2019/11/09

යන්තර මන්තර තෙල් සාත්තු


මේ දවස්වල ලිවීමට තරම් ලොකු ශක්තිය ක් නැහැ එත් මට කතා කරන මැසෙජ් කරණ බොහො දෙනා මගෙ කතාවෙ ඉතිරි කොටස් ලියන්න කියලා ඉල්ලීම් කරනවා.
විශේෂයෙන්ම
මේ රෝගයෙන් පෙළෙන බොහෝ දෙනා ඔහුන්ට ශක්තිමත් වීමට මගෙ කතාව ඉකමනින් ලියන්න කියලා ඉල්ලීම් කරනවා
ඇත්තටම මගෙ ලඟ හිටපු අය පණක් දැනගෙන හිටපු මගෙ ජිවිත කතාවට මෙච්චර පිරිසක් ආදරය කරයි කියලා මට හිතුනෙ නැහැ .
ඔබගෙ දිරිගැන්වීම සහා ඔබ සැමගෙන් නොඅඩුව ලැබෙන ආදරය නිසා කොච්චර අමාරු උනත් නව ජවයකින් ලිවීම ආරම්භ කරන්නට හිතුනා දැන් වෙලාව රාත්‍රී 10 යි මේක ලියලා ඉවර වෙද්දි කීය වෙයිද කියන්න මම දන්නෙ නැහැ එත් පුළුවන් ප්‍රමාණය ලියන්නම්.
මේරි ආච්චි සොයා යෑම ඔබට කියන බවට මා ගියවර ලිපියේ අවසනට පොරොන්දු උනා .මෙ එ කතාව
රෝහලේ දි මුණ ගැහැනු අක්කා කිවුව තොරතුරු වලට අනුව මම එවකට මා සතුව තිබුන බොක්සර් වර්ගයේ යතුරු පැදියෙන් ඊට පසුදාම උදෙ ට විතර මම පුත්තලමේ මදුරම්කුලිය බලා පිටත් වුනා .
වත්තල ,සීදුව ,කටුනායක .මීගමුව ,හලාවත පහුකරලා මදුරම්කුලියේන් හැරිලා තෝඩුවාට ගියා යන මග දෙපසම තිබුනෙ පොල් වතු .සරු පොල් පලදාවක් දක්නට ලැබෙන්නෙ පොල් සඳාහාම හරියන වැලි සහිත පස නිසා වෙන්න ඇති
දැඩි අයාසයකිම් තොරවම පල්ලියට එහා පැත්තෙ තිබුන ගේ හොයාගත්තා
මුහුදු වෙරළට ආසන්නව නිවස සාදා තිබු අතර නිවස වටා තාප්පය වෙනුවට තිබුනෙ පොල් අතු අතුරායා සමහාර තැනක ධීවර දැල් ඇද තිබෙනු දක්නට ලැබෙ
මෙ අතරින් නම අහාගෙන මම මේරී අච්ච් ගෙ නිවසට ඇතුල්වුණා .සුදු කෙට්ටු ප්‍රිය මනාම මවක් පෙට්ටි සුරුට්ටුවක් පත්තු කර එය බොන ගමන් හිටියා.
අම්මා කවුද මේරි ආච්චි කියන්නෙ
ඇයි පුතෙ මම තමයි මොකටද ආවෙ
අම්මා මට වකුගඩු අමාරුව තියෙනවා බෙහෙත් කරන්න ආවෙ
අයියෝ පුතෙ අදනම් බෙහෙත් කරලා ඉවරයි.අවාට ගියාට බෙහෙත් කරන්න බැහැ හොඳට ඇඟ අත ගාලයි කරන්න ඔනේ.
අනෙ අම්මේ මම ආවේ කොළඹ ඉඳලා.
කොහෙ ඉඳලා ආවත් දැන් කරන්න බැහැ හෙටත් මම නැහැ පුතෙ අනිද්දා උදේම එන්න.
එ එක්කම තරුණ පහෙ ගෑනු කෙනෙක් පැමිණ මගෙන් විස්තර ඇහුවා
මම විස්තරය කිවුවාට පසු ඇයත් මේරී ආච්චි ට කතාකලා.
පවුනෙ අම්මෙ දුර ඉඳලානෙ ඇවිත් තියෙන්නේ බෙහෙත් ටික කරමු .
