2019/10/02

මම ඉතිං කවදත් අකීකරුයි එපා කියන් දේ කරන්න හරි අසායි




මගෙ පළමු කතාවට හොඳ ප්‍රතිචාර ලැබුන නිසාවෙන් හා හිතෙ තිබෙන අදහාස් නිදහසෙ මුදාහැරිය හැකි නිසාවෙන් මගෙ ජිවිතෙ සිදුවූ සුවිශේෂී සිදුවීම් ටිකක් සමුහය සමග බෙදා ගැනීමට තීරණය කළා .
මාව දන්න මගෙ හිත මිතුරන් බොහො දෙනෙක් මගෙන් කරන ඉල්ලීමක් තමයි මගෙ ජිවිත කතාව පොතක් හැටියට ලියන්න කියලා.නමුත් ප්‍රශ්නය එක දිගට මට ලියන්න බැහැ අත හිරි වැටෙනවා.එක නිසා කොටස් වසෙන් සිදු වු සිදුවීම් කිහිපයක් හො අන් අයගෙ දැනුම සඳහා ලියන්න හිතුනත් එකට සුදුසු පේජ් එකක් තිබුනෙ නැහැ.එ අතර තමයි මෙක දකින්නෙ එ නිසයි මෙහි ලිවීමට තීරණය කලේ.

එහෙනම් පළමු සිදුවීම ලිවීමට අවසර.
මේ සිදුවීම 2004 සුනාමියෙන් පසුවයි 2004 සුනාමිය එනකොට මම හිටියේ මගෙ අක්කාගෙ ගෙදර රූපවාහිනිය බලමින් මුලින්ම රූපවාහිනියෙන් තමයි සුනාමිය ගැන දැනගත්තෙ .එතකොට සුනාමි යන වචයවත් අහලා නැහැ .මුහුද ගොඩගලනවා කියලා තමයි කිවුවෙ .මේ විසතර රූපවාහිනියෙන් නරඹමින් ඉන්න අතරේ අපෙ යාළුවන් පිරිසක් හදිසියෙන් ම අපෙ නිවසට පැමිණියා.

යාළුවෝ පැමිණි තිබුනෙ සුනාමියෙන් දුකට පත් වුවන්ට අපෙ සහායෝගය ලබාදීම සඳහා මාවත් එක්ක යන්න මගෙ අක්කා වැඩේට ශත පහාකට කැමැති උනේ නැහැ .මම ඉතිං කවදත් අකීකරුයි එපා කියන් දේ කරන්න හරි අසායි දැන් කියලත් එකෙ වෙනසක් නැහැ
ලේ රත්වෙන වයස,ව්කල්ප අදහස් දරණ වයසනෙ.එ හැමදේටම වඩා මම කවදත් කාගෙ හරි දුකකදි පිහිට වෙන්න හරි ආසයි.ඒක හදවතින්ම කරන දෙයක් එක මගෙ ගොඩාක් යාලුවො දන්නවා.

