2019/11/09

dialysis දාහක් රෝගියෙකුට හීනයක්

අද 2019/10/25 කොළඹ ජාතික රෝහලේ 1000 වෙනි ඩයලසීස් එක කළා .ඇත්තටම dialysis දහක් රෝගියෙකුට හීනයක්. කෙසේ හෝ ඒ කඩඉම අද මම පසු කලා . එක් අතකින් මට ලොකු සතුටක් වගේම තව පැත්තකින් ලොකු දුකකුත් දැනෙනවා ඒ මන්ද කියනවා නම් මාත් සමඟ මේ රෝගය හැදිලා මුල් වරට ඩයලසිස් කළ රෝගීන් බොහෝ දෙනෙක් අද ජීවතුන් අතර නෑ .ජාතික රෝහලෙන් විතරක් ඩයලසිස් දාහක් කරනවා කියන්නේ ලේසි පහසු කාර්යයක් නොවෙයි ඩයලසිස් දහක් කරන්න .මම දින දහක් රෝහලට ඇවිත් තියෙනවා.

මේ සඳහා දිනකට පැය හයක් වෙන් කළත් මම අඩුම වශයෙන් ඩයලසිස් වලට විතරක් පැය හය දහසක් 6000 වෙන් කරලා තියෙනවා ඒ වගේ ම ඇඳේ විතරක් පැය පහ ගානේ ගත්තත් පැය පන්දාහක් ඉඳලා තියෙනවා .මේ මම ජාතික රෝහලේ කළ ඩයලිසිස් ප්‍රමාණය විතරයි .

මීට අමතර ව මාලිගාවත්ත වකුගඩු රෝහල, ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහලේ, කළුබෝවිල ශික්ෂණ රෝහලේ, මෙන් ම පෞද්ගලික රෝහල් වන ඩර්ඩන්ස් රෝහල ,,නවලෝක රෝහල ,මෙන්ම සිංගප්පූරු රෝහල වැනි රෝහල්වල ඩයලසිස් කරල තියෙනව .

මම මගේ පාසල් දරුවන්ට හැමවෙලේම කියනවා වීරයෝ පිටින් හොයන්න එපා මම හොද වීරයෙක් කියලා. ඇත්තෙන්ම ඒක අදත් මම ඔප්පු කරල තියෙනවා කොළඹ ජාතික රෝහලේ ඩයලසීස් දාහක් කරපු එකම රෝගියා මම .

මේ රෝගයෙන් මෙතුවක් කල් මං ජීවත් වීමේ රහස හැටියට මං හිතන්නෙ මගේ ජීවිතය තිබෙන ආත්ම විශ්වාසය සහ මගේ අක්කා පවුලේ අය සහ මගේ පාසලේ ගුරුවරුන් ගෙන් මට ලැබුණු සහයෝගය .

අද ඩයලසීස් දහ කරලා හිටියට හෙට දවසේ මගේ මරණය සිදුවෙයි ද කියලා මම දන්නේ නෑ නමුත් මම ඒකටත් සූදානම් .ඒ මොන දේ උනත් මං මගේ ජීවන ගමන නවතින්නනෙ නැතුව යනවා ලෙඩක් නිසා ජීවිතේ අතරමග නතර කරලා දාන්න මං කැමති නෑ මං ඉන්න තරම් කල් මේ සමාජයට වැඩක් කරලා වැදගත් මනුෂ්‍යයෙක් ලෙස ජීවත් වෙනවා එතකොට මගේ මරණයෙන් පසුවත් මිනිස්සු කතා කරයි මගේ ආත්ම විශ්වාසය ගැන .



මේ ගමන ආවේ පහසුවෙන් නෙමෙයි ඉතාමත් අපහසුවෙන් බිඳ වැටීම සිත්තැවුල් රිදවීම් ඇදවැටීම් දහසක් මධ්‍යයේ මං කොහොම හරිඒ ගමන ආවා.එ වගේම මා පිටුපසින් ඉදන් බොහෝ අය මට උදව් කළා

මේක බලන අයට මං කියන්නං ජීවිතේ ඇද වැටෙන්නේ නැතුව කොහොමද මං මේ ගමන ආවෙ කියලා .

රෝගය හටගත් දවසෙ ඉදල මං මේ රෝගයට බය නැතුව මුහුණ දුන්නා නමුත් යම් යම් අවස්ථාවල දී මං ඉතාමත්ම සංවේගයට පත් වෙලා මානසිකව අන්තයටම ඇද වැටිලා තියෙනවා.

මෙන්න මේ අවස්ථාවේ මං නැගිට්ටෙ. මට මේ සමාජය වෙනුවෙන් යමක් කරන්න තියෙනවා කියලා වැටහුණු නිසයි.

