2019/11/09

අද කල යුතු දෙ අදම කරන්න

"නොහැක්කක් නොමැත" කොමාන්ඩෝ රෙජිමේන්තුවේ ආදර්ශ පාඨය .මේක තමයි මගෙ ජිවිතෙත් ආදර්ශ පාඨය.

ජිවිතෙ තවත් එක කඩ ඉමක ආරම්භය සනිටුහන් කරමින් විදුහල්පති විභාගය සමත් වීමෙන් පසුව ලැබීමට නියමිතව තිබු පත්වීමෙ ලිපිය තැපෑලෙන් අද ලැබුනා. ලබන මස දෙවෙනිදා සිට උදෙ 8.30 ඉඳන් සවස4.30 වෙනකන් සති හයක පුහුණු වීම් කාලයක් තියෙනවා

ප්‍රශ්නය ඩයලසිස් වලට එන්නෙ කොහොමද කියන එක ඩයලසිස් එකෙ මිස්ලට කතා කරල කිවුවා විතරයි මිස්ලා කිවුවෙ එක දෙයයි.

මිස්ටර් ඩබ්ලිව් අයි එම් ඔයා පරක්කු වෙලා හරි කමක් නැහැ එන්න අපි කීයට හරි ඩයලසීස් එක කරලා දෙන්නම් ඔයා මේ අවස්ථාව අතහරින්න එපා කියලයි.

කවදත් මනුෂත් කමින් පිරි හදවත් ඇති කොළඹ ජාතික රෝහලේ ඩයලසිස් යුනිට් එකෙ සියලුම කාර්යය මංඩලයට හදවතින්ම ස්තුතියි සියලුම සත්කාරයන් ට වගේම ඔබෙ නිම නොවන මනුෂ්‍ය කමට.

මම ගුරු සේවයට ඇතුලත් උනේ ජිවිතෙ හැමදාමත් ගුරුවරයෙක් හැටියටම ඉන්නාවා කියන බලාපොරොත්තුව ඇතිවයි කවදාවත් ඉහිලට යාමෙ උවමනාවක් තිබුනේ නැහැ .

නමුත් මේ රෝගය හැදුනට පස්සෙ මම දැක්කා වකුගඩු රෝගින් බොහෝ දෙනා තමන් කල රැකියා වලින් ඉවත්වෙලා හුදකලා ජිවිතයක් ගත කරනවා.මට මේ තත්ත්වය වෙනස් කරන්න උවමනා උනා.මෙ තුලින් අනිත් අයට ජිවිතෙ ඉදිරියට යනහැටි පෙන්වන්න උවමනා උනා.

එ අනුව මුලින්ම කලේ මම 2010 ලියාපදිංචි වෙලා අතහැර දමා තිබු පෂ්චාත් උපාධ් අධ්‍යපන ඩිප්ලෝමා පාඨමාලාව නැවත කරන්න පුළුවන් දැයි සොයා බැලිමයි.

එසේ සොයා බැලීම සඳහා කොළඹ විශ්වවිද්‍යාලයයේ අධ්‍යාපන පීඨය ට ගියා.මගෙ ඇත්තම තත්ත්වය මම පැහැදිලි කලාම .විශ්වවිද්‍යාලයෙන් මට පෂ්චාත් උපාධ් අධ්‍යපන ඩිප්ලෝමාපාඨමාලාව කරන්න අවසර දුන්නා .

ඊට පසු නොයෙක් ප්‍රශ්න ,බාදක, ශල්‍යකර්ම මැද සියලුම දේශන වලට සහභාගි උනා.එක දෙයල් කිව යුතුයි මෙ කිසි දෙයක් කරන්න මට බැහැ මගෙ පාසලෙ ගුරුවරයෙක් වන එම්.එච්.එන් සංජීව සර් නැත්නම් .හැමදාම එයාගෙ බයික් එකෙ තමයි මාව එක්කගෙන ගියේ ආවෙ.මෙ පිළිබඳව සවිස්තරව ඉදිරියට ලියන්නම්.එ වගේම සති අන්තයේ යන පංතිවල හිලවුවට කවදාවත් නිවාඩු ගත්තෙ ත් නැහැ

සියලුම දෙ හොදින් සිදු උනත් විභාගය කිට්ටුව මට ලේ වමනෙ යන්න ගත්තා කල්පනාව පවා ටිකක් අඩු උනා ව්භාගය ට තිබුනෙ දවස් පහාක් වගෙ.ටිකක් රෝගය හොඳ අතට හැරුනා විභාගය ට,දවස් දෙකක් තියෙද්දි මම වෛද්‍යවරුන් ට කතාකරලා කිවුවා මගෙ විභාගය තියෙනවා එක ලියන්න ඔනෙ කියලා එයලා මගෙන් ඇහුවා පිස්සු ද කියලා.

කවදත් මම ටිකක් අකීකරුයි කරන්න උවමනා දේ කොහොම හරි කරනවා.මං ටිකක් දඩබ්බර වෙලා වෛද්‍යවරුන් ට කිවුවා.මට විභාගය ලියන්න,දුන්නෙ නැත්නම් බිල්ඩිමෙන් බිමට පනිනවා කියලා.වාට්ටුව තිබුනෙ හතරවෙනි තට්ටුවෙ .වෛද්‍යවරුන් කිවුවා ඊලග සැරෙ කරන්න කියලා.මම කිවුවා එහේම උනොත් තව අවුරුදු දෙකක් යනවා මට බැහැ .අනික විභාග ශාලාව තියෙන්නේ හොස්පිට්ල් එක ඉස්සරහම ඉස්කොලේ නිසා විභාගය ඉවර උන ගමන් ආයි වාට්ටුවට ඇතුල්වෙන්න පුළුවන් නිසා විභාගය තියෙන දවස්වලට එ වෙලාවට විතරක් ටිකට් කපන්න කිවුවා.