හොඳම දෙ කාලයක් මම බොරැල්ල පැත්තෙ බෝර්ඩ් වෙලා ඉඳලා තමයි පාසල් ගියේ.ඉතිං මේ කාලේ(a/l කාලෙ) ගොඩාක් බූට් වැදුන යාළුවෝ හොයාගෙන එන්නෙ මාව.එන වුං එකම අඳෝනාව සිය සැරයක් විතර පාන්දර වෙනකන් කියවනවා මාත් නිදි කිර කිර සහකම්පනයෙන් අහාගෙන ඉන්නවා.මේ නිසාම යාළුවෝ අතර මතයක් තිබුනා දුකක් අවාම කියන්න හොඳ ම කෙනා මම කියලා මොකද මම එ කාලෙ ඉඳලම දැනගෙන හිටිය වට්නාම දෙ තමයි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ඇහුන්කන් දීම කියාලා .අපෙ මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තමයි කිසි කෙනෙකුට ඇහුන්කන් නොදීම දුකට පත් කෙනෙකුගෙ ප්‍රශ්නයක් වෙලාව අරගෙන අපි අහාගෙන හිටියොත් එ මිනිහාගෙ ප්‍රශ්නයෙන් 50% විතර විසඳෙනවා .
කෙසෙ හෝ මාව සොයාගෙන පැමිණි යාළුවෝ එක්ක පිටත් උනා.කොහේද යන්නෙ මොනවද කරන්නෙ කිසිම තීරණයක් අපිට තිබුනෙ නැහැ .අපෙ නඩේම නුගෙගොඩ හන්දියට එනකොට .අනිත් යාළුවෝ එකතුවෙලා රෝසා වරගයේ බස් එකක් ගෙනාවා ඔක්කෝම දැන් විස්සක් විතර ගමනට ලෑස්තියි . යටඇඳුම්,සනීපාරක්ෂක උපකරණ ,වතුර ,කෑම හේම දාගෙන අපි ගාල්ල බලා පිටත් උනා .ගාලු පාරෙන් යන්න බැරි බව දන්න නිසා හොරණ මතුගම හරහා තමයි ගමන යන්න පිටත් වුණෙ හොරණ නගරය පසුකරලා ටික දුරක් එනවිට අධික වහාණ තදබදයක් මේක හසුරුවන්න පොලිසියේන් වත් නැහැ බැරිම තැන අපි බැහැලා වහාන එහේට මෙහේට කරලා කෝහෝම හරි ගාල්ලට ආවා.

ගාල්ලට අවාට මොකද රෑ වෙලා මුළු නගරම එකම සුන්බුන් ගොඩක් .ආරක්ෂාව ට යුද්ධ හමුදා සහෝදරයන් සිටිය අතර ඔහුන් අපිව සුහදව පිළිගත්තා.මෙ අතර රාවයක් යනවා රාත්‍රීයේ තවත් සුනාමියක් එනවා කියලා ඇත්තටම නම් එ වෙලාවෙ බොක්ක රත් වුනා එත් එවා පිටට නොපෙන්වා කට්ටියම වැඩ්ඩො වගෙ හිටියා.එවකට අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිසා මෙන්ම .තවත් පොඩි දේශපාලන බලපෑමකුත් නිසා අපිට ටිකක් හොඳ පිළිගැනිමක් තිබුනා.
ගාල්ල නගරයේ ටිකක් ඇවිදිනකොටම අපිට සිදුවෙලා තියෙන විනශයේ තරම හිතාගන්න පුළුවන් උනා. ටික ඇවිදලා කරාපිටිය රෝහලට ගියා.දෙවියනෙ රෝහල ඇතුලෙ ලොකු ,පොඩි,තරුණ,මහාලු ,ගැහැනු ,පිරිමි මල සිරුරු එක දිගට එ වගෙම උහුලන්න බැරි දුර්ගන්ධය එ වෙලෙ නම් හිතුනා මොකක්ද මෙ ජිවිතෙ කියලා හය හතර නොදන්න කිරිසප්පයෝ දැක්කාම පපුව පිච්චෙනවා වගෙ දැනුනා.නිතරම විහිලුවෙන් ඉන්න තාරුණ අපෙ ඇස්වලින් කදුළු හැලුනෙ අපටත් හොරාමයි.එ මොහොතේ ඉඳලා අපෙ කොල්ලො ගොළු උනා වගෙ.මෙ මොහේතෙ කරන්නෙ කුමක්ද කියලා හිතන්න බැරි උනා.
කෙසේ හෝ වෛද්‍යවරුන් ගෙ සාහායෙන් අලුත උපන් සිගිති පැටවු කිහිප දෙනෙකුටත් එ අම්මලා කිහිප දෙනෙකුටත් සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබදෙන්න අපිට පුළුවන් උනා.එක නිමේශයකින් සිදු වු මෙ මහා ඛේදවාචකය අපිට හිතන්න ගොඩාක් දෙවල් ඉතිරි කාළා.
පසුදා පහාන් උවාට පසු රණවිරුවන් ,ස්වෙච්ඡා සංවිධාන අපි එකතුව තැන් තැන් වල.සිරවී තිබුනු මල සිරුරු රෝහල කරා ගෙන ආවා .සමහර සිරුරු උස්සන කොට අත කඩන් වැටෙනවා සමහරුන් කකුල් කඩන් වැටෙනවා.සමහරුන්ගෙ ඇස් නැහැ .

