2019/10/02

මම ඉතිං කවදත් අකීකරුයි එපා කියන් දේ කරන්න හරි අසායි




මගෙ පළමු කතාවට හොඳ ප්‍රතිචාර ලැබුන නිසාවෙන් හා හිතෙ තිබෙන අදහාස් නිදහසෙ මුදාහැරිය හැකි නිසාවෙන් මගෙ ජිවිතෙ සිදුවූ සුවිශේෂී සිදුවීම් ටිකක් සමුහය සමග බෙදා ගැනීමට තීරණය කළා .
මාව දන්න මගෙ හිත මිතුරන් බොහො දෙනෙක් මගෙන් කරන ඉල්ලීමක් තමයි මගෙ ජිවිත කතාව පොතක් හැටියට ලියන්න කියලා.නමුත් ප්‍රශ්නය එක දිගට මට ලියන්න බැහැ අත හිරි වැටෙනවා.එක නිසා කොටස් වසෙන් සිදු වු සිදුවීම් කිහිපයක් හො අන් අයගෙ දැනුම සඳහා ලියන්න හිතුනත් එකට සුදුසු පේජ් එකක් තිබුනෙ නැහැ.එ අතර තමයි මෙක දකින්නෙ එ නිසයි මෙහි ලිවීමට තීරණය කලේ.

එහෙනම් පළමු සිදුවීම ලිවීමට අවසර.
මේ සිදුවීම 2004 සුනාමියෙන් පසුවයි 2004 සුනාමිය එනකොට මම හිටියේ මගෙ අක්කාගෙ ගෙදර රූපවාහිනිය බලමින් මුලින්ම රූපවාහිනියෙන් තමයි සුනාමිය ගැන දැනගත්තෙ .එතකොට සුනාමි යන වචයවත් අහලා නැහැ .මුහුද ගොඩගලනවා කියලා තමයි කිවුවෙ .මේ විසතර රූපවාහිනියෙන් නරඹමින් ඉන්න අතරේ අපෙ යාළුවන් පිරිසක් හදිසියෙන් ම අපෙ නිවසට පැමිණියා.

යාළුවෝ පැමිණි තිබුනෙ සුනාමියෙන් දුකට පත් වුවන්ට අපෙ සහායෝගය ලබාදීම සඳහා මාවත් එක්ක යන්න මගෙ අක්කා වැඩේට ශත පහාකට කැමැති උනේ නැහැ .මම ඉතිං කවදත් අකීකරුයි එපා කියන් දේ කරන්න හරි අසායි දැන් කියලත් එකෙ වෙනසක් නැහැ
ලේ රත්වෙන වයස,ව්කල්ප අදහස් දරණ වයසනෙ.එ හැමදේටම වඩා මම කවදත් කාගෙ හරි දුකකදි පිහිට වෙන්න හරි ආසයි.ඒක හදවතින්ම කරන දෙයක් එක මගෙ ගොඩාක් යාලුවො දන්නවා.

හොඳම දෙ කාලයක් මම බොරැල්ල පැත්තෙ බෝර්ඩ් වෙලා ඉඳලා තමයි පාසල් ගියේ.ඉතිං මේ කාලේ(a/l කාලෙ) ගොඩාක් බූට් වැදුන යාළුවෝ හොයාගෙන එන්නෙ මාව.එන වුං එකම අඳෝනාව සිය සැරයක් විතර පාන්දර වෙනකන් කියවනවා මාත් නිදි කිර කිර සහකම්පනයෙන් අහාගෙන ඉන්නවා.මේ නිසාම යාළුවෝ අතර මතයක් තිබුනා දුකක් අවාම කියන්න හොඳ ම කෙනා මම කියලා මොකද මම එ කාලෙ ඉඳලම දැනගෙන හිටිය වට්නාම දෙ තමයි ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට ඇහුන්කන් දීම කියාලා .අපෙ මිනිස්සු කරන ලොකුම වැරැද්දක් තමයි කිසි කෙනෙකුට ඇහුන්කන් නොදීම දුකට පත් කෙනෙකුගෙ ප්‍රශ්නයක් වෙලාව අරගෙන අපි අහාගෙන හිටියොත් එ මිනිහාගෙ ප්‍රශ්නයෙන් 50% විතර විසඳෙනවා .
කෙසෙ හෝ මාව සොයාගෙන පැමිණි යාළුවෝ එක්ක පිටත් උනා.කොහේද යන්නෙ මොනවද කරන්නෙ කිසිම තීරණයක් අපිට තිබුනෙ නැහැ .අපෙ නඩේම නුගෙගොඩ හන්දියට එනකොට .අනිත් යාළුවෝ එකතුවෙලා රෝසා වරගයේ බස් එකක් ගෙනාවා ඔක්කෝම දැන් විස්සක් විතර ගමනට ලෑස්තියි . යටඇඳුම්,සනීපාරක්ෂක උපකරණ ,වතුර ,කෑම හේම දාගෙන අපි ගාල්ල බලා පිටත් උනා .ගාලු පාරෙන් යන්න බැරි බව දන්න නිසා හොරණ මතුගම හරහා තමයි ගමන යන්න පිටත් වුණෙ හොරණ නගරය පසුකරලා ටික දුරක් එනවිට අධික වහාණ තදබදයක් මේක හසුරුවන්න පොලිසියේන් වත් නැහැ බැරිම තැන අපි බැහැලා වහාන එහේට මෙහේට කරලා කෝහෝම හරි ගාල්ලට ආවා.

