2019/11/09

රුධිර කාන්දුකරණය හෙවත් ඩයලසිස්


ලිපිය ආරම්භයේදීම ඔබෙන් පොඩි ඉල්ලිම ක් කරනවා හැකිනම් තවත් අයට දැන ගැනිම සඳහ මේකා ශෙයර් කරන්න ගියවර මගෙ ලිපිය බැලු බොහො දෙනා මගෙන් විමසා සිටියා ඩයලසිස් හෙවත් රුධිර කාන්දුකරණය යනු කුමක්ද කියලා රෝගියෙක් උනත් රුධිරය පිරිසිදු කිරීම කරන තුරුම මෙ මොකක්ද කියලා හරියට මමත් දැනගෙන හිටියේ නැහැ එක නිසා ලිපිය ආරම්භයේන්ම මම දන්න විදිහට රුධිර කාන්දුකරණය හෙවත් ඩයලසිස් ( Heamo Diayalsis ) පිළිබඳව හැඳින් වීමක් කරන්න හිතුනා .
මගෙ මුල් ලිපිවලින් සඳහාන් කලා වකුගඩු රෝගය මුලින්ම හඳුනා ගැනීමෙ රෝගි ලක්ෂණ .එනම් අතපය මුහුණ ඉදිමීම
මුත්‍රා සමග ප්‍රෝට්න් පිටවීම.
මුත්‍රා පැහැය වෙනස් වීම.
නිසි පරිදි මුත්‍රා පිට නොවීම
මුත්‍රා පේණ ලෙස පිටවීම(කොමර්ඩ් එකකට මුත්‍රා කර වතුර ගැසු පසුවත් පෙණ ගතියක් තිබීම)
අධික මහාන්සිය.හතිය.
අධික හිසරදය .
කුඩා පඩිපෙළක්වත් නැඟ ගැනීමෙ අපහාසුව
කෑම අරුචිය
වමනයට එම නිරන්තරයෙන්ම වමනෙ යෑම
කෑම කෑ පසු දිගු වෙලාවක් යනකන් උගුරට එම
අධික දාහාදිය දැමීම.
අලස කම්මැලි බව.
ශරීරයෙ කැසීම් ඇතිවීම.
ශරීරය අවපැහැයට හැරීමක් වැනි දෙ පෙන්වා දිය හැක.
දැන් ඉතිං මෙ ලක්ෂණ එකක් දෙකක් දැක්ක ගමන් තමන් වකුගඩු රෝගියෙක් කියලා හිතලා බයවෙන්න එපා වෙනත් රෝගවලටත් මේ රෝග ලක්ෂණ ඇති වෙනවා.
ඉහත රෝග ලක්ෂණ සහිත රෝගියෙක් හමු උනාම වෛද්‍යවරුන් මුලික පරික්ෂණ ටිකක් කරනවා එවා මගෙ පෙර ලිපිවල සඳහන් කර ඇත.
වකුගඩු රෝගියෙක් හඳුනා ගත් පසු ඔහු හෝ ඇයගෙ ඉදිරි ජිවීත පැවැත්ම ට අවශ්‍ය උපදෙස්,ඖෂධ වෛද්‍යවරුන් නිර්දේශ කරනවා.මේවා නිසි පිළිවෙලට ගෙන නොකඩවා වෛද්‍ය සායන වලට ගොස් වෛද්‍ය උපදෙස් අනුව ක්‍රියා කරන්නෙ නම් සමන්‍ය ජීවිතය ගතකල හැකිය.
තව දුරටත් රෝගියාට සමන්‍ය දිවියක් ගෙවීම අපහාසු නම් හෝ රෝගියාගෙ වාර්තා නරක අතට හැරි තිබුනහොත් ඩයලසිස් ප්‍රතිකාරය කිරීමට වෛද්‍යවරුන් තීරණය කරයි
අපගෙ හදවතින් රුධිරය පොම්ප කිරීම පමණක් සිදුවෙ.රුධිරයේ ඇති සියලුම අප ද්‍රව්‍ය ඉවත් කර රුධිරය පිරිසුදු කිරීමෙ කාර්යය සිදුකරනු ලබන්නෙ වකුගඩු දෙක මගිනි.
වකුගඩු අක්‍රිය වීම යනු මෙ පිරිසිදු කිරීමෙ ක්‍රියාවලිය නිසි පරිදි සිදු නොවිමයි එයට බොහෝ හේතු බලපෑ හැකිය එ ගැන වෙනම කතා කරමු.