තව එවා හඳනා ගන්න බැරි තරමට විරුපීයි.එ වෙලාවෙ වෙන කිසිම දෙයක් අපෙ හිත්වල තිබුනෙ නැහැ කරන වැඩෙ ගැන විතරයි හිත යෙදෙවුවේ අහුවෙන දෙයක් බඩ ගින්නට ඔහෙ කෑවා මිසක් රසක් ගුණක් හෙවුවෙ නැහැ ඔය විදිහට සති දෙකක් විතර අපි මහාන්සි වෙලා .ජන ජීව්තය තරමක් යථා තත්ත්වයට පත්වෙද්දි ගෙදර ආවා.ගෙදර කවුරුත් මං ලගට ආවෙ නැහැ ගඳයි කියලා.ඇඳන් හිටපු ඇඳම් ගැලෙවිවෙත් ගෙයින් එළියේ ඉඳගෙන්.එ ටික ගලවපු ගමන්ම අක්කා අරගෙන ගිහිං ගිණි තිබිබා.
තුන් හතර සැරයක් නාලා පිරිසිදු වෙලා නිදාගන්න ගියා විශ්වාස කරන්න නින්ද යන්නෙ නැහැ ඇහැ පියවෙනකොටම අර මල සිරුරු පේන්න අරගෙන්න ගැස්සිලා ඇහැ ඇරෙනවා.බුදු කට්ටක් කලා නිදා ගත්තා.
පහුවෙදා උදේ නැගිටිනකොට ඇග වෙවිලලා උණගත්තා.පැරසිටමෝල් පෙති බිලා නිදාගන්න ගියත් එක එක විකාර රූප පේනවා ගෙදරින් බෙහෙත් ගේන්න කතා කලත් ගියේ නැහැ ඇරිලා යයි කියලා හිටියා.කොහෝමත් අපි හෙන හීරෝස්ලනෙ.
දවල් වෙනකොට ඉන්නම බැහැ යටි බඩත් හොඳටම රිදෙනවා මුත්‍රා කරන්න ගියා මුත්‍රා එන්නෙත් නැහැ වගෙ කෝහෝම හරි ලොකු දැවිල්ලකුත් එක්ක මුත්‍රා ගියා.එක දැකපු ගමන් මම හොඳටම බයවෙලා පොඩි අයියාට කතා කලා.මුත්‍රා කලුම කලු පාටයි.

යකෝ තොට ලේ යන්නේ යමන් ඉස්පිරිතාලෙ කියලා එ වෙලාවේම කළුබෝවල රෝහලට ගියා.රෝහලෙන් විස්තර අහලා ඉක්මනින්ම UFR,FBC,CRP පරික්ෂණ පිටින් කරගෙන ඉන්න කිවුවා එ වෙලාවේම uss ස්කෑන් එකක් කලා පරික්ෂණ ඔක්කෝම බලපු ගමන් මාව දැඩ් සත්කාර එකකය icu දැම්මා විතරයි මතක.