ගාල්ලට අවාට මොකද රෑ වෙලා මුළු නගරම එකම සුන්බුන් ගොඩක් .ආරක්ෂාව ට යුද්ධ හමුදා සහෝදරයන් සිටිය අතර ඔහුන් අපිව සුහදව පිළිගත්තා.මෙ අතර රාවයක් යනවා රාත්‍රීයේ තවත් සුනාමියක් එනවා කියලා ඇත්තටම නම් එ වෙලාවෙ බොක්ක රත් වුනා එත් එවා පිටට නොපෙන්වා කට්ටියම වැඩ්ඩො වගෙ හිටියා.එවකට අපි විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිසා මෙන්ම .තවත් පොඩි දේශපාලන බලපෑමකුත් නිසා අපිට ටිකක් හොඳ පිළිගැනිමක් තිබුනා.
ගාල්ල නගරයේ ටිකක් ඇවිදිනකොටම අපිට සිදුවෙලා තියෙන විනශයේ තරම හිතාගන්න පුළුවන් උනා. ටික ඇවිදලා කරාපිටිය රෝහලට ගියා.දෙවියනෙ රෝහල ඇතුලෙ ලොකු ,පොඩි,තරුණ,මහාලු ,ගැහැනු ,පිරිමි මල සිරුරු එක දිගට එ වගෙම උහුලන්න බැරි දුර්ගන්ධය එ වෙලෙ නම් හිතුනා මොකක්ද මෙ ජිවිතෙ කියලා හය හතර නොදන්න කිරිසප්පයෝ දැක්කාම පපුව පිච්චෙනවා වගෙ දැනුනා.නිතරම විහිලුවෙන් ඉන්න තාරුණ අපෙ ඇස්වලින් කදුළු හැලුනෙ අපටත් හොරාමයි.එ මොහොතේ ඉඳලා අපෙ කොල්ලො ගොළු උනා වගෙ.මෙ මොහේතෙ කරන්නෙ කුමක්ද කියලා හිතන්න බැරි උනා.
කෙසේ හෝ වෛද්‍යවරුන් ගෙ සාහායෙන් අලුත උපන් සිගිති පැටවු කිහිප දෙනෙකුටත් එ අම්මලා කිහිප දෙනෙකුටත් සනීපාරක්ෂක ද්‍රව්‍ය ලබදෙන්න අපිට පුළුවන් උනා.එක නිමේශයකින් සිදු වු මෙ මහා ඛේදවාචකය අපිට හිතන්න ගොඩාක් දෙවල් ඉතිරි කාළා.
පසුදා පහාන් උවාට පසු රණවිරුවන් ,ස්වෙච්ඡා සංවිධාන අපි එකතුව තැන් තැන් වල.සිරවී තිබුනු මල සිරුරු රෝහල කරා ගෙන ආවා .සමහර සිරුරු උස්සන කොට අත කඩන් වැටෙනවා සමහරුන් කකුල් කඩන් වැටෙනවා.සමහරුන්ගෙ ඇස් නැහැ .