මම දැක්කා මේ රෝගය නිසා ගොඩක් රෝගීන් ජීවිතය අතහරිනව.මට ඕන වුණා ඔවුන්ට පූර්වාදර්ශයක් හැටියට ජීවිතයේ නැගිටින හැටි පෙන්නන්න .

ජීවිතයේ ප්‍රශ්න විතරක් නොවෙයි මට ආව හැම අභියෝගයකටම මම බය නැතුව මුහුණ දුන්නා අද මම කිසිම කෙනෙකුට හිතන්න බැරි දුරකට ඇවිල්ල තියෙනව කියල මම හිතනවා .

මේ රෝගය තියෙන කිසිකෙනෙක් ඉගෙන ගන්න හිතන්නේ නෑ . අභියෝගවලට මුහුණ දෙන්න හිතන්නෙ නෑ නමුත් මං තීරණය කළා ඉගෙන ගන්න .

ඒ අනුව මම ගුරුවරයෙක් හැටියට සපුරාගත යුතු පශ්චාත් උපාධි අධ්‍යාපන අධ්යාපන ඩිප්ලෝමාව කොළඹ විශ්ව විද්‍යාලයෙන් කරනවා මම මේ උපාධියට ලියාපදිංචි වෙන්නේ 2010 .අසනීපයෙන් නිසාම මට මේවා මෙම විභාගය කරගන්න බැරි වෙනවා .

කල් ගිහිල්ලා 2015 දී නැවත මම තීරණය කරනවා කොහොමහරි පශ්චාත් උපාධිය සම්පූර්ණ කරනවා කියලා . කොළඹ විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධිය මං සම්පූර්ණ කරනවා.නමුත් එක සම්පූර්ණ කරන්න මට ලේසි වෙන්නෙ නෑ

උපාධියට දවස් පහක් හයක් තියේද්දි මට ලේ වමනෙ යන්න ගන්නවා .ඒ අනුව කොළඹ ජාතික රෝහලේ 50 වාට්ටුවේ මම නතර වෙනවා .රෝගයට බය නැතිව මම මුහුණ දුන්නා.හැමෝම මං ගැන බලාපොරොත්තු අතහැරලා හිටියේ.

මගෙ විභාග ශාලාව තිබුණේ කොළඹ ජාතික රෝහලේ ඉස්සරහම තිබුන පාසලේ .දවස් තුනක් යනකොට වෛද්‍යවරුන් ඇතුළු හැමෝම පුදුමයට පත්කරමින් මට ටිකක් නැගිට ගන්න පුළුවන් වෙනවා . විභාගය ට දවසක් තියෙද්දි මං වෛද්‍යවරුන්ට කියනවා

ඩොක්ටර් මට හෙට විභාග තියෙනවා මේ විභාගය මම ගොඩක් පරක්කු වෙලා ලියන්නෙ ඒක නිසා මට හෙට කොහොම හරි විභාගයට යන්න ඕනි කියලා .වෛද්‍ය නිර්දේශ වෙන්නේ කිසිසේත්ම මට ඒකට සහභාගි වෙන්න අවස්ථාව දෙන්න බැහැ කියලා .මේ අවස්ථාවේ ටිකක් තදින් තීඉරණයක් ගෙන මම කියනවා

මට මේ විභාග කොහොමහරි කරන්ඩ ඕනේ කියලා

වෛද්‍යවරු කොහෙත්ම කැමති වෙන්නේ නෑ

අවසානයේ මම කියනවා මට මේ විභාගය හෙට කරන්න කරන්න නොදුන්නොත් මං අනිවාර්යයෙන්ම අනිවාර්යයෙන්ම මේ හතරවෙනි තට්ටුවෙන් පැනල මැරෙනවා එහෙම වෙනවට වඩා හොඳයි මම මේ විභාගය ලියන එක කියලා .

පස්සේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ මට විභාගය ලියන්න අවසර දෙනවා .පසුව එක් අතකට කටු ගහල සේලයින් දෙනගමන් රෝද පුටුවේ ගිහිල්ලා මං විභාග ලියනවා ලියාගන්න බැරි තරමට අත වෙවිලනවා .මේ වෙලාවෙ මගේ හිමොග්ලොබින් මට්ටම 5.1 ක් විතර වෙන්නේ .කොහොමහරි මම විභාගය අවසන් වෙනකන් ලියනවා

ටික දවසකින් මට හොඳ වෙනවා විභාග ලියල වසරකට විතර පසු මගේ ප්‍රතිඵලය නම් මං විශිෂ්ට ලෙස විභාගය සමත් වෙනවා ඒ ප්‍රතිඵලය වන්නේ

A1 ,
B 7,
C1

හිතන්න අත වෙවුල වෙවුල ලියන්න බැරි මනුස්සයෙක් මෙහෙම විභාගයක් ලියලා සමත් වෙන්නේ කොහොමද කියලා මගේ දරුවන්ට බය නැතුව ඒකයි මම කියන්නේ මම වීරයෙක් කියලා .