වකුගඩුවල ක්‍රියාවලිය නිසි පරිධි සිදු නොවීම නිසා මේ ලේ පිරිසිදු කිරීමෙ ක්‍රියාවලිය කෘතිමව කල යුතු වෙ එසේ රුධිරය කෘතිමව පිරිසිදු කරීමෙ ක්‍රියාවලිය.රුධිර කාන්දුකරණය හෙවත් ඩයලසිස් (diayalsis ) ලෙස හඳුන්වයි.
ලෝකයේ ප්‍රදාන ලෙසින් ඩයලසිස් කරන විධි දෙකක් දන්නට පුළුවන් .
1 PD හෙවත් peritoneal Diayalsis
මෙ තුලම CAPD කියාද ඇතද්
මෙම ඩයලසිස් ක්‍රමයේදි ස රෝගියාගෙ උදරය විද බටයක් ඇතුලට දමයි .ඉන්පසු ලිටර් දෙකක් පමණ වන බෙහෙත් සහිත දියරයක් රෝගියාගෙ බඩට ඇතුල් කල බටය ඔස්සෙ ඇතුල් කරයි ඊට පසු රැකියාවට යන කෙනෙක් නම් ඔහුට රැකියාවට යන්න පුළුවන් පැය හතරකට හෝ හයකට පසු අර පිරවු දියරය උදාරයට දමා ඇති බටය හරහා ම ඉවත් කරයි එසෙ ඉවත් කරන විට රුධිරයේ අප ද්‍රව්‍ය පිටවෙ.
මෙහි ඇති වාසිය වන්නෙ රෝගියාට නිවසෙ සිටම කරගෙන එදිනෙද කටයුතු කරදරයකින් තොරව පවත්ගෙන යා හැකි විමයී.
මෙහි අවධානමක් ද ඇත එනම්
Pd කරන්නෙ නම් ඉතා පිරිසිදු පරිසරයක් තිබිය .
රෝගීයාටම වෙන්වු කාමරයක් තිබීම වඩා සුදුසුය.
විෂබීජ ඇතුළු වීමෙ ප්‍රවනතාව වැඩිය.
කෙසෙ හො දැනට කොළඹ ජාතික රෝහල තුළ මෙ ප්‍රතිකාර ක්‍රමය නැත.නුදුරු දිනකදි අරඹන බව දැන ගන්නට ලැබිණ.
Pd වලට පසුව තියෙන ඩයලසිස් ක්‍රමය වන්නෙ
HD හෙවත් Heamo diayalsis ක්‍රමයයි.
මෙම ඩයලසිස් එක කරීමට අපෙ නාහාර සමබන්ධ කරගනි අපෙ ධමනි නාහාර මගින් රුධිර විදීමක් සිදුවන අතර ශීරා නාහාර මගින් රුධිරය ගලා යෑම සිදු වෙ .තවද දමනි මගින් පිරිසිදු රුධිරයත් ශිරා මගින් අපිරිසිදු රුධිරයත් ප්‍රවාහය කරයි මෙ නහර දෙක එකට සම්බන්ධ කර රුධිර ය පිරිසිදු කිරිම හීමෝ ඩයලසිස් නම් වේ
හීමො ඩයලසිස් දිගින් දිගටම සිදුකරීමට නම් එ සඳහ අපෙ අත සූදානම් කළ යුතුයි.එසෙ සුදානම් කිරීමට නම් අතෙ කුඩා ශල්‍යකර්මය කරනනට සිදුවෙනවා.වෛද්‍යවරුන් මෙය හඳුන්වන්නේ Avf කරනවා කියලා බොහෝ රෝගින් මෙය හඳුන්වන්නේ මෑෂින් එකක් දානවා කියලා.එහේම දෙයක් නැහැ
Avf එකක් සිදුකිරීමට ප්‍රථම වෛද්‍යවරුන් රෝගියාගෙ අතෙ නාහාර පිහිටිම අනුව ශල්‍යකර්මය කරන තීරණය කරනවා
මෙ ගැන වෙනම ලියන්නම් .රෝගියාගෙ අත හැදුවට පසු එය හරියන්න මාස එකාහමරක් දෙකක් යනවා.අත හරි ගියාම එයින් රුධිරය පිරිසිදු කරන්න පුළුවන්.
