2019/11/09

නෑ මම වකුගඩුව දෙනවා කියලා මෙයාට කිව්වේ නෑ

මගේ කතාව දොළොස් වැනි කොටස අද ලියන්න බලාපොරොත්තු වෙනවා .

ගිය සැරේ බෙල්ලෙ දාල තිබුන බටෙ ගැලවිලා ලේ විදින තැනින් කතාව අවසන් කරා අද එතැන් සිට

කලබලෙන් හිටි හෙද සොයුරිය ක්ෂණිකව ගෝස් කෑලි ටිකක් අරගෙන බෙල්ලෙ ලේ විදින තැනට තබා තද කරා එහෙම විනාඩි දහයක් විතර හිටියා ලේ එන එක ටික ටික අඩු උනා ලේ නතර උනාට පස්සේ ඇය කල්පනා කරන්නට වුණා .

ඇයි මිස් මේ බය වෙලා වගේ මොකක්ද ප්‍රශ්නේ දැන් මොකද්ද කරන්න පුළුවන් .

ඒක තමයි දැන් ඔයාගේ මේ බටේ ගැලවිලා ආපු නිසා අද ලේ සුද්ද කරන්න විදිහක් නැහැ කවුරු හරි ඩොක්ටර් කෙනෙකුට කියලා ආයි ඔයාගේ බෙල්ලට ලයින් එකක් දාන්න ඕන එහෙම කරාට පස්සේ තමයි ලේ සුද්ද කරන්න පුළුවන් .

ඒක ප්‍රශ්නයක් නෑ මිස් කොහොමත් මගේ ජීවිතෙ ගොඩක් දේවල් වලදී ප්‍රශ්න එනවා වැඩියි මිස් කිසිදෙයක් හිතන්න එපා මිස් හිතලා කරපු දෙයක් නෙමෙයිනේ මගේ මැහුම් ගැලවිලා තිබ්බ නිසා නේ ඔය බටේ ඇදිලා ආවේ .

ඒක නං ඇත්ත ඔයාගේ හැම මැහුමක්ම ගැලවිලා බටේ තුන්කාලක් විතර බෙල්ලෙන් එලියට ඇවිල්ල තිබුනෙ මම ප්ලාස්ටරේ හිමින් ගැලෙව්වා එහෙත් මේ බටේ ගැලවිලා එළියට ආවා .මොනවද කරන්නේ කියලා තමයි මම මේ බැලුවේ මං කියන්නං ලොකු මිස් කෙනෙකුට එයා ඩොක්ටර් කෙනෙකුට කතා කරාවි ඊට පස්සේ ඔයාට මොනාද කරන්න පුලුවන් කියලා කියයි .

හෙද සොයුරියන්ගේ දැනුම්දීම මත මාව බලන්න වෛද්‍යවරියක් පැමිණියා ඇය මගේ වාර්තා සියල්ල බලා .

ක්‍රියැටිනින් තාම 7.5 නිසා ඔයාට ඔයා ඩයලසීස් කරේ නැහැ කියලා කිසි ප්‍රශ්නයක් නැහැ . අපි අද ඔයාගෙ ටිකට් කපන්නන් ගෙදර යන්න සිකුරාද ඔයා අනිවාර්යෙන්ම 44 කාමරේ තියෙන ක්ලිනික් එකට යන්න එතන දොස්තරලා ඔයාගේ අත හදන්නෙ දිනයක් දෙයි. අත හදපු ගමන් එකෙන් ඩයලසිස් කරමු.

වෛද්‍ය තුමිය කියු පරිදි එදා ටිකට් කපලා ගෙදර ආවා. සිකුරාදා දිනයේ 44 කාමරේට ගියා .ඒක නං රෝගීන්ට ඉන්න සුදුසු තැනක් නොවෙයි වහල ඉතාමත්ම පහළයි .වහාල පහාත් නිසා අධික රස්නයක් තිබුනා .කෙසේ හෝ පොතක් අරගෙන එක දීල ලියාපදිංචි වුණා ඊට පස්සේ වෛද්‍යතුමා එනකම් පෝලිමේ අපිට එන්න කිව්වා ඩොක්ටර්ස්ලා පස්සේ මාව ඇතුලට අරගෙන report බලලා අතට රබර් එකක් දාලා මැණික් කටුවෙන් උඩ නහර වැඩ කරන්නේ කෙසේද කියලා පරීක්ෂා කර බැලුවා.එසේ පරික්ෂා කරල බලා ප්‍රධාන වෛද්‍යතුමා එනතුරු ඉන්න කිව්වා .

