2019/11/09

මුත්‍රා පිට නොවුන නිසා නැවතත් ජාතික රෝහලට


කතාව 17 වෙනි කොටස අද .

මෙතෙක් මගේ කතාව ලෙස ගියපු මේ කතාවට මං අද ඉඳලා නමක් දෙන්න තීරණය කළා . එ . තමයි .

"නොනැසෙන දිරියක කතාව "

මේ නම යෝජනා කළ බුද්ධිනි මිස්ට බොහොම ස්තූතියි

ගිය සැරෙ කොටස මම නිමා කළේ මල්ලි මාව බලන්න ආපු තැනින් අද එතැන් සිට.

මල්ලි ඇවිල්ලා ගියා අපි දෙන්නාගේ හමුවීම එතන හිටපු හෙද සොහොයුරියන්ගේ සහා වෛද්‍යවරුන්ගේ පවා ඇස් වලට කඳුලු ගෙන එන්නක් උනා .

icu ,එහෙම නැත්නම් දැඩි සත්කාර ඒකකයෙන් ඊට පසුවදා ම මාව 17 ඒ වාට්ටුවට යැවීමට තීරණය කරනවා මේ මගෙ තත්ත්වය හොඳ නිසා.

සැප්තැම්බර් 13 වැනිදා දවල් වෙනකොට මාව 17 වාට්ටුවට එවනවා . දැඩි සත්කාර ඒකකයෙන් එන විට මං ඒකෙ මිස්ලට doctors ලාට අනේක වාරයක් ස්තූති කළා . එයාලා තමන්ගේ සහෝදරියයෙක් බලාගන්න විදිහට තමයි මාව බලා ගත්තේ ඒක නං කවදාවත් අමතක වෙන්නෙ නෑ .මගේ මූණ හේදුවේ දත් මැද්දෙ ,කැවුවේ,පෙවුවෙ සියලුම දේ කළේ හිටපු මිස්ලා ඇත්තටම එ සේවය ගැන කියන්න වචන නෑ .මේ වෙලාවෙත් මම ඔවුන්ට ඔවුනට සියලුම දෙවි සියලුම දෙවි දේවතාවන්ගේ රැකවරණය ආරක්ෂාව ඉල්ලනවා.

17 වාට්ටුවට දැම්මාම ට පස්සෙ මල්ලි හිටියේ ඉස්සරහ 18 වාට්ටුවේ නිසා නිතර නිතර අපිට හම්බවෙන්න පුළුවන් වුණා මායි මල්ලියි නිතරම හම්බ වෙලා කතා කර කර හිනාවෙන් කාලය ගතකලා එ කාලය හරිම සුන්දරයි හැමදේම හොඳින් විසඳුනා කියලා මම හරිම සතුටින් හිටියේ .

දවස් තුනකට පස්සේ මල්ලිගේ teket කැපුවා මල්ලි ගෙදර යන්නයි ලෑස්ති උනේ මං බල කරලා අපේ ගෙදර ඉන්න කිව්වා.මගේ බිරිඳ මල්ලිව අපි ඉන්න ගෙදරම නතර කරන් තිබ්බා මේ කාලේ වන විට අපෙ ගෙදර කට්ටිය ගොඩක් හිටියා මගේ බිරිඳ ,මගේ අම්මා,බිරිද ගෙ අම්මා,මගෙ දුවෙක්,වගෙම බිරිඳගෙ මල්ලි මගේ ගෙදර හිට්යා මේ සියලු දෙනාම බලන්න වුණෙත් මට වියදම නම් ටිකක් වැඩි වුනා.නමුත් බිරිඳ එ හැමදේම කලමණාකරනය කරගෙන තිබුණා .ඒක නිසා මට ලොකු බරක් දැනුණෙත් නෑ .

