2019/11/09

රුධිර පීඩනය අඩුවෙලා හොඳටම අමාරු උන දවසක




අදත් සුපුරුදු පරිදි ඩයලසිස් ආවා.ටිකක් විතර ඇගට අමාරුයි.මොකද දවස් දෙකක වෙහෙසකර ගමනිකින් පසුවයි අද ඩයලසිස් එකකරන්න ආවේ.
මගෙ අයියා සහා ඔහුගෙ දරුවන් තිදෙනා සමග.දින දෙකක චාරීකාවක් ,කතරගම හරහ නුවරඑළියේ ගතකර ඊයේ රාත්‍රී 11.30 විතර තමයි ගෙදර ආවෙ.මුළු ගමනෙ දුර 697 km ප්‍රමාණයක් මෙ මුළු දුර ප්‍රමාණය ම ඇල්ටෝ කාර් රථය පදවාගෙන ගියේ මම එක නිසා ගමන් මහාන්සි ය ටිකක් වැඩියි.
දැන් ඔබ බලයි මම ඇයි මේක කියන්නෙ කියලා.මේකට හේතුව තමයි අපෙ අය පුංච් ලෙඩක් හැදුනත් ජිවිතෙ අත් හරිනවා ඔනෑ තරම් ජිවිතෙ ජයගන්න
හිත හදාගන්න ,විනෝද වෙන්න මාර්ග තියෙද්දි මට බැහැ ,මම දැන් ලෙඩෙක්,මං ගියොත් අනිත් අයට කරදරයි. කියලා හිතලා ගෙදරට ම කොටුවෙලා මානසිකව විඳවමින් ජිවත් වෙනවා.
එහේම හිටියාම ලෙඩ සුව වෙනවද නැහැ
මම දකින හැටියට ඔනෑම රෝගයක් සුව වීමට නම් මුලින්ම බෙහෙත් කල යුක්තෙ අපෙ මනසටයි.මනස නිරෝගී නම් ඔනෑම රෝගයක භාගයක් ම හොඳයී
ඉතිං එක නිසා මම නිතරම මනස වෙනස් කරගන්න බලනවා.සමහර විට රෝගිවෙලා මුදල් මොකුත් නැතිව ඉන්න කෙනෙක් හිතයි.මෙයා මෙහේම කිවුවාට අපි කොහොමද එහේ මෙහෙ යන්නේ කියලා
ඇත්තටම මම යන ගොඩාක් ගමන් බිමන් මම යන්නෙ ලොකුවට සල්ලි වියදම් කරලා නොවෙයි .සමහර ගමන් බිමන් ගිහින් තියෙනවා අතෙ රුපියලක්වත් නැතිව.එහේම හරි යන්නේ මට මගෙ හිත සතුටින් තියන්න ඔනේ නිසා.
දැන් මේහේම කිවුවාට මේක බලන රෝග පීඩා තියෙන අය එහේ මෙහේ යන්න දඟලන්න එපා.මොකද නිතරම කොහේහරි යන්න ඉසෙල්ලා බලන්න මේ ගමන යන්න ඔයා 100% මනිසින් මෙන්ම ශාරීරිකව යෝග්‍ය තත්ත්වයේ ඉන්නවද කියලා.එසේම කොහෙහරි කෙටිගමනක් යාමට හරි එළියට බැසීමට පෙර.
තමාගෙ රෝගය වෙනුවෙන් භාවීතා කරන බෙහෙත් ටික ගත්තාද.?
සායනික පොත ගත්තාද ?.
හදිසියක් උනොත් ලඟම තියෙන රෝහල කුමක්ද?
මගේ රෝගි තත්ත්වය ගැන දන්න කවුද මෙ ගමන යන්නෙ.
හදිසි තත්වයකදි රෝහල් ගත් වීමට සිදූ වුවහොත් එ සඳහ වුවමන ඇඳුම් පැළදුම් සහිත බෑගයක් .
