2019/11/09

පවුල් උපදේශනය

අයහපත් කාලගුණයෙන් කිසිවෙකුටත් විපතක් සිදු නොවේවායි ප්‍රාර්ථනා කරමින් මගෙ කතාවෙ එකොලොස් වෙනි කොටස (11 කොටස) අද

Family counseling (පවුල් උපදේශනය) සඳහා අක්කා බිරිද මම පොඩි අයියා අදාල කාමරයට ගියාට පසුව වෛද්‍ය ප්‍රසාද් මහාතා අපව වාඩ් කරගෙන ඉතා සුහදව අපි පිළි අරගෙන එතුමාගෙ හඬ අවදි කලා.

මිස්ටර් ඩබ්ලිව් අයි එම් ප්‍රනාන්දු ඔයා දැනට මොකක් හරි රැකියාක් කරනවද.

ඔව් ඩොක්ටර් මම මුල්ලේරියාව රාහුල විද්‍යාලයේ ගුරුවරයෙක් හැටියට වැඩ කරනවා.

එක හොඳයී ඔයා දැන් රස්සාවෙන් නතරවෙනවද.

අනෙ නැහැ මට කෝහෝම හරි රක්ෂාව රැක ගන්න ඔනේ.අයින් වෙන්න නම් කිසිම අදහාසක් නැහැ

බෝහෝම හොඳයී ඔයාගෙ අත හදලා බෙල්ලෙ බටෙ ගැලෙවිවට පස්සෙ ඩයලසිස් කරන ගමන් සමන්‍ය විදිහට පාසල් ගිහික් උගන්වන්න පුළුවන් වෙනදා තරම් මහාන්සි වෙන්න බැරි උනත් වැඩ කරන්න පුළුවන් එක නිසා එ ගැන බය වෙන්න එපා.

ඉන්පසු එ‍තුමා අපි සියල්ලටම එකවර කතාකරන්න ගත්තා.

අපි ඔයලාට කතා කලෙ ඔයාලගෙ රෝගියාගෙ රෝග තත්ත්වය පැහැදිලි කරලා.එයාවෙනුන් කල යුතු ඉදිරි වැඩ කටයුතු මොනවාද කියලා පැහැදිලි කරනයි.

එහේම කියා එතුමා අපි සියලන්ම දිහා විමසුම් බැලුම් හෙලා අපි එකිනෙකා ගැන විමසුවා අපිව හඳුනා ගැනිමෙන් අනතුරුව නැවතත් කතා කරන්න ගත්තා.

දැන් ඇත්තම දේ නම් ඔයාලා හැමෝම මේ වෙනකොට දන්නවා.ඔයාලාගෙ රෝගියාට වකුගඩු බද්ද කිරීම හැර වෙන විකල්පයක් නැහැ කියලා එක නිසා මුලින්ම ඔයලා කරන්න ඔනේ වකුගඩුවක් දෙන්න පුළුවන් නිරෝගී කෙනෙක් හොයාගන්න එක.එක තමයි මුලීකම කාරනාව එහේම දෙන්න කැමැති කෙනෙක් හිටියත් වැඩක් නැහැ එයාගෙ ලේ වර්ගය වගේම වකුගඩුවත් මෙයාට ගැලපෙන්න ඔනේ මිස්ටර් ප්‍රනාන්දු ඔයාගෙ ලේ වර්ගය දන්නවද .

ඔව් ඩොක්ටර්

මොකක්ද ලේ වර්ගය.

O Positive (0+ ඔ පොසිටිව් ) ඩොක්ටර්

එහේනම් ඔයාට බද්ද කරන්න හොයාගන්න වෙන්නෙ O+ හරි O- (ඕ පොසිටිව් හරි ඕ නෙගටිව් ) හරි එකක් විතරමයි වෙන කිසිම එකක් ඔයාට හරියන්නේ නැහැ .

මං හිතන්නේ මේක බලන බොහෝ අය ලේ වර්ග හතර ගැන දන්න නිසා මම වැඩිය කිව යුතු නැතැ හිතනවා නමුත් නොදන්නා එක් අයෙක් හරි බැලුවොත් එයාට තෙරුම් ගැනීමට අපහාසු බැවින් ලේ වර්ග ගැනත් මම දන්න විදිහට ලියන්නම්.ලියන එකෙ වරදක් තිබුනොත් දන්න කෙනෙක් හදන්න.