මල්ලි ගෙදර ගියාට පස්සේ හතරවෙනි දවසෙ මගේ බඩේ දාලා තිබ්බ බටයක් අයින් කළා බඩේ තියෙන ලේ එලියට එන්න තමයි එක දාල තිබුනෙ. සාමාන්‍යයෙන් ශරීරයේ ලොකු ශල්‍යකර්මය කලාම.ශරීරය ඇතේ ඇතුලෙ තියෙන ලේ නැත්නම් රුධිරය වෙනම ගැනීම සඳහා පොඩි බටයක් දාන එක සාමාන්‍ය දෙයක් ඒක දාන්නෙ බොහෝ වෙලාවට උදරයට කිසි අමාරුවක් නෑ. එක ගලවන විටත් මටනම් කිසිම රිදුමක් ආවෙ නැහැ බොහෝ දෙනා මෙහෙම බට දැක්කම බය වෙනවා කිසිම කෙනෙක් එහෙම බයවෙන්නෙපා ඒව දැම්මා කියලා අපිට කිසි අපහසුතාවක් නෑ මම කරපු කෙනෙක් හැටියට කියන්නෙ. බටේ ගැලෙව්වාට පස්සෙ ලොකු සහනයක් දැනුනා ඇවිදින්න එහෙම පුළුවන් වුණා ඉක්මනට ඒක අයින් කලා කළා ඊට පස්සේ මුත්‍රා බට ගැලෙව්වා නමුත් මුත්‍රා කරනකොට පුංචි දැවිල්ල ගතියක් මට දැනුනා .

මෙතනදිම වකුගඩු බද්ධ කිරීමෙන්පසුව ගන්න බෙහෙත් ජාති හා කෑම ගැන කතා කරන එක හොඳයි කියලා හිතෙනවා.

වකුගඩු බද්ධ කරපු රෝගීන් අනිවාර්යයෙන්ම එක්කම වේලක්වත් තමන්ගේ බෙහෙත් වරද්දන්නෙ නැතුව ගත යුතුමයි ඒක අනිවාර්යයි එක නියතියක් මොකද ඔබ එක දවසක් හරි බෙහෙත් ගන්නෙ නැහැ බොන්නේ නැහැ කියන්නේ ඔබේ ජීවිතය වසරකින් විතර ආපස්සට යන එක වලක්වන්න කිසි කෙනෙකුට බෑ එච්චරටම බෙහෙත් ඔබේ ජීවිතයට වටිනවා . මොකද ඔබ ඔබ ජීවත් වෙන්නෙ වෙන කෙනෙකුගේ වකුගඩුවක් තුනේ ඒක ඔබේ ඇඟට හුරු වෙනකන් ඔබට ඉන්න වෙනවා .

ගොඩක් රෝගින් හිතන්නේ වකුගඩුවක් බද්ධ කලාම ඔක්කොම හරිකියලා නැහැ ප්‍රශ්න පටන් ගන්නෙ වකුගඩු බද්ධ කළාට පස්සේ ඒක හොඳට මතක තියාගන්න .

මොකද ඔබට බද්ද කරන්නෙ වෙන කෙනෙකුගේ වකුගඩුවක් වෙන කෙනෙකුගේ දෙයක් අපේ ශරීරය නිතරම ප්‍රතික්ෂේප කරන්න බලනවා මෙන්න මේ ප්‍රතික්ෂේප කරන එක වලක්වන්න අපිට අපිට අපේ ඇඟේ ප්‍රති ශක්තිය නැතිකරන බෙහෙත් තමයි දෙන්නෙ මෙන්න මේක නිසා තමයි අපි ගොඩක් පරිස්සම් වෙන්න.ශරීරයෙ ප්‍රතිශක්තිය අඩුවෙන්න අඩුවෙන්න අපිට බාහිරින් එන ලෙඩ රෝග වැඩි වෙන්න පුළුවන් ඒක නිසා නිතරම එලියට යනකොට මුහුණු ආවරණ පැලැදීම හිරු එළියට ආවරණය වෙනවා නම් අත්දිග ෂර්ට් වගේ දේවල් ඇඳගෙන යන්න අපි පුරුදු වෙන්න ඕනේ.

සාමාන්‍යයෙන් මං අපේ රෝගීන් එක්ක කතා කරනකොට කියන්නේ වකුගඩුවක් බද්ධ කරනවා කියන්නේ. ගෙදරක කුලියට ඉන්නවා වගේ දෙයක් කුයලයි වෙලාවට කුලිය දුන්නෙ නැත්තං ගෙදර අයිතිකාරයා අපිව එලවනවා අන්න ඒ වගේ අපේ ශරීරයට උවමනා බෙහෙත් උවමනා වෙලාවට නොදුන්නොත් මේ වකුගඩු හැමවෙලේම ප්‍රතික්ෂේප කිරීමේ ප්‍රවනතාවය වැඩ‍යි ඒක නිසා හැම වෙලාවේම අපි දැනගන්න ඒ වකුගඩු ආරක්ෂා කර කරන්න පුළුවන් හැමදේම කරන්න .

