2019/11/09

වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය

මගේ කතාව දහතුන් වෙනි කොටස අද ආරම්භ කරන්න යන්නේ .

ගියවර ලිපියෙන් මං කතා කලේ රත්නායක මුදියන්සේලාගේ රුවන් කුමාර රත්නායක මල්ලි මට වකුගඩුවක් දෙන්න ඇවිල්ලා වෛද්‍යවරයා අහපු ක්ෂණයකින් තාම තීරණය කරලා නැහැ කියපු තැනින් අද එතැන් සිට .

මල්ලි එහෙම කියපු ගමන් වෛද්‍යවරයා ඇහුවා ඇයි ඔයා එහෙනම් එයාට වකුගඩුවක් දෙන්න කියලා ආවෙ ඔයා දෙන්න කැමති නැත්තං ඇයි මේ ගමන ආවේ .

ඊට පස්සේ මල්ලි මේ විදියට කිව්වා .

doctor මම මේ අයියට වකුගඩුවක් දෙන්න අකමැති නැහැ .නමුත් මට දැනගන්න උවමනා ප්‍රශ්න ටිකක් තියෙනවා ඔබතුමාගෙන් .ඒ ටික දැනගත්තට පස්සේ මන්.තීරණය කරන්නම් එයාට දෙනවද නැද්ද කියලා .

හරි දැන් ඔයාට දැනගන්න තියෙන ප්‍රශ්න මොනවද ඕන දෙයක් අහන්න. ඔයා බුද්ධිමත්ව හරිම තීරණය ගන්න .මොකද මෙයාගේ ජීවිතේ අපිට වටිනවා .ඊට වඩා ඔයාගේ ජීවිතයත් අපිට වටිනවා මොකද ඔයා නිරෝගී කෙනෙක් .මෙයා රෝගියයෙක්. රෝගියෙකුට වඩා අපි නිතරම හිතන්නේ නිරෝගී පුද්ගලයා ගැන .ඒකෙන් කියන්නේ නැහැ අපි රෝගී පුද්ගලයා අතාරිනවා කියලා. අපි එයාට මුල්තැන දීලා එයාව බේරගන්න හැමවෙලේම බලනවා .නමුත් නිරෝගී පුද්ගලයා ගැන තව හිතන්න ඕනේ ඒකයි ඔයාට කිව්වෙ ඔයාට අහන්න තියෙන ඕන දෙයක් අහන්න .

මේකයි මට දැනගන්න ඕනේ .මේ අයියගෙන් ඇහුවා. මේ අයියා කිව්වා මෙයාගේ ඇඟට විෂබීජයක් ගිහිල්ලා තමයි වකුගඩු සවුත්තු වෙලා තියෙන්නෙ කියලා මට දැනගන්න ඕනේ මෙයා බීලද එහෙමත් නැත්තං වෙන මොනවා හරි පාවිච්චි කරලා ද මේයාගෙ වකුගඩු නරක් වෙලා තියෙන්නෙ කියලා .

නෑ එහෙම කිසිම හේතුවක් බලපාලා නැහැ. මෙයා බීපු කෙනෙක් නෙමෙයි. අපිත් හොයල බැලුවම තත්ත්වය අපි දන්නවා .මෙයාට විෂබීජයක් ගිහිල්ලා තියෙන්නේ ඒවගේම මෙයාට කාලයක් තිස්සේ මුත්‍රාරෝග තිබිලා තියෙනවා ඒක නිසා තමයි මෙයාගෙ මේ වකුගඩු නරක් වන තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ.

ඔබතුමා කියන කතාව ඇත්ත නම් මම එයාට කිසිම පැකිලීමකින් තොරව මගේ වකුගඩු ලබා දෙන්න සූදානම් .මොකද මං කවදාක්වත් අරක්කු සිගරට් වගේ දේවල් පාවිච්චි කරපු කෙනෙක් නෙවේ .ඒ වගේම මට අවුරුදු 3 දි තමයි මම ඇහුවෙ ලංකාවේ පළවෙනි වකුගඩු ශල්‍යකර්මය ගැන .එදා තමයි මම කෙනෙකුට වකුගඩුවක් දෙනවා කියලා තීරණය කළේ. එක දෙන්න හොඳම කෙනා මෙයා කියලා හිතෙනවා මම දෙන්න සූදානම් .

බොහොම හොඳයි ඔයා හොදට හිතලා බලලා නේද තීරණය කරන්න ඔයාගේ ගෙදර අය අකමැත්තක් මොකුත් නෑ නේද ප්‍රේම සම්බන්ධයක් එහෙම බිඳ වැටිලා නෙමෙයි නේද තීරණය ගත්තේ.

