2019/11/09

හෙද සහයක මහතෙක් සහ පැෂන් පෘට් දළු මැල්ලුම





මගේ කතාව 16 වෙනි කොටස .හුඟ දවසකින් ලියන්න ගත්තේ විදුහල්පති විභාගය සමත් වීමත් එක්ක ඒකෙ පුහුණුවීම් වලට නේවාසිකව නතර වෙන්න වුණා ඒ වගේම වැඩ ටිකක් අධික වුනා ඒකයි ලියන්න බැරි උනේ බැරි උනේ කෙසේ හෝ අද ලිපියක් ලියන්න තීරණය කළා මගේ ලිපි බලාගෙන ඉන්න අය වෙනුවෙන් ම

ගිය සැරේ ලිපියෙන් මං කිව්වේ මගේ ශල්‍යකර්මය කරන්න ගියත් රුධිර පීඩනය වැඩි වෙලා තිබ්බ නිසා ශල්‍ය කර්මය ශල්‍ය කර්මය සිදු නොකළ බවයි

ශල්‍යකර්මය කල්ගිය න නිසාත් මාගෙ රුධිර පීඩනය අඩු නොවුන නිසාත් එක දිගටම මා හට රෝහලේ නතර වී සිටින්නට සිදු වුණා .

මේ තත්ත්වය මත දාහත් වෙනි වාට්ටුවේ සිට මාව 55 වාට්ටුවට මාරු කළා .ඒත් රුධිර පීඩනය අඩු වුණේ නෑ.දිගින් දිගටම රුධිර පීඩනය වැඩි වුණා වෛද්‍යවරු හිතුවේ මම බයවෙලා කියලා ඇත්තටම මට කිසිම බයක් තිබුනෙ නෑ මං හරි ආසවෙන් හිටියෙන් ශල්‍ය කර්මය කරන්න ඒ වෙනකොට ඇතිවුණු තත්ත්වය මත මම මනසින් නම් ටිකක් කඩා වැටිලා හිටියා ඒ මගේ ශල්‍යකර්මය කරන්න බැරි වෙච්ච නිසා .

කෙසේ හෝ අධි රුධිර පීඩනයට දෙන සියලුම බෙහෙත් වර්ග මට දුන්නා රුධිර පීඩනය අඩු වුණේ නැහැ මගේ ඇස් රතු වෙලා තිබුණා ඔබ විශ්වාස කරන්ඩ මගේ රුධිර පීඩනය 260/160 ට ගිහින් තිබුණා මට ඇඳෙන් බිමට වත් බහින්න දුන්නෙ නැහැ .අවසානයේ දෙන්න පුළුවන් උපරිම බෙහෙත් පෙත්ත වන හයිඩ්‍රා ලසින් කියන බෙහෙත් පෙත්තක් දුන්නා .පැයෙන් පැය පැයෙන් පැය වගේ බෙහෙත් බොන්න තිබුණා ඒ හැමදේම මතක තියාගෙන මම බිව්වා ඒත් රුධිර පීඩනය අඩු වුණේ නෑ.

මේ වෙලාවේ නම් මං ගොඩක් කලකිරුනා ඔහොම ඉන්න ගමන් දවසක් හෙද සහයක මහතෙක් අසනීප වෙලා 55 වාට්ටුවේ නතර වුණා එයා මගෙන් ඇහුවා .

මොකක්ද මල්ලි ප්‍රශ්නේ .

මම කිව්වා .

අයියේ මම වකුගඩු බද්ධ කරන්න ආවේ ඒත් මගේ ප්‍රෙෂර් එක වැඩි නිසා වකුගඩු බද්ධ කළේ නැහැ දැන් දවස් පහළොවක් විතර ප්‍රෙෂර් වැඩියි මොකක් කරන්නද කියලා හිතා ගන්න බෑ

ඊට පස්සේ එයා මට කිව්වා passion fruit පැෂන් පෘට් දළු ටිකක් මැල්ලුම් හදලා කන්ඩ එතකොට ප්‍රෙෂර් අඩු වෙයි කියලා .