බොහෝ රෝගීන්ට වකුගඩුවක් බද්ධ කරලා මාස හතරක් පහක් යනකොට තමන් විඳපු දුක අමතක වෙනවා තමන් නිරෝගීයි කියලා හිතෙනවා හැමදේම කරන්න යනවා හැම හැමතැනම යනවා කනබොන දේවල්වල කිසි පාලනයක් කරන්නේ නැහැ බෙහෙත් ටික වෙලාවට බොනනෙ නැහැ . එහෙම උන අය ඕනතරම් ජාතික රෝහලේ මට හම්බෙලා තියෙනවා නැවත වකුගඩු බද්ධ කරන තත්වෙට පත්වෙච්ච. ඒ වගේම ඒ අයගේ ජීවිත ඉතාමත්ම කෙටියි.

එහෙම පරිස්සමක් නැතිව අකාලෙ මැරිලා ගිය බොහෝ පිරිසක් මගේ මේ වසර 10ක් අත්දැකීම් තුළ මම දැකලා තියෙනවා එතකොට මොකද වෙන්නේ අර වකුගඩුව දීපු මනුස්සයට වැඩකුත් නෑ වකුගඩු ගත්ත කෙනාට වැඩකුත් නැහැ ඒ නිසා තවත් මනුස්සයෙක් තමන්ගේ ජීවිතය අවදානමේ දාගෙන අපට දෙන වකුගඩුව රැකගන්න අපි දැනගන්න ඕනි .

ඔබට දෙන බෙහෙත් කවදාවත් අඩු නොකර ගත යුතුමයි හ වෛද්‍ය උපදේශයකින් තොරව කිසිම විදිහකට බෙහෙත් අඩු කරන්න බැහැ.ඒ වගේම අදාළ පරීක්ෂණ නිසි කලට වේලාවට අනිවාර්යෙන්ම කළ යුතුය ඒවාට මුදල් වියදම් වන වක්‍ර ලෝබකමට හිටියොත් අනතුරේ දාගන්නේ ඔබේ ජීවිතය මයි.

විෂ වේලාවට ආහාර ගන්න අඩුම ගානේ ජලය ලීටර් 4 ක් වත් දවසට බොන්න ඕන මොකද වකුගඩු වැඩ කරන්න නං ජලය පානය අනිවාර්යයෙන්ම කළ යුතුමයි . ඒ වගේම විෂ සහිත කිසිදු ආහාරයක් ගන්න එපා මුල් අවුරුද්ද තුළ කිසිම පාන් පිටි සහිත ආහාරයක් ගන්න එපා මොකද ඔබට අදෙන සමහර පෙති වර්ග වලට ඔබට දියවැඩියාව හැදෙන්න තියෙන සම්භාවිතාව වැඩියි අධික ස්ථුලතාවය පත්වීමෙ ඉඩකඩ වැඩියි වැඩි අනික ආහාර පාලනයක් ඇතිව ගන්න එක වඩාත් හොඳයි .

විශේෂයෙන් මළගෙවල් වල රෝගීන් බලන්න යන්න එපා .

මේ රෝගීන්ට පරිස්සම් විය යුතු ආකාරය ගැන රසික සොහොයුරා දාපු ලිපියක කොටසකුත් මම මේකට එකතු කරනවා පහලින් දැක්වෙන්නේ එ කොටස

වකුගඩුවක් බද්ධ කල පසු එය සිරුරට ටිකක් හුරු වෙනකම්, බෙහෙත් ටිකක් අඩු වෙනකම් අපි ගොඩාක් පරෙස්සම් වෙන්න ඕනි. විශබීජ අවදානම අඩු කරන්න පුලුවන් තරම් ඒවයෙන් ඈත් වෙලා ඉන්න ඕනි.මේ කියන්න යන්නෙ වෙනත් දෙයක් පිලිඹදව. මම සාමාන්‍යයෙන් ගමනක් යද්දි රැගෙන යන පොඩි ගමන් බෑගයේ තියෙන දේවල් ලිස්ට් එක තමා මේ කියන්න යන්නෙ. මේවගේ බෑග් එකක් ගොඩක් අය අරන් යනවා. ජායාරූප කීපය බලන්න. මේ තියෙන්නෙ ඒකෙ තියෙන දේවල් ලැයිස්තුව.