වකුගඩු රෝගියෙක් නම් ඩයලසිස් කරන රජයේ රෝහල්,පෞද්ගලික රෝහල් මොනවාද?
අපි යන ගමන් මාර්ගයේ රෝහල් තියේනවද?
ඉක්මනින්ම රෝහල් වෙත ලඟාවිය හැකි විකල්ප ප්‍රවාහන ක්‍රම මොනවද ? මේ පිළිබඳව දැනුත්නම් බය නැතිව ඔනෑම ගමනක් යන්න පුළුවන් .
දැන්නම් 1990 සුව සැරිය ගිලන් රථ සේවාව තියෙන නිසා ඔනෑම තැනක බය නැතිව යන්න පුළුවන් .1990 ගැන කතාකල නිසාම එ ගැනත් ටිකක් කියලා යන්නම්.
මට දවසක් ගෙදරදි මගෙ රුධිර පීඩනය අඩුවෙලා හොඳටම අමාරු උනා අමාරුවෙන් 1990 කතා කලා විනාඩි පහාක් ඇතුලත නිවසටම ඇවිත් මාව අරගෙන අවශ්‍ය ප්‍රතීකාර දීලා ලගම රෝහලට ඇතුලත් කළා. ඔහුන්ගේ සේවය අති විශිෂ්ඨ යි.ඔබේ ඔනෑම රෝගි තත්ත්වයකදි බය නැතිව 1990 කතාකරන්න .
අනිවාර්යයෙන්ම ඔහුන් විනාඩි පහාක් ඇතුලත එනවා.අපෙ පාසලෙත් ප්‍රථමාධාර බාරව ඉන්නෙ මම දරුවන්ට කුමන් හෝ අසනීපයක්,අනතුරක් උනාම මම ක්ෂණිකව 1990 කතාකරලා විදුහල්පති තුමා දැනුවත් කරලා දරුවා රෝහල් ගත කරනවා.
ඇත්තටම මේ ම්ල කල නොහැකි සේවයක් අපෙ රටට කරනවා.ඔබත් ඔනෑම හදිසි අවශ්‍යතාවයකදී කතාකරන්න 1990 සුව සැරිය ගිලන් රථ සේවය ට
මෙ පිළිබඳව දැනුවත් වුන එකේ මම මෙතෙක් ලියාගෙන ආ ජීවන සිදුවීම් පිළිබඳව ඉතිරිය දැන් ලියාගෙන යන්නම්
ගියවර ලිපියේ මම ලිවුවෙ දැන් වකුගඩු නරක තත්ත්වයට පත් වී ඇති බව මට සැල වු පුවතයි .
වෛද්‍යවරුන් විසින් මගෙ තත්ත්වය හොඳ නැතිබව පැවසීමෙන් අනුතුරුව නිවසට පැමිණ කල්පනා කලේ දැන් කොහොමද මේකට මුහුණ දෙන්නෙ .
වකුගඩු බද්ද කරන්න උනොත් කොහොමද කරන්නෙ එ යන වියදම් කොහොමද දරන්නෙ.
අනික ජයවර්ධනපුර වකුගඩු බද්ද කරන්නෙ .පවුලේ අයගෙන් පමණයි .පවුලේ කාගෙන්ද මම වකුගඩුවක් ඉල්ලන්නේ .මෙවගෙ ප්‍රශ්න රැසකුත් ඔලුවේ තියාගෙන් පාසල් ගියා.
මේ අතර තුරදි ගෙවල්ලග ඉන්න පුෂ්පා ,චම්පීක කියන අක්කලා දෙන්නා හරහා දැනගන්න ලැබුනා දෙවියන්ගෙ හාස්කම් මගින් ලෙඩ සුව කරන් ෆාස්ටර් කෙනෙක් ගැන
ෆාස්ටර් ශ්‍රී ලාල් කියාලා.මායි බිරිද යි මේ අක්කාලා දෙන්නා එක්ක .මෝදර මේ හාස්කම් මෙහේය කරන තැනට ගියා තවත් දෙදහක තුන්දාහක විතර පිරිසක් සහානය පතාගෙන එතනට ඇවිත් ඉන්නවා දැක්කා .