ඊට පස්සේ මම අක්කටයි බිරිඳටයි කියලා passion fruit දළු මැල්ලුමක් හදලා ගෙනල්ල කෑවා .පහුවදා වන වන විට මගේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමට ඇවිල්ල තිබුණා වෛද්‍යවරුන් පුදුම වුණා දවස් දෙකකට පස්සේ මගේ ටිකට් කපලා ගෙදර එව්වා.

හැබැයි මේක කියවන අය ටිකක් ප්‍රෙෂර් වැඩී උනා කියලා passionfruit දළු කන්න යන්න නං එපා මොකද ඒකට හිතාගන්න බැරි විදියට ප්‍රෙෂර් අඩු වෙලා ඔබේ මරණය පවා සිදු වෙන්න පුළුවන්.

කොහොමහරි රෝහලෙන් ටිකට් කපලා ඇවිල්ල දිගටම ඩයලසීස් කළා.හොඳින් බෙහෙත් අරගෙන රුධිර පීඩනය පාලනය කරගෙන හිටියා .

තව කාලයක් යනකොට මට ආයි වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මයටදිනයක් දුන්නා ඒ දිනය තමයි 2011 සැප්තැම්බර් 11

සුපුරුදු පරිදි සැප්තැම්බර් 05 වැනිදා මම 17 වාට්ටුවේ නතර වුණා .මගේ කරපු පරීක්ෂණ සියලුම දේ හොඳ පැත්තටයි තිබුණේ .මට වකුගඩුව දෙන්න හිටපු රුවන් මල්ලිත් නමවැනිදා දහඅට වාට්ටුවට ඇතුළත් වුණා .

ශල්‍යකර්මය කරන දිනයට පෙර දිනයේ මගේ පාසල් මිතුරෙක් වෙන රුවන් කියන මිත්‍රයා ඇවිල්ලා මාව රෝහලේ බෝධීන් වහන්සේ ළඟට එක්ක ගෙන ගොස් පැය තුනකට ආසන්න කාලයක් මං වෙනුවෙන් පිරිත් කිව්වා ඒක මට ලොකු ආශිර්වාදයක් වුණා මල්ලිවත් එතෙන්ට එක්කගෙන ගියා .

කෙසේ හෝ එකොළොස් වැනිදා පාන්දර සුපුරුදු පරිදි මාව අරගෙන නාවලා පෙර පරිදිම තුන් සැරයක් බෙටඩින් වලින් පිහදලා බෙටඩින් බාත් එක දුන්නා .

මේ සැරෙත් ශල්‍යකර්මය සිදු නො වෙයි කියන බයට පෙර දින රාත්‍රියේ දී මම passion frufruit දළු බිරිඳටයි අක්කටයි කියලා හදවගෙන ගෙනල්ලා කෑවා .

උදේ ශල්‍යකර්මයට අරගෙන බලන විට මගේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමේ තිබුණා ශල්‍යකර්මයට ගෙනියන මොහොතේ දී වැඩි හොඳට මම තියෙන ප්‍රෙෂර් පෙති බිව්වා

ශල්‍යකර්මය සඳහා මුලින්ම අරන් ගියේ මල්ලිව .මං දැක්කා මල්ලිව අරං යනවා සුදු ඇඳුම් අන්දලා .

ඊට පැය දෙකකට විතර පස්සේ මාව ලෑස්ති කරලා අරගෙන ටසම්පූර්ණයෙන්ම සුදු ඇඳුම් වලින් මගේ ඇඟ වහල තමයි ට්‍රොලියේ අරන් ගියේ විෂ්බීජ බින්දුවක්වත් එන්නැති වෙන්නයි එහෙම අරගෙන යන්නෙ කියලා මම දැනගත්තේ පස්සේ .

කොච්චර චන්ඩියා වගේ හිටියත් එවේලේ නම් පපුව හොඳටම ගැහෙන්න ගත්තා.