2.30 ට විතර ප්‍රධාන වෛද්‍යතුමා ආවා .එතුමා ආවට පසුව මාව එතුමා ළඟට දැම්මා . අර විදිහටම මගේ අත බලලා ඔපරේෂන් කරන්න දිනයක් දෙන්න කියලා වෛද්‍යවරුන්ට කිව්වා.

ඉන් අනතුරුව දින දෙන වෛද්‍යවරයා දිනපොත බලා ඊළඟ සතියේම අඟහරුවාදා අත හදන්න තිස් තුන් වෙනි වාට්ටුවේ නතර වෙන්න කියලා පොතේ සීල් එකක් ගහලා ලියල දුන්නා. ඒ අනුව අත හදන දිනට පෙර දින තවත් ඩයලසිස් එකක් කරගන්න කියලා උපදෙස් ලබා දුන්නා .

සෙනසුරාදා ඉරිදා ගෙදර ඉදලා ග සඳුදා උදේම ඇවිත් තිස්තුන්වෙනි වාට්ටුවේ නතර වුණා .හවස මාව dialysis unit එකට අරගෙන බෙල්ලට තවත් බටයක් දාලා.එක පරිස්සම් කරගන්න කියලා උපදෙස් දිලා.
ඩයලසිස් කරලා නැවත තිස්තුන් වෙනි වාට්ටුවට යැව්වා. අඟහරුවාදා උදේම සුදු ඇඳුම් අන්දලා මගේ අත මැණික් කටුවෙන් උඩ රෝම ඉවත් කරලා otg නැමති ඔපරේෂන් කරන ශල්‍යාගාරයට යවන්න සූදානම් කලා.

උදේම බිරිඳ ඇවිත් මට ශක්තියක් වෙන්න මා ළඟ හිටියා .ඇය ඇය මට උපදෙස් දුන්නා.

කිසිම දේකට බයවෙන්න එපා මොන දේ වුණත් මම අයියගෙ ලග ඉන්නවා ඔක ලොකු corporation එකක් නෙමෙයි.

ඒක මං දන්නවා නෝනා මං කිසි දෙයකට බය නැහැ. මට බය ,මට මොනහරි උනොත් ඔයාට මොකද වෙන්නේ කියන එක විතරයි .මේ ඔපරේෂන් එක කොහොමත් අතෙ චූටි කැපිල්ලක් විතරනේ දාන්නෙ අපි බලමුකෝ .

අයියා ඔපරේෂන් එකට යන්න ඉස්සෙල්ලා මොනවා හරි කාලා යන්න .මොකද ඕක සිහි නැති කරන්නේ නෑ හිරි වට්ටලා කරන්නේ එක නිසා ඔයාට කාලා බීලා යන්න පුළුවන් කියලා මිස්ලා කිවුවා

ඕනෙ නැහැ නෝනා මං ප්ලේන්ටියක් විතරක් බොන්නම් .කියන්න බෑනෙ මගේ ඇඟ හරි වෙනස්නෙ. මොනාහරි වෙලා සිහි නැති කරන්න ඕන වුණොත් කාලා ඉන්න නිසා බැහැ කියයි ඇවිල්ල කමු මේක පැය බාගයයි කියලා කිව්වනේ .

උදේ 8.30 ට විතර රෝදපුටුවක තියාගෙන මාව ඔපරේෂන් කරන තැනට අරගෙන ආවා බිරිඳගේ අක්කත් එතැනට පැමිණ සිටියා .

එදා උදේ එකොළහමාරට විතර AVF එක හදන්න මාව මාව තියටර් එක ඇතුලට ගත්තා .

AVF.කියන්නේ මොකක්ද අත හදනවා කියන්නේ මොකක්ද කියලා මේක කියවන අයට ගැටළුවක් වන නිසා ඒව එක මොකක්ද කියල මෙතනම ලියාගෙන යන්න මං තීරණය කළා .

ඩයලසීස් කරන රෝගියෙකුගේ ලේ පිරිසුදු කිරීමට නම් අදාල මැෂින් එකට සම්බන්ධ කිරීමේදී රුධිරය ඉතාමත්ම වේගයෙන් ගලාගෙන යාම සිදුවිය යුතුයි .එසේ රුධිරය වේගයෙන් ගලාගෙන යාම සඳහා ශල්‍යකර්මයක් මඟින් අත හැදිම සිදු කිරීම අ වෛද්‍යවරු පවසන්නේ Avf කරනවා කියා .

