක් දෙනවා මට දැනුනා එ එක්කම ආයෙ නින්ද ගියා.

උදේ ඇහැරුනේ මාව බලාගත්තු නර්ස් ගේ හඬින්

මේ අවස්ථාවේ අවස්ථාවක් කරගන්නවා මම සිටි කළුබෝවිල දැඩි දැඩි සත්කාර ඒකකයෙ රෝගී සත්කාර සේවාව ගැන යමක් ප්‍රකාශ කිරීමට .

මේ ඉන්නේ පොඩි මිස්ලා ඔවුන් මේ අපිව තමන්ගේම අම්මල තාත්තල සහෝදරයො වගේ තමයි බලා ගන්නේ .මට මතකයි මාව බලාගත්ත මිස් මාව අරගෙන එයාගෙ පපුවට තියාගෙන මගේ දත් මැදලා, මූණ කට සෝදා, ඇඳුම් සියල්ලම අයින් කරලා ,පවුඩර් දාලා වගේම ඕඩික්ලෝන් දාලා මාව පිරිසිදු කළා.

ගෙදර අය එනකොට පොඩි ළමයෙක් වගේ අපිව සූදානම් කරලා තියෙනවා . ඇත්තෙන්ම ඔවුන් මිහිපිට සිටින දෙවිවරුන්ම තමයි. ඇත්තටම එ ගැන කියන්න වචන නෑ ඔවුන්ගේ රෝගී සත්කාරය පිළිබඳ ,ඔවුන් කරන හෙද සේවය ,රෝගියෙකුට ඉතාමත්ම වටින බව නම් කිව යුතුමයි .

මොකද අපේ ජීවිතයේ අපි බය වෙලා අසරණ වෙලා ඉන්න වෙලාවේ ඔවුන් අපේ කැතකුණු අතගාලා අපිව තමන්ගේ කෙනෙක් හැටියට සලකලා.කරන අවංක සේවාව කරන්න පුළුවන් ඇත්තටම රෝගියකුට හදවතින්ම සත්කාර කරන හෙදියකට පමණයි. මම එනකොට ඒ අයට වැඳලා ආවේ එච්චරට ඒ අයගේ සේවය උතුම් .ඒ අයට මේ අවස්ථාවේදී මම පිං දෙනවා ඒ කරන සේවයට.

උදේ මාව අරගෙන මගේ දත් මැදලා මූණ හෝදලා තේ එක පවා පෙව්වේ මාව බලාගත්ත මිස්. ව උදේ බිරිඳ අක්කා කෑම එහෙම අරගෙන ආවා .

කෑම දෙන්න බැහැ කිවුවා ටිකක ලොකු corporation එකක් නිසා කෑම ටිකෙන් ටික හුරු කරන්න ඕනේලු මොකද බඩවැල් තාම කෑමට හුරු වෙලා නැති නිසා දී දියර ජාති වලින් බඩවැල් හුරු කරලා ඊට පස්සේ තමයි කෑම දෙන්න ඕනේ කියලා ඔවුන් ප්‍රකාශ කළේ .මට දියර ජාති පමණයි බොන්න දුන්නේ.

මගේ ඇඳෙන් එහා පැත්තෙ තව ඇඳන් දෙක දෙක තිබුණා එකක සීය කෙනෙක් හිටියේ දෙවැනි දවසේ බිරිඳ ඇවිල්ලා ඉන්නකොට මේ සීයට ගොඩක් අමාරු උනා. මිස්ලා හදිස්සියට මගේ ආම්පන්න තමයි අර සීයට ගහලා සීයව බේරගන්න බැලුවෙ කොච්චර උත්සහා කලත් සීයව බේරගන්න බැරි වුණා සීය මැරුණට පස්සෙ නම් චුට්ටක් බය වුණා ඇයි සීයාගෙ ගේ මිනිය ගෙනියනකම් මගේ ළඟ තමයි තියල තිබ්බෙ .