කරුණු එසේ වෙද්දී මාව කොහොම හරි ශල්‍යාගාරය වෙත රැගෙන ගියා .ශල්‍යගාරය ඇතුලට ගන්නකොට මල්ලිගෙ වකුගඩුව ඉවත් කරලා බඩේ කපපු තැනට මැහුම් දාන ගමන් හිටියේ

මල්ලි ඉන්න කාමරයට මෙහා පැත්තෙ කාමරේට මාව අරගෙන නිර්වින්දන වෛද්‍යවරයා මගෙන් ප්‍රශ්න ඇහුවා

ඔයාගෙ නම මොකද්ද .

W i m ප්‍රනාන්දු doctor

මොනාද රෑට කෑවේ

මොකුත් නෑ .

කෑම කෑවෙ නැත්තෙ කීයේ ඉඳලද .

ඊයේ රෑ දහයේ ඉඳලා doctor

කෑමට බෙහෙත් වලට මොන හරි පලු දානවා ද ඇලර්ජි මොනවා හරි තියෙනවද .

නැහැ ඩොක්ටර් .

බොරු දත් දාලා නෑ නේද

නැහැ ඩොක්ටර් .

යට ඇඳුම් ඇදලා සුර මොන හරි දාලද ඉන්නේ .

ඒව මොකුත් නැහැ doctor පිරිත්නූල් විතරයි බැඳල තියෙන්නෙ .

හරි ඔයා බයවෙන්න එපා අපි ඔයාගේ බෙල්ලෙන් පොඩි බටයක් දානවා ඔයාට මේ බෙහෙත් එන්නත් දෙන්න පහසු වෙන්න තමයි එක කරන්නෙ

හොඳයි ඩොක්ටර්

ඉන්පසු මාගේ මූණ වහලා බෙල්ලේ නහරෙකට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා දැනුනා හිරි වැටෙන්න ඉන්පසු යම්කිසි බටයක් ඇතුළු කරනවා මට දැනුනා.

මගේ බටේ දාලා ඉවර වෙනකොට මල්ලිව තියටර් එකෙන් එළියට ගත්තා .

ඉන්පසු මාව ප්‍රධාන ශල්‍යගාරය ඇතුළට ගත්තා මෙන්න මේ වෙලාවෙ නම් බය ටිකක් වැඩි උනා ඒත් මගේ රුධිර පීඩනය සාමාන්‍ය මට්ටමින් තිබුණා.

මාව ශල්‍යාගාරයේ ඇතුලට අරගෙන මගේ සුදු ෂර්ට් එක ගැලෙව්වා ඉන් පසු පපුව දෙපැත්තට එහි Ecg ගහන්න පුළුවන් වෙන ස්ටිකර් ඇලෙව්වා .

එහෙමබ්කරලා මගෙ අත් දෙක දෙපැත්තට දාලා ඩයලසීස් කරන අත කුමක්ද කියලා ඇහුවා ඊට පස්සේ ඒක වෙන ම ආවරණය කළා ඩයලසීස් නොකරන අතට ප්‍රෙෂර් කෆ් එක දැම්මා .

ඉන්පසු ප්‍රධාන ශල්‍ය වෛද්‍ය වරයා ඇවිල්ලා පෙර පරිදිම මගෙන් ප්‍රශ්න කළා .

ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මගේ මුහුනට මාස්ක් එකක් ඇල්ලුවා ඒකෙන් හොඳට උස්ම ගන්න කිව්වා අත ශීතල වෙයි පොඩි දැවිල්ලක් එයි ඒකට බය වෙන්න එපා කිව්වා .

එහෙම කියලා මගේ මගෙ අතට දාලා තිබුන කටුවෙන් යම්කිසි දියරයක් විදිනවා මට දැනුනා ඒ එක්කම අත සීතල වෙලා චූටි දැවිල්ලක් ආවා මගේ නම අහනවා විතරයි මට මතක ඊට පස්සේ මම සිහින ලෝකෙක පාවෙලා යනවා දැනුනා .

නින්දකින් නැගිටිනවා වගේ මට මතකයි ඒ එක්කම උදරයේ දකුණු පැත්තෙන් ලොකු වේදනාවක් ආවා මං කෙඳිරිගෑවා මේ කොහෙද ඉන්නේ කියලා .