ෆාස්ටර් ඇවිත් දෙවියන්ට ගීතිකා ගයලා කරලා සුදු ලේන්සුවක් දෙනවා,සමහාරුන්ට වතුර බොන්න දෙනවා,දෙවිය වහාන්සේ පෙන්නුවා කියලා සමහර රෝගි අයගෙ විස්තර කියලා කතාකරනවා.
දැන් මටත් කතා කරයි කියලා ලොකු විශ්වාසයකින් අඬ අඬා බලගෙන හිටියා. සති හතරක් විතර එක දීගට ගියා කවදාවත් මට කතාකලේ නැහැ .සුවය ලබපු රෝගින් කියලා මෙතන ගොඩාක් වෙලාවට පෙන්වන්නෙ එකම පිරිසක් , සාක්ෂි දෙන්නෙත් එකම පිරිසක් මායි බිරිද යි කතා වුනා මේක හරියන්නෙ නැහැ කියලා අපි නතර වුනා.
ඔන්න ඊලගට වෙද මහාත්මයෙක් ගැන දැනගන්න ලැබුනා දොම්පෙ පැත්තෙ .
මේයාට ගමෙ අය කියන්නෙ කිලිටු වෙදා කියලා.මේ තොරතුර දුන්නෙ මගේ යාලුවෙක් ගෙ අක්කා කෙනෙක් .මෙතනට ගියේ මායි අපේ අම්මයි.අපි එතනට ගියේ පාන්දර තුනට එ වෙලාවෙ ඉඳලා සෙනඟ ඉන්නවා.අපි යනකොටත් හතර දෙනෙක් හිටියා අපි 5
උදේ 6 ට විතර වෙද මහාත්මයා ආවා එයා ඇඳගෙන හිටිය ඇඳුම පුරාම වගේ බෙහෙත් කාහාට වගෙ තැවරිලා තියෙනවා පෙනුනා එක නිසා වෙන්න ඇති අපෙ අය මම ඉහතින් සඳහන් කල නම කියන්නේ.අනික එතනට ගියාට පස්සෙ දැනගත්තෙ එයාට බෙහෙත් කියන්නෙ.මලගිය කෙනෙක්ලු.සමහර අය කිවුවෙ යකෙක් බැඳගෙන වෙදකම් කරනවා කියලා.
දැන් ඔන්න මගේ වාරය ආවා මගේ අත අරගෙන නාඩ් අල්ලාගෙ තනියම කතා කරනවා පෙනුනා.මට වචන දෙක තුනක් ඇහුනා.හා, හා ඔව්,ඔව් බැහැ නෙද හා
මෙ විදිහට කොඳුරලා මගෙ ඇස් කෙලින්ම බලලා .
මහාත්තයට බෙහෙත් කරන්න මට බැහැ
ඇයි වෙද මාහාත්තයා මොකක්ද ප්‍රශ්නය
මහාත්මයා ලෙඩ ගුහාවක් අනික මහාත්තයගෙ නහර හීනි වෙලා තියෙන්නේ මගෙ බෙහෙත් වලින් මහාත්මයා ගොඩදාන්න බැහැ පිංදාහම් කරන්න දුක් විඳ හරි ජිවත්වෙන්න පුළුවන් වෙයි.
අනෙ වෙද මහාත්තයෝ නහාරවල ප්‍රශ්නයක් නොවෙයි මට තියෙන්නේ වකුගඩු ප්‍රශ්නයක් .
එක තමයි මම කිවුවේ නාහාර හීනීවෙලා ලේ ධාතුව හරියට ගමන් කරන්නෙ නැහැ කියන්නෙ මහාත්තයා ලෙඩ ගුහාවක් කියන එකනේ කෝකටත් මං ලගට ආපු නිසා කසායක් දෙන්නම් මේක ඇගට පත්තියම් උනොත් විතරක් ආයි එන්න බීම ගමන් වමනෙ ගියොත් බොන එක අතහරින්න ආයි එන්න එපා..