තව එවා හඳනා ගන්න බැරි තරමට විරුපීයි.එ වෙලාවෙ වෙන කිසිම දෙයක් අපෙ හිත්වල තිබුනෙ නැහැ කරන වැඩෙ ගැන විතරයි හිත යෙදෙවුවේ අහුවෙන දෙයක් බඩ ගින්නට ඔහෙ කෑවා මිසක් රසක් ගුණක් හෙවුවෙ නැහැ ඔය විදිහට සති දෙකක් විතර අපි මහාන්සි වෙලා .ජන ජීව්තය තරමක් යථා තත්ත්වයට පත්වෙද්දි ගෙදර ආවා.ගෙදර කවුරුත් මං ලගට ආවෙ නැහැ ගඳයි කියලා.ඇඳන් හිටපු ඇඳම් ගැලෙවිවෙත් ගෙයින් එළියේ ඉඳගෙන්.එ ටික ගලවපු ගමන්ම අක්කා අරගෙන ගිහිං ගිණි තිබිබා.
තුන් හතර සැරයක් නාලා පිරිසිදු වෙලා නිදාගන්න ගියා විශ්වාස කරන්න නින්ද යන්නෙ නැහැ ඇහැ පියවෙනකොටම අර මල සිරුරු පේන්න අරගෙන්න ගැස්සිලා ඇහැ ඇරෙනවා.බුදු කට්ටක් කලා නිදා ගත්තා.
පහුවෙදා උදේ නැගිටිනකොට ඇග වෙවිලලා උණගත්තා.පැරසිටමෝල් පෙති බිලා නිදාගන්න ගියත් එක එක විකාර රූප පේනවා ගෙදරින් බෙහෙත් ගේන්න කතා කලත් ගියේ නැහැ ඇරිලා යයි කියලා හිටියා.කොහෝමත් අපි හෙන හීරෝස්ලනෙ.
දවල් වෙනකොට ඉන්නම බැහැ යටි බඩත් හොඳටම රිදෙනවා මුත්‍රා කරන්න ගියා මුත්‍රා එන්නෙත් නැහැ වගෙ කෝහෝම හරි ලොකු දැවිල්ලකුත් එක්ක මුත්‍රා ගියා.එක දැකපු ගමන් මම හොඳටම බයවෙලා පොඩි අයියාට කතා කලා.මුත්‍රා කලුම කලු පාටයි.

යකෝ තොට ලේ යන්නේ යමන් ඉස්පිරිතාලෙ කියලා එ වෙලාවේම කළුබෝවල රෝහලට ගියා.රෝහලෙන් විස්තර අහලා ඉක්මනින්ම UFR,FBC,CRP පරික්ෂණ පිටින් කරගෙන ඉන්න කිවුවා එ වෙලාවේම uss ස්කෑන් එකක් කලා පරික්ෂණ ඔක්කෝම බලපු ගමන් මාව දැඩ් සත්කාර එකකය icu දැම්මා විතරයි මතක.

මට නැගිටින්න උත්සහා කලාට නැගිටින්න බැහැ අමාරුවෙන් ඇස් අරිනකොට දැක්කා.ඇග පුරාමා වයර් මගෙ ඇද ඉස්සරහ ම නර්ස් කෙනෙක් හිටියා.දෙලොවක් අතර තෝන්දු මාන්දුවෙන් ටික වෙලාවක් ඉඳලා වතුර කියන්න හිතාගෙන කට ඇරියා අම්මො කතකරන්න බැහැ කටට බටයක් ඔබලා.මගෙ දිහා බලන් හිටපු නර්ස් නෝනාට වැඩෙ තේරුණා. ලගට ඇවිත් හරීම කරුණාවෙන් කිවුවා.ඔයාව ඇරෙස්ට් උනා.(මට එතකොට එ මගුල තෙරෙන්නෙ නැහැ දැන් තමයි දන්නෙ මැරෙන්න ගිහිං කියලා) ඔයව ටියුබ් කරලා තියෙන්නේ .( එකත් මම එතකොට දන්නෙ නැහැ කෘතිමව ඔක්සිජන් සැපයිමට ස්වරාලය හරහා බටයක් දාන එකට තමයි එහේම කියන්නෙ .)