ඒ විතරක් නෙමෙයි මෙඩයලසීස් දහ කරන අතරතුර මම විදුහල්පති විභාගය ලියලා ඒකෙනුත් සමත් වුණා 18000 පමණ ලියපු විභාගයෙන් පළමු 1858 ට තේරෙන්නමට හැකි වුණා .

අද දිනයේත් එකේ ප පුහුණුවීම් වල ඉඳළා එක නිමකරලයී මම ඩයලසීස් වලට ගියෙ

එපමණක් නොවෙයි මේ රෝගය තියෙද්දී මම තවත් රෝගීන්ගේ ජීවිත බේරගන්න ඔවුන් ළඟට ගිහිල්ලා ඔවුන්ට උපදෙස් ලබාදුන්නා අදටත් මං එක කරනවා හැබැයි කවදාවත් ඒ කරන උදව් මම මුහුණු පොතේ පළ කරන්නේ නෑ

එහෙම මම උදව් කරපු අය මේක දැක්කොත් එයාලම එයාලගේ අදහස් දක්වයි කියලා මං විශ්වාස කරනවා මම කොහොමද රෝගීන්ට ශක්තියක් වුණේ කියලා .

මේ මොහොතේත් මම කියන්න කැමතියි රෝගිවෙලා ඉන්න ඕනෑම කෙනෙකුට තමන්ට හිතෙනවනම් මේ ලෙඩේ නිසා තමන් අසරණ කියලා කිසිම ප්‍රශ්ණයක් නෑ මට කතා කරන්න

ඔබ අසරණ වී ජීවිතය ගෙනියන්න ඕන හැටි මං කියල දෙන්න සූදානම් ඒ වගේම මේ රෝගයෙන් බේරිලා පරිස්සං වෙලා ඉන්න හැටි කියල දෙන්න සූදානම් ජාතියක්, කුලයක්, ආගමක්, කිසිම භේදයක් මට නෑ ඕනෑම රෝගියකුට කොන්දේසි විරහිතව අදටත් මම පිහිට වෙනවා එහෙම ඔබට උවමනා තියනම් අදටත් මගේ දුරකථනය විවෘතයි අදත් මම මගේ අංකය දානවා ඕන කෙනෙක් මට කතා කරන්න

0718011937

ඒ වගේම මෙතුවක් මේ ආගමන තුළ මට උදව් උපකාර කළ ජාතික රෝහලේ සියලු දෙනාට විශේෂඥ වෛද්‍ය A.L.M නාසර් මහතා ඇතුළු වෛද්‍ය කාර්ය මණ්ඩලයට dialysis unit එකේ ප්‍රධාන හෙද සොයුරිය ඇතුළු සියලුම කාර්ය මණ්ඩලයට 64,65, 50, 17, 33 ,28,18 ,32 ,41,42, යන වාට්ටුවල සියලුම කාර්ය මණ්ඩලයෙන් මණ්ඩලයට ස්තූතිවන්ත වෙනවා.

මගේ ජීවිතය බේරගන්න තමන්ගේ වකුගඩුව මට ලබා දුන් රුවන් කුමාර රත්නායක මල්ලිට

මොහොමඩ් නිම්නාස් සොයුරාට හදවතින්ම පිං

ඒ වගේම මගේ අක්කා, පොඩ් අයියා .අම්මා ඇතුළු පවුලේ සැමට .

මගේ පාසලේ එදා මෙදා තුර සිටි සියලුම දෙනාට .

මගේ ආදරණීය පාසල් දරුවන් ට .

මගේ පාසල් සමයේ සිට අද දක්වා එදා මෙදාතුර සිටින ආදරණීය මිතුරන්ට.

පාසලේ දරුවන්ගේ දෙමව්පියන්ට .

කොළඹ විශ්වවිද්‍යා විද්‍යාලයේ සියලුම කාර්ය මණ්ඩලයට .

මුහුණු පොතේ මා හා බැදිලා මට වචනෙකින් හරි උදව් කරන මාගේ සියලුම මිතුරු කැලට

මගේ ජීවිතයේ මෙතුවක් ගෙන යාමට මට උදව් උපකාර කර ලක්වාසී සියලු දෙනාටම හෘදයාංගවම මම ස්තුතිවන්ත වෙනවා .

තවත් රෝගියෙකුට ශක්තියක් වීමට, පිහිටවීම සඳහ හැකිනම් මෙය share කරන්න

No comments:

Post a Comment