2019/11/09

වකුගඩු සම්පුර්ණයෙන් ම අකර්මණ්‍ය වීමට ප්‍රථම රෝගයේ මුල් කාලේම ඇතිවන රෝග ලක්ෂණ




කොළඹ ජාතික රෝහලට ආවා.ඩයලසීස් මැෂින් එකෙ ඉන්න නිසා කෙටි විරාමයක් ලැබුනා එබැවින් මගෙ ජිවිතෙ තවත් සිදුවීමක් ලියන්න ඔනේ කියලා හිතුනා .
එ වගේම මේ කතාව තුල ඔබේ ජිවිතෙට යමක් එකතු කරගන්න හැකිවෙයි කියා විශ්වාස කරනවා.
පෙර ලිපියක මම ලිවුවා මුත්‍රා මාර්ගය හරහා ගිය විෂබීජයක් කාලයක් ඇග තුල තිබීම නිසාම වකුගඩු අකර්මණ්‍ය උනා කියලා.
එ බැවින් වකුගඩු සම්පුර්ණයෙන් ම අකර්මණ්‍ය වීමට ප්‍රථම රෝගයේ මුල් කාලේම ඇතිවන රෝග ලක්ෂණ ගැන ටිකක් කියන්න හිතුනා.
කලින් ලිපිය තුල කිවුවා සුනාමිය ට උදව් කරන්න් ගහිල්ලා ගිය විෂබීජය නිසා ජීවිතයත් මරණයත් අතර සටනක් කරලා දැඩ් සත්කාර එකකයේ ඉඳලා ටිකට් කපලා ගෙදර යනකොට වෛද්‍යවරුන් උපදෙස් ගොඩාක් ලබා දුන්නා.
වෛද්‍යවරුන් උපදෙස් ලබාදුන් ලෙසම නොවරදවාම මසකට වරක් හැම බදාදාම කළුබෝවල රෝහලේ මෞත්‍ර ලිංගික හෙවත් මුත්‍රා රෝග සම්බන්ධ සායනය එසේත් නැතිනම්,urology clinic එකට ආවා.වෛද්‍ය උපදෙස් අනුව බෙහෙත් හේත් නිසි වෙලාවට නිසි මාත්‍රාවට අනුව ගත්තා කාලය ඔය විදිහට මාස හතක් අටක් විතර ගියා දැන් මට දැනේනවා හොඳටම හොඳයී වගේ..
තවත් බදාදා දවසක් නියමිත පරිදි වෛද්‍ය වර්තා අරගෙන සායනයට පැමිණියා .නව වෛද්‍යවරයෙක් නව බලාපොරොත්තුවක් දෙමින් පැවසුවෙ මෙතුවක් කල් ඇසීමට බලාපොරොත්තුවෙන් සිටි සුවදායක පුවතක්.දැන් ඔයාට හොඳයී ආයි ඔයාට කැමැති දවසක එන්න.අවුරුදු 26/27 වයසෙ ඉන්න තරුණයෙකුට එ වගෙ වචනයක් කිවුවාම කොච්චර සතුද හිතන්නකෝ.මං විතරක් නොවෙයි මගෙ පෙම්වතියත් මාත් එක්ක හිටියා එයාටත් ගොඩාක් සතුටුයි.
ඊට පස්සෙ ආයි සායනයට යන්න හිතුවේ වත් නැහැ පස්සෙ අමතක උනොත් මෙතනදීම කියන්නම්.මම එහේම නොගියාට ඔබ යම් විදිහකින් මොනම හෝ සායනයකට යනවානම් ප්‍රධාන වෛද්‍ය වරයාගෙ අනුමැතියකින් තොරව කිසිම දෙයක් කරන්න එපා.අඩුම ගානෙ බෙහෙතක් වත් වෙනස් කරන්න එපා එයින් අවාසි වන්නෙ ඔබේ ජීවිතයටයි.
මේ විදිහට හරිම සතුටින් කාලය ගෙවිලා ගෙවිලා ගියා ඔය අතර තුර .මං හරිම ආසාවෙන් කරපු දෙයක් තමයි ලේ දන්දීම. කීසිම රෝගයක් නැහැ දැන් ඔයාට හොඳයී කීවාට පසුව දෙවරක් ලේ දුන්නා පහාලොස්වෙනි හා දහාසයවැනි වතාවට .
2006 දවසක උදේ මුත්‍රා කරන්න ගියාම මුත්‍රා වල පෙණ ගතියක් දැක්කා .නමුත් එක එච්චර දුරට හිතුවේ නැහැ .ඊට මාසයකට විතර පස්සේ උදේ නැගිටිනකොට කොන්ද රිදෙන්න ගත්තා මං හිතුවා ඇඳෙ මෙට්ටෙ අවුල් කියලා .ටික දවසක් බිම නිදාගත්තා,ඊඉට පස්සෙ කොන්දෙ අමාරුව හරි ගියා.