අනේ නෑ මට එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ මම හැම පෝයටම සිල් ගන්න කෙනෙක් මේ අයියගේ විස්තරෙත් මම දැක්කේ කොණ්ඩෙ කපන්න ගිය වෙලේ පත්තරේන් ඒක නිසා තමයි මේ හොයලා බලලා මම තීරණය කළේ හොඳ කෙනෙකුට දෙන්න .

හොඳයි බොහොම හොඳයි .දැන් ඔයා මෙයාට වකුගඩු ප්‍රදානය කලොත් ඔයාට මාස තුනක් විතර යනකන් කිසිම බර වැඩක් වත් ම වත් මහන්සි වෙලා කරන වැඩක් කරන්න බෑ එතකොට ඔයා ජීවත් වෙන්නේ කොහොමද ඔයාට රක්ෂාවක් තියෙනවද .

ඔව් ඩොක්ටර් රෙස්ටුරන්ට් එකක් තියෙනවා ඒ වගේම මම මොනරාගල ඉඳලා කොළඹට කෙසෙල් ගේනවා .ඒකත් මට කරගෙන යන්න පුළුවන් .එ වගේම මගේ යාලුවෙකුට බිස්නස් එක පවරලා මම මේක දෙන්න සූදානම් වෙන්න පුළුවන් .

ඔයාට තව මොනාහරි අපෙන් ප්‍රශ්න අහන්න තියෙනවද .

ඔව් තව එක ප්‍රශ්නයක් තියෙනවා .

මොකක්ද ?

ජීවත් වෙලා ඉන්න කොට මට දන් දෙන්න පුළුවන් වකුගඩුවක් විතරද ඇහැක් අක්මාවේ කොටසක් වගේ දෙයක් මට දන් දෙන්න බැරිද

ඔය හැම දේ ගැනම දැම්ම හිතන්න එපා ඔයා දැනට වකුගඩුවක් විතරක් දෙන්න .ඒවා මේක දීලා ඉවර වෙලා පස්සේ ඔයා නිවිසැනසිල්ලේ හිතලා තීරණය කරන්න .

බොහොම ස්තූතියි අපිට මට වෙන දැනගන්න දෙයක් නෑ ඩොක්ටර් මගෙන් තව මොනාද දැනගන්න තියෙන්නේ .

ඔයා ඇත්තටම එයාගෙන් කීයක්වත් බලාපොරොත්තු වෙන්නෙ නැද්ද .

සල්ලි කියන ඒවා අද තියෙනව හෙට නැතිවෙනවා . මට සතපහක්වත් වැඩක් නෑ සල්ලි වලට මගේ ඇඟේ කෑලි විකුණන්න මං කැමැති නැහැ මේ අයියා ගුරුවරයෙක් නිසා එයා ජීවත් වෙන්න ඕන නිසයි මම මේක දෙන්නේ. නැත්නම් දෙන්න බැහැ .

හොඳයී හොඳයි අපි ඔයාගේ මූලික පරීක්ෂණය ටිකක් තියනවා ඒක කරලා ඔයා ගැලපෙනවා නම් .අපි ඔයාගේ වකුගඩු අරගෙන බද්ධ කරන්නම්.බොහෝ දුරට ඔයාව මෙයාට ගැලපෙයි කියලා මට හිතෙනවා .

මල්ලිගේ ප්‍රශ්න ඇසිම මටවත් හිතාගන්න බැරි වුණා බැරිවුනා .මේ කොල්ලා බෝධිසත්ත්වයෙක් ද .එහෙමත් නැත්නම් පෙරුම්පුරලා මොනාහරි ඵලයක් ලබා ගන්න යන කෙනෙක්ද කියලා මට හිතාගන්න බැරිවුණා .දෙයියනේ මෙහෙම මිනිස්සු මේ සමාජයේ ඉන්නවද .මීට ඉස්සෙල්ලා රැවටිලිකාරයන් හත්අට දෙනෙකුට අහුවෙලා අතේ සල්ලි නැති වෙලා ඉන්න වෙලාවේ මේ පුංචි කොල්ලෙක් ඇවිල්ලා තමන්ගේ වකුගඩුව කිසිදු මුදලක් අපේක්ෂාවකින් තොරව ප්‍රශ්න කරල දෙන්න තරම් එඩිතර බවක් තිබීම ගැන මට හිතාගන්නවත් බෑ.