මේ මෙහිදී සිදුවන්නේ රෝගියාගේ අතේ මැණික් කටු ආශ්‍රිත ප්‍රදේශයේ හෝ අතේ උඩ බාහුවේ ළඟ ලඟ නැමෙන ප්‍රදේශයේ අඟල් එක හමාරක දෙකක පමණ පමණ කැපුමක් දමා රුධිරය ගලා යන සහ රුධිරය පොම්ප කරන ශිරා නහරයක් හා ධමනි නහරයක් එකිනෙකට සම්බන්ධ කිරීමයි .

එහි දී දමනි නහරයක් ගෙන ශිරාන නාහාරයකට සම්බන්ධ කරයි .එහිදී රුධිරය වේගයෙන් ගලා යාම සිදු වේ .අතින් අල්ලා බැලූවිට වයිබ්‍රේට් වෙනවා දකින්නට පුළුවන් .නොදන්න බොහෝ රෝගීන් මෙය හඳුන්වන්නේ අතට මැෂින් එකක් දමනවා කියා ය .avf එක හැදුවා ට පසුව ඉන් ලේ පිරිසිදු කිරීමට නම් අතට හොඳට ව්‍යායාම කළ යුතුයි .මේ ව්‍යායාම කිරීම සිදුවන්නේ අතට සෞම්‍ය බෝලයක් අරගෙනය .අතින් ඩයලසිස් කිරීමට නම් මාස එකාමාරක් පමන මේ බෝලය මිරිකා අත හොදින් වැඩ කරන තත්ත්වයට පතකර ගත යුතුයි. එවිට රුධිරය වේගයෙන් ගමන් කර ඩයලසීස් කල හැකි වේ.

මාව ශල්‍යාගාරයට අරගෙන වෛද්‍ය උපාලි මැතිතුමා විසින් ඉතාමත් සුහදව මා හා කතා කරමින් විස්තර අසන්නට වුණා .ඉන්පසුව අත හොඳට බෙටඩින් (විෂබීජ නාශකයකි )වලින් සෝදා පිරිසිදු රෙදි කඩවල් වලින් අත ආවරණය කළා කැපුම දාන ප්‍රදේශයේ විතරක් ඉතිරි වෙන පරිදි .ඉන්පසු මට අහක බලා ගන්න කියලා අත හිරිවැටෙන injection විද්දා.

හිරි වැටෙන එන්නත දීමෙන් පසුව වෛද්‍යවරයා මගෙ අත මිරිකනු මට දැනුනා.
ඉන්පසුව කුඩා පිහියකින් මගේ අත කපන බව දැනුනා .යම් යම් උපකරණ වලින් යම් යම් දේවල් කරනවා දැනුනා .නහර කපන බවත් බවක් දැනුනා.හැබැයි රිදුනේ නම් නැහැ හිරි වැටිලා තිබ්බ නිසා. පැය භාගයකට විතර පසුව මැහුම් දානවා මට දැනුන .මං එවිට අත දිහා බැලුවා .සැරෙන් සැරේ බැලුවා ඒක වෙනම දෙයක්. මං එහෙම බලනවා දැකලා වෛද්‍යවරු මට කිව්වා අත දිහා බලන්න එපා කියලා හරි ශල්‍යකර්මය කර ඉවර ව වුණාට පසුව මාව එළියට අරගෙන වටිනා උපදෙස් රැසක් ලබා දුන්නා .

එහි දී මට පැවසුවේ
ශල්‍යකර්මය කරලා තියෙන අතින් කිසිම බරක් උස්සන්න එපා.

අඩුම ගානේ එකෙන් ඔළුව පීරන්න ඔලුව කසන්න යන්නත් එපා .

අධික රස්නය ට අධික ශීතලට අත නිරාවරණය කරන්නට එපා.

එසේම ශීතකරණ අධිශීතකරණ වලට අත යොමු කරන්නට එපා .

අතට බර වෙන විදිහට නිදා ගන්න එපා.

අතින් කාටත් පහර එල්ල කරන්න යන්න එපා
.
ඒ අතින් රුධිර පීඩනය එහේම නැත්නම් ප්‍රෙෂර් බලන්න දෙන්න එපා .

එහෙම උනොත් මේ නහර දෙක පුපුරලා ඔයා මැරෙන තුරා රුධිරය යන්නට පුලුවන් ඒ

වගේම තමයි යම්කිසි විදියකින් රිදුමක් ලේ ගැලීමක් සිදු වුණොත් ලඟම තියෙන රජයේ රෝහලට ඇතුළත් වෙන්න එවිට ඔයාව දැඩි සත්කාරයකට දමා අවශ්‍ය ප්‍රතිකාර කරන බවත් දැනුම් දුන්නා .