මම දන්නේම නැතිව දැඩ් සත්කාර එකකයේ දවස් පහාක් දවස් හතකට පස්සෙ 25 වාට්ටුවට දැම්මා.ඇත්තටම icu එකෙ ඉන්නකොට තමයි දැන ගත්තෙ රෝගියෙක් වෙනුවෙන් හෙදියක මොනතරම් නම් කැපවීමක් කරනවද කියලා.විනාඩ් පහෙන් පහාට අපෙ තත්ත්වය එයාලා ලියන්න ඔනෙ.අපිව හොදන්නෙ කවන්නෙ පොවන්නෙ සියලුම දෙ කරන්නෙ මෙ තරුණ හෙදියන්
.
කළුබෝවල රෝහලේ icu එකෙන් 25 වාට්ටුව ට යද්දි මම එයාලට අත් දෙක එකතු කරලා වැන්දා ඒ සේවයට .එ වෙලාවෙ එ ඇස් දිලිසෙනවා දැක්කා. එයලා ලගට ඇවිත් කිවුවා අවදානම නම් දැන් ටිකක් අඩුයි එත් පරිස්සමෙන් ඉන්න.කාට උදව්කලත් මොන දේ කලත් තමන් ගැනත් හිතන්න හොඳ ද .මං ඇහුවා මට මොකද උනෙ කියලා ඔයාගෙ මුත්‍රා මාරගයෙන් ටිකක් දරුණු විෂබීජයක් ගිහිලා මුත්‍රා මාර්ගයට දැන් ට්කක් හානිවෙලා කාලයත් එක්ක හරි යයි කිවුවා.
ඔහෝම 25 වාට්ටුවෙ ත් දවස් 15 මුත්‍රා බට ගහලා හැමදාම එක පරික්ෂණ වලට මුහුණ දි දී ඉඳලා ටිකක් කපලා එනකොට ඩොක්ටර් අවවාද ගොඩක් දුන්නා.

ඔයලා තරුණයි හිත හයියයි.එක නිසා ඔනෑම අවදානම් වැඩක් බය නැතිව කරනවා එක ඔය වයසෙ හැට් .නමුත් මොනදෙ මොන විදිහට කලත් තමන් ගැන හිතන්න .අපිට තාම ඔයා 100% නිරෝගියි කියන්න බැහැ මේක නිසාම ඔයා ඉදිරි කාලයේදි බරපතල රෝගියෙක් වෙන්නත් පුළුවන් (මට හිනා) එක නිසා නියමිත දවස්වලට සායන වලට එන්න අපි දෙන බෙහෙත් වෙලාවට ගන්න මාස තුනක් වත් යනකන් කොහෙවත් යන්න එපා(අපි අහායි හිනා) මම මේක කිවුවා කියලා මාත් එක්ක තරහා වෙන්නවත් කේන්ති ගන්නවත් ලොකුවට බයවෙන්න වත් එපා මේ විෂ බීජය බරපතලයි එක ඔයාගෙ වකුගඩුව ට බලපාල තිබුනා ඔයාගෙ වකුගඩු දෙකම ඉදිමිලා තිබුනෙ.එකනිසා ගෙදර ගියාම හොඳට වතුර බොන්න ලුණු එහේම අඩුවෙන් කන්න.ඔයාගෙ ජිවිතෙ බේරුණේ පෙර පිං මහිමයකින් කියලා හිතන්න ඔයාගෙ මලකද තමයි අපි icu එකට දැම්මෙ.දවස් තුනකට පස්සෙ තමයි ඔයාට සිහිය ආවෙ අපි හැමදෙනාම බලාපොරොත්තු අත් හැරලා හිටපු වෙලාවෙ තමයි ඔයාගෙ සිහිය ආවෙ එ මුළු කාලේම ඔයා හිටියේ මැෂින් එකක් ආදාරයෙන්.දැන් ඔයාට පැහැදිලියි නේද ඔයාගෙ තත්ත්වය .

හැබැයි එ වෛද්‍යවරයා එසෙ කියද්දි කවදාවත් මම හිතුවෙ නැහැ මම සදාකාලික රෝගියෙක් වෙයි කියලා .වෙලවට සායන වලට ගියත් නියමිත පරිදි බෙහෙත් හේත් ගත්තත්.අද වකුගඩු රෝගියෙක් වෙලා ජිව්තෙ ගෙවනවා.හැබැයි මගෙ හිත හරිම ශක්තිමත් දැනට මම ජිවත් වෙන්නෙ ඩයලසිස් නැතිනම් රුධිර කාන්දුකරණය හෙවත්,මගෙ ලේ පිරිසිදු කරමින්.දැනට කොළඹ ජාතික රෝහලේ වැඩිම වාර ගණනක් කරලා තියෙන්නෙ මම අන්තිම එක කලේ 2019/08/17 එ මගෙ කොළඹ ජාතික රෝහලෙන් විතරක් කල 972 වෙනි වතාව.

මම දන්නෙ නැහැ තව කොච්චර දවසක් මම ජිවත් වෙයිද කියලා මැරෙන්න ඉසෙල්ලා කොහෝම හරි මෙ වෙනක්න සිදු වූ සිදුවීම් ටික ලියන්න උත්සහා කරනවා.එ වගේම තරුණ අයට කියන්න තියෙන්නේ ඇගෙ ජවයට මොන දේ කලත් තමන් ගැනත් හිතන්න... ස්තුතියි


No comments:

Post a Comment