1. තමන්ගේ බේත් වේල් දෙක තුනක් අඩංගු කුඩා ප්‍රථමාධාර පසුම්බියක්. ( හදිසියේ එලියට ගිහිං වෙලාවට ගෙදර එන්න බැරි උනොත් බොන්න. ඒකෙ සී විටමින්, පිරිටන් සහ පැනඩෝල් තියෙනව. ඒත් පැනඩෝල් බීම අනුමත කරන්නෑ වෛයිද්‍යවරයාගේ උපදෙස් නැතුව.) අන්තිමට වෛද්‍යවරයා නිර්දේශ කල බෙහෙත් වට්ටෝරුවෙ පිටපතක් දාල තියන්න පුලුවන්නම්.

2. මුහුණු ආවරණ ( මාස්ක්) පහක් පමණ. මේවා වෙනම කොටසක තැන්පත් කරල තියෙන්නෙ. හදිසියෙ උවමනා උනොත් ගන්න. පහු වෙනකොට මාස්ක් අමතක වෙනව. ඒම උනොත් වැදගත්.

3. හෑන්ඩ් සැනිටයිසර් කුඩා බෝතලයක්.( අවදානම් අවස්ථා වලදී අත් පිරිසිදු කර ගැනීමට)

4. සන් ක්‍රීම් කුඩා ටියුබ් එකක්. මෙය SPF අගය 25 ට වැඩි උසස් තත්ත්වයේ එකක් විය යුතුයි.) මීට අමතරව සමේ පිළිකා අවධානම අඩු කර ගැනීමට අත් දිගඇදුම්, තොප්පියක් සහ අව් කණ්නාඩි නිර්දේශ කලා ඉස්සෙල්ලත්.

5. මගේ ක්‍රෙඩිට් කාඩ් ආදිය අඩංගු පසුම්බිය. මුදල් වෙනම තියෙන්නෙ. ඒක මේකෙ දාන්න එපා මුදල් අතිශයින්ම අපිරිසිදු දෙයක්. හැකි හැම විටම බැංකු කාඩ් භාවිතා කිරීම සුදුසුයි.

6. වැසිකිලි බදුන් ආවරණ කඩදාසි. නිවසින් පිටත වැසිකිලි යාමට සිදු උවහොත් ආරක්ශාව සදහා.

7. වතුර බෝතලයක්. ඉහිරී නොයන පැතලි එකක් වඩා සුදුසුයි.

8. බහු කාර්‍ය පිහියක් වැනි උපකරණයක්. අත්‍යාවශ්‍ය නෑ. මට ඒක ඕනි.☺️

9. පෑනක් සහ සටහන් පොතක්. මගේ බෑග් එකේ නෑ. මම පෝන් එකේ කොටන්න හුරු වෙලා නිසා. ඒත් තිබුනොත් හොදයි.

10. ටිශූ පැකට් එකක්.

11. අවශ්‍ය නම් පොඩි මවුත් වොශ් එකක්.

12. තමන් වකුගඩු බද්ධ කල රෝගියෙකු බව දැක්වෙන කාඩ් පතක්. නම, වයස, වකුගඩු බද්ධ කල දිනය, රෝගල, වෛද්‍යවරුන්ගේ නම් සහ දුරකතන අංක, පවුලේ අයෙකුගේ අංකයක් සහ අසාත්මිකතාවන්.

මේ දේවල් නිතර අළුත් කර ගන්න. වතුරනම් දිනපතා ගමනක් යද්දි පුරවා ගන්න.

පලවෙනි අවුරුද්ද වගෙ ඇතුලත හදිසියේ රෝහල් ගතවෙන්න උනොත් වෙනම බෑග් එකක් ඕනි. ඒකෙ ක්ලිනික් පොත අනිවාර්‍යයෙන්ම දාල තියන්න..

වකුගඩු රබද්ධ කරපු රෝගියෙක් හැටියට මේ දේවල් පිළිපදින්නේ නම් ඔබට කිසිදු අපහසුතාවකින් තොරව ඔබේ ජීවිතය ඉස්සරහට ගෙනියන්න පුළුවන් බව අත්දැකීමෙන්ම කියන්න පුළුවන්.