අත හොඳට හැදෙනකම් බෝලයක් අරගෙන ව්‍යායාම කරන්න කිවුවා.

අතෙ ශල්‍යකර්මය කිරීමෙන් අනතුරුව වාක්‍ හාවා වාට්ටුවට ආවට පසු ටිකට් කපලා ගෙදර යන්න පුළුවන් කිව්වා.

වාට්ටුවෙ න් ටිකට් කැපුවාට පසු කෙළින්ම ගියේ බිරිඳගේ පුංචි කෙනෙකුගේ මකුළුදූවේ පිහිටි නිවසකටයි .

ඒ අය ඉතා හොඳින් සැලකුවා මේ කාලය වනවිට පාසලෙ අය මා වෙනුවෙන් බොහෝ ක්‍රියාමාර්ග අරගෙන තිබුණා .නිරන්තරයෙන් ඒ අය මට කෝල් කරලා දුරකථන මාර්ගයෙන් මගේ සියලු විස්තර ගත්තා .සමහරු රෝහලට ආවා ඒ අතර සමහර අය මා නැවතී සිටිය නිවෙසට මාව බලන්න ආවා .

මේ නිවසේ නිවසේ සිටි අය ඉතාමත්ම හොඳින් මට සැලකූවා විශේෂයෙන් ස පුංචි ඇතුළු ඒ දරුවන් මාව ඔවුන්ගේම සහෝදරයෙක් වගේ බලා ගත්තා. මගේ කාමරේ ඉතාමත්ම පිරිසිදුව තබන්න එ අය උනන්දු වුණා ඒ වගේම බෙල්ලෙ බටය දාල තියෙන නිසා මට නා ගන්න අමාරු අපහසු වුණා .

මගෙ අසනීප තත්ත්වය දැනගෙන බිරිඳගේ හැටන් එකේ මාමා එහෙමත් මාව බලන්න ආවා .එහෙම ආපු මාමා සහ ගෙදර අය එකතුවෙලා මාව ළිඳ ළඟට අරගෙන බෙල්ලෙ බටෙ ලන්ච් ශීට් වලින් ආවරණය කර .බෙල්ල වටා තුවායක් ඔතා ඔලුව පැත්තකට කර ඉතාමත් ම සීරුවෙන් ජලය කෝප්පයකට ගෙන හිමිහිට වක්කරමින් හිස සේදුවා ඉන්පසු බිරිඳ සහ මාමා එකතුව මගේ ඇඟ හේදුවා ඇත්තටම එවෙලෙ නම් ඇගට හරිම සනීපයක් දැනුනා මොකද සති තුන හතරකින් තමයි ඔලුව හෝදන්න පුළුවන් වුණේ .

මේ අතර බිරිඳ මගේ වෙලාව බලලා තිබුණා. ඒ අනුව බණ්ඩාරගම කිඳෙල්පිටිය පන්සලේ මට සෙත් කවි කියන්න සූදානම් කරලා තිබුණා කිඳෙල්පිටිය පන්සල සෙත් කවි වලට ඉතාමත්ම ඉතාමත්ම ප්‍රසිද්ධියක් උසුලනවා කොහොමහරි හාම හරි හාමුදුරුවන්ට කියලා බිරිඳ මට සෙත්කවියක් ලියාගෙන ඇවිත් තිබුණා ඊලඟ දවසෙ ඉඳල සෙත් කවි කියන්නෙ යන්න ලෑස්ති වෙන්න කිව්වා .

පසු දා ඉඳලම අපි බණ්ඩාරගම කිඳෙල්පිටිය පන්සලට ගිහිල්ලා සෙත් කවි කියන්න ගත්තා හවස 06:00 ට විතර තමයි සෙත් කවි කියන්න ගියෙ හැබැයි ඉවර විට රාත්‍රී දෙක විතර වුණා .ඒ තරමට සෙනඟ

මෙහෙම එක දිගට දින හතක් සෙත් කවි කීමෙන් පසුව පූජාවන් තියලා සෙත් පොල් ගහන්න පොල් ගෙඩියක් මට දුන්නා .පොල් ගෙඩිය උඩ කපුරු පත්තු කරලා මගේ රෝගය ගැන මතක් කරල මේ රෝගය සුව වෙන්න කියලා මමම පොල් ගෙඩිය ගැසුවා පොල් ගෙඩිය හරියටම දෙකට මැදින් පුපුරලා ඒ සියලුම වතුර මගෙ මුලු ඇඟ පුරාම විසිරුනා මේක දැකපු හාමුදුරුවො සෙත් කවිය ඉතාමත් සාර්ථකයි මහත්මයා කිසිදේකට බය වෙන්න එපා කියලා කිවුවා.