ඊට පස්සේ වෛද්‍යතුමා ඇවිල්ල මාව බැලුවා .ඔපරේෂන් එක ගැන කිසිදේකට බය වෙන්න දෙයක් නැහැ කිව්වා . ඒ කාලේ කාලේ A1 වන්,H 1වන් රෝගීන් හිටියා. ඒක නිසා icu එකේ වැඩි දවසක් තියන්න බෑ කියලා. කොහොමහරි දවස් හතරක් තියලා මාව නැවතත් වාට්ටුවට ගත්තා.

වාට්ටුවට ගෙනාවට පස්සෙ පළවෙනි දිනය මං ලග ඉන්න ආවේ චමෝද් පුතා .අදටත් මගේ ආදරණීයම කොල්ලා මල් ළඟ ඉන්න කෙනා තමයි චමෝද් .ඒවගේම මෙ සමකාලීන පන්තියේ හිටපු ප්‍රසාද් ,දුලාජ් ,චතුරංග,තාරක(චොප්පෙ ), මිලාන්.(ටේලා) සුපුන්,කුමෙෂ් ,ජිරුක්ෂ (ලෙමන්)

මේ කට්ටිය හැමදාම මාත් එක්ක මේ රෝගය හැදිච්ච දවසේ ඉඳන් අද වනතුරු ඉතාමත්ම නොවෙනස්ව ඉන්නවා

චමෝද් ඇවිත් ඔලුව අතගාද්දි මට නින්ද ගියා රෑ 12:00 විතර හැරිලා බලනකොට කොල්ලා මගෙ ඔලුව අතගානව .ආයි මම නිදා ගත්තා තුනට විතර නැගිටල බලනකොටත් කොල්ලා මගේ ඔලුව අතගානවා .

ගුරුවරයෙක් හැටියට මට ලොකු සතුටක් ඇති වුණා මම දරුවන්ට යමක් කරලා තියනවා නේද කියලා එකා නිසා නේද මේ කොල්ලෝ මාව බලාගන්නනෙ කියලා.

පාසලට ඇවිල්ලා ටික කාලෙකින් දරුවෝ මේ විදිහට ඇවිල්ලා නිදිවරාගෙන මං වෙනුවෙන් ඉන්නේ මං යමක් කරලා තියෙන නිසා නේද කියලා හිතුනා .

ඇත්තටම ගුරුවරයෙක වීම ගැන මට මාර සතුටකට කරුණක් වුණා .මම මේ රෝගී තත්ත්වයට පත්වුවාට පසුව දරුවෝ දක්වන ආදරේ ,මගෙ ගුරුවරුන් දක්වන ආදරය, එතැනින් එහාට දෙමව්පියන් දක්වන ආදරේ. ඔවුන් මට කරන සැලකිලි .ඉතින් ඒවා හැමදේම ගන්න පුළුවන් වෙන්න නම් තමනුත් හොඳ ගුරුවරයෙක් වෙන්න ඕනේ .

තමන් කැප කිරීම් කරන්න ඕනේ ,තමන් දරුවන් වෙනුවෙන් යමක් කරන්න ඔනේ එහෙම කරන කෙනෙකුට විතරයි සමාජයෙන් ආදරය කරුණාව ගෞරවය ලැබෙන්නෙ.අපි සමාජයට දෙන දේ තමයි පෙරළා අපිට සමාජයෙන් ලැබෙන්නේ එක නිසා මේක බලන යම්කිසි කෙනෙක් ඉන්නවනම් එ අයට මම කියන්නෙ ඔබ යමක් කරනවා නම් එ දේ අවංකවම කරන්න ඒ අවංකවම කරන දේට ප්‍රතිඵල ඔබට අවංකවම ලැබෙනවා ඒවා කිසි කෙනෙකුට වළක්වන්නබැහැ