එ සමගම කාරුණික හෙද හෙද නිළධාරී මහත්මයෙකු ගේ හඬ මගෙ සවන් වැකුණ
.
මිස්ටර් ෆර්නෑන්ඩු බයවෙන්න එපා ඔයාගේ ඔපරේෂන් එක සාර්ථකයි හොඳට urine output එක තියෙනවා මට එච්චරයි මතක මතක ආයි එනතක් දුන්නා මට නින්ද ගියා .

නැවත රාත්‍රි 2.00 ට විතර මට ඇහැරුනා .එතනින් පස්සෙ නම් නින්ද ගියේ නෑ උදරයේ පොඩි වේදනාවක් තිබුණා .හැබැයි ඒත් මට ලොකු සතුටකුත් තිබුණා මුත්‍රා පිට වෙලා දැන මට වතුර ටිකක් සතුටින් බොන්න පුළුවන් නේද කියලා .

පාන්දර 3ට විතර හිටපු කරුණාවන්ත මිස් කෙනෙක් මට ජලය ස්වල්පයක් පානය කරන්න දුන්නා . එයා මට කිව්වා .

ඔයා මාර ළමයෙක්නේ වෙන අයනම් හොඳටම නිදියනවා ඔයා නිදාගන්නෙ නැද්ද .

අනේ මන්ද මිස් මට නින්ද යන්නෙ නැහැ නේ .

ඔයා දන්නේ නැති වුණාට ඔයා ලොකු පිම්මක් පැනලා ඉන්නේ ඒක නිසා නිදා ගන්න බලන්න .

ඇයි මිස් ඔපරේෂන් එකෙන් මොකක් හරි ප්‍රශ්නයක් උනාද .

ඒක උදේට ඔයාගේ ඩොක්ටර් කියයි .

කෙසේ හෝ උදේ වෙනකන් නින්දත් නොනින්දත් අතර තමයි මං කල් ගෙව්වේ .

උදේ රිකවරි යුනිට් එක එහේම නැත්නම් අයි සී යූ එක (දැඩ් සත්කාර එකකය)හරිම කලබලයි හැම හෙදියක්ම තමං බලන රෝගීන්ගේ දත කට මැදලා මූණ හෝදලා ඇඟ හෝදලා එයාලට අලුත් ඇඳුම් අන්දනවා .

මාව බලන්න හිටපු කාරුණික හෙද නිලධාරී තුමියත් මගේ දත කට මැදලා මුහුණ හෝදලා .
පුයර දාලා ඕඩිකොලොන් දාලා ලෑස්ති කළා .

උදේ පාන්දරම තේ එකක් අරගෙන බිරිඳ ආවා එයාට තේ පොවන්න අවසර දුන්නාන්මන් දැක්කා බිරිඳගේ මුහුණ සතුටින් පිරිලා තියෙනවා .

තේ බීපු ගමන් මං එයාගෙන් ඇහුවා .

නෝනා මල්ලිව බලන්න ගියා ද .

නෑ අයියේ මං දැන් යන්නම් .

මීට පස්සේ මාව නෙමෙයි නෝනා. ඉස්සෙල්ලම මල්ලිව බලන්න .

අනික මිනිහා ගෙදර යන්න ලෑස්ති වෙයි යවන්න එපා අපේ ගෙදර තියාගන්න ටිකට් කැපුවට පස්සේ .

හරි හරි අයියේ මං ඒවා කරන්නං ඉස්සෙල්ලා ඔයා දැන් හොඳ වෙලා ඉන්නකෝ .

බිරිඳ ඉන්න අතරතුර ම මගෙ ප්‍රධාන වෛද්‍ය ඒ එල් එම් නාසර් මහත්මයාගේ පැත්තේ ප්‍රියන්ති කියන වෛද්‍ය තුමිය මාව බලන්න ආවා .

ඇය ඉතාමත් සිනහ මුසු මුහුනින් පැමිණ මගේ වාර්තා සියල්ල බලලා

ඔයාගේ වකුගඩුව නම් හොදටම හොදයි හොඳටම හොඳට ඇගට අල්ලලා තියෙනවා .
කොහොමද රෑ හොඳට නින්ද ගියාද.