හොඳමයි වෙද මහාත්මයා
වෙද මහාත්මයා දීපු කාසය ලිස්ට් එකේ බඩු ටික බෙහෙත් කඩෙන් අරං පත අට එකට සිඳවා බිවුවා විතරයි අම්මෝ ඉවසගන් අමාරු විදිහට වමනේ යන්න ගත්තා දවසම වමනෙ යනවා .කසාය ඔක්කෝම පැත්තක දැම්මා.
ජයවර්ධනපුර රෝහලේ සායනයට සහාභාගි වුන දිනක් අක්කා කෙනෙක් මාත් එක්කා කතාකලා.
මල්ලි ඔයා දැන් ගොඩාක් කල්ද මේ ලෙඩෙ හැදිලා
ඔව් අක්කා ටිකක් දවස්
මම නම් මල්ලි අවුරුදු 10 තිස්සේ බෙහෙත් කරනවා හරියටම පරිස්සම් උනොත් ඉන්න පුළුවන් මල්ලි ප්‍රෙෂර් වලට මොනව්ද බොන්නෙ .
ලෝර්සාර්ටන් 25mg අක්කා.
බෝහෝම හොඳයී තමන්ට ලියන බෙහෙත්වෙල නම ප්‍රමාණය ගන්න වෙලාවල් හොඳට මතක තියන් ඉන්න මල්ලි.
එකනම් ඇත්ත බොහෝ රෝගින් සුදු පොඩි පෙත්ත,අර රතු ලොකු පෙත්‍ත,කහ කලුයි කරල,අර කහා බෝලේ වගෙ පෙත්ත කියනවා ඇරෙන්න බෙහෙතෙ නම අහලා මතක තියාගන්නෙ නැහැ .එක රෝගියෙකුට ලොකු අවාසියක්.
තමන්ගෙ බෙහෙත් ගැන හැමදේම දන්න රෝගින්ට ප්‍රතිකාර කරන්න .වෛද්‍යවරුන් හරි කැමතියි .එ වගේම හරීම් බෙහේත ලියන්න එ අයත් සැළකිලිමත් වෙනවා.
මල්ලි ඔයාව පෝෂණවේදන කෙනෙක් ලගට දැම්මද .
තාම නැහැ අක්කා
එහේනම්අද කියන්න.එතකොට එතනට යවයි..
රුපියල් සියක් දීලා එ බිල අරගෙන යන්න.
එතොකට එයලා අහාර ගන්න උවමනා විදිහ ඔයාට කියලා දෙයි.සිංහල බෙහෙත් මොකුත් කලේ නැද්ද .
එක තැනකට ගියා හරි ගියේ නැහැ .
ඔයාට යන්න පුළුවන් නම් පුත්තලමේ මදුරම්කුලියේ ,තෝඩුවාවෙ ඉන්නවා මෙරී අච්ච් කියලා එයාගෙන් බෙහෙත් කරලා මම දන්න කෙනෙක් හොඳ වෙලා ඉන්නවා මල්ලි කෝකත් ගිහිං බලන්න
ඇයි අක්කා යන්නෙ නැත්තෙ.
මගෙ මහාත්මයා කැමැති නැහැ මල්ලි.එයා කියන්නෙ අවුරුදු 10 හිටපු එකේ ඉතුරු ටිකත් ඉන්නලු අපි නම් දැන් වයසයි ඔයා ගිහික් බලන්න .
මෙ අතරතුර මගෙ කාලය ආවා රිපෝට් බලලා බෙහෙත් ලියලා .තව මාසයකින් එන්න කිවුවා.
ඩොක්ටර් අපි පෝෂණවේදියෙක්ගෙ උපදෙස් ගන්න ඔනේද?