අමාරුවෙන් ලොකු වේදනාවකින් මම කළුබෝවිල රෝහලේ හිටියා . හරියටම ඔපරේෂන් එක කළේ 2010 ජනවාරි 7 වනදා

ඔපරේෂන් එකෙන්දවස් දහායකට විතර පස්සෙ සවසක මම ගෙදර ආවා වකුගඩු ඉවත් ඉවත්කිරීමේ ශල්‍යකර්මය ට පසු ව මාව එක්කගෙන යන්න ආවේ නිශානි දසනායක ගුරුතුමිය .එ තුමියා තමයි මගේ ජීවිතය ගොඩක් අවස්ථාවල මගේ ගැලවුම්කරුවා උනේ ඉතින් එතුමියයටත් මේ අවස්ථාවේදී ස්තුති කරනවා එතුමිය සහා මහත්මයා ඇවිත් මාව එක්කගෙන ගියා.

වකුගඩු ඉවත් ඉවත් කිරීමේ ශල්‍ය කර්මයෙන් පසු සෑහෙන කාලයක් ඇවිද්දෙ කොන්ද කුදු කරගෙන මොකද කෙලින් වෙනකොට බඩෙන් ලොකු වේදදනාවක් ආවා එත් ටික ට්ක කෙලින් ඇවිදින්න පුරුදු වුණා.

දින විසි එකකට පසු මැහුම් කපන්න යන්න තිබ්බා .මැහුම් කපන්න මාව එක්කගන ගියේ නන්දලාල් කියලා අපේ හිටපු සර් කෙනෙක්. එයාගේ කාර් එකේ .

මැහුම් කපන්න ගියාට පස්සේ තමයි දැක්කෙ බඩේ අඟල් නමයක විතර ලොකු කැපුමක් ඒක හරියට නිකං හම ගහල වගේ ඇත්තටම මටම හිතාගන්න බැරි වුණා මේ වේදනාව මම කොහොමද දරාගත්තේ කියලා .ඔබට මේ ලිපියත් එක්ක මං දාල තියෙන ඡායාරූපය බලන්න මේ වගේ කැපුමක් ඔබට හිතාගන්න පුළුවන් වෙයිද කියලා ..

ඉන්පසු කාලයත් එක්ක මම මගේ වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයට උවමනා කරන පරීක්ෂණ කරගෙන ගියා හැමදාම මල්ලි කියපු වෙලාවටම ආවා. මල්ලිගෙ පරීක්ෂණ කරගෙන ගියා.

ජාතික රෝහලේ ඇන්ජියෝග්‍රෑම් එක කරන්න ඒ කාලේ වෙනකොට බෙහෙත් නැතිව තිබ්බා බෙහෙත් නැතුව තිබුන නිසා ඒක අපිට ප්‍රයිවට් උනා එක ප්‍රයිවට් කරන්න එ කාලේ හැටියට රුපියල් තිස්දාහක් විතර වියදම් .ඇත්තටම එක ලොකු වියදමක් නමුත් අපි ඉක්මනට ඒ දේවල් කලා මොකද අපිට ඔපරේෂන් එක කරන්න නම් ඒ දේවල් කරගන්න තිබ්බා

ඔපරේෂන් එකේපර්යේෂණ ඔක්කොම ඉවර වුණාට පස්සේ වෛද්‍යවරයෙක් කට්ටල දෙකකින් යුතු ලිපිවගයක් පිරෙවුවා එක නිල් පාට සහ කහ පාට කියලා ලිපි කට්ටල දෙකක්.

එකේ මල්ලිගෙ සියලුම වාර්තාවල ප්‍රතිඵලත් මගේ සියලුම වාර්තාවල ප්‍රතිඵලත් ඇතුලත් කරලා අපිව නැවත ශල්‍යකර්මය සිදු කරන වෛද්‍යවරුන් මුණ ගැසීමට යැව්වා.

No comments:

Post a Comment