2019/11/09

2019/02/28 මගෙ ජිවිතෙ තවත් සුවිශේෂී දිනයක්




ඊයේ දිනය වුනා කොළඹ ජාතික රෝහලේ 900 වතාවට (නවසීයක්) මගෙ රුධිරය පිරිසිදු කළා( ඩයලසිස් ) හිතන්න නවසිය වතාවක් කරනවා කිය්න්නෙ ලේ පිරිසිදු කරන්න විතරක් ජාතික රෝහලට මම දවස් 900 ක් ගිහින් තියෙනවා මේ ජාතික රෝහලේ කළ ප්‍රමාණය විතරයි මිට අමතර ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ,කළුබෝවිල රෝහලේ ,මාලිගාවත්ත වකුගඩු රොහලෙ,ඩර්ඩන් රෝහලේ ,නවලෝක රෝහලේ ,නෙවිල් ප්‍රනාන්දු රෝහලේ සහා නාවින්න මේඩිකෙයා රෝහලේ කරන ලද රුධිර පිරිසිදු කිරිම්(ඩයලසිස් ) මෙයට අයත් නැත.

බිඳ වැටිම්,දුක් කදුළු දරාගැනීම් මැද යන මෙ ගමන ගැන සමහර අවස්ථා වලදි මටම ආඩම්බරයි .මොකද මගෙ හිතවත් සහෝදර සහෝදරියන් මිතුරු මිතුරියන් විශේෂයෙන් මගෙ පාසල් දරුවෝ බෝහෝමයක් මට කියනවා අපෙ ජිවිතෙ ප්‍රශ්න එනකොට ඉන්දුක ඔයා ගැන හිතනවා සර් ඔයා ගැන හිතනවා මචං උබ ගැන හිතලා හිත හදාගන්නවා උඹට තියෙන ප්‍රශ්න එක්ක බැලුවම අපිට තියෙන ප්‍රශ්න මොනවද.උඹ හැමදේම නැතිවෙලා තියේද්දි හැම වෙලේම හිනාවෙලා ඉන්නවා රට වටේම යනවා අපි ජිවිතෙ ව්ඳවද්දි උඹ ජිව්තෙ විඳින්න පුළුවන් මාර්ග හොයාගෙන ජිවිතෙ විඳිනවා .රට වටෙ කොහෙන් ලෙඩෙක් කතාකලත් එ මිනිහට වචනයකින් හරි උබ පිහිටවෙනවා.උවමනාමනම් උඹම වියදම් කරගෙන එ මනුෂ්‍යයා බලන්න ගිහිල්ලා හිත හදලා එනවා අපිට මෙවා හිතන්නවත් බැහැ අන්න එක නිසා උඹ අපිට වීරයෙක් .මෙ මට නිරන්තරයෙන්ම අහාන්න දකින්න ලැබෙන දේවල මම මට පුළුවන් හැටියට මෙ ලෙඩෙ නිසා බයවෙලා ඉන්න රෝගීන්ගෙ හිත හදනවා ඔහු ඇය ලංකාවේ කොහෙ හිටියත් මට පුළුවන් හැටියට කතාකරලා එ අයගෙ හිත හදනවා මට එ කිසිවෙකුට මුදලින් පිහිට වෙන්න හැකියාව නම් නැහැ නමුත් හදවතින්ම ඔහුන්ට කතාකරලා උදව් කරන්න පුළුවන් .