ඇයි ඔයාට වාට්ටුවෙ දි එක්කෙනෙක් ඇවිත් එහේම උපදෙස් දුන්නෙ නැද්ද .අපි ලියලා තිබුනානෙ.හරි කමක් නැහැ ඔයා පරික්ෂණ වලට ලේ දෙන තැනට මෙහා පැත්තෙ කාමරයේ ඉන්නෙ පෝෂණවේදිනියක් එයාගෙන් විස්තර අහාන්න මම ලියලා දෙන්නම්.
වෛද්‍යවරයා ලියලා දීපු තුංඩුවට අනුව පෝෂණවේදිනී හමු වුනා ඉතාමත් වැදගත් තොරතුරු රැසක් ඇය සඳහාන් කළා.
දැන් මෙන්නම මෙහෙමයි මිස්ටර් ප්‍රනාන්දු
දැන් ඔයාගෙ වකුගඩු ටිකෙන් ටික අක්‍රිය වීගෙන යනවා.ඔයාගෙ වකුගඩුව දෙක සම්පුර්ණයෙන් ම අක්‍රිය වෙන්න වසරක්ද,දෙකක් ,තුන්ක්,දහයක්,විස්සක් ගතවෙයිද කියන්න අපි කාටවත් බැහැ ඔයා අහාර ගන්න,බෙහෙත් ගන්න විදිහ වගේම ඔයා මේ ලේඩේට මුහුණ දෙන විදිහ ලෙඩෙ දරගන්න විදිහත් ඉතා වැදගත් ඔයා තරුණ කෙනෙක් නිසා මං ඔයාට හැමදේම කියලා දෙන්නම් ඔයා මේ දේවල් අද ඉඳලම පිළිපදින්න. ඔයා දන්නවද වකු අක්‍රිය වීම කියන්නෙ මොකක්ද කියලා.
වකුගඩු නරක් වෙන්නෙ නැහැ සිදුවෙන්නෙ වකුගඩු අක්‍රිය විමයි.මෙ අක්‍රිය වීම තාවකාලීකව වගෙම දීර්ඝ කාලීනව සිදුවෙන්න පුළුවන් .
තාවකාලිකව වකුගඩු අකර්මණ්‍ය වන අවස්ථා තමයි.
සර්ප දෂ්ඨන
මී උණ වගෙ රෝගි තත්ත්වයන්.
ඩෙංගු වැනි රෝග නිසා හට ගන්නා තත්වයන්.
මුත්‍රා ආසාදන ,මුත්‍රා මාරගයේ සිරවීම්.
මුත්‍රා ගල් ආදි තත්ත්වයන් බලපාන්න පුළුවන් නිවැරැදි ප්‍රතීකාර කලොත් 100% මේ රෝගින්ව ගලවගන්න පුළුවන් විශේෂයෙන් තාව කාලිකව වකුගඩු අකර්මණ්‍ය වන රෝගින් ලඟ ලඟ ඩයලසිස් කරීම හරහා අවදානම අඩුකරන්න පුළුවන් .නමුත් තවම මෙ පහසුකම ප්‍රදාන රෝහල් දෙකක තුනක විතරයි තියෙන්නේ මෙ නිසා ග්‍රාමීය මට්ටමේදී රෝගින් මිය යන ප්‍රතිශතය මෙන්ම,සදාකාලීක වකුගඩු රෝගින් වන ප්‍රමාණය වැඩියි.මිනිස්සු මෙ පිළිබඳව දැනුවත් වන්නෙ මේ තත්ත්වය අපිට අඩුකරගන්න පුළුවන් විශේෂයෙන් සර්ප දෂ්ඨ සිදුවන රෝගින් හැකි ඉක්මනින්ම රෝහල් ගත වෙනවනම් හොඳයී තව දෙයක් අදාල සතාව අරගෙන එනවනම් ප්‍රතිකාර වලට එය සහානයක්.