එසේ නොමැතිව එකවර ලෙඩෙ උත්සන්න වන රෝගින් සඳහා බෙල්ලෙ නාහාරයකින් හෝ කකුලෙ නාහාරයකින් බටයක් දමා කෘතිම් වකුගඩුවක් සහිත මැෂින් එකක් ආධාර කරගෙන රුධිරය පරිසිදු කරනු ලබයි.
මෙලෙස ඩයලසිස් කිරීමට නම් රෝහල් ගතවිය යුතුමයි.
දැන් මගෙ මෙතෙක් කතාවෙ ඉතිරිය ලියන්නයි සූදානම.
අම්මා .අක්කා බිරිද මිතුරන් කිසිවෙක් නැතිව තනි වි සිටි මොහොතක බෙල්ලට බට දමන්න මම අකමැති වුනා.වගේම බිරිදගෙ වචනයට පිටින් රෝගයට කිසිම බෙහෙතක් නොකල බැවින් මෙවරද මා බට දමන්න අකමැති උනත් වෛද්‍යවරුන් ගෙ කරුනු දැක්වීම හමුවෙ මරන බය නිසාම මුල් වරට බිරිද ට පිටුපා වෛද්‍යවරුන් ගෙ කැමැත්තට ඉඩ දුන්නා
මොන දෙ උනත් වෙන්නෙ මිනිස්සුන්ට නෙ කියලා හිත හදාගෙන සුදු ඇඳුම් ඇඳ ගත්තා .හෙද සහායකයන් දෙදෙනෙක් ට්‍රොලියක මාව නංවාගෙන වාට්ටුවෙන් එළියට ගෙනියනකොට ජිවිතෙ මුල්වරට මරන බය දැනුනා.රෝගය ගැන නිසි අවබෝධයක් නොමැති කමින් මම හිතුවෙ දැන් හැමදේම ඉවරයි කියලා .
වාට්ටුවෙන් එළියට ඇවිත් කොරිඩෝව දිගෙ ට්‍රොලිය ඇදගෙන ගොස් .විදුලි සෝපානයෙන්.දෙවෙනි තට්ටුවෙ Du නැත්නම් ඩයලසිස් යුනිට් එක ඇතුලට මාව අරගෙන ගියා.මෙ වෙන සිදුවීම් කිසිවක් මට පැහැදිලි ව හරියටම විස්තර කරන්න අමාරුයි .මෙන්න මෙ වගෙ ඇද වැටීම් තමයි පහුකීලීනව ඔනෑම අභියෝගයකට මුහුණ දෙන්න මට ශක්තිය ක් වුනෙ.ජිවිතෙ මුල්වරට මැෂින් වලට සම්බන්ධ කරලා ඉන්න රෝගින් දුටුවාම හිත තවත් බය වුනා ...
මගෙ තත්ත්වය තෙරුම් ගත් බැවින්ද මන්දා එතන හිටිය වෛද්‍යතුමිය මට ඉතා කරුණාවෙන් කතා කලා.
මිස්ටර් ප්‍රනාන්දු අපි දැන් ඔයාට බටයක් දානනවා එක අපිට ඔයාගෙ කකුලෙ නහාරයකට දාන්නත් පුළුවන් බෙල්ලෙ නාහාරයකට,දාන්නත් පුළුවන්
අනෙ ඩොක්ටර් ප්ලීස් එහේනම් කකුලර දාන්න.
ඔයට kt ප්ලැන් එකක් තියෙනවද.
එ කිවුවෙ
ඔයා kidniy transflant (වකුගඩු බද්ද කිරීමක්) එකකට යන්නද ඉන්නෙ .
අනේ ඔව් ඔව් .
එහෙනම් අපි බෙල්ලෙ නාහාරයට දාන්නම්
අනෙ ඩොක්ටර් මම ඉස්කොලේ උගන්වන්න යන්න ඔනෙනෙ ඔක ඇන්ටෙනාව වගෙ දාගෙන යන්නෙ කොහොමද .ඔය ලයින් එක,කකුලට දාන්න බැරිද .