මට විතරක් නෙමේ මගේ අයියට ,බිරිඳට, වෛද්‍යතුමාට පවා මේ සිද්දිය හිතාගන්න බැරි බව මා දන්නවා .වන සිව්පාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත කියන චන්ද්‍රලේකා මහත්මියගේ ගීතය මට සිහියට නැගුනා කිව්වොත් එය මුසාවක් නොවේ.

මල්ලිගෙ ප්‍රශ්න කීරිමෙන් පසු මා වෛද්‍යවරයා දෙසට හැරී .

සර් මෙයාගෙ ගේ මූලික පරීක්ෂණ පහ නම් මම කළා ඒක බලලා HLA ඒක ලියන්න පුළුවන් වෙයි දන්නෑ නේද .

ඉන්න දැන් මං මේ ටික බලන්න මේ ටික බලලා ලොකු මහත්තයා අවම ලොකු මහත්තයාගේ අත්සන අරගෙන තමයි HLA එක ලියලා දෙන්න ඕනේ .ඒක අරගෙන ඔයාල යන්න ඕනේ නාරහෙන්පිට .ඊට ඉසෙල්ලා තව දේවල් ටිකක් තියෙනවා කරන්න .

දැන් ඔයාලා එළියෙන් ඉන්න මම කතා කතාකරන් කරන්නම්. ලොකු මහත්තයා අවම ඔයාලට උවමනා කරන පරීක්ෂණ කරන කරන ලිපි ටිකත් මං ලියලා දෙන්නම් .

බොහොම ස්තූතියි මහත්තයා .

වෛද්‍යවරයා එළියට යන්නේ කියු නිසා අපි එළියට ආවට පස්සේ මම මල්ලිගෙන් හැදුවා අපි තේ එකක් බොන්න එළියට යමුද කියලා.එලියට ගිහින් බනිස් එකක් කාලා තේ එකක් එහෙම බෙහෙත් අපි නැවතත් වෛද්‍යවරයා ඉන්න තැනට ආවා .

අපි ආවට පසු ප්‍රධාන වෛද්‍යවරයා පැමිණියා. ඉන්පසු අප එතුමා ළඟට කැඳවලා නැවතත් මල්ලිගෙන් පෙර පරිදිම ප්‍රශ්න කළා ඔහු එතැනදීත් පැවසුවේ මගේ ජීවිතය බේරාගැනීම වෙනුවෙන් නොමිලයේ ඔහුගේ වකුගඩුව ලබාදීමට සූදානම් බවයි .

සියලු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වෛද්‍ය තුමා විසින් අපට නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයෙන් පරීක්ෂණ කරගැනීම සඳහා ලිපියක් ලියා දුන්නා .

අප බැලූ වෛද්‍යවරයා නැවතත් ඒ ලිපිය අරගෙන අප ඔහුගේ කාමරයට කැඳවාගෙන ගියා ගිය ඒ අපට පැවසුවේ

දැන් ඔයාලා ඉස්සෙල්ලාම නාරහෙන්පිට ගිහිල්ලා ඔයාල දෙන්නගේ රුධිරය ලබා දෙන්න දිනයක් ගන්න .එයාල දිනයක් ලබා දෙනවා ඒ ද ලබාදුන්න අදාල දිනයට ගිහිල්ලා ඕගොල්ලෝ රුධිරය ලබා දෙන්න ඒ රිපෝට් එක එන්න සතියක් දෙකක් විතර යනවා .ඊට පස්සේ තමයි ඉතුරු පරීක්ෂණ කරන්න පුළුවන් .මෙන්න මේ කොලේ තියෙන පරීක්ෂණ තමයි ඔයාලට කරන්නේ කියලා පර්යේෂණ අඩංගු පත්ත්‍රිකාවක් දුන්නා. පර්යේෂ වාර්තා ඉතාමත් සුරැකිව අප ළඟ තබා ගන්නා ලෙසත් උපදෙස් දුන්නා .

කාලය සීමිත නිසා අදාළ පරීක්ෂණ ඉතාමත්ම වේගයෙන් කරගෙන යාමට මා තීරණය කළා එදා දවසේ නාරහෙන්පිට මම තනියම ගිහිල්ලා එච් එල් ඒ පරීක්ෂණය කරන්න දිනයක් ගත්තා .

මල්ලි මට බය නැතුව ඉන්න කියලා ගමේ ගියා.

නාරහෙන්පිටින් අදාළ පරීක්ෂණය කිරීම සඳහා සතියකට පසුව එන දිනයක් මට දුන්නා .ඊලඟ දවසෙ මම මල්ලියට කතාකරලා කිව්වා ලබන සතියේ ලේ පරීක්ෂණය තියෙන නිසා එන්න කියලා .

