2019/11/09

රෝගියෙක් ඉස්සරහා ඔබ වැඩිපුර ජලය පානය කරන්න එපා

මං හිතන්නේ අද මම ලියන්න සුදානම් වන්නෙ මගෙ ලිපි පෙලෙ දහාවැන්න.දහවෙනි කොටස.

ගියවර ලිපියෙන් කොළඹ ජාතික රෝහලට ගොස් ලියාපදිංචි වීම දක්වා ටික ලිවුවා අද එතැන් සිට.

මගෙ වාරයේදි මගෙ නම කියා මාව ඇතුලට ගත්තා මට විතරයි යන්න දුන්නෙ මගෙ පරණ වාර්තා සියල්ල බැලු වෛද්‍ය තුමිය.මගෙ රොගය පිළිබඳව මගෙන් විමසා.සියලු දෙ පොතක් සටහාන් කර සර් එනකන් එළියේ ඉන්න කිවුවා .

උදෑසන 8.30 පමණ නැවත මගෙ නම කතාකර මාවා බැලු වෛද්‍ය තුමිය විසින් ප්‍රදාන වෛද්‍යවරයාට මගෙ රෝගයේ විස්තර කියලා.මම කාලයක් සායනවලට සහාභාගි වි නැති එකත් මතක් කළා.එ සමග මගෙ වර්ථා අනුව තව ඩයලසීස් එකකට නතර කරන්න කතා කලා.වෛද්‍ය තුමා මාවා රෝහල් ගතකරන ලෙස උපදෙස් දුන්නා.ඉනපසු නැවතත් වෛද්‍ය තුමියා ඇයගෙ මේසයට මාව කැඳවාගෙන ගියා.

මගෙ පොත අතෙ තබාගෙන කතකරලා පටන් ගත්තා.

ඔයා මොනවද කරන්නෙ.

මම ගුරුවරයෙක් ඩොක්ටර් .

අපිට ඔයාව තවත් ඩයලසීස් එකක් කරන්න නවත්වන්න වෙනවා අපෙ සර්ටම කියලා වාට්ටුවක් නැහැ එක ලොකු අඩුවක්.අපිට ඔයාව වෙනත් වාට්ටුවක තමයි නතර වෙන්න වෙන්නෙ.එ ඩයලසීස් එක කරලා අපි කරන්න පුළුවන් ඉතිරි ටික බලමු.මම නතරවෙන්න පොතෙ ලියලා දෙන්නම් ඔයා දැන්ම ගිහිං නතර වෙන්න එතකොට අපිට පුළුවන් හෙට ඩයලසිස් එකට ගන්න..

හොඳයී ඩොක්ටර් බෝහෝම ස්තුතියි .

වෛද්‍ය වරිය පොතෙ ලියා දුන්නාට පසුව opd එකට ගිහිං වාට්ටුවෙ නතරවෙන්න ටිකට් එක ලියා ගත්තා පාරෙන් එහා පැත්තට පැනලා වාටුවට ගියා .නතරවෙන්න තිබුනෙ 42 වාට්ටුවෙ .වාටුවට ගියාට පසු අක්කයි බිරිදයි ගියා නිදාගන්න ඇඳක් තිබුනෙ නැහැ ලෙඩ්ඩු පිරිලා හැම වර්ගයේ රෝගියෙක්ම එ වාට්ටුවෙ හිටියා.හවස් වෙනකන් බංකුවක වාඩිවෙලා හිටියා රාත්‍රීයක් එබංකුවේම ගතකලා උදේ වෙනකොට ඇගට හරිම අමාරුයි රෑ පුරා මදුරු වදෙ එ මදිවට මීයෝ සයිස් තඩි ඌරු මියෝ ලගින් යනවා බයේ බැහැ.දැන්නම් එතන් එ වාට්ටුව නැහැ අලුතින් හැදු තුන්වෙනි ගොඩ නැගිල්ලට එ වාට්ටුව රැගෙන ගියා දැන් නම් හරිම අලංකාරයි

කොහොම හරි උදෙ වෙනකන් හිටියා.උදේ ඉතා ප්‍රසන්න වෛද්‍යවරයෙක් මාවා බලන්න ආවා.හරියට පෙනුම මගෙ පොඩි අයියා වගෙමයි. එතුමා මගෙ වාර්තා බලලා

මාව ඩයලසිස් කරන්න කියලා ටිකට් එකෙ ලිවුවා .ඉන්පසු එතුමා මට කතා කලා.