දැන් නැවතත් මගේ කතාව දෙසට හැරෙන්නම් මුත්‍රා දැවිල්ල තිබ්බා මම ඒක වෛද්‍යවරුන්ට කිව්වා ඔවුන් කිව්වේ සාමාන්‍යයෙන් මුත්‍රා බටයක් අයින් කලාම මෙහෙම තත්ත්වයක් ඇතිවෙනවා කියලා.මුත්‍රා බට ගලවද්දි මබ දාලා තිබුන තැනින් ලේත් ආවා මං හිතන්නේ මුත්‍ර මාර්ගයේ තුවාල වෙන්න ඇති කියල දොස්තරල කිව්වා නමුත් ඒක හරියයි කියලා කිව්වා.

ශල්‍යකර්මය කරලා දින හතකට පසුව එහෙනම් සැප්තැම්බර් 18 වෙනිදා මාව නවලෝක තියටර් කියන ජාතික රෝහලේ තිබෙන ශල්‍යාගාරයට ගෙනිහිල්ලා මුත්‍ර මාර්ගය සම්බන්ධ වෙනකන් මුත්‍රා මාර්ගය හරහා ඇතුලට දාල තිබුන j j stent කියන බටය අයින් කරා.

ඒක අයින් කළාට පස්සේ මට මුත්‍රා බරක් ඇති වුණා මම මුත්‍රා කරන්න කෝණික ම වෛද්‍යවරයා මාව මුද්රා කරන්න පිටත් කළා පිටවුනාට එක සැරේම නතර වෙනවා වගේ මට දැනුනා ඒත් මං ඒක එච්චර හිතුවේ නෑ
ස්ටෙන්ට් එක අයින් කරලා වාට්ටුවට එන විට මගේ ටිකට් කපන්න උවමනා සියලු දේ සූදානම් කරලා බෙහෙත් සියල්ල නම් කරලා දාන්න බෝතල් ටිකක් ගේන්න කියලා කිව්වා.බිරිද බෝතල් ටික ගෙනල්ල දුන්නා

ඉන්පසු වෛද්‍ය ප්‍රසාද් මහතා ඇවිල්ලා බෙහෙත් ගන්න හැටි ඉදිරියේදී පරිස්සම් වෙන්න හැටි පිළිබඳ අවබෝධයක් දුන්න එහෙම නැත්නම් උපදේශන සේවාවක් කළා.

ඔහු කථා කළේ මේ විදියට.

මිස්ටර් ඩබ්ලිව් අයි එම් ප්‍රනාන්දු ඔයාගේ ටිකට් කපනවා දැන් ඔයාට හොඳයි. ඔයාට වගේම එ ගැන අපටත් සතුටුයි අද හවස ඔයාට ගෙදර යන්න පුළුවන් වුණා හැබැයි ගෙදර ගිහිල්ලා හොඳට පරිස්සම් වෙන්නේ .මෙ බෙහෙත් ටික නම් කරල මං බෝතල් වලට දාලා තියෙනවා ඒව නියමිත වෙලාවට ගන්න දන්නවනේ පරක්කු උනොත් මොකද වෙන්නෙ කියල ඔයාට කියල දෙන්න දැන් ඇයි ඔයා උගත් කෙනෙක් නෙ.

අනිවාර්යෙන්ම ඩොක්ටර් බෙහෙත් ට්ක වෙලාවට ගන්නවා මං විදපු වේදනාව මං දන්නවනේ ආයි මේ වේදනාව විඳින්න බෑ මං හරියටම බෙහෙත් ටික ගන්නවා .

බෝහෝම හොඳයි ගොඩක් රෝගීන්ට තමන් විඳපු දුක අමතක වෙලා යන එක තමයි ප්‍රශ්නේ ඔයා දැකලා තියෙනවනේ එහෙම අයව.

ඔව් ඩොක්ටර් මොනදේ වුණත් මං පරිස්සම් වෙනවා .

හරි තව දෙයක් තියෙනවා ඔය එළියට ගියාට පස්සේ කොහේ ගියත් මාස්ක් එකක් දාගෙන යන්න වැඩිය එලි පහලියට යන්න එපා තව දෙයක් රෝගීන් ළඟට මළ ගෙවල් වලට යන්න එපා අනික තමයි ගංගාවල් වල ඇලවල් වල කොහේවත් නාන්න යන්න එපා
අනිවාරයෙන්ම හොස්පිට්ල් එකට එන දවසට රිපෝට් කරගෙන එන්න .