හරියටම කියපු දවසෙ කියපු වෙලාවටම රුවන් මල්ලි ආවා අපි දෙන්නා නාරහෙන්පිට ජාතික රුධිර මධ්‍යස්ථානයට ගිහිල්ලා දෙන්නගේම රුධිර සාම්පල ලබා දුන්නා.

මේකෙ රිපෝට් එක සති 2ක් ඇතුලත දෙන බව නාරහෙන්පිට රුධිර මධ්‍යස්ථානයෙන් අපට පැවසුවා අපි ඉන්පසු ආවා මල්ලි සුපුරුදු පරිදි ගෙදර ගියා .

සති දෙකකට පස්සෙ වාර්තාව ආවා ඊට පස්සෙ රෝහලට ගිහින් වාර්තාව පෙන්නුවාම වෛද්‍යවරු කියූ පැවසුවේ මෙය ගැළපෙන බවයි .

ඇත්තෙන්ම ඒ අවස්ථාවේ අධික සතුටක් ඇතිවුණා මට ජීවත්වෙන්න තවමත් වාසනාව තියෙනවා.වකුගඩු බද්දයෙන් පසු සියලුම ප්‍රශ්න ඉවර වෙයි කියලයි මම හිතුවෙ.එදාම මල්ලිට කතා කරල මල්ලි ඔයාගේ වකුගඩුව මට ගැලපෙනවා කියලා දොස්තරලා කිව්වා ඔපරේෂන් එක කරන්න පුළුවන් කියලා ඔයා මොකද කියන්නෙ කියලා

අයියා කිසි දේකට බය වෙන්න එපා අයියා මම ලැහැස්ති ඔයාට වකුගඩුව දෙන්න .මම අනිවාර්යයෙන්ම එනවා .මට හරි සතුටුයි ඔයා වගේ කෙනෙකුට මගේ වකුගඩු ගැලපෙනවාට කොහොමත් බය වෙන්න එපා ඔයාට හරියනවා ඔයා හොද මනුස්සයෙක් .

ඒ ලැබුණු ආදරණීය වචන හරියට මගෙ කනට මිහිරි බණ පදයක් වගේ වුණා .

ඊට පස්සේ රෝහලට ගිහිල්ලා වාර්තා බැලුවට පස්සේ නැවතත් මල්ලිව එක්කං එන්න කියලා කිව්වා .එ මල්ලි ආවට පස්සෙ අප නැවතත් ප්‍රධාන වෛද්‍යතුමා හමුවෙන්න ගියා.

ප්‍රධාන වෛද්‍යවරයා අප දෙදෙනාව බලල තවත් ලිපි දෙකක් අප දෙදෙනා අතට දුන්නා ඒ ලිපි දෙක දෙකත් අරගෙන අපිව බලන වෛද්‍ය ප්‍රසාද් මහත්මා ලඟට ආවා

ඉන්පසු එතුමා විසින් අදාළ වලින් ලිපියක් අප අත තියලා මෙන්න මේ විදිහට පැවසුවා .

ඔයාගෙයි මෙයාගේ වකුගඩු ගැලපුනත් අපට එක සැරේම බද්ධ කරන්න බෑ .මේ රෝහලේ යන ක්‍රමවේදයක් තියෙනවා පවුලේ කෙනෙක් නොවන පිටකෙනෙක් වකුගඩුව දෙනවනං වෛද්‍ය මණ්ඩලයක් විසින් මේක අනුමත කරන්න ඕනේ .මම මෙතනින් ඔයාලට ලිපියක් දෙනවා ඒක ඔපරේෂන් කරන වෛද්‍යවරු දෙදෙනා ඉන්නවා ඒ දෙදෙනා අත්සන් කළාට පසුව වෛද්‍ය මණ්ඩලයට ගිහිල්ලා භාරදෙන්න. ඕන ඒක තියෙන්නේ බණ්ඩාරනායක බිල්ඩින් එකේ එහෙම නැත්නම් අධ්‍යක්ෂකතුමාගේ කාමරයට ගිහිල්ලා තමයි මේක බාර දෙන්න ඕනේ .

මිස්ටර් ප්‍රනාන්දු දැන් ඔයා වකුගඩු බද්ධයකට යන නිසා මේකෙ තියෙන ප්‍රශ්නත් අපි ඔයාට ආයෙ මතක් කරන්නං කියලා ප්‍රසාද් වෛද්‍යතුමා නැවතත් උපදෙස් දෙන්න ගත්තා .