ඔයාට අද ඩයලසිස් එකක් කරන්න කියලා ලියලා තියෙන්නෙ මම ඩයලසිස් එකට කතා කරලා කියන්නම් එයලා ඔයාට කතා කරයි.ඩයලසිස් එක කලාම ඔයාට ගෙදර යන්න පුළුවන් ඊට පස්සෙ ලබන අඟහරුවාදා උදෙබ් 8.00 වෙද්දි ගෙදර අයත් එක්ක එන්න එදාට අපි ඔයාගෙ පවුලෙ අයට ඔයාගෙ රෝගය පිළිබඳ විස්තරය කියලා දෙන්නම් (Family counseling )

ඩයලසිස් කරලා අදම යන්න පුළුවන් ද ඩොක්ටර් .

ඔව් යන්න පුළුවන් .එ උනාට මතක් කරලා ගෙදර අයව එක්කගෙන් .ඔයාට වකුගඩුවක් දෙන්න කෙනෙක් .ඉන්නවා ද.

ඔව් ඩොක්ටර් මගෙ අක්කා ඉන්නවා.එයාව එක්ක එන්නම්.

හරි එහේනම් එදාට එන්න .

හොඳයී ඩොක්ටර් බෝහෝම ස්තුතියි .

උදෙ තේ එකක් අරගෙන බිරිද ආවා.

උදේ 10 විතර හෙද සහායක සොයුරෙක් ඇවිදින් මාව රෝද පුටුවක තියාගෙන ඩයලසිස් එකට රැගෙන ගියා. ලොකු අමුත්තක් දැනුනා කොළඹ ජාතික රෝහලේ ඩයලසීස් යුනිට් එකෙ පළමු ඩයලසිස් අත්දැකීම ලබන්නයි සුදානම.

ඩයලසිස් එකට ගෙනිච්චාට පසුව මුලින්ම බර බැලුවා කිලෝ 78 (එ මගෙ සමන්‍ය බර.දැන්නම් 56.5kg.) මගෙ ටිකට් එක බලලා ඇඳකට දැම්මා.

බෙල්ලෙ තිබුන ප්ලාස්ටර් එක ගැලවීමට ප්‍රථම ඊතා වලින් පෙගෙවුවා එ ගඳනම් ඉවසන්න බැහැ ඉතා සෙමින් ප්ලාස්ටර් එක ගැලෙවුවෙ ඉතා සුන්දර හිනාවකින් මුව සරසා ගත් මිස් කෙනෙක් .ඉතා සුහදව කලා රෝගි සත්කාරය නිසා බය ගොඩක් අඩු උනා.

මගෙ බෙල්ල පිරිසිදු කරන්න ගමන් අර සුන්දර හෙද සොයුරිය මට කතා කලා.

ඔයා මුලින්ම ඩයලසිස් කලෙ කොහෙද

ජයවර්ධනපුර දෙකක් කලා ම්ස්.

ඔයාට බරක් තියාගන්න කිවුවාද .

නැහැ මිස්

මුත්‍රා හොදින් පිටවෙනවද

ඔවි මිස් බොන ප්‍රමාණයම යනවා.

කොහොමද දන්නෙ බොන ප්‍රමාණයයම යනවා කියලා ඔයා යූරින් මනිනවාද .

ඉස්සර නම් මැන්නා දැන් මනින්නෙ නම් නැහැ .

බොන ප්‍රමාණය සහා පිටවෙන ප්‍රමාණය අනිවාර්යයෙන්ම මනින්න හිතුමතෙ කිසිම දෙයක් බොන්න එපා .ඊලග දවසෙ ඩොක්ටර්ගෙන් අහාන්න ඔයාගෙ බර කොච්චර තියාගන්න ඔනේද කියලා.ඔයාට වතුර ලිමිට් කරලද තියෙන්නේ කොච්චරක් බොන්න කිවුවාද.

එහේම මොකුත් කිවුවෙ නැහැ මිස් මුත්‍රා හොදින් යන නිසා මම වතුර බොනවා.

ඉස්සරහට ඩයලසිස් කරගෙන යනකොට ඔයාගෙ යන මුත්‍රා ප්‍රමාණය අඩුවෙනවා එතකොට ඔයාට බොන්න පුළුවන් ජලය සීමා කරනවා ඔයලා උගත් අයනෙ එක නිසා දැන්ම ජලය සීම කරලා බොන්න.

හොඳයී මිස් .