පුජාවන් සඳහා පඬුරු තිබ්බත් කිසිම පඬුරක් හාමුදුරුවෝ ගත්තේ නෑ .ඉන් අනතුරුව මා වෙනුවෙන්ම පිරිත් සජ්ජායනය කර පිරිත් නූල් බැඳන්දා ඉන්පසු අපි නිවසට ආවා

මේ කාලය අතර තුර වකුගඩුවක් දෙන කෙනෙක් හොයන්න පුවත්පත්වල දැන්වීම් පළ කළා මෙතැනදී එක දෙයක් කියන්න ඕන ඕනේ ඕනෑම පුවත්පතක රෝගියෙකුගේ වකුගඩුවක් ඉල්ලන දැන්වීමක් පළ කරන්න කිසිම මුදලක් ගෙවන්න අවශ්‍ය නැහැ සමාජ සත්කාරයක් හැටියට හිතලා ඒ අය ඒවා නොමිලේ පළ කරනවා .

මේ දැන්වීම් පළ කරන්න අවශ්‍ය කරන විස්තරය සහ ෆොටෝ අරගෙන ගියේ මගේ බිරිඳ සහ අක්කා බැඳලා ඉන්න මහත්මයා.

දැන්වීම් පළ කළේ මෙසේයි

බප ජය ශ්‍රී රාහුල මාහ විද්‍යාලයේ ගුරුවරයකු වශයෙන් සේවය කරන.34/36 බුවනෙකබා මාවත ,මිරිහාන නුගෙගොඩ ලිපිනයේ පදිංචි ඩබ්ලිව් අයි එම් ප්‍රනාන්දු මහත්මා දරුණු වකුගඩු රෝගයකින් පෙළේ. ඔහුගේ ජීවිතය බේරා ගැනීමට නම් ඔහුට හැකි ඉක්මනින් වකුගඩුවක් බද්ධ කළ යුතු බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය A l M nazar මහතා දන්වා සිටියි හැකි ඉක්මනින් ඔ පොසිටිව්(,O+ positive ) වර්ගයේ වකුගඩුවක් බද්ද කිරීමෙන් ඔහුගේ ජීවිතය බේරා ගත හැක පරිත්‍යාගශීලී අයෙකු වේ මේ අගනා ගුරුවරයා ගේ ජීවිතය බේරා ගැනීම සඳහා පහත සඳහන් දුරකථන අංකවලට කතා කරන්න .0718011 937 .

වකුගඩු රෝගියෙක් වේ නම් ඔහුට මේ දැන්වීම පළ කරන හැටි නොදන්නා බැවින් මේ පළ කරන හැටි මා මේ අවස්ථාවේදී කියන්නම් .

පුවත්පත් දැන්වීමක් පළ කිරීමට නම් මුලින්ම වෛද්‍යවරයාගෙන් තමන්ට වකුගඩු රෝගයක් තිබෙන බවටත් වකුගඩුවක් බද්ධ කළ යුතු බවට ලිපියක් ලබා ගත යුතුයි .

මේ ලිපියෙන් කොපි පහාක් පමණ ගන්න.

ඉන්පසු තමාගෙ විස්තරය ඉහිත සඳහාන් පරදි ලියන්න එකෙනුත් පිටපත් පහාක් පමණ ලියන්න .

ඉනපසු ඔබේ ජායාරූප පිටපත් පහාක් පමණ ගන්න.

වෛද්‍යවරයා ගෙ ලිපියේ හා,ඔබෙ ලිපියේ පිටපත් එක බැගින් අමුණා.ජායා රූප එක බැගින් අමුණන්න .

ඉනපසු පුවත්පත් කර්යාල වලට බාරදෙන්න .

දිණමිණ ,සිළුමිණ ,බුදුසරණ පුවත්පත්වල දැන්නවීම එලකිරීමට අවශ්‍ය නම්
කොළඹ ලේක් හවුස් ආයතනයට බාර දෙන්න.

ලංකාදීප පුවත් පතෙ පලකිරීමට අවශ්‍ය නම් හුනුපිට්ය ගංගාරාමයේ පිහිටි විජය නිවුස් පෙපර් අයාතනයට බාර්දෙන්න.