සමන්‍යයෙන් මනුෂ්‍ය ශරිරයේ රුධිර වර්ග හතරක් දක්කනට ලැබෙනවා එනම්.

A
B
AB
O
මේ රුධිර කාණ්ඩ හතරම පොසිටිව් හා නෙගටිව් ලෙස නැවතත් කාණ්ඩ හතරකට බෙදෙනවා එ .

A රුධිර කාණ්ඩය ඇති කෙනෙකුට A වර්ගයේ රුධිරය O වර්ගයේ රුධිරය AB වර්ගයේ රුධිරය මෙන්ම A වර්ගයේ වකුඩඩුද B වර්ගයේ වකුගඩුද ලබාගන්න පුළුවන් වැඩි ප්‍රතිඑල සඳහ A ම වකුගඩුවක් ලබා ගන්නෙ නම් හොඳයී .A රුධිරය ඇති අයෙකුට රුධිරය මෙන්ම වකුගඩු ලබාදිය හැකිවන්නෙ A ගණයේ කෙනෙකුටම පමණයි

එසේම B වර්ගයේ කෙනෙකුට B හා O මෙන්ම AB වර්ගයේ රුධිරය මෙන්ම B හා O වකුගඩුවක් බද්ද කල හැකියි.නමුත් වකුගඩු හෝ රුධිරය ලබාදිය හැක්කේ B ගණයේ කෙනෙකුට පමණි

AB ගණයේ කෙනෙකුට ඔනෑම ගණයක රුධිරය මෙන්ම වකුගඩුල ලබාගත හැක.

O රුධිරය ඇති කෙනෙකුට ලබාගත හැක්කෙ O වර්ගයේ රුධිරය හා O වර්ගයේ වකුගඩුවක් පමණයි .නමුත් ඔනෑම රුධිර වර්ගයක් ඇති කෙනෙකුට රුධිරය හෝ වකුගඩු ප්‍රදානය කරන්න පුළුවන් .

ලේ වර්ගයට ගැලපෙනව වකුගඩුව පිළිබඳව අදහාස් ප්‍රකාශ කිරිමෙන් පසුව එ තුමා නැවතත් අපව දැනුවත් කිරීමට පටන් ගත්තා .

දැන් ඔයාගෙ වයස කීයද ?

අවුරුදු 33 ඩොක්ටර්

ඔයාට වකුඩඩුවක් බද්ද කරන්න අවුරුදු 23 වැඩි 55 අඩු නිරෝගි පුදගලයෙක් තොරාගන්න.එ දෙන කෙනා ඔයාගෙ වයසේම කෙනෙක් නම් හොඳයී .මොකද අඩුම වයසක් කෙනෙකුගෙන් උනොත් එක තරුණ වැඩියි එ වගේම වයසකම කෙනෙකුගෙන් ගත්තොත් එක වයස වැඩියි 30 ත් 45 අතර කෙනෙකුගෙන් හොයාගන්න පුළුවන් නම් ගොඩාක් හොඳයී එහේම නැහැ කියලා ප්‍රශ්නයක් නැහැ හැබැයි පිට කෙනෙකුගෙන් ගන්නවට වඩා තමන්ගෙ කාගෙන් හරි ගන්නවානම් වඩාත් හොඳයි .දැන් ඔයාට වකුගඩුවක් දෙන්න කවුරු හරි ඉන්නවද .

ඔව් ඩොක්ටර් මගෙ මල්ලිට මම වකුගඩුව දෙන්න කැමැතියි .මම මෙයාගේ එකකුස උපන් අක්කා.මෙයාවා පොඩිකාලෙ ඉඳන් බලාගත්තෙ මම .මම කැමතියි මගෙ මල්ලිට වකුගඩුවක් දෙන්න.

අක්කාගෙ එ වදන් සමගම වෛද්‍යවරයා අක්කා දෙසට හැරි පැවසුවෙ

ඔයා දෙනවනම් බෝහෝම හොඳයී මම පරික්ෂණ ටිකක් දෙන්නම් එ ටික කරගෙන එන්න.ඔක්කෝටම ඉසෙල්ලා ඔයාගෙ ප්‍රෙෂර් එක බලමු .