පුළුවන් හැබැයි පොඩි අවදානමක් තියෙනවා දැන් ඔයා වකුගඩු බද්ද කරන්න සුදානමක් තියෙනවා නෙ ඔයාට වකුගඩුවක් බද්ද කලාම එක හොදින් වැඩ කරන්න නම් ඔයගෙ කකුලෙ නාහාර හොඳින් ක්‍රියාත්මක මට්ටමෙ තිබිය යුතුයි.අපි කකුලට ලයින් එක දලා එතන ලේ කැටියකින් අවහිර උනොත්.තොම්බස් උනොත් ඔයාට බද්ද කරන වකුගඩුවෙන් වැඩක් නැතිවෙයි.අපි ඇයි අවදානමක් ගන්නෙ එක නිසා බෙල්ලටම දාමු.
හරි ඩොක්ටර් හොඳ විදිහක් කරන්න
එහෙනම් ඔයා දැන් බය නැතිව අපිට මෙ වැඩෙ කරන්න සහායෝගය දෙන්න.මෙ බටෙ දාලා ලේ පිරිසිදු කලාම ඔයාට ඔය හතිය අමාරු ගතිය ගිහිං විශාල සුවයක් දැනෙයි.
හොඳයී ඩොක්ටර් .
හරි දැන් ඔයා ශර්ට් එක ගලවලා ම ඇඳෙ හාංසි වෙන්න.
හෙද සහායක සොයුරෙක් ශර්ට් එක ගලවා ඇඳෙ හංසි කලා.බෙල්ලා ශීතල වතුරකින් පිහිහදානව දැනුනා එ සර්ජිකල් ස්ප්‍රීට් විය යුතුයි එසෙ දෙසැරයක් පීස බෙටාඩින් වලින් තවත් පිරිසිදු කලා.ඉන්පසු කතකල වෛද්‍ය තුමිය.
ඔයාගෙ මුහුණ අපි වහානවා ඇස් අරින්න එපා අත් වලින් මුහුණ එහේම අල්ලන්න එපා කියා උපදෙස් ලබා දී ජි එස්(පිරිසිදු) රෙදි කඩකින් මුහුණ වැසුවා මුලු ලෝකයම අඳුරු වෙනවා වගෙ දැනුනා.
බෙල්ල වටා තව රෙදි කඩවල දානවා දැනුනා මෙ අතර වෛද්‍ය තුමියගෙ හඩ හීනෙන් වගෙ ඇසුනා.
අපි ඔයාට ඉන්ජෙක්ෂන් එකක් විදිනවා එකෙන් ඔයාගෙ බෙල්ල හිරි වැටෙයි. අපි ඔයාට බට දානවා දැනෙයි හැබැයි රිදෙන්නෙ නැහැ ඔයා දඟල්න්නෙ නැතිව ඉන්න ඔනේ.
ඉන්නවා තමයි ඉන්ජෙක්ෂන් එක ගහානකොට ම බෙල්ලට අතගියා .
ඔය අත ගන්න ඔය අත ගන්න ඔයා පොඩි ළමයෙක් වගෙ මෙහෙම කරන්න බැහැ පොඩ්ඩක් ඉවසන් ඉන්න.
එයා පොඩි ළමයෙක් කිවුවාට ලෙඩා එපැයි හැමදේම ඉවසන් ඉන්න .
කොහෝමහරි ඉන්ජෙක්ෂන් එක ගැහුවා මතකයි.ඊට පස්සෙ බෙල්ලෙ දකුණු පැත්තෙ කුඩා කැපුමක් දානවා දැනුනා .බෙල්ල දිගෙ රස්නයට යමක් ගලනවා දැඅනිවාර්යයෙන්ම එ රුධිරය විය යුතුයි.පසුව බටයක් දාලා එක හරහා කම්බියක් වගෙ යමක් යවනවා දැනුනා පසුකාලීනව,දැනගත්තා එ යවන්නෙ ගයිඩ් ලයින් එකක් බව එ ලයින් එක දිගෙ ඩයලසි කරන ලයින් එක ඇතුලට යවනවා දැනුනා.ටික වෙලාවක් මොන මොන්වාදෝ කලා.
ලයින් එක දාලා ඉවරයි අපි දැන් ඔයාගෙ බටේට මැහුම් දානව එක ටිකක් රිදෙයි ඉවසගෙන ඉන්න.