මේ අතර වේනදා තරම් වේගයෙන් මට වැඩ කරන්න බැහැ වගෙ දැනෙන්න ගත්තා.මං තරමක් අදි ක්‍රියාකාරී කෙනෙක්.ගෙදර අයට පෙම්වතිය ට එහේම එක කිවුවාම එ අය කිවුවේ ඇස්වහ කටවහ වෙන්න ඇති කියලා මගුල එහේම වෙන්නෙ කොහොමද මිනිහෙකුගෙන් තව මිනිහෙකුට ඇස්වහ කටවහ කියලා බලපෑමක් ඇති කරන්න පුළුවන් .
ඔහෝම පුංච් පුංච් දෙවල් උනාට එවා එච්චර හිතුවෙ නැහැ .නමුත් කවදාවත් පුංච්ම පුංච් දේවල් ගණන් නොගෙන ඉන්න එපා. මහ බරපතල දෙයක ආරම්භය . මේ පුංච් පුංච් දේවල් ගණන් නොගෙන ඉඳිම නිසා ඇති වෙන්න පුළුවන්.
2006 මං හිතන්නේ අගෝස්තු මාසයේ දවසක නුගෙගොඩ ආනන්ද සමරකෝන් රඟහල ඉදිපිට සිංහ සමාජ සාමාජිකයන් විසින් ලේ දන්දීමේ පිංකමක් සංවිධානය කරලා තිබුනා .මාත් ලේ දන්දීමට ගියා.ඉලුම්පත්‍ර පුරවා බර බලා .අයඩින් ද්‍රාවණයට රුධිර බිංදුව දමා මුලික සුදුසුකම් පරික්ෂා කිරිමෙන් අනතුරුව වෛද්‍ය තුමියක් ලගට දැම්මා.සමන්‍ය ලේ දන්දෙන කෙනෙකුගෙන් අසන ප්‍රශ්න සියල්ලම අහලා.ප්‍රෙෂර් මීටරයෙන් රුධිර පීඩනය හෙවත් ප්‍රෙෂර් එක බැලුව වරක්,දෙවරක් නොව තුන්වතාවක් ම බලලා ඇහුවා
ඔයා මීට ඉසෙල්ලා ලේ දිලා තියෙනවා ද .කී සැරයක්ද ඔයාට අධි රුධිර පීඩනය (ප්‍රෙෂර් එක) තියෙනවා ද ? .
මනැහැ ඩොක්ටර් කවදාවත් මට ප්‍රෙෂර් තිබිලා නැහැ මෙ දෙන්න ආවේ 17 වෙනි වතාවට මේ අවුරුද්දෙ මුලත් මම ලේ දුනන්නා
.හා හරි එහේනම් ලේ දෙන්න සමහර විට ඔයා ටිකක් ඇවිදලා ආපු නිසා වෙන්න ඇති.
ඇයි ඩොක්ටර් ප්‍රෙෂර් වැඩිද?
ඔව් සිස්ටෝලික්( systolic ) ටිකක් වැඩි
එ කිවුවෙ ඩොක්ටර්
.මෙහෙමයි අපි ඔයාලාගෙ ප්‍රෙෂර් එක බලද්දී ඔයාගෙ හදවතින් රුධිරය ගමන් කරන අකාර දෙකෙ අගය තමයි බලන්නෙ ඔයාගෙ හදවතෙ ඉඳලා ඇග පුරාම රුධිරය රැගෙන යෑම අපි කියනවා සිස්ටොලික් කියලා.මෙ සිස්ටොලික් මට්ටම ඇවිදින විටකදි බය උන විටකදි වැඩිවෙන්න පුළුවන් .දැන් ඔයාගෙ හදවතින් පොම්ප කරන්න රුධිර ය තමයි ඔයාගෙ ඇග හරහ ගමන් කරන්නෙ.මෙ පොම්ප කරන ක්‍රියාවලියේ දි හදවත යම් තැනකදි පොඩි විවේකයක් ගන්නවා එකට අපි කියනවා ඩයස්ටොලික්( Diastolic ) කියලා මේකට සම්මත අගයක් තියෙනවා කිසිම හේතුවක් නිසා එක වෙනස් වෙන්න බැහැ .සමන්‍ය පුද්ගලයෙක්ගෙ ප්‍රෙෂර් එක 120/80 අතර තියෙන්න ඔනේ .එ කියන්නෙ .සිස්ටෝලික් 120 /ඩයස්ටොලික් 80 .මේ දෙකෙ අඩු වැඩි වීම අනුව අපි තීරණය කරනව වැඩි හො අඩු රුධිර පීඩනය තියෙනවා ද කියලා.එ අනුව එ වැනි අය ඉක්මන් ප්‍රතිකාර සඳහ යොමු කරනවා.