වෛද්‍යවරයා අක්කාගෙ රුධිර පීඩනය බලා අපි දිහා බැරෑරුම් විදිහට බලා.

ඔයාගෙ ප්‍රෙෂර් එකත් වැඩියි කෝකටත් ඔයත් වකුගඩු පරික්ෂා කරවා ගන්න යැයි අක්කාට පැවසුවා එ විට අක්කා.

අනෙ නැහැ ඩොක්ටර් එදා මල්ලිට අමාරු උන දවසේ මම බය උනා එදා ඉඳලා තමයි මට ප්‍රෙෂර් දැන් අඩු ඇති කෝහෝම හරි මගෙන් ගන්න කෝහෝම හරි මගෙ මල්ලිව ජිවත් කරන්න ඔනේ.

මොන දේ උනත් අපි වකුගඩුවක් ගන්නෙ නිරෝගි පුද්ගලයෙකුගෙන් විතරයි.දැන් ඔයාලා වෙනකෙනෙක් බලන්න.

කොහෝමද වෙන කෙනෙක් හොයාගන්නෙ අක්කා විතරයි අයියා ඉන්නව එයත් බෙල්ලෙ ප්‍රශ්නයකට බෙහෙත් බොනවා.

මට ඔයලා කියන එක තේරුම් ගන්න පුළුවන් .නමුත් ඉතිං අපිටත් කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා.දැන් ඉදිරියට දිගින් දිගටම ඔයාට ඩයලසිස් කරන්න වෙනවා. අඩුම වසෙන් සතියකට දෙසැරයක්වත් ඩයලසිස් කරන්න වෙනවා.අපි රොහලෙන් දිගටම ඩයලසිස් දෙන්නෙ KT Plan (kidniy transflant plan -වකුඩඩු බද්ද කිරීමේ සැලසුමක්) එකක් තියෙන කෙනෙකුට විතරයි.ඔයාට kt plan එකක් නැති උනොත් ඔයාට ඩයලසිස් කරන්න වෙන්නෙ එළියෙන් . එකට ටිකක් වියදම් යනවා එකවරක් ඩයලසිස් කරන්න 7500/ ක විතර මුදලක් යනවා ඔයාගෙ පඩියේ හැටියට එහේම අමාරු වෙයි .නමුත් අපිට තියෙන්නේ සීමිත මැෂින් ප්‍රමාණයක් එකට අසීමිත රෝගින් ප්‍රමාණයක් ඉන්නවා එක නිසයි අපි එහේම කරන්නෙ .ඔනෙනම් ඔයව අපිට කැඩවරි ලිස්ට් එකට දාන්න පුළුවන් .

එ කිවුවෙ ඩොක්ටර්

එ කියන්නෙ ඔය හදිසි අනතුරු වෙලා මොලෙ මිය යන රෝගින් ඉන්නවා එ අයගෙ පවුලෙ අය කැමැති උනොත් .තමාගෙ රෝගියාගෙ අවයව දන්දෙන්න අන්න එ අයගෙ අවයව වලින් අපිට තවත් අය ජිවත් කරවන්න පුළුවන් එ වගෙ කෙනෙකුගෙ වකුගඩු දෙකෙන් තවත් ජිවිතය ඉල්ලන වකුගඩු රෝගින් දෙන්නෙක් ජිවත් කරන්න පුළුවන් එ වගෙ කෙනෙකුගෙන් වකුගඩුවක් අරගෙන බද්ද කරනවට තමයි අපි කැඩවරි ට්‍රාන්ස්ෆ්ලාන්ට් කියන්නෙ .

අපිට වකුගඩුවක් හොයාගන්න වෙන විදිහක් නැද්ද ඩොක්ටර් .