එදා මට අගනා උපදෙස් ගොඩක් ලබා දුන් පහුකාලීනව මම ගොඩක් ගරුකල මිස් කෙනෙක් තමයි කොළඹ ජාතික රෝහලේ පළමු ඩයලසිස් එක කළ නදි මිස් දැන් ඇය නැතත් අදටත් ඇයට හදවතින්ම ගරු කරමින් මතක් කරනවා.

ඩයලසිස් කරන ලෙඩෙක් වතුර සීමාකල යුත්තෙ ඇයි කියා මෙතනදිම කියන එක වට්න නිසා එ ගැන මා දන්නා ටික ඔබෙ දැනගැනීමට ලියන්නම්.

වකුගඩු අකර්මණ්‍ය වු රෝගියෙකු දිගින් දිගටම ඩයලසිස් කරන විට ඔහුගෙ හෝ ඇයගෙ මුත්‍රා පිටවීම එන්න එන්න අඩුවෙලා කලක් ගතවීමේදි මුත්‍රා බිංදුවක්වත් පිට නොවන තත්ත්වයක් උදාවෙනවා මෙ නිසා මෙවැනි රෝගියෙක් ජලය ක්‍රමානුකූලව පලනය කළ යුතුයි .

එය ලීටර් 1.5 ,ලීටර් 1,මිලිලිටර් 500 සිට 300 දක්වා අඩුකරයි .එ කියන්නෙ පැය 24 කට බොන්න පුළුවන් ජලය මිලිලිටර් 500 නිරෝගි ඔබට විහිලුවක් වෙන්න පුළුවන් නමුත් සත්‍ය ලෙසම වකුගඩු රෝගියෙකුට උදාවන තත්වය මෙයයි.

සමහාර රෝගින් නිසි අවබෝධයකින් තොරව ජලය පානය කර නොයෙකුත් ගැටළු වලට මුහුණ දෙනවා.ගොඩක් අය ජලය 500ml පානය කරන්න කිවුවාම හිතන්නේ ජලය විතරක් 500ml බිවවුට වරදින තැන එතනයි.අපි බොන තේ ,කිරි,සුප්,කෑමට දාන හොදි මෙ සේරම ජලය තමයි .කෙටියෙන්ම කිවුවොත් දියර ලෙස තියෙන ඔනෑම දෙයක් ජලය තමයි .දැන් ඔබ හිතන්න වතුර පෙනි පෙනි බොන්න නැතිව මේ රෝගින් කොච්චර විඳවනවා ඇතිද වසර 10 කින් මම හිතෙ ආසාවට වතුර ටිකක් බීලා නැහැ .හැබැයි එ පරිස්සම නිසාම මම තාම නිරෝගී පුද්ගලයෙක් ට වඩා හොඳට ක්‍රියාශිලීව ජිවත් වෙනවා. හැබැයි මෙතනදි ඔබෙන් එක දෙයක් ඉල්ලා සිටිනවා .කවදාවත් මෙවැනි රෝගියෙක් ඉස්සරහා ඔබ වැඩිපුර ජලය නම් පානය කරන්න එපා මගෙ ජිවිතෙ මටත් එහේම අවස්ථා වලට මුහුණ දීලා තියෙනවා මගෙ ලග වතුර බීපු අයට මම අවස්ථා තුන හතරකදි කුණුහරුයෙන් බැනලා තියෙනවා එසේම අපි ලග කවුරුහරි වතුර බොනකොට අපිට නොදැනුවත්වම කෙල ගිලෙන්වා ලොකු අසරණ කමක් දැනෙනවා.

මට දැන් එ හැමදේම හුරුවෙලා ඉවසන් ඉන්නවා එත් මේ ලෙඩෙ නිසා ගොඩක් අසරණ වෙන මොකුත් කරගන්න බැරි අසරණ අය ගොඩාක් ඉන්නවා.

මොන දේ උනත් රෝගියෙක් පාලයකින් තොරව වතුර බිවුවොත් ඔහුට බරපතල ප්‍රශ්න රැසකට මුහුණ දෙන්න වෙනවා.

කලින් ලිපිවලින් කතාකල පරිදි ඩයලසිස් ප්‍රතිකාරයෙන් කෙරෙන්නෙ රෝගියෙකුගෙ වකුගඩුවෙන් කෙරෙන කාර්යය මැෂින් එකක් අදාරයෙන් තාවකාලිකව කර රෝගියාගෙ ලේ පිරිසිදු කර පිට නොවි ඇග තුල ඉතිරු වී ඇති ජලය ඉවත් කිරීමයි .වෛද්‍යවරුන් පවසන පරදි එසෙ ඉවත් කරන ජලය ප්‍රමාණය ලීටර් තුනට වැඩි උනොත් රෝගියාගෙ හදවතට බලපාන බවයි..නමුත් පෞද්ගලික රෝහල්වල ලිටර 6/7 ඉවත් කරන්නඅවස්ථාවන් මම ඔනෑ තරම් දැක තියෙනවා දිගින් දිගටම එසෙ කිරිමෙන් හදවත දුර්වල වෙනවා .

