2019/11/09

මල්ලි මීට පස්සේ එන්න එපා මේ වැඩේ අතැරලා දාන්න

මගේ කතාව පහාලොස්වෙනි කොටස

ගිය සතියේ මං කිව්වා මට වකුගඩුව දෙන්න ආපු මල්ලිගෙන් මගේත් පරීක්ෂණවලින් පසුව ශල්‍ය කර්මය කරන වෛද්‍යවරුන් හමුවී නැවත දිනයක් ලබා ගැනීම සඳහා මල්ලියී මායි ගිය බව .අද එතැන් සිට .

මල්ලියි මායි ශල්‍ය වෛද්‍යවරයා හම්බෙන්න 44 කාමරේට ගියා .වෙනදා වගේම නොම්මරයක් අරගෙන වෛද්‍යවරයා එනතුරු අපි අසුන්වල රැඳී සිටියා.

අපේ වාරය ආවම අපි වෛද්‍යවරයා මුණ ගැසෙන්න ගියා .අපේ සියලු වාර්තා පරීක්ෂා කරලා බලලා නැවත HLA පරීක්ෂණයක් කරන්න කියලා කිව්වා .

ඊට පස්සේ අපි නැවත අපිට බෙහෙත් කරන විශේෂඥ වෛද්‍යවරයා හම්බ වෙලා HLA පරීක්ෂණය හෙවත් අපි දෙදෙනාගේ රුධිර ඝනය ගැළපීමේ පරීක්ෂණය නැවත නාරහෙන්පිට ලේ බැංකුවේ කිරීම සඳහා අවශ්‍ය කරන ලිපිය ලියා ව ගත්තා .

ළඟ දිනයක් ලැබුණ නිසාය නැවතත් මායි මල්ලියි ගිහිල්ලා ඉක්මනින්ම ලේ දුන්නා .

එහෙම දීල ගෙදරට ආපු දවසෙ මම මල්ලි මට කතා කලා.

අයියා පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඇවිල්ලා අපේ අක්කත් එක්ක චුට්ටක් ඔයාට කතා කරන්න බැරිද .

ඇයි මල්ලි මොකද්ද ප්‍රශ්නෙ මං එන්නම් මොකක්ද වෙන්න ඕනේ .

නැහැ අයියා අක්කා බය වෙලා මේ මේ ඔපරේෂන් එකෙන් මගේ ජීවිතයට මොනාහරි වෙයි කියලා අයියා චුට්ටක් ඇවිල්ල කියන්නකො අයියා දැක්කම එයත් කැමති වෙයි .

හරි මල්ලි කොහෙටද එන්න ඕනේ .

අයියා අක්කා ඉන්නෙ නං ඉංගිරියේ මාත් මේ දවස් වල එහෙම ඉන්නෙ අයියට එන්න පුලුවන්.

හරි මල්ලි මං හෙටම එන්නම්.

මං ඉංගිරිය ටවුන් එකට ඇවිල්ල ඉන්නං අයියා එන්න .

අපි ඉංගිරියේ ඉන්න මල්ලිගෙ අක්කා බලන්න ගියා .මෙය ගමනේ ගේ මමයි mamai akkai මමයි අක්කයි ,බිරිඳයි, අක්කගේ මහත්තයා එහෙම නැත්නම් මගේ මස්සිනා .

කිව්ව වගේම මල්ලි ඉංගිරිය නගරයේ හිටියා අපි එනකන් .නගරයෙන් මල්ලිව අරගෙන අපි ටිකක් ඇතුලට වෙන්න තිබුණ මල්ලිගෙ අක්කගෙ ගෙදරට ගියා ඉතාමත් සුන්දර පරිසරනිවැසියන් විසින් ඉතාමත් ම සුහදව අප පිළිගත්තා නිවැසියන් විසින් ඉතාමත්ම සුහදව අපව පිළිගත්තා .අපට ආහාරපානවලින් සංග්‍රහ කිරීමෙන් පසුව මල්ලි සහ අක්කා අපිත් එක්ක කතා කළා .