මට නැගිටින්න උත්සහා කලාට නැගිටින්න බැහැ අමාරුවෙන් ඇස් අරිනකොට දැක්කා.ඇග පුරාමා වයර් මගෙ ඇද ඉස්සරහ ම නර්ස් කෙනෙක් හිටියා.දෙලොවක් අතර තෝන්දු මාන්දුවෙන් ටික වෙලාවක් ඉඳලා වතුර කියන්න හිතාගෙන කට ඇරියා අම්මො කතකරන්න බැහැ කටට බටයක් ඔබලා.මගෙ දිහා බලන් හිටපු නර්ස් නෝනාට වැඩෙ තේරුණා. ලගට ඇවිත් හරීම කරුණාවෙන් කිවුවා.ඔයාව ඇරෙස්ට් උනා.(මට එතකොට එ මගුල තෙරෙන්නෙ නැහැ දැන් තමයි දන්නෙ මැරෙන්න ගිහිං කියලා) ඔයව ටියුබ් කරලා තියෙන්නේ .( එකත් මම එතකොට දන්නෙ නැහැ කෘතිමව ඔක්සිජන් සැපයිමට ස්වරාලය හරහා බටයක් දාන එකට තමයි එහේම කියන්නෙ .)

මම දන්නේම නැතිව දැඩ් සත්කාර එකකයේ දවස් පහාක් දවස් හතකට පස්සෙ 25 වාට්ටුවට දැම්මා.ඇත්තටම icu එකෙ ඉන්නකොට තමයි දැන ගත්තෙ රෝගියෙක් වෙනුවෙන් හෙදියක මොනතරම් නම් කැපවීමක් කරනවද කියලා.විනාඩ් පහෙන් පහාට අපෙ තත්ත්වය එයාලා ලියන්න ඔනෙ.අපිව හොදන්නෙ කවන්නෙ පොවන්නෙ සියලුම දෙ කරන්නෙ මෙ තරුණ හෙදියන්
.
කළුබෝවල රෝහලේ icu එකෙන් 25 වාට්ටුව ට යද්දි මම එයාලට අත් දෙක එකතු කරලා වැන්දා ඒ සේවයට .එ වෙලාවෙ එ ඇස් දිලිසෙනවා දැක්කා. එයලා ලගට ඇවිත් කිවුවා අවදානම නම් දැන් ටිකක් අඩුයි එත් පරිස්සමෙන් ඉන්න.කාට උදව්කලත් මොන දේ කලත් තමන් ගැනත් හිතන්න හොඳ ද .මං ඇහුවා මට මොකද උනෙ කියලා ඔයාගෙ මුත්‍රා මාරගයෙන් ටිකක් දරුණු විෂබීජයක් ගිහිලා මුත්‍රා මාර්ගයට දැන් ට්කක් හානිවෙලා කාලයත් එක්ක හරි යයි කිවුවා.
ඔහෝම 25 වාට්ටුවෙ ත් දවස් 15 මුත්‍රා බට ගහලා හැමදාම එක පරික්ෂණ වලට මුහුණ දි දී ඉඳලා ටිකක් කපලා එනකොට ඩොක්ටර් අවවාද ගොඩක් දුන්නා.

ඔයලා තරුණයි හිත හයියයි.එක නිසා ඔනෑම අවදානම් වැඩක් බය නැතිව කරනවා එක ඔය වයසෙ හැට් .නමුත් මොනදෙ මොන විදිහට කලත් තමන් ගැන හිතන්න .අපිට තාම ඔයා 100% නිරෝගියි කියන්න බැහැ මේක නිසාම ඔයා ඉදිරි කාලයේදි බරපතල රෝගියෙක් වෙන්නත් පුළුවන් (මට හිනා) එක නිසා නියමිත දවස්වලට සායන වලට එන්න අපි දෙන බෙහෙත් වෙලාවට ගන්න මාස තුනක් වත් යනකන් කොහෙවත් යන්න එපා(අපි අහායි හිනා) මම මේක කිවුවා කියලා මාත් එක්ක තරහා වෙන්නවත් කේන්ති ගන්නවත් ලොකුවට බයවෙන්න වත් එපා මේ විෂ බීජය බරපතලයි එක ඔයාගෙ වකුගඩුව ට බලපාල තිබුනා ඔයාගෙ වකුගඩු දෙකම ඉදිමිලා තිබුනෙ.එකනිසා ගෙදර ගියාම හොඳට වතුර බොන්න ලුණු එහේම අඩුවෙන් කන්න.ඔයාගෙ ජිවිතෙ බේරුණේ පෙර පිං මහිමයකින් කියලා හිතන්න ඔයාගෙ මලකද තමයි අපි icu එකට දැම්මෙ.දවස් තුනකට පස්සෙ තමයි ඔයාට සිහිය ආවෙ අපි හැමදෙනාම බලාපොරොත්තු අත් හැරලා හිටපු වෙලාවෙ තමයි ඔයාගෙ සිහිය ආවෙ එ මුළු කාලේම ඔයා හිටියේ මැෂින් එකක් ආදාරයෙන්.දැන් ඔයාට පැහැදිලියි නේද ඔයාගෙ තත්ත්වය .