උඹට පිස්සුද උඹ කියන විදිහට මේවා කරන්න බැහැ එවාට වෙලාවක් කලාවක් තියෙනවා ඔය දරුවා ගිහින් අනිද්දා උදේ එන්න .එනකොට සරමකුත් අරගෙන එන්න
බලාපොරොත්තු කඩ කරගෙන හිස් අතින කොළඹ ආවා එන්න කියපු දවසෙ මම පාන්දර තුනට නැගිටලා .හතර වෙද්දි පිටත් උණා එළිය වැටෙන විට තෝඩුවාවට ආවා.
අද මම පලවෙනියා.මම ගියාට පසුව තවත් රෝගින් පහාක් විතර ආවා මෙරි ආච්චි ඇවිත් මුලින්ම මාව නිවසෙ කාමරයකය එක්කගෙන ගියා එතන් පොල්තෙල් පහානක් දල්වා තිබුන.
සරම ඇඳගන්න පුතෙ කිවුවා.
සරම ඇඳගත්තාට පසුව ඇඳෙ නිදිකරවා
අර පත්තු කරලා තිබුන පහානෙන් තෙල් අරගෙ මගෙ පපුව හරහා කුරුසය වගෙ ඇන්දා එහේම කරලා බඩ තුනටිය දැපැත්ත හොඳ ට තෙල් ගාලා ඇද්දා හරීම සනීපයක් දැනුනා.
ඇග තෙල් දාලා අතගාලා ඉවරවෙලා කකුල් වල තෙල් ගාන්න ගත්තා කකුල් දෙකෙ ඉකිලි ප්‍රදේශයේ තෙල්ගාලා ඇදපු ඇදිල්ලට ඇත්තටම මුත්‍රා බර හැදුනා එච්චරට ලොකු වේදනවක් ආවා
තෙල් සාත්තුවෙන් පසුව මට කතාකරලා.
පුතෙ මගෙ පොඩි දුවට කුඩා කාලෙ වකුගඩු අමාරුව හැදිලා මං හලාවත ඉස්පිරිතාලෙ තියාගෙන හිටියා කෙල්ල එන්න එන්න ඉදමුණා මට කිසිම නින්දක් නැහැ දුවට හොඳටම අමාරුවුනා මගෙ ඇඟේ අමාරුවට මට නින්ද ගියා.මගෙ මලගිය අක්කා.මෙ දුවගෙ නැන්දා සිහිනෙන් මට බෙහෙතක් කිවුවා.එ විශ්වාසය ට මම දුවව අරගෙන ගෙදර ආවා.දුව අරගෙන එන්න දොස්තරලා ඉඩ දුන්නෙ නැහැ දරුවා මැරුනොත් මාව පොලිසියට ගෙනියනවා කිවුවා.ඔය එහෙම ගෙනැල්ලා බෙහෙත් කරපු දරුවා තමයි දැන් බෙහෙත් හදාගෙන එන්නෙ හෙට අනින්දා බඳින්න ඉන්නෙ .
පුතෙ දැන් මේ බේහේත පුතාට බොන්න දෙනවා.එක බිලා අපෙ මියගිය කෙනාට පුතාගෙ ආගමෙ විදිහට උදෙ හවස පිං දෙන්න.දැන්ම ඇඳෙන් බහින්න එපා ඇවිදින්න අමරු වෙයි.
අම්මා මෙ බෙහෙත්වල ට කන්න හොඳ නැත්තෙ මොනවද.
තක්කාලී ,හරක් මස්,පාන් පිටි ජාති ,මුරුංගා විතරයි ,කන්න හොඳ නැත්තෙ වෙන ඔනෑම දෙයක් කන්න.
අච්ච් එළියට ගිය ගමන් මම නැගිට්ටා විතරයි .කපා හෙලු කෙසෙල් කඳක් වගෙ ඇදගෙන වැටුනා යාන්තම් දෙතුන් දෙනෙක් ඇවිත් උස්සලා ඇඳෙන් තිබ්බා.
පස්සෙ හවසත් අරවගෙ අතගාලා බෙහෙත් බොන්න දුන්නා.එනකොට තව බෝතලයකට බෙහෙත් දුන්නා උදේට බොන්න කියාලා .
ගාන කියද අම්මෙ .
අනෙ පුතෙ සල්ලි ගන්නෙ නැහැ කැමති ගානක් දීලා යන්න
මම මුදලක් අතට දීල ගෙදර ඇවිත් පහුවෙනිදා උදේ එ දීලා තිබුන මුරුංගා ගහෙ පස් පංගුවෙන් හදාපු බෙහේත් බිවුවා .සති දෙක තුනක් කලා ලෙඩෙ වැඩිත් නැති අඩුත් නැති මට්ටමට තිබුනා.