මවිබිම පුවත් පතෙ එල කිරීමට අවශ්‍ය නම් විජයරාම මවතෙ පිහිටි මව්බිම කර්යාලයට ගිහින් බාරදෙන්න.

ලක්බිම පුවත්පතෙ එල කිරීමට අවශ්‍ය නම් කොළම ග්‍රෑන්ඩ්පාස් හි පැරණි අශෝක සිනමා ශාලාව පිටුපස ඇති සුමති කර්යාලට බාර දෙන්න.

මේ ආයතන වල මහාත්ම මහාත්මින් ඉතා කාරුණිකව ඔබෙඅවශ්‍යතාව ඉටුකර දෙයී.

මේ සඳහා කිසිදු මුදලක් අය කරන්නෙ නැත..

පුවත්පත් දැන්වීම පළ කිරීමෙන් පසුව එක දිගට ඇමතුම් ගලා එන්නට විය .එසෙ ඇමතුම් දීපු බොහෝ අය හොරු බව නම් නොකියාම බැරිය .එ බැවින් හංසයා දියෙන් කිරි වෙන් කරගන්නවා සේ හොඳ කවුද නරක කවුද කියා අපට ම තෝරා බේරා ගන්නට වෙනවා .

මේ ආපු සියලුම ඇමතුම් මා පොතක සටහන් කර ගත්තා .සමහර ඒවට කතා කළේ බිරිඳ, අක්කා ,බිරිඳගේ මව වගේ අය තමයි මේ ඇමතුම් අතර ලැබුණු හොර ඇමතුම් දෙක තුනක් ගැන මං ඔබට මේ අවස්ථාවේදී කියන්නම්.

එක්තරා අයෙක් හාමුදුරුවෝ කෙනෙක් කියාගෙන මට කතා කළා .ඔහු පැවසුවේ බදුල්ලෙ ඉන්නවා කියලා .ජංගම දුරකථන අංකයක් දුන්නා.එම ජංගම දුරකථන අංකයට කතා කථා කරන විට පිරිත් හඬ තමයි ඇසුණේ .බදුල්ල පස්සර ඉන්නවා කියල තමයි කිව්වෙ
එයාට කතා කරන්න විදිහක් නැහැ කියලා රීලෝඩ් එකක් දාන්න කිව්වා .අක්කා රුපියල් 200 ක රී ලෝඩ් එකක දාලා තිබ්බා .පස්සේ බිරිඳටත් කතා කරලා රුපියල් 500 ක reload එකක් දාගෙන තිබුණා .මට තේරුණා මේ නම් හොරෙක් තමයි කියලා ඊට පස්සේ පහුවදා එයා එනවා කියලාමට කිව්වා .වෑන් එකක් අරගෙන එන්න රුපියල් දහ දාහක මුදලක් යනවා ඒක දාන්න පුලුවන්ද කියලා ඇහුවා.මං කිවුවා ඔබ වහන්සේ වඩින්න මං වාහනයක් එවන්නං කියලා නැහැ නෑ මහත්මයා මම එන්නම් කිව්වා. මෙ වෙලාවෙ මගේ අතේ සල්ලි නැහැ පුලුවන්නම් ඔබ වහන්සේ වඩින්න මං මෙහේට අවාම සල්ලු දෙන්නම් කිවුවා . නැහැ මගේ නෑදෑයො කට්ටියක් එනවා කොළඹ මං අනිද්දා එන්නම් මහත්තයා කිසි දෙයකට බය වෙන්න එපා මගේ ඕ පොසිටිව් තියෙන්නෙ මහත්තයට මං දෙන්නං කියල පස්සේ හොයලා බලනකොට මේ මනුස්සය කොහෙද කියලා හොයාගන්න නෑ

මේ අතර තවත් කෙනෙක් කතා කරලා කිව්වා එයා සිතුල්පහුව පන්සලේ ඉන්න හාමුදුරුවො කෙනෙක් කියලා.

නම්බර් එකක් දීලා කිව්වා මම වෙන කෙනකුට වකුගඩුවක් දෙන්න ගියා .ලෙඩා මැරුණා මම ඔක්කොම පරීක්ෂණ කරලා තියෙන්නේ මහත්තයා පුළුවන්නං ez cash වලින් මට රුපියල් විසින්දහාක් දාන්න මට එන්න කියලා මං කිවුවා සල්ලි දෙන්න බැහැ ඔබ වහන්සේ වඩින්න කියලා එතනින් පස්සෙ හොයාගන්න නෑ පෝන් වැඩත් නැහැ

මේ අතර තව කෙනෙක් මාව හොයාගෙන නිවසට ආවා එයා මට කිව්වා මම නොමිලේ ඔයාට වකුගඩුව දෙන්න කැමැතියි කියලා මම අනේ මහන්සි ඇතිනේ කියලා රුපියල් දහාක් දීලා ඔහුව පිටත් පිටත් කලා.ඔහු ඊළඟ අඟහරුවාදා එන බවත් කිසිම බයක් නැතිව ඉන්න කියලත් මට කිව්වා.