හැබැයි එ වෛද්‍යවරයා එසෙ කියද්දි කවදාවත් මම හිතුවෙ නැහැ මම සදාකාලික රෝගියෙක් වෙයි කියලා .වෙලවට සායන වලට ගියත් නියමිත පරිදි බෙහෙත් හේත් ගත්තත්.අද වකුගඩු රෝගියෙක් වෙලා ජිව්තෙ ගෙවනවා.හැබැයි මගෙ හිත හරිම ශක්තිමත් දැනට මම ජිවත් වෙන්නෙ ඩයලසිස් නැතිනම් රුධිර කාන්දුකරණය හෙවත්,මගෙ ලේ පිරිසිදු කරමින්.දැනට කොළඹ ජාතික රෝහලේ වැඩිම වාර ගණනක් කරලා තියෙන්නෙ මම අන්තිම එක කලේ 2019/08/17 එ මගෙ කොළඹ ජාතික රෝහලෙන් විතරක් කල 972 වෙනි වතාව.

මම දන්නෙ නැහැ තව කොච්චර දවසක් මම ජිවත් වෙයිද කියලා මැරෙන්න ඉසෙල්ලා කොහෝම හරි මෙ වෙනක්න සිදු වූ සිදුවීම් ටික ලියන්න උත්සහා කරනවා.එ වගේම තරුණ අයට කියන්න තියෙන්නේ ඇගෙ ජවයට මොන දේ කලත් තමන් ගැනත් හිතන්න... ස්තුතියි


2019/10/01

ක්‍රමෙ හරියටම අල්ලගත්තොත් අපෙ මහත්තයලටත් කරන්න පුළුවන්




මම එච්චර ලස්සනට ලියන්න දන්නෙ නැහැ එත් මේකෙ යන කතා දැක්කාම මේක ලියන්න ඔනේ කියලා හිතුනා.කතාව ලියන්න කලින්ම කියන්නම් මේක සත්ය සිදුවීමක් .එ වගේම මේ සිදුවීම සමාජ මාද්යයේ පලකරන නිසාවෙන් වචන භාවිතයේදී උපරිම සංයමකින් භාවිතා කරන්න උත්සහා කරන්නම්.

