2019/11/09

විදුහල්පති පුහුණුව අවසන පැවැති ප්‍රසංගයේදි මම සිංහබාහු චරිතයට පණපෙව්වා



ඊයේ 2019/11/05 අපෙ විදුහල්පති පුහුණුව අවසන පැවැති ප්‍රසංගයේදි ජිවිතෙ මුල්වරට මම සිංහබාහු චරිතය රංගනය කළා. වෘත්තීය නළුවෙක් නොවන නිසාවෙන් අඩු පාඩු ඇති .නමුත් මම මේ තුලින් මම බලාපොරොත්තු වෙන්නේ මගේ වටා ඉන්න සියලුම දෙනාට ශක්තියක් වෙන්න මේ වගේ අසනීප තත්වයක් තුළත් මට මෙහෙම දඟලලා නටන්න පුළුවන් නම් ඔබ ට මොනාද අඩු ඔබට මොනවද බැරි හිතන්න .

රංගනය ආලෝක කර ගැනීමට උපදෙස් දී වැරදි හැදූ ඕෂධි මිස් බොහොම ස්තූතියි .

ලස්සනට අලංකාර ඇඳුමක් නිර්මාණය කරලා දුන් රවි මගේ මල්ලිටත් ඟංගා අක්කාටත් හදවතින්ම ස්තූතියි.

මට මේක කරන්න පුළුවන් කියලා දිරිමත් කරපු සංගීතය කළ නෙහාරා මැඩම්ටත් හදවතින්ම ස්තූතියි .

පුරා දින දහයක් අපිත් එක්ක අපේ අම්මා වගේ අපෙ ලග හිටපු අතිරේක කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කුමුදුනී ද සිල්වා මැඩම්ටත් හදවතින්ම ස්තූතියි

ඒ වගේම මාත් එක්ක මෙච්චර දවස් ගත කළ මාගේ නවක විදුහල්පතිවරුන්ට මාව දිරිමත් කළ කල ඔබ සියලු සියලුදෙනාට ස්තුතියි.

මේ සියලු දේවල් වලට නොසැලෙන ශක්තිය වී අපව දිරිමත් කළ ගරු කලාප අධ්‍යපන අධ්‍යක්ෂක කුමුදිනී ඒකනායක මැතිණියට හදවතින්ම ස්තූතියි



No comments:

Post a Comment