මෙ ටික ඔයාට පැහැදිලි කලෙ ඔයා තරුණ ළමයෙක් වගේම 17 ලේ දන් දීලා මිනිස්සු ගෙ ජීවිත බේරගන්න වෙර දරන හින්දයි.කෝකටත් තව සතියකින් විතර ඔයා ප්‍රෙෂර් එක චෙක් කරන්න.එක ඔයාට හොඳයී දැන් ලේ දෙන්න.
හොඳයී ඩොක්ටර් බෝහෝම ස්තුතියි
එදා ඉතිං ලේ දිලා අවා තමයි ජිවිතෙ හරම අශාවෙන් කරගෙන ආවත් එ තමයි මගෙ ජිවිතෙ අවසාන ලේ පරිත්‍යාගය ..
කාලය මෙලෙස ගෙවිලා ගිහින් නව සිතුම් පැතුම් රැසක් පොදි බැඳි 2007 නව වසර උදාඋනා .මෙ කාලය තුල බස්නාහිර පලාත් ගුරු විභාගය ට ලෑස්ති උනා.එ වගේම මේ කාලයේ මගෙ පෙම්වතිය පෞද්ගලික මධ්‍ය ආයතනයක පුවත් සංස්කාරක වරියක් ලෙස රැකියවා කළා බොහො දුරට ඇයව නිවසට ඇරලවන්නෙ බගෙ යතුරු පැදියෙන්.මුල් කාලේ අපෙ ප්‍රේමයට ගෙදරින් කැමැති නැති උනත් .මේ කාලය වන විට අපෙ සම්බන්ධයට අවසර දීලා තිබුනේ.
මෙ එලෙස ඇයව රැගෙන එන්න ගිය තවත් එක දවසක්.
අයියේ හොඳටම බඩගිනි යි .කොත්තුවක් කාලා යමුද.
හා නෝනා
.
අයයේ බලාගෙන් බලාගෙන අම්මෝ ..අනුනවයෙන් බේරුනෙ මොකද අනෙ උනේ තව ඩිංගෙන් අර බස් එකෙ වදිනවා.මොකක් හරි ප්‍රශ්නයක් ද අයියේ.ඇයි බයික් එක නතර කලේ.
.ඇයි පුදුමයෙන් වගෙ මගෙ දිහා බලන් ඉදලා.
ඇයි අයියේ මේ ඇසුත් රතු වෙලා.
දෙවියනෙ වෙච්ච දෙ මෙයාට කොහොමද කියන්නෙ කියලා හිතට ධෛර්යය අරගෙන වෙච්ච දේ කිවුවා.
එක පාරටම ඔලුව කැරකිලා ඇස් පේන්නෙ නැතිව වගෙ ගියා ඔලුවේ පිට පස්සෙ ඉඳලා ඇග වටෙන්ම කලුවර වෙනවා වගේ දැනුනා.
මම හිතුවට වඩා මගෙ පෙම්වතිය යම් දැනුවත් බවකින් හිටියා සමහාර රෝග ගැන ක්ෂණිකව ඇය මට මෙහේම කිවුවා .
ඔක බලාගෙන ඉන්න එපා අපි ඩොක්ටර් කෙනෙක් හම්බවෙන්න යමු.අපෙ ඔෆිස් එකේ සුනෙත් කියලා අයියා කෙනෙක් ඉන්නවා එයාටත් ඔය විදිහටම වෙලා ගිහිං බලද්දී ප්‍රෙෂර් වැඩියිලු .එ අයියාට අවුරුදු 10 සීනී තිබිලා මොකුත් බලලම නැහැ .පරිස්සම් වෙලාත් නැහැ දැන් එයාට වකුගඩු අමාරුව ඔයාට එහේම වෙන්න විදිහක් නැහැ අපී කෝකටත් ඩොක්ටර් කෙනෙක් ලගට යමු..
නැහැ නැහැ ඔනේ නැහැ අපි කමුකො ඊට පස්සෙ ඔයාව ගෙදරට දාලා මම අපේ ගේ ගාව නන්දනි ඩොක්ටර්ට පෙන්නන්නම්.
මෙම්වතියට කෑම අරන් දීලා එයා නිවට ඇරලවලා ගෙවල් ලග වෛද්‍ය තුමිය මුණ් ගැහෙන්න ගියා.මගෙ රුධිර පීඩය මැනබැලු ඇය කවුවෙ ප්‍රෙෂර් එක 135/95 කියලා එ කියන්නෙ ප්‍රෙෂර් එක වැඩියි වහාම වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න කිවුවා.