මෙ සිදුවීම දැනට අවුරුදු බර ගණනකට ඉහත සිදුවුවකි. එ මම විශ්වවිද්යාලයට යන සමයයි.ඉතිං දැන් වගෙ පහාසුකම් නැති නිසාත් කැම්පස් යන ගමන් රැකියාවකුත් කරන්න උනා අපේ පවුලේ කොල්ලො පහයි එක කෙල්ලයි.මම තමයි බාලයා එවගෙ අපෙ නුතන පරම්පරාවවේ විශ්වවිද්යාලයට ගිය එකම එකා මම.ගෙදර අයට සලකන්න හැකියාව නැති උනාට නෑදෑයෝ බලන් හිටියේ අපි නන්නත්තාර වෙනකන් කොහෝම හරි ඉතිං ගෙදර ට බරක් නොවි රැකියවක් කරන ගමන් ඉගෙන ගත්තා රැකියාව කිවුවාට මේක ඉතිං කට ඇරැලා කියන්න බැහැ .රෙස් බයි රෙස් නොහොත් ස්පෝර්ටින් ටයිම්ස් එකේ කැෂියර් කෙනෙක් හැටියට තමයි වැඩ කරන්න තිබුනෙ එකෙ සිදුවීම් වෙනම කතා කරන්නම්.ඉතං මේකෙ වැඩ පටන්ගන්නෙ හවස පහට විතර එංගලන්තයේ වෙලාවට අනුව.රෑ වැඩ මුරය එක් මාස අනුව වෙනස් වෙනවා රෑ10,12, පාන්දර 2/3 හතර වෙලා ගෙදර ට එන වෙලවල් තියෙනවා .මේ වෙලාවට එන්න බස් නැහැ නෙ මම පොඩි චැලි බයික් එකක තමයි වැඩට ගියේ.ද.මගෙ වැල් වටරම් ඉවරයි ඔන්න කතාවට එනවා
දවසක් පාන්දර දෙකට විතර මම වැඩ ඉවර වෙලා ගෙදරට එනකොට එහා ගෙදර පොඩි එකා සරමකුත් ඇඳගෙන එළියට වෙලා කෙඳිරි ගගා ඉන්නවා ඌ පොඩි කිවුවට පොඩි නැහැ එතකොට ඉස්කොලේ උසස් පෙළ පංතියේ හිටියේ මං බයිසිකලේ ගෙදරට දාලා කොල්ලා ලඟට ගිහිං ඇයි මල්ලි කෙඳිරි ගාන්නෙ ඇහුවා .අයයා ගෙඩියක් ඇවිල්ලා ඉන්න බැරියෝ කියලා කෑගහන්න ගත්තා .මිනිහට කතාකරන්න උන් එක්කෙත් කේන්ති .මං ඉතිං එ කාලෙ ඉඳන්ම ඔය එක එකාට හැදෙන අමාරු වලට පිහිට වෙනවනෙ.එක අදටත් එහේමයි කොහෝම හරි මම මිනිහාගෙ හිත හදන ගමන් ඇහුවා කොහෙද ගෙඩිය තියේන්නෙ කියලා මෙ යකා පෙන්නන්න බැහැ කියනව මට ටිකක් වැඩෙ තේරුනා ටිකක් සැරෙන් කතකරලා පෙන්නපං කිවුවා .මූ කිවුවා අම්මා ලා නංගිලාව ගෙට යවන්න කියලා .එයලා ගෙට ගිය ගමන් සරම ඈත්කරලා පෙන්නවා දෙවියනෙ හරියටම කෝෂ දෙක මැද රබර් බෝලය සයිස් ගෙඩියක්.මේක පිපිරුවොත් මුගෙ ජිවිතෙ ට මොනවාහරි වෙයි කියලා බය හිතුනා.එ මදිවට කාටවත් පෙන්නන්න බැරි නිසා මෙ යකා සති තුනක් විතර මේක තියන් ඉඳලා දැන් මූව ගෙනියන්නත් ඔනෙ වහානෙකුත් නැහැ .