ඔය අතරෙ මගෙ අම්මා සාස්තර කියන තැනක් පිළිබඳව මට කිවුවා එ රත්නපුරෙ රත්ගම .ගෑනු කෙනෙක් ගැන එතනට ගිහිං බලන්නත් තීරණය කළා .
කෙලින්ම එහෙ යන්නෙ නැතිව රත්නපුරෙ කොස්පැලවින්නෙ ඉන්න ඇන්ටිලාගෙ ගෙදර ගියා එ ගෙදර ඇන්ටියි අන්කලුයි මගෙ අම්මයි තාත්තයි වගෙ.අන්කල් තමයි මගෙ විවහයේදි මගෙ තාත්තා වගෙ පෝරුවට නැග්ගුවෙ .
මගෙ තාත්තා මා ඉපදෙනකොටම නැති වී ඇති නිසා මම කවදාවත් තාත්තා ව දැකලා එ උණුසුම විඳලා නැහැ .වයසින් මුහුකුරා යද්දි තාත්තා නැති අඩුව හොදින් ම දැනුනා කෙසෙ හෝ මම තාත්තා කෙනෙකුගෙ සියලුම ලක්ෂණ රත්නපුරෙ අන්කල්ගෙන් දැක්කා ගෑහෑනු ළමයි දෙන්නෙක් හිටිය නිසාද කොහෙද අන්කල් මට ගොඩාක් ආදරෙයි .
අක්කලා දෙන්නා බැඳලා ඉන්න ලොකු අයියත් සම්පතුත් මට අදටත් සලකන්නෙ තමන්ගෙ සහෝදරයෙකුට වගෙ ඉතිං එහෙ නතරවෙලා ඉඳලා දවල් කෑම කාලා තැන හොයාගන්න සමපත් එක්ක ගියා යන්න ගමන හරීම සුන්දරයි වේවැල්වත්ත පහුකලාම මනරම් කඳු පංතියක් හමුවෙනවා හරීම ලස්සය. තෙ වතු මැදින් මග ගෙව කඳු පල්ලම් බැස අදාල.තැන සොයාගෙන එයා වැඩකරන දවස් ඇහුවා
පහුවෙදා කෙම්මුර දවසෙ වැඩකරනවා කිවුවා
එනවානම් උදෙන්ම ඇවිත් නොම්මරයක් ගන්න කිවුවා සම්පත්ගෙ රැකියාව මංගල ජායාරූප කරණය සමපත්ට පහුවෙනිදා මංගල උත්සවයක් ජායාරූප ගන්න තිබුන නිසා මට තනියම ගමන යන්න සිදුවුනා.
උදේම ගිහින් නොම්මරයක් අරගෙන මගෙ අවස්ථාවෙදි.බුලත් අතක් එක්ක රුපියල් 108 ක් තියලා සාස්තර ය ඇහුවා ඔන්න එක එක එවා කියලා
උඹට තියෙන්නේ රුධිර ගත ප්‍රශ්නයක් බඩට යමක් දීලා තියෙනවා හොද්දකට දාලා .අපලයක් තියෙනවා ශනි මුර්තුංජය යන්ත්‍රය දාන්න ඔනෙ.ඇඟෙ තියෙන එක අයින් කරන්න විෂ්ණු ,කතරගම,සමන් දෙවියන්ට පත්තිනි මෑණියන්ට පලතුරු පුජාවල් තියන්න ඔනේ කැවිලිත් එක්ක කරන්න පුළුවන් ද
කීයක් විතර යයිද මම සල්ලි ගන්නනෙ නැහැ යන්තරෙ හදලා තියන්නම්.මගෙන්ම කරගන්න ඔනේ නැහැ ඔයා දන්න හොඳ ඔනෑම කෙනෙක්ගෙන් කරගන්න අමාරු නම් බඩු ටික අරගෙන එන්න ඉතුරු ටික.මම.කරලා දෙන්නම් .
ඔන්න සති දෙකකට විතර පස්සෙ කියපු විදිහට ඔක්කෝම කලා .යන්ත්‍ර දාලත් සහානයක් නැහැ.
එතනින් කිවුවා හීං බෝවිටියා කැඳ බොන්න කියලා එකත් කලා.
ඊට පස්සෙ රුවවැල්ලෙ ඉන්න නැන්දා කියලා අඟුරුවැල්ලෙ කපු මහාත්මයයෙක් හම්බවෙන්න ගියා.එයාත් කිවුවෙ බඩෙ දීපු දෙයක් තියෙනවා අරන්දාන්න ඔනේ කියලා
ඔන්න එකත් කලා.එතනින් කිවුවා බඳුරා ගොටුවල වතුර බොන්න කියලා ටික දවසකින් බලද්දි රෝගය සුව අතට හැරිලා වගෙ තිබුනා ආයි ටික දවසකින් බලද්දී පරණ තත්වයමයි.අපරාදෙ සල්ලි.