ඔයා ජීවත් වෙන්න ඕනේ කියලා අපි ගන්නවා කියලා අපි ගන්නවා නමුත් මේ මගේ බාල මල්ලි මෙයා තනි තීරණ තමයි හැමදාම ගන්නේ කොච්චර උනත් තව කෙනෙක්ගෙ ජීවිතයක් බේරගන්න ඕනේ කියලා මං දන්නවා ඒත් මට බයයි මගේ මල්ලිට මොනාහරි වෙයිද කියලා .

මේ වෙලාව නං නිදහස් සංවේදී මොහොතක් වුණා මගේ අක්කත් ඒ වෙලේ මට කිව්වා අපි මෙයාගෙන් ගන්නෙ නැතිව ඉමු මල්ලි කියලා .

ඕනෑම පවුලක තමන්ගේ සහෝදරයා ආස තමන්ගෙ අයට කරදරයක් නොවෙනවටයි.මේ වෙලාවේ මාත් තීරණය කර කරා මල්ලිගෙ වකුගඩුව නොගැනීමටයි.

අපිට සංග්‍රහ කිරීමෙන් අනතුරුව අපි එන්න පිටත් වෙන මොහොතේ මම මල්ලි ඔයා මල්ලිට කීවා.

මල්ලි මීට පස්සේ එන්න එපා මේ වැඩේ අතැරලා දාන්න කියලා.

ඇයි අයියා එහෙම කියන්නේ කියන්නේ මගේ මොනවාහරි රි වරදක් වුණා .

නෑ මල්ලි ඔයාගෙන් කිසිම කිසිම වරදක් වුණේ නැහැ අර විදියට අඬනවා දැක්කම මං කොහොමද මල්ලි ඔයාගේ වකුගඩුවක් ගනනේ.

අයියා කවුරු අකමැති වුණාට කවුරු මොනවා කිව්වත් මම තීරණය කළ දේ මං කරනවා අයියා කිසිම දේකට බයවෙන්න එපා මම එනවා අක්කා ඔහොම කිව්වට එයා තව ටිකකින් හරි යනවා .

කමක් නෑ මල්ලි තව ටිකක් කල්පනා කරල බලලා අක්කත් එක්ක කතා කරන්න.

තව කෙනෙකුට දුකක් දීලා මට සතුටක් ලබලා වැඩක් නැහැ මල්ලි .ඔයලා දෙන්නා කතා කරල කරලා හරි තීරණයක් ගන්න අක්කාට කියන්න මට කතාකරන්න කියලා ඊට පස්සේ ඔයා එන්න එතකං එන්න එපා .

අනෙ අයියා මං ඔයාට කොහොමත් කතා කරනවා අක්කා කොහොමත් කතා කරනවා.

හරි මල්ලි එහෙනම් අපි යනවා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න.

අද එනකොට මල්ලි තාමත් දුකින් බලන් ඉන්නවා මං දැක්කා .

එසේම අපි ගෙදර ආවට පසුව පහුවදා උදේම මල්ලිගෙ අක්කා මට කතා කලා.එයා කතා කරල කිව්වා.

මල්ලිගෙ කැමැත්තත නිසාත් අයියා හොඳ කෙනෙක් නිසාත් අයියා මේක මල්ලිගෙන් අරගෙන කරගන්න අනේ අයියේ මල්ලිට මුකුත් වෙන එකක් නෑ නේද කියලා ඇහුවා මං එයාට කිව්වා වෛද්‍යවරු මුණගැහිලා උවමනා ඕනම දෙයක් අහන්න කියලා එයා කිවුවා අයියාව විශ්වාස කරන්නන් කියලා මල්ලි හෙට එයි කියලා කිව්වා.