අනේ නෑ doctor දෙකේ ඉඳලම නැගිටලා .ඒ මාව බලන්න හිටපු හෙද නිලධාරී තුමිය ගේ හඬයි .

හා එහෙම ද ඔපරේෂන් එකේදිත් මෙයාලොකු අඩව්වක් ඇල්ලුවනේ.

ඇයි doctor operation එකේදි මොනවාද උනේ .

ඔයාගේ ප්‍රෙෂර් එක හොඳටම අඩු වුණා බොහොම අමාරුවෙන් තමයි ඔයාට සිහිය ගත්තේ .

අපි හැමෝම බය වුණා ඔයාගේ පෙර පිනකට ඔයා ගොඩ ආවෙ.මං හිතන්නේ ඔයාගේ වයිෆ්ගෙ පිනට වෙන්නේ .

එහෙම වෙන්න ඇති doctor .

එහෙම ප්‍රෙෂර් අඩු වෙන්නේ ඇයි ඩොක්ටර්

එක තමයි අපිටත් හිතාගන්න බැහැ එහෙම වෙන්න විදිහක් නෑ ඔයාගෙ ගොඩක් ලේ ගියේත් නැහැ .

හැබැයි ඩොක්ටර් ඔපරේෂන් එකට ඉස්සෙල්ලා මම අර හයිඩ්‍ර්ලසින් පෙත්තක් බිව්වා .

කාගෙන් අහාලද එ පණ්ඩිත වැඩෙ කලේ.

ඒක උදේට බොන්න තිබුණනෙ ඩොක්ටර් ඉතින් ප්‍රෙෂර් බැලුවට පස්සේ ඒක බිව්වා .

ළමයො එක බොන්න කියල තියෙන්නෙ ප්‍රෙෂර් වැඩි නම් විතරයි ඔයා මේයා pressure normal තියේද්දි එක බීලනෙ.එක තමයි ඔයාට ගොඩක් අමාරු උනෙ .

කමක් නැහැ දැන් වෙන්නබ්ඕනෑ දේ වෙලා ඉවරයි මීට පස්සේ වෛද්‍යවරයෙක් කියන්නැතුව කිසිම දෙයක් බොන්න එපා .

අනේ ඩොක්ටර් මට සමාවෙන්න මං දන්නේ නැතුව බිව්වෙ .

මගෙන් සමාව ඉල්ලලා වැඩක් නෑනෙ ඔයාගෙ ජීවිතයට මොන හරි උනානං අපි කිසි කෙනෙකුට මුකුත් කරන්න බෑනේ අර වකුගඩුව දීපු මනුෂ්‍යයත් අපරාදේ නේද .

ඔව් ඩොක්ටර් ඒක මට තේරෙනවා

ඔයාට සැරෙන් සැරේ වේදනාවෙ එයි බඩ කපලා නේ තියෙන්නෙ .ඔයාට වේදනා වෙන වෙලාවට මිස්ලා මෝෆීන් දේයි.දැන් නිදි යන්න බලන්න .

උදේ නවයට විතර ශල්‍යකර්මය කරපු වෛද්‍යවරයා ආවා ...

මිස්ටර් ප්‍රනාන්දු කොහොමද .

හොඳයි සර් හොඳින් ඉන්නවා .

හොඳයි තමයි එලොව ගිහින් මෙලොව ආවා අපි හැමෝම බය වෙලා හිටියේ .
ඔයාගේ වකුගඩුව හරිම හොඳයි ඒක හොඳට වැඩ හොඳ වකුගඩුවක් ඔපරේෂන් එක සියයට සියයක් සාර්ථකයි මුත්‍රා හොඳට යනවා .

ඔය මූණ පොඩ්ඩක් නිල් වෙලා තියෙන එක එච්චර හිතන්න එපා අපි ඔයාට සිහිය ගන්න ටිකක් තට්ටු කරපුවට තමයි ඔය නිල් වෙලා තියෙන්නේ ඒක ටික දවසකින් ඇරිලා යයි .