ඔයා දන්නවනේ එදත් මම ඔයාට කිව්වනේ මේ වකුගඩුව ඔයාගේ බඩට දැම්මට පස්සේ ඇඟට අල්ලගෙන වැඩ කරන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් .එක දවසක් වැඩ කරන්නත් වැඩකරන්නත් පුලුවන් සතියක් වැඩ කරන්න පුළුවන් මාසයක් වැඩ කරන්නත් පුළුවන්. අවුරුද්දක් ඇතුළත මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් ඒක අපි විශ්වාස කරනවා ඔපරේෂන් එක නිසා වෙච්ච ප්‍රශ්නයක් කියලා නමුත් අවුරුද්දකට පස්සේ හරි ප්‍රශ්නයක් උනොත් අපි හිතන්නේ එක ඔයාගේ ප්‍රශ්නයක්.

අපි ඔයාගේ වකුගඩු බද්ධ කිරීමෙන් පසුව දෙන බෙහෙත් වෙලාවට ගන්න ඕනේ. අනික තමයි ඔයාලට වකුගඩු බද්ධ කලාට පස්සේ අපි බෙහෙත් දෙන්නේ මේ වකුගඩු අල්ලන්න ඔයාලගේ ඇඟේ ප්‍රතිශක්තිය අඩු කරන්න. ඒ බෙහෙත් ගණන්. නැතිවුණොත් ඔයාලට ගන්න හැකියාවක් තියෙන්න ඕනි ඕනි ඒ වගේම ඔයයාගෙ ශල්‍යකර්මය වෙලාවෙදි අපි එන්නතක් ලබා දෙනවා .මේක දෙන්නේ ඇඟේ තියෙන ප්‍රතිශක්තිය අඩු වෙන්න මේ කාලයේ එ එන්නතරුපියල් එක්ලක්ෂ පනස් දාහක් (150000) විතර වෙනවා මේ කාලේ මේක මේ එන්නත රෝහලේ නැහැ .එහෙම වුනොත් ඔයාලට මේක එළියෙන් ගන්න වෙනවා අනිවාර්යෙන් අපි එකක් ඔයාලට දුන්නොත් ඔයාලා ඒක අපිට දෙන්නම වෙනවා. මේ දේවල් ඔයාට කරගන්න මුදල් තියෙනවද කියල හිතල බලන්න සමහර වෙලාවට ජනාධිපති අරමුදලින් ගන්න පුළුවන් ඔයා ඒක හොයලා බලන්න .

වෛද්‍යවරයාගේ උපදෙස් වලින් පසුව මම නැවතත් වෛද්‍යවරයා ගෙන් ප්‍රශ්නයක් ඇසුවා .
.
දැන් doctor මේ මේ ලිපි දෙක අරගෙන යන්න ඕනේ කා ළඟට ද .

ඔයා අත හදන්න 44 කාමරයට ගියා නේද අන්න ඒකේ ඉන්නෙ ඉන්න දොස්තර මහත්තුරු ළඟටම තමයි යන්න ඕන ඔයා යනකොට ඩොනර් වත් අරගෙන යන්න එයාලා ඔය දෙන්නව බලලා ප්‍රශ්න කරලා එයාලගේ කැමැත්ත ප්‍රකාශ කරලා අත්සන් කරයි.

කොහොමහරි වෛද්‍යවරු කියපු විදිහට පළවෙනිම දවසේ අපි මුණ ගැහෙන්න ගියේ වෛද්‍ය එස් ඩී එස් rajamanthri කියන විශේෂඥ වෛද්‍යතුමා ව . එතුමා මල්ලිවයි මාවයි බලලා අපෙන් ප්‍රශ්න කලා.මල්ලිගෙන් ඉතාමත්ම දීර්ඝ ලෙස ප්‍රශ්න කරා . මල්ලි පෙර පරිදිම පිළිතුරු දීපු නිසා එතුමාගේ අත්සන යොදා මේ ශල්‍යකර්මයට කැමැත්ත දුන්නා .