දැන් ඔයාට පැහැදිලි වෙන්න ඇති තාවකාලික අකර්මණ්‍ය තාවය ගැන.දැන් ඔයා ඉන්නෙ දීර්ගකාලීන වකුගඩු අක්‍රියවීමේ තත්වයේ එකට ඔයාට ගිය විෂබීජය එ වගේම ඔයාගෙ එක් වකුඩඩුවක් බඩෙ පිහිටීම මුත්‍රා මාරගයේ අවහිරතා වගේම නිසි පරිදි ප්‍රතිකාර නොලැබීම වැනි හෙතු රැක බලපාලා තියෙනවා.
තව අය ඉන්නවා නිදන්ගත වකුගඩු රෝගින් .
එ වගේම කෘෂිකාර්මික ප්‍රදේශ ආශ්‍රිතව ඉන්නවා හඳුනා නොගත් වකුගඩු රෝගින්(මහාචාර්ය චන්න ජයසුමන මැතිතුමාට අනුව රජරට ඇතුළු කෘෂිකාර්මික ප්‍රදේශ වල ඇත්තෙ හඳුනා නොගත් වකුගඩු රෝගය නොව කෘෂි රසායනික භාවිතයෙන් ඇතිවුන වකුගඩු රෝගයයී)
මෙ ටිකෙන් ඔයාට පොඩිහරි පැහැදිලි වීමක් වෙන්න ඇතිනේ. දැන් මං කියන්න යන්නෙ ඔයාගෙ රෝගයට කොහෝමද අහාර ගන්නෙ කොහොමද ආහාර වලින් පාලනය වෙන්නෙ කියලා.
මුලිකම දෙ තමයි ඔයාලා වගෙ රෝගීන් ලුණු භාවිතය හොඳටම අඩුකරන්න ඔනේ විශේෂ යෙන් බත්වලට ලුණු දාන්න එපා.හොදි උනත් ලුණු අඩුවෙන් දාන්න.ඔයාලා ලුණු වැඩිපුර අහාරයට ගන්න කොට ඔයලා රුධිර පීඩනය වැඩිවෙනවා අනිත් එක තමයි මේ ලුණු ඉවත් කරන්න වකුගඩුවලට විශාල කරයාක් සිදුකරන්නට වීම නිසා වකුගඩු වෙහේසට පත්වෙලා අක්‍රිය වීමෙ ක්‍රියාවලිය වේගවත් වෙන්න පපුළුවන් .
පළතුරු කන්නත් එපා උවමනාම නම් ගස්ලබු පොඩි තිරුව.ඇපල් 1/4 එකක පෙයාස් කෑල්ලක් ,පේර පොඩ් කෑල්ලක් කෑවට කමක් නැහැ
ඇයි මිස් පළතුරු කන්න හොඳ නැත්තෙ
පළතුරු කෑවම ඔයාගෙ පොටෑසියම් මට්ටම වැඩිවෙන්න පුළුවන් නිරෝගි පුදගලයෙකුගෙ
පොටෑසියම් මට්ටම 3.5-- 5.1
අතර ප්‍රමාණයක තමයි තියෙන්න ඔනේ
3.5 වඩා අඩුවෙන්නත් හොඳ නැහැ 5.1 වඩා වැඩිවෙන්නත් හොඳ නැහැ
පොටෑසියම් මට්ටම වැඩිවෙන විට එක හදවතට කෙලින්ම බලපානවා.පොටෑසියම් වැඩිවනවා කියන්නෙ හදවත නතරවෙලා රෝගියාගෙ මරනය පවා සිදු වීමට පුළුවන්
පළතුරු වල බහුලව පොටෑසියම් තියෙනවා. නිරෝගි පුද්ගලයෙකුගෙ වකුගඩුවලින් පොටෑසියම් අයින් කලත් වකුගඩු අකර්මණ්‍ය වන රෝගියෙක්ගෙ වකුගඩු මගින් ක්‍රමවත්ව මෙ ක්‍රියාවලිය සිදු නොවනව්නිසා තමයි අපි ඔයාලට පළතුරු කන්න එපා කියන්නෙ.