මගෙ පෙරැත්ත කිරීම නිසාම වෛද්‍යවරුන් කැමැති වුනා වෛද්‍යවරයෙක් සමග මාව යවන්න කොහොම හරි පලවෙනි දවසෙ සේලයින් එක්ක ගිහින් විභාග ශාලාව ලගදි එවා ගලවලා කැනුයුලා ව පිටින් ගිහින් විභාගය ලියන්න වාඩි උනා.

එත් ලියන්න බැහැ අත වෙවිලනවා කරුණු මතකයට එන්නෙත් නැහැ කොහොම හරි ගලපලා හැම ප්‍රශ්නයකට පිළිතුරු ලිවුවා.අන්තිම දවස් වෙනකොට හොඳටම හොඳ වෙලා හිටියා එච්චර අමාරුවෙන් ලියපු ව්භාගයේ ප්‍රතිපල අනුව මම හොඳටම සමත් විෂයන් නවයෙන්
විෂයන් හතකට B ,සමාර්ථ ද
එක විෂයකට C ,සමාර්ථ ද
ප්‍රායෝගික ඉගැන්වීම් වලට A සමාර්ථ යක් ද තිබුනා.(A.1 , B.7 C.1)

මොනදෙ උනත් ගුරුවරයෙක් හැටියට මට වටින්නෙ ප්‍රායෝගික ඉගැන්වීම් වලට A තියෙන එකයි.

මං හිතන්නේ මෙවැනි දරුණු ලෙඩක් තියාගෙන පෂ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාපාඨමාලාවක් කරපු ලංකාවෙ එකම පුද්ගලයා මම වෙන්න ඇති.

මේක බලන සමහර අය බනියි අකිකරු වෙලා ජිවිතෙ ට මොනවාහරි උනානම් කියලා නමුත් එදා,එහේම ලියන්නෙ නැතිව හිටියනම් අද මට විදුහල්පති විභාගය අහිමි වෙනවා.අපිට පස්සෙ කරපු කන්ඩායමෙ ප්‍රතිපල තවම නැහැ .

විදුහල්පති ව්භාගය මෙවර ලියන්න පෂ්චාත් උපාධ් අධ්‍යපන ඩිප්ලෝමාපාඨමාලාව අනිවාර්යයෙන්ම කරලා පාස්වෙල තිබිය යුතුයි

මම විභාගය පාස්වෙලා මගෙ දරුන්ට කිවුවා මෙච්චර ලෙඩින් ඉන්න මට පුළුවන් නම් විභාග ලියලා පාස් වෙන්න ඇයි පුතෙ උඹලා ට බැරි උඹලට බැරි උඹලා උත්සහා කරන්නෙ නැහැ .

මම දන්නෙ නැහැ මම අද මැරෙයි ද හෙට මැරෙයිද කියලා හැබැයි මැරෙන බව දැනගෙන ජිවත් වෙනවා.අනෙකාට කපලා,අනෙකට ඊර්ෂ්‍යා කරලා කිසිම ගමනක් යන්න මට බැහැ මම එහේම යන්න බයයි.මොකද මැරෙන මොහොතේ ඔවා මතක් උනොත් මගෙ මරනයටවත් සැනසීමක් නැති වෙයි.

එක නිසා මම ආස මගෙ මරනය අනෙක් අයට ආදර්ශයක් වෙනවටයි.මෙ රෝගයෙන් බැටකන ලෙඩෙක් හිතුවොත් අර ඉන්දුක කියන මනුෂ්‍ය අච්චර ප්‍රශ්න ගොඩාක් තියාගෙන ජිවිතෙ හැම අභියෝගයක් ම හිනාවෙලා දරාගෙන එවාට මුහුණ දුන්නම් අපිට ඇයි බැරි කියලා අන්න එක තමයි මගෙ පරමාර්ථය .

මේ උසස් වීම් කියන එවා මනුෂ්‍යයන්ට තාවකාලිකව ලැබෙන කුඩා ආසවාදයක් පමණයි එ දෙවල් වලින් තමාව මතක් හිටින එලදායි සේවයක් සමජයට කළ යුතුයි .

මෙ ලබාගත් දෙයින් තවත් කෙනෙකුට දිරිය ශක්තිය වන එක තමයි මගෙ බලාපොරොත්තුව තවත් දෙයක් මාරී කියුරි ගෙ කියමනක් මතක් වෙනවා එනම් "අද කල යුතු දෙ අදම කරන්න" අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට කරලා නිවැරැදි වෙලාවෙ නිවැරැදි තින්දුව ගත්ත නිසා තමයි අදටත් මම ජිවත්වෙලා ඉන්නෙ සහා දැන් ඉන්න තත්ත්වයට ආවේ.

මෙ ලිපිය ට්කක් කෙටි වෙන්න පුළුවන් කෙටියෙන් හරි ලිවුවෙ ඔබ මගෙ ලිපියක් බලාගෙන සිටින නිසයි .නැත්නම් අදත් වැඩිය ලියන්න බැහැ අත වෙවුලනවා.ඊයේ රෑ ටිකක් හුස්ම ගන්න අමාරු උනා.තවම රිදුම් තියෙනවා .එත් මම හොදින් ඉන්නවා

තෙරුවන් සරණයි සියලුම දෙනාට

No comments:

Post a Comment