ඉන්පසු කැමැත්ත ලබාගැනීම හෙවත් අත්සන ලබා ගැනීමට ගියේ රුවන් පොන්සේකා වෛද්‍යතුමා ළඟටයි එතුමා මුලින්ම මගෙන් ප්‍රශ්න කළා .ඉන්පසු මම ඉන්දැද්දිම මල්ලිව ගෙනල්ල ප්‍රශ්න කළා .එයාගෙන් ඇහුවා ඇයි මෙයාට වකුගඩුව දෙන්නෙ කියලා .පෙර පරිදිම මල්ලි කිව්වා පින් තකා කියලා. ඊට පස්සේ වෛද්‍යතුමා කිව්ව මේක දුන්නට පස්සේ ඔයා මැරෙන්නත් පුළුවන් ඔයා ඔයාට ප්‍රශ්නයක් නැද්ද කියලා .මල්ලි කිව්වා අපි කවද හිටියත් මැරෙනවා මෙයාගෙ ජීවිතේ බේරගන්න පුලුවන්නම් මට ප්‍රශ්නයක් නැහැ කියලා .ඊට පස්සේ ඔයා මෙයාට ඇරෙන්න වෙන කෙනෙකුට කෙනකුට වකුගඩුව දෙන්න කැමැති නැද්ද කියලා ඇහුවා මල්ලි කිව්වා මෙයා වගේම තව හොඳ කෙනෙක් ඉන්නවනම් මං ඔයාට දෙන්න කැමැතියි කියලා .කි ඉන්පසුව එතුමා කිසිම ප්‍රශ්නයක් නැතුව මල්ලිගෙ පිටට තට්ටුවක් දාලා බොහොම හොඳයි ඔය දෙන්නා ගැළපෙනවා කියලා අත්සන් කරල දුන්නා .ඉන්පසු මම ඒ සියලුම ලිපි අරගෙන ගිහිල්ලා කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂක තුමාගේ කාමරයේ ඉන්න මිස් කෙනෙකුට භාර දුන්නා ඉතාමත්ම ඉක්මනින් පරීක්ෂණ කර ගෙන ගියා .මේ අතර අමාරු පරීක්ෂණයකට තිබ්බේ angiogram එක සහ ඩී ඩී පි ස්කෑන් කියන එකයි .

මේ අතරතුරදී මගේ අත හොඳ නිසා අතින් ඩයලසිස් කරන්න ගත්තා. බෙල්ලෙ බටේ අයින් කළා මේක හිතට ලොකු සහනයක් වුණා .

රෝගීන් අතර පවා සත්තු වගේ රෝගීන් ඉන්න බව පවසන්නක් මට සිදු වෙනවා .එක් දවසක් මා ශල්‍යකර්ම කරන වෛද්‍යවරුන් හමුවට ගියා විටදී තවත් රෝගියෙක් මල්ලිත් එක්ක කතා කරලා තියෙනවා .මල්ලි ගෙන් අහලා තියෙනවා මට වකුගඩුව දෙන්නේ මොනවා බලාපොරොත්තුවෙන් ද කියලා .ඊට පස්සේ මල්ලි කියලා තියෙනවා පිනට දෙන්නේ කියලා

මල්ලි ගෙන් අහල තියනවා මොනවද කරන්නේ කියලා .එයා කියලා තියෙනවා මම ගමේ ඉඳලා කොළඹට කෙසෙල් ගේනවා කියලා.රෝගියා කියලා තියෙනවා ඔයා එයාට දෙන්න එපා මට වකුගඩුව දෙන්න නුවර ගිහිල්ලා අපි කරමු. මං අර ලොරියක් අරන් දෙන්නම් කියල තව තවත් රෝගියෙක් කතා කරලා මල්ලිට කියලා තියෙනවා ලක්ෂ හතක් දෙන්නම් ඔයා මං ළඟට එන්න කියලා මල්ලි මං එළියට ආවම කියනවා .

අයියා ආයෙ මං කවදාක්වත් මෙහෙ මිනිස්සුන්ට කියන්නේ නැහැ ඔයාට වකුගඩුවක් දෙන්න ආවේ කියලා.මෙහෙ මිනිස්සු හරි ආත්මාර්ථකාමී අයියා මෙයාල සල්ලි දෙන්නම් කියලා ඔයාට වකුගඩුව දෙන්න එපා කියලා එයලාට ඉල්ලනවා කියලා එකෙක් එක්ක මට පෙන්නුවා.

ආපු කේන්තියට නං මං ලෙඩෙක් කියලා බැලුවෙත් නෑ ගිය වේගෙටම ඒ මනුෂ්‍යයාට පහරක් එල්ල කළා ඒ මනුස්සයා එක සැරේට බිම ඇද වැටුණා ඒත් ඉතින් කරන්න දෙයක් නෑ ඒ වෙනුවෙන් මට කේන්තියි මොකද මම ජීවිතේ යදින වෙලාවේ මට වකුගඩුවක් දෙන්න මේ දෙවියෙකු ඉන්න මනුෂ්‍යයා ව ගන්න එනකොටබ්කාටද කේන්ති නොයන්නෙ.