ඩොක්ටර් මට වකුගඩුව දීපු මල්ලි හොඳින් ඉන්නවා නේද .

ඔව් එයා හොඳින් ඉන්නවා හොඳටම ඉන්නවා .

මට ඒ මල්ලිව බලන්න බැරිද.

අද නෙමෙයි හෙට මල්ලිව එක්කං එයි එතකොට බලන්න .

ඔයාට බඩේ කැක්කුමක් එහෙම තියෙනවද

පොඩි කැක්කුමක් එනවා ඩොක්ටර් එච්චර ලොකුවට නෑ .

ඇඳෙන් නැගිටින්න පුළුවන් ද

පුළුවන් doctor .

එහෙනම් මගේ අත අල්ලන් දැන් නැගිටින්න .

මට තනියම පුළුවන් ඩොක්ටර් මං තනියෙන් නැගිටින්නම්.

එහේම කියලා අමාරුවෙන් ඇඳෙ වාඩි උනා
එතකොට තමයි මම දැක්කෙ ගහාලා තියෙන බට එහේම.

ඔයා හොඳ යකඩ මිනිහෙක් වෙන අය ඇඳෙන් නැගිටින්නවත් නෑ ඒ අතින් ඔයා මරු .

ඕනෙ නම් බිමට බහින්නත් පුළුවන් ඩොක්ටර් .

ඕනෙ නෑ ඕනේ නෑ ඔයා බිමට බැස්සොත් මිස්ලා දුවයි .

අප්පා එතකොට එතකොටයි මම දැක්කේ මට බ්ලැන්කට් එක පොරවලා තිබ්බට ඇඟේ කිසිම නූල්පටක්වත් නෑ කියලා.එවෙලේ තමයි ලැජ්ජා හිතුණේ .

වෛද්‍යවරයා ගියාට පස්සේ මට ටිකක් නින්ද ගියා .
දවල් සීතල අතක පහාසකින් මම නැගිට්ටා .
බිරිඳයී අක්කයි මාව බලන්න ඇවිත් හිටියා .

මට තාම දියර ජාති විතරයි බොන්න දේන්නෙ.

බිරිඳ මට යමක් පෙන්නුවා මං බැලුවා දැඩි සත්කාර ඒකකයේ වීදුරුවෙන් එහා පැත්තේ ඉඳගෙන අනේ මගේ පාසලේ ගුරුවරු බොහෝ දෙනෙක් ඇවිල්ලා මං දිහා බලාගෙන හිටියා .මේ වෙනුවෙන් අමගෙ ඇස්වල කඳුළු පිරුණා මේ රත්තරන් ගුරුවරුන් නොසිටින්න මේ රත්තරන් වකුගඩුව දීපු මල්ලී නොසිටින්න මට මොනවා වෙන්න වෙන්න තිබුණ ද ..

හවස පහට විතර බිරිඳ එනවිටම මල්ලි වත් එක්කගෙන ඇවිල්ලා තිබුණා. රෝදපුටුවක දාල මගේ ලගට එක්කගෙන ආවා .

එබ්අවස්ථාව හරිම සංවේදී වුනා මට දැන් පවා එ අවස්ථාව මතක් කරද්දි ඇස් වලට කඳුළු පිරෙනවා .

මල්ලි මගෙ ලඟට ඇවිල්ල මගේ අත් දෙක අල්ලගත්තා ...

මගේ අයියේ මම පරිස්සම් කරගත්ත වකුගඩුවක් ඔයාට දුන්නා ඒක ඔයාට හොඳට ඇඟට අල්ලලා මේක පරිස්සම් කර ගන්න .

මගෙ රත්තරං මල්ලියා මල්ලියේ උඹට ජාති ජාතිත් පිං මගේ ජීවිතය බේර ගත්තට .
.
මෙතනින් එහාට අද නම් මට ලියන්න අමාරුයි ඊළඟ දවසේ ආයේ ලියන්නම්.

No comments:

Post a Comment