ඔය කාලය තුලදි විදුහල්පති තුමාගෙ කැමැත්ත ඇතිව පාසල තුල ක්‍රිකට් කණ්ඩායමක් හදන්න මට හැකියාව ලැබෙනවා අපේ පාසලෙ තිබුනෙ සැහැල්ලු පන්දු ක්‍රිකට විතරයි මුලිනම 13 පහාල.ලෙදර් කණඩායමක් බිහිකරන්න මට හැකිවෙනවා.
පසුව මට ගොඩාක් අමාරුවෙල මොකුත්ම කරන්න බැරිව ඉන්නකොට අපෙ පාසලේ භාග්‍ය මිස් මම කියන්නෙ අක්කා කියලා
භාග්‍යා අක්කා ක්‍රිකට් කණ්ඩායම බාරගෙන ඉතාමත්ම හොදින් හදලා ආර් ප්‍රේමදාස එකෙ බ්ග් මැච් ගහාන තැනට අපෙ ළමයි ගෙනැල්ලා ප්‍රේමදාස එකෙ බිග් මැච් දෙකක් ගැහුවා.
ඊට පස්සෙ දිවයින පත්තෙරෙන් දැකලා මිනුවන්ගොඩ පැත්තෙ බෝධි පුජාවෙන් ලෙඩ හොඳ කරන තැනකට ගියා. ගිය ගමඅ හිතුනා මේක හරියන්නෙ නැහැ කියාලා.ගෙදර ආවා
මේ කාලයේ පාසල් ක්‍රිඩා උත්සවයට සියල්ල ලෑස්තිවන සමය.අපෙ පිරිමි ගුරුවරුන් ළමයි එක්ක යනවා තරග සඳහා ළමුන් තෝරාගන්නවා ඔය අතරෙ ආගිය තොරතුරු කතා කර කර ඉන්න ගමන් නාලක කියන ඉංග්‍රීසි උගන්වන් සර්ට ලෙඩෙ ගැන කිවුවා.
ඉන්දුක උඹට වගෙ නොවෙයි මගෙ අක්කා බැඳලා ඉන්න අයියට හොඳටම දියවැඩියාව තියෙනවා මිනිහා දඹුල්ලේ කණ්ඩලමෙ වෙද මහාත්තයෙක්ගෙන් බෙහෙත් කරනවා දැන් රීපොට් ටිකක හොඳ අතට හැරිලා අද ඉස්කොලේ ඇරිලා යමන් මම පෙන්නන්නම්.
ඔක සිංහල බෙහෙත් නම් මම අනුමත කරන්නෙ නැහැ මොකද ඔය අරිෂ්ට කල්ක ජාතිවලට ලිවර් එකත ඩැමෙජ් වෙන්න පුළුවන් එ අපෙ විද්‍යාව කරන සංජිව සරගෙ උපදෙස්
අනෙ මේ සංජීව උඹ කටවහාගෙන් ඉඳපන් නාලක සර් හවස යමු තැන කියපන් ගිහින් බලන්න.
හවස නාලක සර් එක්ක ගිහින් විස්තර බලලා ඇවිත් බිරිද ට කිවුවා පහුවෙනිදා ම
Fbc
EGFR
SE
Ufr
කරලා එ රිපොට් අරගත්තා පාන්දර 6 ට දඹුල්ලේ යන්න අපි රෑ අටට විතර පිළියන්දල මකුළුදූවෙ අපි හිටිය නිවසෙන් පිටවෙලා බිරිදගෙ මරදානේ ඉන්න නැන්දා කෙනෙකුගෙ ගෙදර ඉඳලා කොටුවට ඇවිත් රෑ දෙකට අනුරාධපුර යන බස් එකෙ නැගලා.ගිහින් දඹුල්ලේන් බැහැලා ත්‍රීවිල් එකක කණඩලමට ගියා..
කණ්ඩලමෙන් මොකද වුනේ වෙන දවසක ලියන්නම්.




2 comments:

  1. නොමිලේ මන්තර ගුරුකම් මෙන්න
    WORDS HERE

    ReplyDelete
  2. නොමිලේ මන්තර ගුරුකම් මෙන්න
    මෙතනින් යන්න Click Here

    ReplyDelete