තියෙනවා පත්තරෙ වගෙ දැන්වීමක් දාලා අපිට කෙනෙක්ව හොයාගන්න පුළුවන් අපෙ රෝගින් එහේම අය හොයාගෙන එනවා හැබැයි කිසිම වෙලාවක් එ අයට මුදල් ,ත්‍රී වීල්,ඉඩම් ගෙවල් වහාන වගෙ කිසිම ලාබ සත්කාරයක් ලබා දෙන්න බැහැ

එ වගේම පවුලෙන් පිට කෙනෙක් නම් වකුගඩුව දෙන්නෙ එයා සමදාන විනිශ්චය කරුවෙක හරහා දිවුරුම් ප්‍රකාශයක් දෙන්න ඔනෙ තමන් මේ වකුගඩුව නොමිලේ ලබාදෙන බවත් කිසිම ලාබ ප්‍රතිලාභ අපෙක්ෂාවක් නැති බවටත් එ පළිබඳව අපෙ වෛද්‍යවරුන් සෑහීමකට පත් උනොත් ඔයාව සහා වකුගඩුව ලබාදෙන්න එන කෙනාව යවනවා වකුගඩු බද්ද කරන වෛද්‍යවරයා ලගට.එයත් සෑහීමකට පත් උනාට පසුව අපෙ වෛද්‍ය මංඩලයක් මගින් අනුමැතිය ලබා දිය යුතුයි.පවුලෙ කෙනෙක් දෙනවානම් මේවා මොකුත් ඔනේ නැහැ .

ඇයි ඩොක්ටර් වකුගඩුව බද්ද කරන්නෙ මෙහේ නොවෙයිද .

නැහැ වකුගඩු බද්ද කරන්න වෙනම දොස්තරලා ඉන්නවා.අපෙ පැත්තෙන් කරනෙ බෙහෙත් කරලා ඔයාව වකුගඩුව බද්ද කරන තැනට වෙනකන් අරගෙන එන එකයි එ වගේම වකුගඩුව බද්ද කලාට පස්සෙ එක රැකගන්න බෙහෙත් දිලා බලාගන්නෙත් අපි

බලාගන්නෙ කිවුවෙ ඩොක්ටර්.

හරි මේක කිවුවාට බය වෙන්න එපා අපි ඇත්තම තත්ත්වය ඔයාට පැහැදිලි කරන්න ඔනෙනෙ .අපි කොච්චර පරික්ෂණ කරලා වකුගඩු බද්ද කලත් එක ඇග පිළිගන්නෙ නැතිවෙන්න පුළුවන් .වකුගඩුවක් බද්ද කලාට පස්සෙ අපි ඔයාගෙ ඇගෙ ප්‍රතිශක්තිය අඩුවෙන්න බෙහෙත් දෙනවා එකෙන් ඔයාගෙ ප්‍රතිශක්තිකරණ පද්දතිය දුර්වල වෙනවා එහේම උනාම තමයි ඔයාගෙ ඇගෙන් වකුගඩුව ප්‍රතික්ශේප නොවි තියාගන්නෙ.ඔයාගෙ ඇගෙ ප්‍රතිශක්තිය තිබුනොත් අනිවාර්යයෙන්ම වකුගඩුව ප්‍රතිශේප කරනවා.වකුගඩුව බද්ද කලාම එක රැක ගන්න ගොඩාක් පරිස්සම් වෙන්න වෙනවා එ ගැන බද්ද කරද්දි දැනුවත් කරනවා

තව දෙයක් ඔයා කොච්චර බලාපොරොත්තු තියාගෙන වකුගඩුවක් බද්ද කලත් එක දවසින් දෙකෙන් ,මාසෙන්,අවුරුද්දෙන්,අවුරුදු පහාකින් ,දාහයකින් ,විස්සකින් උනත් ප්‍රතික්ශේප වෙන්න පුළුවන් අපි සමන්‍යයෙන් බලාපොරොත්තු වෙනවා බද්ද කල වකුගඩුවක් වසර 10 වත් තියෙයි කියලා හැබැයි ඊට වඩා බෝහෝකල් ජිවත්වන අය අනතවත් ඉන්නවා.

එකවරක් ප්‍රතික්ශේප උනා කියලා බයවෙන්න දෙයක් නැහැ සමන්‍යයෙන් තුන්සැරයක් පමණ වකුගඩු බද්ද කරන්න පුළුවන් .