ගිහිල්ලා දවසකින් පස්සේ මේ මනුස්සයට මට කතා කරලා කියනවා රුපියල් විසිදාහක් දාන්න අම්මට නයෙක් ගහලා මම ඉස්පිරිතාලේ ඉන්නෙ කියලා .මට සැකයට මං සල්ලි දැම්මේ නෑ .මම ඇහුවා ඔයා කොහෙද ඉන්නේ කියලා. මනුස්සය මට කියනවා මං දැන් ඉන්නේ මාතලේ කියලා .නමුත් මම පහුවදා රෝහලට යනකොට මෙන්න මේ යකා තවත් තවත් ලෙඩෙක් ගාවට ඇවිල්ලා සල්ලි ගන්න මං දැක්කා .මගේ කේන්තියට එවලෙම දුවගෙන ගිහින් මූණ පුරවලා දෙකක් ඇන්නා .අනෙ පණ නැතිව මාවම ඇදගෙන වැටිලා රොහලේ නතර වෙන්න උනා වෛද්‍යවරුන්ගෙන් බැනුම් කෝටියයි.
මේ මනුස්සයගෙ රස්සාව තමයි මේ වගේ ලෙඩුඩු හොයා ගෙන ගිහිල්ල එයාලගෙන් සල්ලි ගරන එක .

මේ අතර තවත් අයෙක් මට කතා කරලා කිව්වා .තමන්ගේ පුතාට දරුණු අසනීපයක් තියෙන නිසා පුතාට ඔපරේෂන් කරන්න මට වකුගඩුව දෙන්නම් දරුවාගෙ ඔපරේෂන් එකට සල්ලි දෙන්න කියලා ඒ වෙලේ මට සල්ලි දෙන්න හැකියාවක් තිබුනේ නැති නිසා මම බැහැ කිවුවා .

තවත් අයෙක් කතා කරල කිවුවා .එයාගෙ ඉඩම සින්න වෙන්න යනවා ඒක බේරල දෙන්න මං වකුගඩුවක් දෙන්නං කියල මං කිවුවාමුදල් නැහැ මුදල් නැතුව මම පිනට වකුගඩුවක් හොයන්නේ කියලා .

මම මුදල් දීලා වකුගඩු ගන්න බය වුණා. මොකද රෝහලෙන් කිව්වේ පිනටදෙන කෙනෙක්ගෙන් විතරයි ගන්නෙ කියලා. ඒක නිසා මං හෙවුවෙ පිනට දෙන කෙනෙක් විතරයි .නමුත් බොහෝ අය කතා කරලා ලක්ෂ පහ දහය හත අට වගේ මුදල් මගෙන් ඉල්ලුවා. මට ඒ වගේ මුදලක් ඒ වෙලාවේ දෙන්න විදිහක් ඇත්තටම තිබුණේ නැහැ .

කෙසේ හෝ සියලු දෙනාගේම විස්තර සටහන් කර කරගෙන ඉන්න අතර මගෙ මගේ බිරිඳට මල්ලි කෙනෙක් කතා කරලා තිබුණා. මෙ මල්ලි මොණරාගල පැත්තෙ බඩල්කුඹුර ගමෙ කෙනෙක් .

මල්ලි කියලා තිබුන මට ගෑණු අය එක්ක කතා කරන්න බෑ. අක්කා පුළුවන්නං අයියව මට සම්බන්ධ කරන්න කියලා .ඒ මල්ලි පස්සේ මට කතා කළා.

මල්ලි මුලින්ම ඇහුවේ .

අයියා ඔයාට මේ අසනීපය හැදුනෙ අරක්කු බීලද.

නෑ මල්ලි මං කවදාක්වත් බීපු කෙනෙක් නෙමෙයි මං බොන්නේ නැහැ මේ විෂබීජයක් ගිහිල්ලා තමයි මේ වකුගඩු අමාරු හැදුනෙ

හොඳයී මෙහේම බැහැ මම එන්නම්කො අයියාව බල්න්න ඊට පස්සෙ අපි බලමු.