ජාතික රෝහලේ ඩයලසිස් ල කරමින් ඉන්න අතරේ පරික්ෂණ ටිකත් හිමිට කරගෙන ගියා

ඒ කාලය තුළ පාසලේ මිනිසුන් මා වෙනුවෙන් නොයෙකුත් දේවල් කරන්නට වුණා. ටිකට්පතක් මුද්‍රණය කරලා මා වෙනුවෙන් මුදල් සොයන්නට වුණා.

ඊට අමතරව ඒ කාලයේ ජනප්‍රිය වේදිකා නාට්‍යයක් වූ විජය නන්දසිරි මහත්මයාගේ බල්ලොත් එක්ක බෑ වේදිකා නාට්‍යය කුඩා බුත්ගමුව රාජසිංහ ජාතික පාසලේ පෙන්වා. මට ඉතාමත් හොඳ මුදලක් එකතුකර පාසලේ ගරුවරුන් එකතු වෙලා ලක්ෂ පහක පමණ මුදලක් මගේ එකවුන්ට් එකට දාලා තිබ්බා .

මේ කාලයේ මා වෙනුවෙන් ඉතාමත් ම ලොකු වෙහෙසක් පාසලේ සියලුම දෙනාම ගත්ත බව නම් නොකියාම බැරිය .

මේ අතර මට දුරකථන ඇමතුමක් ලැබුණා ඒ මාලිගාවත්ත ජාතික වකුගඩු රෝහලේන්. වෛද්‍යවරයෙක් කතා කරල මට කිව්වා මට කොළඹ නැතුව මාලිගාවත්ත රෝහලේ ඩයලසීස් කරන්න පුළුවන් කියලා සතියට දවස් දෙකක් ඩයලසීස් කිරීමේ අවස්ථාව ලබාදුන්නා

ඒ අනුව මං සෙනසුරාදා සහ බදාදා දවස් දෙකේ ඩයලසිස් එක මම ඉල්ලගත්තා
සෙනසුරාදා උදේ වරුවත් බදාදා හවස් වරුවත් ඉල්ලගත්තා .මෙ නිසා මගේ පාසල් අධ්‍යයන කටයුතු වලට බාධාවක් වුනෙ නැහැ කෙසේ හෝ පාසලෙන් ලැබුණු ඒ ඒ උපකාර නොවන්නට මගේ කතාව මීට වඩා සෑහෙන්න වෙනස් වන්නට පුළුවන් .

සියලු පරීක්ෂණ කරලා ඉවර වුණාට පසුව ශල්‍යකර්මය සිදුකරන වෛද්‍යවරයෙක් වන රාජමන්ත්‍රී වෛද්‍යතුමා මාව බලල කිව්වා මගේ බඩේ තියෙන වකුගඩුව ඉවත් නොකර වකුගඩු බද්ධ කිරීමේ ශල්‍ය කර්මයක් කළ නොහැකි නිසා ඉක්මනින්ම එම වකුගඩුව ඉවත් කරගන්න කියලා.

කොළඹ ජාතික රෝහලේ මුත්‍රා රෝග සම්බන්ධ වෛද්‍යවරයෙකුට ලිපියක්බ්ලියල දුන්න එතුමා හම්බෙන්න ගියාම එතුමා මගේ වාර්තා බලලා කිව්වා මගේ වකුගඩු ඉවත් කරන ශල්‍යකර්මයට කරන්න බැහැ කියලා මං ඇහුවා ඇයි කියලා එතුමා කිව්වා මේක ඔයා මැරෙන්න පුළුවන් ඒ වගේ අවදානම් ශල්‍යකර්ම කරන්න මං කැමැති නැහැ කියලා එතුමා ලියල දීපු ලිපියත් අරගෙන නැවතත් මං රාජමන්ත්‍රී වෛද්‍ය තුමා හමුවන්නට ගියා ඉන්පසු එතුමා කළුබෝවිල රෝහලේ වෛද්‍ය වරයෙක් හමුවන්න ලිපියක් ලියලා දුන්නා.

මමයි බිරිඳයි ඒ ලිපියත් අරගෙන කළුබෝවිල රෝහලේ වෛද්‍ය අනුරුද්ධ මහත්මයා හමුවුණා එතුමා අපව බලලා කිව්වා ඉක්මනට මේ ශල්‍යකර්මය කරලා දෙන්නම් කියලා ඊට ඉස්සෙල්ලා අපි j j ස්ටෙන්ත් එකක් දාලා බලමු මේ මුත්‍රා පිටවීමක් වෙයිද කියලා කිවුවා.