මාත් කාලයක් එසෙ නිසි පාලනයකුන් තොරව ජලය පානය කර ලීටර් පහා හය ඇගෙන් ඉවත්කලා.අවසානයේදි මගෙ හදවතෙ වැඩ කිරීම 35% දක්වා අඩු උනා මොන හාසක්මකුන් හරි මම හොඳටම පරිස්සම් වෙන්න ගත්තා ට පස්සෙ අන්තිමට කල එකො එකෙන් මගෙ හදවත් වැඩ කිරීම 60% දක්වා වැඩිවෙලා තියෙනවා නමුත් පොඩි පොඩි ප්‍රශ්න ටිකල් තියෙනවා.මෙ ලෙස ඔනෑවට වඩා ජලය පානය කර හදවත් ගොඩක් දුරවල උනොත් එවැනි රෝගියේකුට කවදාවත් වකුගඩුවක් බද්ද කරන්න බැහැ .

ජලය වැඩිපුර පානය කල විට අතපය ඉදිමීම බඩ ඉදිරියට නෙරා එම සිදුවෙනවා.බඩෙ ගොඩක් වතුර වැඩි උනොත් ඩයලසීස් වලින් එ ජලය ඉවත් කරන්න බැහැ .එ වගෙ වෙලාවට කරන්නෙ ටැප් කිරීම හෙවත් බඩට කටුවක් ගසා ජලය ඉවත් කිරීමයි.

ජලය වැඩපුර පානය කල විට එවා පෙනහලු තුල රැඳෙයි එවැනි රෝගින්ට හුස්ම ගැනිමෙ අපහාසුත හටගන්නා අතර.කැස්ස සමග රුධිරය පිටවන අතර සුව නොවන් කැස්ස ඇතිවෙ රුධිර පීඩනය වැඩිවන අතර නියුමෝනියා තත්වයන්ද ඇතිවෙ පෙනහලු වල අධිකව ජලය රැඳි ඇතිවිට කටුවක් පිට හරහා ගසා වැඩි වතුර ඇදලා ගනි එකත් ඉතිං පොඩි වේදනවක් නොවෙයි.සමහර.අවස්ථා වලදි පපුවෙ පැත්තක් හිල්කර සෙන්ට්මිටර් තුනක් විතර බටයක් උදරයට ඇතලු කර එ ජලය බෝතල් වලට ඇදලා ගන්නවා.එකෙනම් වේදනවා කියලා වැඩක් නැහැ

මෙවැනි හේතු නිසා බොහෝ රෝගින් මරනයට පත්වෙනවා මම අනන්ත දැකලා තියෙනවා .

කලකදි මමත් ඔය තත්ත්වයන් බොහොමයකට මුහුණ දුන්නා..

දැන් ආයි මගෙ කතාවා.

කෝහෝම හරි ඩයලසිස් එක ඉවරවෙලා හවස හතට විතර බිරිද එක්ක නිවසට ගියා .

ඊලග දවසෙ අඟහරුවාදා ඩයලසිස් එක පිටුපස තියෙන් කාමරයට ආවා.මෙ කාලයේ වකුගඩු බදද කරන රෝගින් ඩයලසිස් එකේම කාමරයක තමයි බල ගත්තෙ එ කාමරයෙ එක රෝගියෙකුට විතරයි ඉඩ තිබුනෙ .එතන වකුගඩුව බද්ද කරලා හිටපු තාත්තා ට වකුගඩුව දීල තිබුනෙ වයස 19 වන එයාගේම පුතා.

අපි එතන ඉන්න විට අපිට ඇතුලට කතාකලා

එදා මාව 42 වාට්ටුවට බලන්න ආව මගෙ අයියාගෙ පෙනුම තියෙන ඩොක්ටර් ප්‍රසාද් මහතා තමයි අපිට Family counseling හෙවත් පවුල් උපදේශනය දුන්නෙ .අපි ඔක්කෝම එකට තියාගෙන එතුමා හඬ අවදිකලා.

ඩොක්ටර් ප්‍රසාද් මොනවද කිවුවෙ ඊලග ලිපියෙන් ලියන්නම්.

No comments:

Post a Comment