මල්ලි අපෙන් සල්ලි බලාපොරොත්තු වෙනවද චි ඡ් අයියා මට සල්ලි වැඩක් නැහැ මම ඔයාව ඇවිත් බලලාම කතාකරන්නම්.බුදුසරණයි අයියා.

බුදුසරණයි මල්ල

ඊට පසුවදාම මේ මල්ලි ආවා මාව බලන්න.

මල්ලිගේ නම මොකක්ද

මගෙ නම රත්නායක මුදියන්සේලාගේ රුවන් කුමාර රත්නායක මෙ තියෙන්නේ අයියා මගෙ හැඳුනුම්පත .කියා මල්ලි ඔහුගෙ හැඳුනුම්පත දුන්නා .හරියටම වයස 24

මල්ලි ඔයා මට වකුගඩුව දෙන්න එන්නෙ මොකක් හරි ප්‍රශ්නයක් නිසාද අඩුමගානේ ගෑනු ළමයෙක්ගේ ප්‍රශ්නයක් නිසාද ඔයා තරුණ කෙනෙක් මට වකුගඩුව දෙන්න ඉසෙල්ලා ඔයා දෙසරයක් තුන්සැරයක් හිතන්න

පස්සේ මල්ලි මට කියනවා.

අයියේ මම ලංකාවේ පළවෙනි වකුගඩු සැත්කම ඇහුවෙ මට අවුරුදු තුනේදී එදා තමයිමං හිතුවෙ කාටහරි වකුගඩුවක් දෙනවා කියලා මම දැනටත් හැම පෝයටම සිල් ගන්නවා. මම නුවර හොස්පිට්ල් එකේ පොඩි දරුවෙකුට වකුගඩුව දෙන්න ගියා මම ගියදවසෙර්ම පොඩි එක්කෙනා නැති වුණා.

පස්සෙ මම එ අදහාස අතහැරලා හිටියෙ එදා කොන්ඩේ කපන්න ගිය වෙලේ තමයි පත්තරේ ඔයාගේ දැන්වීම දැක්කෙ .මට හිතුනා ඔයා ගුරුවරයෙක් නිසා හොඳ මනුස්සයෙක් වෙන්න ඇති කියලා ඒක නිසා මං තීරණය කළා ඔයාගැන හොයලා හරියනවා නම් ඔයාට වකුගඩුවක් දෙන්න හැබැයි බොන කෙනෙක් නං මං දෙන්නේ නැහැ අයියේ මම කවදාක්වත් බීලා නෑ ඒක නිසා මං ආදරෙන් රැකගත් වකුගඩුව ඔයා හොදට රැකගන්නවා නම් මං දෙන්න කැමති වෙන්නෙ.

ඔව් මල්ලි මෙ වෙලාවෙ මටත් මේ වෙලාවෙ ජිවත් වෙන්න ඔනෙ එත් ඔයා තාම පොඩි යි.
මං වෙන කෙනෙක් බලන්නම්.

අයියා එ ගැන් හිතන්න එපා මට කවදද අයියාගෙ ඩොක්ටර් හම්බවෙන්න පුළුවන් .

මෙ අඟහරුවාදා පුළුවන් මල්ලි ඔයා එනවද.

හරි මම එන්නම් මට එයලා එක්කත් කතාකරන්න ඔනෙ.

ඊළඟ අඟහරුවාදා මං මල්ලිට එන්න කිව්වා ඩොක්ටර්ට කතා කලාම ඩොක්ටර් මට report වගයක් දුන්නා කරගෙන එන්න කියලා මල්ලිගෙ අදාල report කරගෙන මම වෛද්‍යවරුන් මුණ ගැහෙන්න ගියා ඊට පස්සේ වකුගඩු බද්ද කරන්න කෙනෙක් ඉන්නවද කියලා මගෙන් ඇහුවා මේ මල්ලි ඉන්නවා කියලා මම කිවුවා. විතරයි එකවරම මල්ලි කතා කරන්න ගත්තා

.නැහැ නෑ මම වකුගඩුව දෙනවා කියලා මෙයාට කිව්වේ නෑ මට දැනගන්න ප්‍රශ්න ටිකක් තියෙනවා doctor

ඔයාට මොනාද දැනගන්න තියෙන්නේ

මම මෙයාට වකුගඩුව දෙන්න තාම තීරණය කරලා නැහැ .මට වකුගඩුවක් දෙන්න හිතක් තාම නැහැ .

වෛද්‍යවරයගෙ ඇස් උඩ ගියා.

ඉතිරියා ඊලග ලිපියෙන්

No comments:

Post a Comment