බෙල්ලා දෙපැත්තේ මැහුම් දෙක දෙක දානවා දැනුනා ලයින් එක රැඳි තියෙන්න දැන්නම් මෙ ලයින් නිතරම දකිනව මෙ දාන ලයින් එකෙ සෙන්ට්මීට 11 අපෙ බෙල්ලෙන් ඇතුලට දානවා .සෙන්ට්මීට 15 පමණ බෙල්ලෙන් එලියේ තියෙනවා
මේවා දැනගත්තෙ පස්සෙ එවෙලෙ මේවා මොකුත් මතක නැහැ .මැහුම් දමා අවසන් වීමෙන් පසුව වෛද්‍ය තුමිය මගෙ මුහුණු ට දමා තිබු ආවරණය ඉවත්කර
දැන් ඔක්කෝම හරි ඔන්න ඔයාට ඩයලසිස් කරන්න පුළුවන් බොරුවටනෙ බය උනෙ.රිදුනෙ මොකුත් නැහැනේ අපි හිතුවට වඩා ඔයා ගොඩක් හොඳින් අපිට සහාය දුන්නා එක නිසා තමයි ඉක්මනින්ම ලයින් එක දාන්න පුළුවන් උනේ ඩයලසිස් එක කලාට පස්සෙ බලන්න ඔයාට ලොකු සුවයක් දැනෙයි.
එසෙ පවසමින් වෛද්‍ය තුමියා නික්මගියා ඇය යන විටදිම නර්ස්( හෙද සොයුරියක්) මං ලගට ආවා.
ඔයාගෙ නම w.i.m ප්‍රනාන්දු නේද.ඇයි ක්ලිනික් වලට ආවෙ නැත්තෙ ඔයා දිහටම ක්ලින් ආව ඉවරනෙ .මම තමයි ඔයාගෙ රුධිරය පිරිසිදු කරනෙ.ඔයාගෙ මෙ මුල්ම ඩයලසිස් එක නිසා ශෝර්ට් ඩයලසිස් එකක් තමයි කරන්නෙ .
එ කිවුවෙ .
සමන්‍යයෙන් ඩයලසිස් එකක් කරන්න පැය හතරක් යනවා. මුලින්ම එච්චර වෙලා කරන්න බැහැ යම් යම් ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන් එක නිසා අපි පැය දෙකාහාමාරයි කරන්නෙ ඔයාට මොනවාහරි වෙනසක් දැනුනොත් කියන්න .
හොඳයී මිස්.
මොන මොනවදො කරලා මැෂින් එකෙ තිබුන බට මගෙ බෙල්ලෙ ලයින් එකට සම්බන්ධ කරනවා දැනුනා.මගෙ රුධිරය බට දිගෙ යනවා පෙනුනා ඉට පස්සෙ සම්පුර්ණයෙන් මට වල.රුධිරය පිරි තිබෙනවා විතරයි මම දැක්කෙ පැයකින් විතර රුධිර පීඩනය මනිනවා මතකයි එ වෙනකොට හුස්ම ගැනිම ටිකල් පහාසු උනා ශරිරයේ බරගතිය අඩුවෙලා සැහැල්ලුවක් දැනෙන්න ගත්තා ටික වෙලාවක් යද්දි මොකුත් පේන්නෙ නැතිව ගියා.
ඈතින් කතාකරන හඩවල් ඇහෙනවා.එ අතර ප්‍රනාන්දු .ප්‍රනාන්දු කියනවා හිනෙන් වගෙ ඇසුනා යන්තම් ඇස් අරිද්දි වෛද්‍යවරුන් හෙදියන් මගෙ ඇඳ වට කරගෙන අම්මො ඇති යන්තම් කියන හඩ ඇහුනා.
දැන් මං ලගින් කවුරුත් ම යන්නෙ නැහැ කොහෝම හරි ඩයලසිස් ඉවර වෙලා වාටුවට ගෙනවා .එතකොට තමයි මම දන්නෙ වෙලා තියෙන දෙ
මට මතකයි මිස් කෙනෙක් අහානවා.
Du එකෙ ඇරස්ට් උනෙ මෙයද
ඔව් ඔව් පේෂන්ට් දන්නෙ නැහැ ප්‍රෙෂර් ලෝ උනා cpr දෙන්න උනා කිවුවා එතකොට එවා දන්නෙ නැහැ .
එ කියන්නෙ මම මැරෙන්න ගිහින් පපු තෙරපුම් දිලා තමයි බේරගෙන තියෙන්නේ
එක ඩයලසිස් එකෙ වරදක් නොවෙයි මගෙ ඇගෙ වරදක්.
ජයවර්ධනපුරෙන් කොළඹට ඊලග කොටසින්
පුංච් ඉල්ලීමක් පුළුවන් නම් ශෙයර් කරන්න



No comments:

Post a Comment