ඉන්පස්සෙ මල්ලි මාව බලන්න ආව ඒ ප්‍රශ්නය එහෙම විසඳුනා අපේ HLA රිපෝට් එක ආවා ඒකට අනුව ද පෙර පරිදිම මල්ලිගෙයි මගෙේ මගේ ලේ ගැලපීම වකුගඩුව ගැළපීම ඉතා හොඳ මට්ටමක තිබුණා ඒක ගැලපෙන්නේ ප්‍රතිශතය හයට හතරයි (4/6).

ඊට පස්සේ අපි දින ලබාගන්න ලබා ගන්න ගියා වෛද්‍යවරයා අපේ සියලුම දේ බලලා මාස තුනකට පස්සෙ දිනයක් අපට ලබා දුන්නා වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සඳහා .

යන ගමන් මල්ලි කිව්වා අපිට ගමට එන්න කියලා මල්ලිව බලන්න කතරගම ගිහිල්ලා බාරයක් වෙන්න ඕන කියලා .

මේ කාලෙදි මගේ අයියාගේ දුවෙකුත් අපේ ගෙදර නතරවෙලා හිටිය බිරිඳගෙ තනියට.එසේ අපි තීරණය කරා මල්ලිගේ ගමේ බඩල්කුඹුර යන්න .

පාසලෙන් කෝච්චියේ නිදහස් දුම්රිය ප්‍රවේශ පත්‍රයක් ලියවා ගත්තා ඒකෙන් බිරිඳටත් මටත් ටිකට් දෙකක් ගත්තා බදුල්ලට .දුවටත් ටිකට් ගත්තා නිදන මැදිරි වල අපි රෑ අටට බදුල්ල බලා පිටත්වෙන රාත්‍රිය රාත්‍රී තැපැල් දුම්රියෙන් ගමන ආරම්භ කළා.

උදේ 6 විතර වෙනකොට ඇල්ල ස්ටේෂන් එකෙන් අපි බැස්සා.මල්ලි යාලුවෙක් එක්ක එයාගෙ මෝටර් රථයක ඇවිල්ලා හිටියා ආපිව එක්කං යන්න ඊට පස්සේ කාර් එකේ නැගලා මුලින්ම අපි මල්ලිගෙ නැන්දා කෙනෙකුගෙ ගෙදර ගියා .ගෙදර අයත් ඉතාමත්ම ආදරයෙන් අපව පිළි අරගෙන අපිට වෙනම කාමරයක් දුන්නා ඇඳුම් මාරු කරගෙන මුහුණ කට හෝද ගන්න මූණ කට හෝදගෙන මුණ කට හොඳ ගෙන එනකොට කරගෙන එනකොට උදෑසන කෑම ලෑස්ති කරල තිබුණා.
උදෑසන ආහාර ගැනීමෙන් පසුව මහන්සියට මම පොඩ්ඩක් නිදා ගත්තා .

හවස බඩල්කුඹුර නගරයේ කරන මල්ලිගෙ.රෙස්ටොරන්ට් එක හෙවත් අවන්හලට ගියා මෙතන මේ මල්ලි රස සුප් එකක් අපිට හදලා දුන්නා බොන්නේ අවන්හල දැක්කම අපිට ආස හිතුනා කොහොම හරි අපේ පහුවදා උදේම මල්ලිත් එක්ක ගිහිල්ලා කතරගම කිරිවෙහෙර වැඳ ලා කිරින්ද එහෙම ගිහිල්ලා මල්ලිටත් මටත් බාරහාර වුණා .

ඊට පස්සේ පස්සේ එදාම එදාම හවස අපව බදුලු දුම්රිය ස්ථානයට ගෙනැල්ල මල්ලි ඇරලුවා හවස 06:00 ට කොළඹ බලා පිටත්වන දුම්රියට නැග්ගා. මල්ලිගේ ගමට ගිය ගමන හරිම සුන්දරයි .නිල්ල පිරුණු කඳුකරයයි. කඳුකරයේ මල්ලි ගෙවන ජීවිතය හරිම සුන්දර උනා .ඉතින් මල්ලිට සමු දීලා අපි කොළඹ බලා පිටත් වුණා .