අපෙ අයියන්ඩිට පොඩි ත්රීවීල් කට්ටක් තිබුනා.මිනිහා මේ වෙලාවට සූර් වෙන්න ගහලා කට කපලා නිදි.කෝහෝම හරි නෑනව නැගිට්ටවලා යතුර ඉල්ලගෙන කොල්ලා ව දාගෙන කළුබෝවල රෝහලට යන්න පිටත් උනා.මෙන්න මෙ යකා මගදි කියනවා ඉන්දිකයියේ( මගෙ නම ඉන්දුක උනාට ගමෙ ගොඩක් අය කියන්නෙ ඉන්දික )ගෑනු දොස්තර කෙනෙකුට නම් පෙන්නන්න බැහැ මම දවල් කළුබෝවල ගියා එ වෙලාවෙ ලේඩි කෙනෙක් හිටපු නිසා මම අවා කිවුවා මට ඉතිං රටෙ නැති වචන දැන් කටට එනවා එවත් ඉවසගෙන මූව හොස්පිට්ල් එකට අරගෙන ආවා කියමුකෝ දෙවියගෙ පිහිටෙන් ඉන්න දෝස්තරලා දෙන්නම කාන්තාවන් .දැන් මොකද කරන්නෙ මූව යන්න බැහැ ම කියනවා.මට කෙන්නතියි.මම බැන බැන හේතුව ඇහුවා.මු හේතුව කිවුවා එක අහාපු ගමන් මටත් යන්න බැහැ කියලා හිතුනා දැන් මට ලැජ්ජයි ඌට වඩා කොහොම හරි හිතට දිරිය අරගෙන දොස්තර ලගට මම තිනියම ගියා මුහුණ බලන් දැන්මට සිද්දිය කියන්න බැහැ ඩොක්ටර් හරිම ලස්සනයි හින්දි නිළියන් වගෙ ඉතිං කොහොමද අරු කියපු කතාව කියන්නෙ.කොහොම හරි තටමලා තටමලා බිම බලාගෙන් මම කිවුවා .ඩොක්ටර් අරමල්ලිගෙ කෝෂ දෙකමැද ගෙඩියක් එක පැසවලා වගෙ.පොඩි ප්රශ්නයක් තියෙනවා පිට ගෑනු ළමයෙක් උගෙ අත ගෑවොත් පිරිමි නිමිත්ත ප්රාණවත් වෙනවලු එක නිසා ඩොක්ටර් ට පෙන්නන්න මිනිහා බයයි කියලා.ඩොක්ටර් මගෙ මූණ දිහා බලලා හිනා උනා මට වස ලැජ්ජයි .කතාකරලා කිවුවා සමහර ඉවසීම නැති අයට ඔහෝම වෙනවා.අපි ලෙඩා බලමුකෝ කියලා ඩොක්ටර් ම කොහොම හරි කොල්ලාව ගෙනැල්ලා රෝගින් බලන ඇඳට දැම්මා දැන් මමත් බලන් ඉන්නවා මොකක්ද වෙන්නෙ කියලා ඩොක්ටර් සරම පහාත් කලා විතරයි මෙන යකෝ අරක මොල්ගහ වගෙ.

මට පොලොව පලාගෙන යන්න හිතුන.ඩොක්ටර් හිනාවෙලා ජිල් බොලේකට විදිනවා වගේ ඇඟිල්ල නවලා කෝෂයට පොඩ්(මට හිතෙන්නෙ තරු පෙනෙන) ප්රහාරයක් දුන්නා එක සැරේම කපලා බිම වැටෙන ගහාක් වගෙ අන්න අරක අක්රිය උනා කියන්නකෝ.ඉට පස්සෙ බලපු ගමන් ක්ෂණිකව ඔපරේෂන් එකට ගත්තා තව ටිකක් පරක්කු වෙලා අරක පිපිරුවානම් ජිවිතෙ අවදානම් ලු.පස්සෙ මිනිහට රෝහලේන් ම උපදේශය කරලා හිත හදලා තිබුනා දැන්නම් දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා.මෙ විදිහට ඔයාගෙත් කවුරු හරු ඉන්නවානම් උපදේශනය සඳහා යොමු කරන්න එක ඔහුගෙ හෝ ඇයගේ ජිවිතෙ තීරණාත්මක මොහොතක වැදගත් වෙයි.කතාවෙ රසම ටික දැන්.මං දවසක් මෙ සිද්දිය මිස්ලා ටිකක්එක්ක කියන ගමන් එක මිස් කෙනෙක් මේක හොඳටම අහාගෙන හිටියා ම්ස් අඩ් පහායි අගල් හතරක් විතර ඇති කෙට්ටුයි .මිස්ගෙ මහාත්මයා අඩි හයක් විතර උස දෙහදාරි අයෙක් කතාව ඉවර උනම මිස් මගෙන් අහානවා ඉන්දුක ඔය ක්රමෙ හරියටම අල්ලගත්තොත් අපෙ මහාත්තයලටත් කරන්න පුළුවන් නේද.හිතන්න කො ඇය විඳින දුක්