තව දෙයක් නිතරම පිරිසිදු වෙන්න ශරීරය නිතරම පිරිසිදුව තබා ගන්න චූටි හරි විෂබීජයක් ඇතුල් වෙන්න ඉඩ දෙන්න එපා අනික ගෙදරට වැඩිය කට්ටිය ගෙන්න ගන්න එපා ඔයාගේ කාමරේ නිතරම පිරිසිදුව ඔයා තියා ගන්න බිරිඳ විතරක් ඒකට ඇතුල් වෙන්න ඉඩ දෙන්න වෙන කිසි කෙනෙක්ව කාමරේට ගන්නෙපා එහෙම වෙන එක ඔයාට හොඳයි

හොඳයි ඩොක්ටර් එහෙම කරන්නම්

දැන් ඔයා ගෙදර ගියාට පස්සෙ ඔයාගේ මුත්‍රාවල පැහැය වෙනසක් වුණොත් මුත්‍රා යන වාර ගණන අඩු වුණොත් ඒ වගේම මුත්‍රා කරද්දි දැවිල්ලක් ආවොත හරි මුත්‍රා පෙණ ගතියක් හරි මුත්‍රා කරද්දි යම්කිසි දුර්ගන්ධයක් ආවොත් මොනාහරි එහෙම චූටි හරි වෙනසක් දැනුනත් අනිවාර්යයෙන්ම රෝහලට ඇවිල්ලා වාට්ටුවට ඇතුළත් වෙන්න ඒක තමයි හොදම දේ එතකොට අපිට ඔයාට කරන්න පුළුවන් ප්‍රතිකාර මුලින්ම කරලා විසඳන්න පුළුවන් මොකද බද්ධ කරලා මුල් අවුරුද්ද තුළ යම් යම් ප්‍රශ්න තත්ත්වයන් ඇතිවෙනවා ඒක නිසා ඒවා පිළිබඳව හොඳ අවබෝධයකින් ඉන්න

ස්තුතියි ඩොක්ටර් මෙතෙත් කරපු හැම දේටම ගොඩක් පින්.

හවස මාව එක්කගෙන යන්න ආවේ මගේ ඉස්කෝලේ හිටිය මගේ අක්කා වගේ භාග්‍ය අක්කයි එයාගේ මහත්තයා සුදු අයියයි මගේ නෝනායි ත ටිකට් කපලා මං යන්න ඉස්සෙල්ලා 17 වාට්ටුවෙ සියලුම හෙද නිළධාරීන්ට සුළු සේවක සියලුම දෙනාට හදවතින්ම ස්තුති කළා මොකද ඔවුන් මට දැක්වූ කරුණාව ආදරය රැකවරණය තමයි මට ඉක්මනින්ම හොඳ වෙන්න බලපෑවේ.

එතකොට මම හිටපු නිවස තිබුණේ අංගොඩ සැළලිහිණි මාවතේ කොළඹ ඉඳලා එන ගමන් මගදී අවශ්‍ය කරන උපකරණ සියල්ලම අරගෙන ගෙදර ආවා ගෙදර එනවිට මල්ලි හිටිය හරි සතුටුයි මල්ලිත් එක්ක කතා කරා මගේ පාසලේ දරුවොත් මාව බලන්න ඇවිල්ල හිටියා විශේෂයෙන් චමෝද් ,චතුරංග සුපුන්,ප්‍රසාද් මෙ අය මාත් එක්ක හිටියා මගේ වාසනාවක් තමයි මේ දරුවෝ අදටත් මාත් එක්ක ඉතාමත්ම සතුටින් ඉන්නවා එයාලව ගේන්න පුළුවන් උපරිම තැනට ගේන්න මට පුළුවන් හැම දේමත් මම කරලා තියෙනවා .

ගෙදර ඇවිල්ල කාල එහෙම නිදා ගත්ත පහුවදා උදේ වෙනකොටත් මට මුත්‍රා පිට වුණේ නෑ මං ජාතික රෝහලට ආවා මව රෝහල් ගතකළා එතනින් පස්සෙ සිදුවුණු සිදුවීම් තව දවසක ලියන්නම් .

පුංච් ඉල්ලීමක් අනෙකුත් රෝගි අයට දැනගැම පිණිස මේ ශෙයර් කරන්න

No comments:

Post a Comment