කොළඹ ඇවිත් දිගටම ඩයලසීස් කරගෙන ඉන්න අතරතුර ශල්‍යකර්මය කරන දිනයට අනුව ශල්‍යකර්මය කරන්න රෝහලට ඇතුළත් වුණා එසේ රෝහලට ඇතුළත් වුණේ ශල්‍ය කර්මය කරන දිනයට සතියකට පෙර මාව ජාතික රෝහලේ 17 වෙනි වාට්ටුවේ නතරකළා.මාව නතර කරලා දවස් තුනකට පසුව මල්ලිව 18 වාට්ටුවේ නතර කළා අපි දෙන්නගේම වාට්ටු ළඟ ළඟ තිබුණේ.

ශල්‍යකර්මයට නැවතුනාට පසුව අ වුණාට පසුව අපට ගෙවන උවමනා බඩු ලැයිස්තුවක් දුන්නා ඒ අතර

සුදු සරම් හතරක් එකක් මල්ලිට තුනක් මට

සුදු කමිස හතරයි තුනක් මට එකක් මල්ලිට

සුදු මේස් ජෝඩු තුනයි 3 යි 2 ක් මට එකක් මල්ලිට.

රැවුල කපන්න කපන්න racer දෙකයි .

ශල්‍යකර්මයෙන් පසු ව දැඩිසත්කාර ඒකකයට
ඕඩිකොලොන් එකයි
පවුඩර් එකයි
රේසර් එකයි.
බේසමමක්.
ජලය මැනලා බීමට කෝප්පයක්.

ආදී ලෙස බඩු ලයිස්තුවක් ගෙනියන්න ඕන මේ සියලුම දේවල් මගේ බිරිඳ සූදානම් කළා .

කොහොමහරි ශල්‍යකර්මයට පෙර මගේ රුධිර පීඩනය ගොඩක් වැඩි වෙලා තිබුණා මේ නිසා වෛද්‍යවරු ශල්‍යකර්මය කරන්න බැරි වෙයිද කියලා කලබල උනා ඒ අනුව මට පුළුවන් උපරිම බෙහෙත් වර්ග දුන්නා .

විශාල ප්‍රෙෂර් පෙති ප්‍රමාණයක් මට බොන්ඩ තිබුණා පැය දෙකෙන් දෙකට වගේ බෙහෙත් බොන්න තිබුණණා ඒක හරි අමාරු වැඩක් බෙහෙත් වල නම් මතක තියා ගන්නත් තිබුණා.කොපමණ බෙහෙත් බිව්වත් එන්න එන්න රුධිර පීඩනය වැඩි වුනා මිසක් මිසක් අඩු වුණේ නෑ වෛද්‍යවරු හිතුවේ මම ශල්‍යකර්මයට බිය වෙලා නිසා මගේ රුධිර පීඩනය වැඩි වෙනවා කියලයි ඇත්තේම මට කිසිම බියක් තිබුනෙ නැහැ හරිම ආසාවෙන් මම හිටියේ මේක ඉක්මනට කරගන්න .ඉදිරි පීඩනය අඩු නොවන නිසාම මට මොනො rest කියන පෙත්ත දුන්නා මනස නිදහස් කරන්න .
ඒකටත් අඩු වුණේ නැති නිසා අවසානයේ අධි රුධිර පීඩනයට දෙන්න පුළුවන් අවසාන පෙත්ත හැටියට මං අහල තියෙන හයිඩ්‍ර්ලසින් කියන පෙත දුන්නා ඒකට සාමාන්‍ය මට්ටමට රුධිර පීඩනය අඩු වුණා .