පිටරට ඉන්න බොහෝ දෙනා වකුගඩු බද්ද කරන්නෙ නැහැ එ අය ජිවත කාලේම ඩයලසිස් කරගෙන වසර විස්ස තිහ ඉන්නවා නමුත් අපෙ රටෙ එච්චර ඩයලසිස් දෙන්න පහාසුකම් නැහැ .එක නිසා තමයි ඉක්මනින්ම බද්ද කිරීමකට යන්නෙ අනික දිගින් දිගට ඩයලසිස් කරනවා කියන්නෙ හැමදාම හොස්පිට්ල් එන්න වෙනවා කියන එකනෙ එක කරදරයි වකුගඩුවක් බද්ද කලාම සමන්‍ය ජිවිතයක් ගත කරන්න පුළුවන් .වකුගඩුව බද්ද කරපු කෙනෙක් දිහා අපි බලන්නෙ සමන්‍ය කෙනෙක් හැටියටයි .එක නිසා බද්ද කලාට පස්සෙ මෙඩිකල් කන්ඩම් කරගන්න එන්නලෑස්ති වෙන්න එපා.එහේම එන අයත් අපි දැකලා තියෙනවා .

ඩොක්ටර් එතකොට අත හදන්නේ කොහොමද .

ආ මං මේ පොතෙ ඔයාට ලියලා දෙන්නම් අත හදන දොස්තර මහාත්තුරුන්ගෙ ක්ලිනික් එකට යන්න එක තියෙන්න සිකුරාදා සවස 1.00 ට 44 කාමරයේ මේ සිකුරාදා යන්න හෙට ඇවිත් නතරවෙලා තව ඩයලසිස් එකක් කරන්න ඉන්න මම සර්ගෙන් අහාලා එකත් ලියන්නම් සර් එනකන් ඉන්න.

හරි ඔය ටික තමයි මට ඔයලාට කියන්න ඔනේ.ඔයලාට මොනවද මගෙන් දැනගන්න තියෙන්නෙ.

ඩොක්ටර් අර පත්තරෙ දානවනම් කොහෝමද කරන්නෙ අපි ලියුමක් ලියලා දෙන්නම් එක අරගෙන ගියාම එ අය දැන්වීම් එල කරනවා.මතකයිනෙ මම මුලින් කිවුවා සල්ලි වලට එන අයව ගේන්න බැහැ ඔයලා ලබන අඟහරුවාදා වකුඩුවක් දෙන්න කෙනෙක් හොයාගෙන එන්න .

ප්‍රදාන වෛද්‍ය තුමා පැමිණිමෙන් අනතුරුව පසුදින නැවතත් රෝහලෙ නතරව ඩයලසිස් කරගන්න ලිපියක් මෙන්ම සිකුරාදා 1 .00 ට අත සෑදිමට ශල්‍යකර්මය කරන වෛද්‍යවරුන් හැමුවීමටද ලිපියක් ලියා දුන්නා. පත්තරේට දාන ලිපියා දීම සඳහා මාගෙ තොරතුරු අරගෙන ලිපිය ගැනිමට නිවසෙ කෙනෙකුට පසු දින පැමිණෙන ලෙස දැනුම් දුන්නා.

පසුදින පැමිණ වාට්ටුවක නතර වුනා එදා නතර වෙන්න උනේ 50 වාට්ටුවෙ වාට්ටුව නම් හරිම පිරිසිදු පාටයි වෛද්‍ය තුමා බැලිමෙන් අන්තුරුව ඇඳක් ලැබුනා .එ වාට්ටුවෙ ඇඳන් අටක්ම වකුගඩු රෝගින් වෙනුවෙන් වෙන්කර තිබුනා වාට්ටුවෙ නතර වී නිදාගෙන් ඉන්න විට පාන්දර හතරයි තිහට පමණ මිස් කෙනෙක් ඇවිත් මාව ඇහැරවා ඩයලසිස් වලට යන්න ලෑස්ති වෙන්න කිවුවා මුහුණ හෝදන විට බෙල්ලෙ පොඩි රිදුමක් ආවා රුධිරය ටිකක් එන බවත් දැනුනා .

මුහුණ හෝදලා ඩයලසිස් එකට ආවා මිස් කෙනෙක් ප්ලාස්ටර් එක ගැලෙවිවා .එක සැරේට බටෙ ගැලවිලා ලේ ව්දින්න ගත්තා.

ඉතිරිය ඊලග කොටසින්.හැකිනම් මෙය ශෙයර් කරන්න.

No comments:

Post a Comment