ඇය ලියාදීපු තුංඩුවත් අතෙ තියාගෙන පෙම්වතියට කතාකරලා විස්තරේ කිවුවා.ඇය මට බයවෙන්න එපා කියලා පෝන් එක තිබ්බා කිසිම දෙයක් හිතාගන්න බැහැ අන්ත අසරණ බවක් දැනුණා නැවත පැයකින් විතර පෙම්වතිය කතාකලා .
අයියා මම ඩොක්ටර් කෙනෙක් චැනල් කලා ඩොක්ටර් චූලා හෙරත් කියලා ජයවර්ධනපුර හොස්පිට්ල් එකේ ඩොක්ටර් ගොඩාක් හොඳයි ලු එයා හවස හතරට ආශා සෙන්ට්‍රල් ඉන්නවා (දැන් යුද හමුදා රෝහල) ඔයාට මොනවා හරි රීපෝට් වගයක් ඔය ඩොක්ටර් ගන්න කිවුවද
ආ ඔව් ඔව් .එහේනම් දැම්ම ආසිරි හරි ඩර්ඩන්ස් ගිහිං ඔය ටික කරගන්න එතකොට හෙට උදේම ගන්න පුළුවන් .අක්කත් එක්ක යන්න.හරි නේද ආ මතක ඇතිව පරණ රිපෝට් අරගෙන යන්න පරිස්සමෙන් බුදුසරණයි .
බුදුසරණයි ....
Fbc
UfR
EGFR
SE
ලෙස ලියලා දීපු රිපෝට් ඔක්කෝම අරගෙන ගියාට පසු එවා සියල්ල ඉතා උවමනාවෙන් බැලු වෛද්‍ය චූලා හේරත් .
.
මොකද,ඔයා ජිවිතෙට ආස නැද්ද
ඇයි ඩොක්ටර්
ඔයාට කවුද කිවුවේ අර විෂබීජය ට ගත්ත බෙහෙත් නතර කරන්න අඩුම ගානෙ ඔයා තව මාස හයක්වත් එවා බිවුවා නම් මෙහේම වෙන්නෙ නැහැ ..
ඇයි ඩොක්ටර් මොකක්හරි ප්‍රශ්නයක් ද
.
ඔයාගෙ ටිකක් ප්‍රෝටීන් යනාවා වැඩියි
ක්‍රියැටිනීන් නුත් ටිකක් වැඩියි.
Wbc ත් වැඩියි එ කියන්නෙ විෂබීජය තාමත් ඇගෙ තියෙනවා මුත්‍රා වලත් විෂබීජ තියෙනවා ඔයාට මුත්‍රා කරදිදි පොඩි දැවිලක් ආවෙ නැද්ද .මුත්‍රා වලා පැහය වෙනස් වීමක් පෙණ ගතියක් දැක්කෙ නැද්ද
පෙණ ගතියකින් මුත්‍රා යනවා කියන්නෙ .මුත්‍රා එක්ක ප්‍රෝටීන් යනව කියන එකයි .රෙඩ් සෙල්ස් ප්ලස්,ප්ලස් සෙල්ස් වැඩ්යි.එතකොට මුත්‍රා වල පොඩ් දැවිලක් එන්න ඔනේ කොන්ද එහේම රිදෙනවද.
ඔව් ඩොක්ටර්
සමහර විට මුත්‍රා ගල් තිබුනාමත් මෙහේම වෙනවා.කෝකට මගෙ මම ලිපියක් දෙන්නම් එක අරන් ඇවිත් හෙටම ජයවර්ධනපුර රෝහලේ 7 වාට්ටුවෙ නතර වෙන්න අපි පරික්ෂණ ටිකක් තියෙනවා කරලා බලමු.
අනේ දොස්තර මහාත්තයෝ මගෙ මල්ලිට මුකුත් කරදරයක් වෙන එකක් නැහැ නෙද කියලා අක්කා ඇහුවා අම්මා වැඩට යන කවදත් මාව බලගත්තෙ මගෙ රත්තරං අක්කා අදටත් මාව බලගන්න නොසැලෙන ශක්තිය මගෙ අක්කා.එයා ගැන වෙනම දවසක ලියන්නම් ගොඩාක් දෙ තියනවා..
තනි අතින් ලියන අමාරුයි අතත් රිදෙනවා.ඩයලසිස් එකෙ පැය හතරත් ඉවර වෙන්න ලගයි....
ජයවර්ධනපුර නතර වෙලා කරපු පරික්ෂණ හා සිදුවීම් තවත් ඩයලසිස් එකක් කරන දවසක ලියන්නම්


No comments:

Post a Comment