ශල්‍යකර්මය කරන දිනට පෙර දින නිර්වින්දන වෛද්‍යවරයා ඇවිත් මාව බැලුවා ව කෑම බීමවලට යම්කිසි ආසාත්මිකතාවයක් තිබෙනවා දැයි ඔහු මගෙන් ප්‍රශ්න කළා. ඉන්පසු ඉන්පසු ශල්‍යකර්ම කරන වෛද්‍යවරු ඇවිල්ල බලල පෙර පරිදිම මගෙන් ශල්‍යකර්මයට කැමැත්ත ප්‍රකාශකරන ලිපියට අත්සන් කර ගත්තා. ඒක තිබුණෙ ඉංග්‍රීසි භාෂාවෙන් මට කිසිදෙයක් කරන්න තිබුණේ නැහැ අත්සන් කරන්න විතරයි තිබුණේ ..

ශල්‍යකර්මය කරන දිනට පෙර දින රැයේ මගේ සියලුම රෝම ඉවත් කළා.

ඉන් පසු ඇඟ හෝදගෙන කරගෙන රාත්‍රී ආහාර අරගෙන මං නිදාගත්තා .

ශල්‍යකර්මය දවසෙ උදේම නැගිටලා නෑවා නාලා ඇඳගත්තේ පෙරදින ගෙනාපු සුදු ඇඳුම් ඒවා තම්බල තිබ්බේ ඒවා තමයි මට දුන්නෙ .

ඇඳුම් ඇඳ ගෙන ආවට පස්සෙ ඇඳට නංවලා ඇඳ හතර වටේ ආවරණය කළා පස්සේ මගේ සියලුම ඇඳුම් ඉවත් කරන්න කිව්වා ලැජ්ජාවෙන් උනත් සියලුම ඇඳුම් ඉවත් කරලා ඇදට වෙලා හිටියා .

ඒ වැස්සේ හෙද සොයුරියක් සහ හෙද සහායකයෙක් ඇවිත් "බෙටඩීන් බාත්" එක පටන් ගත්තා.බෙටඩින් බාර්ත් යනු.රෝගියාගේ විෂබීජ යාම සඳහා මුළු ඇඟම බෙටඩින් නැවත සේදීමයි .එ අනුව මගේ මුළු ඇඟම බෙටඩින් දාලා පිහ දැම්මා.පාන්දරම සීතලේ නාලා මෙහෙම කරන කොට ඉන්න බෑ ඇඟම ඇලෙනවා වගේ .පළමු වාරය අවසන් කරලා විනාඩි විස්සක් හිටියා පළමු ආලේප වේල් එනකං .ඒ උනාට පස්සෙ දෙවන වරටත් පෙර පරිදිම බෙටඩින් ආලේප කළා .ඉන්පසුව තවත් විනාඩි විස්සක් ඉඳලා තුන්වන වරටත් බෙටඩින් ආලේප කළා .

ඉන් පසුව උදෑසන බෙහෙත් දීලා මගේ රුධිර පීඩනය අඩු වීමක් නැහැ වැඩියි ඒක නිසා වෛද්‍යවරුන් ට කතා කළා .වෛද්‍යවරුන් ඇවිල්ලා මාව පරීක්ෂා කරලා බැලූවා බලලා කිව්වා ඔයාගේ ඔපරේෂන් එක කල් දාන්න වෙනවා ඔයාගේ රුධිර පීඩනය වැඩියි.වැඩි රුධිර පීඩනය යටතේ ඔයාගේ ශල්‍යකර්මය කරන්න බැහැ කියලා කිවුවා.

හරිම ආසාවෙන් බලාගෙන හිටිය ශල්‍යකර්මය කරන්න බැරි උනාම බලාපොරොත්තු බිඳ වැටුනාම ජීවිතේ ඇදගෙනම වැටෙනවා .කිසිම දෙයක් දරාගන්න බැරුව මම හයියෙන් කෑගහලා ඇඬුවා..

අද මහාන්සි වැඩියි ඊලග දවසෙ තවත් ලිපියක් බලාපොරොත්තු වන්න.

No comments:

Post a Comment