2019/11/09

වෙන්වීම හා වෙන්වයාම



පැරණි මතකය
පැමිණ නිරතුරු
ගිණි තබා
හදවත අළු කරයි...
නෙතුද ගිනිගෙන
කදුළු ධාරා
ගලා යයි ලෝදිය
ලෙසින්...
වෙන්ව යන්නට
මෙමා නොපැතුව
ඔබම පැතු එ
තීන්දුව දෙන්නට ලඟයි...
ඉතිං සමුගෙන යන්න
සතුටින්
දුකම හිමි වූ මගෙ හදවත
තැලි පොඩි වි පැලි
මා මිය ගියාදෙන්...


No comments:

Post a Comment