J J ,ස්ටෙන්ත් යනු මුත්‍රා නහාර අවහිරවන අවස්ථාවවන් වලදි එ අවහිරතා දුරුකර නිසි පරිදි මුත්‍රා නහාර හරහා මුත්‍රා ගලා අ සඳහා මුත්‍ර මාර්ගය හරහා ඇතුල් කරන කුඩා දිග බටයක

කියු පරිදි රෝහලේ ඇතුළත් වෙලා j j ,ස්ටෙන්ත් එකක් මුත්‍රා මාර්ගය දිගේ දාලා බැලුවා ඒකට හරි ගියේ නැහැ. එතුමා ඊට පස්සේ කිව්වා එහෙනම් අපි කෙලින්ම ශල්‍යකර්මයට යමු කියලා

වකුගඩු ඉවත් ඉවත් කිරීමේ ශල්‍යකර්මය සඳහා 2011 ජනවාරින් 5 වනදා නතර වෙන ලෙස උපදෙස් දුන්නා මාවා රෝහලට නතර කරන්න රැගෙන ගියේ අපේ නිශානි දසනායක මහත්මිය ග මෝටර් රථ්යෙන්.

රෝහලට ඇතුලත් වුණාට පසුව මූලික පරීක්ෂණ කර ඔපරේෂන් එකට අදාලව මාගේ කැමැත්ත ප්‍රකාශ කිරීමේ ලිපියක් ලියන්නට වුනා .ඉංග්‍රීසියෙන් තිබුණ එම ලිපිය ලියලා අවසානයේ වෛද්‍යතුමා මට පැහැදිලි කරලා දුන්නා ඉන්පසුව මටත් යමක් ලියන්න කියලා කිව්වා .

මං ඇහුවා

මේකෙ මොකක්ද දැන් මං ලියන්න ඕනේ

මෙහෙමයි ඔයාගෙ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය ටිකක් සංකීර්ණ එකක් . ඒකෙදි ඔයාගෙ රුධිර පීඩනය අඩුවෙලා හරි එහෙම නැත්තං ලේ ගැලීම වැඩිවෙලා හරි ,වෙන මොනයම් හරි ප්‍රශ්නයක් වෙලා ඔයාගේ ජීවිතයට යම්කිසි හානියක් වෙන්න පුළුවන් මේක ඔයා දන්නවා කියලා කැමැත්ත ප්‍රකාශ කරලා අනිවාර්යෙන්ම ලියන්න එතකොට තමයි අපිට ඔයාගේ ශල්‍යකර්මය කරන්න පුළුවන්.

රෝගියකුට ශල්‍යකර්මයට පෙර තමා මැරෙන බව දැන ගන්නවා කියලා ලියන්න මොන තරම් හිතට ශක්තියක් තියෙන්න ඔනද ද මං හිනා වෙලා මේහේම ලිවුවා.

මාගේ වම්පස උදරය කපා මාගේ බඩේ ඇති වකුගඩුව ඉවත් කිරීමට මාගේ කැමැත්ත ප්‍රකාශ කරමි එසේම මේ ශල්‍යකර්මය කිරීමේදී දී මාගේ රුධිරය වැඩිපුර ගලා යාමෙන් හෝ අඩු රුධිර පීඩනය නිසා හෝ වෙනයම් මොනාහරි සංකූලතාවක් නිසා මා මාගේ ජීවිතය නැති විය හැකි බවද මා දනිමි.මෙ සියලු කාරණා දැනගෙ මෙම ශල්‍යකර්මය සඳහා මාගේ කැමැත්ත ප්‍රකාශ කරමි .

මා එසේ බිහි වුවාට පසුව පුදුමය නම් වෛද්‍යවරයා එයටතවත් කොටසක් එකතු කිරීමයි එතුමා එකතු කර කොටස වන්නේ

මේ ශල්‍යකර්මය කරනු ලබන්නේ ඒ සඳහා විශේෂයෙන් ම පුහුණුව ලත් වෛද්‍යවරයෙක් නොවන බවද මා දනිමි .

මේ සියල්ල දැනගෙන මං හිනහ වෙලා ශල්‍යකර්මය සඳහා සූදානම් වුණා

මගේ අත්සන ගැනීමෙන් පසුව මං අහගෙන දවස් පහකට මට දැඩි දැඩි සත්කාර ඒකකය වෙන්කරන ලෙස උපදෙස් දුන්නා.

2011 ජනවාරි 7 වැනිදා තවත් එක් තීරණාත්මක දිනයක් ඒ ගැන ඊලග ලිපියෙන්

No comments:

Post a Comment