විශේෂයෙ තැඹිලි ,කුරුම්බා,කෙසෙල් ,අඹ අල්ලනවත් එපා මෙවායේ අධිකව පොටෑසියම් තියෙනවා තව පලාවර්ග කන්නත් එපා මෙවයෙත් පොටෑසියම් තියෙනවා කන්නම ඔනේනම් පලා තම්බ්ලා මිරිකලා කන්න.
ඔයා ට පෝෂ්‍යදායක අහාරයක් ගන්න ඔනේ ඔයා උදේට විතරක් කිරි බොන්න .කිරි ජාත් ඔනෑවට වඩා හොද නැහැ .
ඔයාගෙ අහාර රටාව මෙ විදිහට හදා ගන්න
උදේට
පන්පෙති දෙකක්( පරලු නම් වඩා හොදයි) හෝ ඉඳි ආප්ප 10 ,රතු බත් කෝප්ප භාගයක්.
පරිප්පු හො කිරි හොදි සුදුසු එළවළු වක්
උදේ 10 ට බිස්කර්ට් දෙකක් සමග තෙ එකක් ප්ලේන්ටි
කඩල හෝ කවුපි අඩු කෝපප භාගයක් හෝ අප්පා වැනි ඔයාට හොද දෙයක් සතියට දෙවරක් බිත්තර සුදුමද කනන පුළුවන් .
දවල්ට බත් අඩු කෝප්ප එකයි එළවලු මොනවා හරි සීනි සහිත එළවළු අඩුකරන තරමට හොඳයී
මාළු කැබැල්ලක් 50g
ගස්ලබු කුඩා තිරුවක් (පොටෑසියම් වැඩිනම් කන්න එපා)
සතියකට වරක් කුකුල් මස් කැබැල්ලක්
සවස සවි.බර්ලි,රුලං හෝ සුප්
රාත්‍රී
ඉඳි ආප්ප,පිට්ටු ,ආප්ප ,තෝසෙ හෝ පාන්
සැහැල්ලු ආහරයක්
කිරි හොදි ,අල හොදි වැනි හොද්දක්
මෙ විදිහට නිවැරැදි අහාර රටවකට හුරු උනාම ඔයාට අවශ්‍ය පෝෂණය ලැබෙනවා
අධීක සීනි සහිත අයෙකුට මෙක වෙනස්වෙනවා
ඔයා පැණිබීම වර්ග බොනවානම් එක සම්පුර්ණයෙන් ම නතර කරන්න.
ජිබත් වෙන්න උවමනා නම් අරක්කු සිගරට් අල්ලනවත් එපා මද්‍යසාර භාවිතා කලොත් ඔයාට ඔයාගෙ අක්මාවත් අහිමි වෙන්න පුළුවන් .
ඉස්සො දැල්ලෝ,බලමාළු,හරක් මස්,ඌරු මස්,සොසෙජස්,ෆී නට්,වගෙ දෙවල් කන්න එපා.
චීස් ,චොක්ලට්,මිට් බොල්ස්,ට්න්කල අහාර
ක්ෂණික අහාර,කෙට් කෑම,කඩ කෑම ,කෘතිම කෑම වරග කිසිවක් ගන්න එපා
එළවළු වගේ අහාර ස්ටීම් කරලා කන්න එපා
මෙවා පිළිපැද්දොත් ඔයාට සැහෙන්න කල් ඉන්න පුළුවන් මං කියපුවා සේරම මෙ කොලේ තියෙනවා එක බලලා තෙරුම් ගන්න.
බෝහෝම ස්තුතියි මිස් ඩයලසිස් එකත් ඉවරයි.අතත් රිදෙනවා මේරී ආච්චි සොයාගිය ගමන ඊලග කොටසින් ලියන්නම් ..



No comments:

Post a Comment