ඔබෙ පවුලේ හො ඔබ දන්න කවුරුන් රෝග නිසා බයවෙලා ඉන්නවානම් මට කතාකරන්න මම සුදානම් එ අයට අවශ්‍ය මානසික ශක්තිය ලබාදෙන්න.2012 වර්ෂයේ අප්‍රේල් 04 මැරිලා කියලා වෛද්‍යවරුන් නිගමනය කරපු මම අදටත් ජිවත් වෙනවා ජීවත් උනත් වැඩිකල් ඉන්නෙ නැහැ කියපු මම තවම ජිවත් වෙනවා ,සිහිය නැතිවෙනකම්ම ලේ වමනෙ ගිහින් රෝහලේන් ජිවත් කරන්න බැහැ කියපු මම තවම ජිවත් වෙනවා බද්ද කරපු වකුගඩුව බඩෙ පුපුරා ගිය ලෝකයේ එකම රෝගියා වන මම තවම ජිවත් වෙනවා කොළඹ ජාතික රෝහලේ වැඩිම ඩයලසිස් ප්‍රමාණය කරන මම තව ජීවත් වෙනවා මෙ හාස්කම් නොවෙයි මගෙ ජිවිතය ගැන මට ඇති විශ්වාසයි .මෙතුවක් දුර මම මෙ විදිහට එන්න මට යෝද ශක්තියක් වුනෙ මගෙ ආදර අක්කා,මගෙ පාසලෙ එදාමෙදා තුර ඉන්න සියලුම ගුරුවරුන් විශේෂයෙන්ම මගෙ හුස්ම මගෙ පාසලයි.මගෙ රාහුලේ දරුවෝ කන්න බොන්න විතරක් නොවෙයි ඇද ලග රෑ නිදිවරාගෙන මට සාත්තු සප්පායම් කළා.කොළඹ ජාතික රෝහලේ වෛද්‍ය A L M නසාර් මැතිතුමා,වෛද්‍ය මංජුල වීරක්කොඩි මහතා.වෛද්‍ය නෙවිල් පෙරේරා මැතිතුමා ,ජාතික රෝහලෙ ඩයලසිස් යුනිට් එකෙ හෙද සොයුරියන් ,සුළු සේවක මහාත්ම මහාත්මින්,50,64,65,28,33,14,17 වාට්ටුවල කාර්යය මංඩල සියලුම දෙනාත් ශල්‍යගාර වල සියලුම කාර්යය මංඩලය මට ශක්තියක් විය ඔහුන්ට අනෙක වාරයක් ස්තුතියි නම් වශයෙන් දාන්න ගියොත් මේ පෝස්ට් එක තව ගොඩාක් වැඩ්වෙයි එක නිස මෙතුවක් වචනයකින් හරි මට ආශිර්වාදය ලබාදුන් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි .

එ වගේම තව දෙයක් මෙ අවස්ථාවෙදි මගෙ මුහුණු පොතෙ මිතුරු,මිතුරියන්ට කියන්න කැමතියි .ඔබට ජීවිතෙ දි එන කිසිම ප්‍රශ්නයකදි ඔබ වැටෙන්න එපා කුඩා දෙයක් නිසා ඔබ ඔබෙ ජිවතෙ නැතිකරගන්න හදන්න එපා.අපි හිතුවට අපිට කවුරුත් නැහැ කියලා මෙ රත්තරං රටෙ ඔනෑ තරම් හදවත හොඳ මිනිස්සු ඉන්නවා අපිට උදව් කරන්න .අපි ලග ඉන්න හැමෝම අපිව අතහැරලා ගියත් අපෙ හිත හයිය කරගත්තොත් අපිට කරන්න බැරි දෙයක් නැහැ .මේක තමයි ජිව්තෙ.මම මෙ කියන දේ සදාචාර නොවෙන්න පුළුවන් නමුත් කිව යුතුයි පොඩි දේටත් ඔබට මැරෙන්නම හිතෙනවාම් ඔබ තීරණය කරන්න ජිවිතෙ යදින අසරණ රෝගියෙකුට ඔබෙ වකුගඩුව දෙන්න.එ විට නැවතත් ඔබට ජිවත් වෙන්න හිතෙයි.සියලුම දෙනාට තෙරුවන් සරණයි .තවත් කෙනෙකුට ජිවත් වෙන්න වැදගත් කරුනු මෙහි අන්තර්ගත නම් Share කරන්න.


No comments:

Post a Comment